Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

ගෑස්

අප රටේ ගෑස් පාවිච්චි කරනුයේ 16%ක් පමණක් බවත්, ඉතිරි 84% පමණ ජනතාව දර භාවිතයෙන් ඉවුම්-පිහුම් කටයුතු කරන බවත් ඒ නිසා සාමාන්‍ය පාරිභෝගිකයාට ගෑස් මිල වැඩිවීම එතරම් බලපෑමක් නොමැති බව නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙකු ප‍්‍රකාශ කළ බව මාධ්‍ය මගින් හෙලි දරව් කර තිබුණි.
තවද, ගෑස් පාවිච්චි කරන 16%ක් පමණ දෙනා වෙළෙඳුන් හෙයින් සාමාන්‍ය ජනතාවට ගෑස් මිල වැඩිවීම කිසිසේත් බලනොපාන බවද ඔහු ප‍්‍රකාශ කොට තිබුණි.
බැලූ බැල්මට පෙනෙන පරිදි ගෑස් පාවිච්චි කරන ගෘහයන් සංඛ්‍යාව කොතෙක්ද යන්න ගෑස් මධ්‍යස්ථානවලින් ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයන් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැක.
බොහොමයක් පාරිභෝගිකයන් කිලෝ 12.5 හෝ ඊට අඩු ගෑස් සිලින්ඩර මිලදී ගන්නා පාරිභෝගිකයන් බව පෙනේ.
කෙසේ වෙතත්, නියෝජ්‍ය ඇමතිවරයාගේ අදහස අනුව 16%ක් වෙළෙඳුන් ගෑස් මිලදී ගත්තද ඒවා ඔවුන්ගේ පරිභෝජනය සඳහා පමණක් යොදවනවායැයි සිතිය නොහැක.
මන්ද ඔවුන් එම ගෑස් පාවිච්චි කර නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කිරීමේදී අනිවාර්යයෙන්ම ගෑස් මිලද පාරිභෝගිකයාගෙන් අය කර ගන්නා බැවිනි. එවිට වැඩි වූ ගෑස් මිල සැබෑවටම ගෙවන්නේ වෙළෙඳුන් නොව සාමාන්‍ය පාරිභෝගිකයා බව මොනවට පැහැදිලි වේ.
ගෑස් පාවිච්චි කර සකස් කරනු ලබන ආප්ප, කාත්තු හෝ රොටි වැනි ආහාර ද්‍රව්‍යවල අවසාන පාරිභෝගිකයා වන්නේ සාමාන්‍ය මහජනතාව බැවිනි.
එබැවින් ගෑස් මිල සාමාන්‍ය මහජනතාවට බෙහෙවින් බලපාන කරුණක් වන හෙයින්, එය අඩු මට්ටමක පවත්වාගෙන යාම සඳහා අදාල බලධාරීන් කටයුතු කළ යුතු බව බොහෝ දෙනෙකුගේ මතයයි.
ධර්මරත්න මුණසිංහරාගම

No comments: