Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 25, 2008

ශ‍්‍රී ලාංකේය ඔලිම්පික් ඉතිහාසයේ සිහිනය සැබෑ කරමින් ඔලිම්පික් නිවහන අද විවෘත වෙයි

වර්නන් ගුණසේකර සහ ප‍්‍රින්ස් ගුණසේකර
වසර 71 ක ශ‍්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ සිහින සැබෑ කරමින් ඉදිවුන "ශ‍්‍රී ලංකා ඔලිම්පික් නිවහන" අද (25) පෙරවරු 10.14 ට යෙදෙන සුභ මොහොතින් කොළඹ 07 නිදහස් මාවතේ අංක 100/9එෆ් දරන ස්ථානයේදී විවෘත වේ.
ක‍්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා බන්ධුල බස්නායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘතවන "ඔලිම්පික් නිවහන" ඉදිකිරීම ස¼ඳහා රුපියල් මිලියන 157 ක් වැයකොට ඇත. මෙම විවෘත කිරීමේ අවස්ථාවට හිටපු කී‍්‍රඩා ඇමැතිවරු හා කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරු ද ආසියානු ඔලිම්පික් කමිටු මහලේකම්වරයා ද අන්තර් ජාතික ඔලිම්පික් කමිටු කළමණාකරුවෙකුද සහභාගී වෙති.
"ඔලිම්පික් නිවහන" ඉදිවීම ශ‍්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදයක් බඳුයි. අපට කියා ස්ථිර ගොඩනැගිල්ලක් තිබුණේ නෑ. අතිගරු ජනාධිපතිතුමාට හා හිටපු කී‍්‍රඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතාටයි සමස්ථ ශ‍්‍රී ලංකා ඔලිම්පික් ව්‍යාපාරය හා කී‍්‍රඩාවම ණය ගැතියි. මිලියන ගණනක් වටිනා පර්චස් 80 ක ඉඩම ලබාදුන්නේ ඒ දෙපලයි" ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවැසීය. "ශ‍්‍රී ලංකා ඔලිම්පික් නිවහන" ඉදිකිරීම ස¼ඳහා ආසියානු ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 22 ක්ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 15 ක්ද, එම්ලර් ක‍්‍රයිසර් සමාගම රුපියල් මිලියන 20 ක්ද, ප‍්‍රදානය කොට ඇත. වැයවූ ඉතිරි මුදල ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුව උපයාගත් ඒවාය.
"ඔලිම්පික් නිවහන" ඉහලම මහලේ නවීන තාක්ෂණික උපකරණ සහිත ශ‍්‍රවණාගාරයක්, අති නවීනතම උපකරණ සහිත කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකර ඇත. ප‍්‍රථම මහලේ ඔලිම්පික් කමිටු පරිපාලන අංශ ස්ථාපිත කොට ඇති අතර බිම් මහලේ කී‍්‍රඩා පුස්තකාලයක්, කී‍්‍රඩා කෞතුකාගාරයක් හා විවේකාගාරයක් පිහිටුවා ඇත.
කී‍්‍රඩා සංගම්වල පරිපාලන කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ශ‍්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ සිට කි‍්‍රයාත්මක කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ.

No comments: