Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

වාහන දුම් ප‍්‍රමිතිය හොඳද? නරකද ?

වාහනවලින් සිදුවන වායු දූෂණය වළක්වා ගැනීමේ අරමුණ ඇතිව ජාතික පරිසර පනතේ විධි විධානයන් බලාත්මක කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැෙඟමින් තිබේ.
පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා විසින් සිදුකරන ලද සංශෝධිත විධි විධානයන් ඇතුළත් අංක 1557 / 14 දරන අති විශේෂ ගැසට් නිවේදනය 2008 ජුලි 09 දා ප‍්‍රකාශයට පත් කෙරිණ.
2003 ජුනි 30 දින නිකුත් කළ අංක 1295 / 11 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මේ වර්ෂයේ සිට වාහන ආදායම් බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ එහි සඳහන් වාහන දුම් ප‍්‍රමිති වලට (2008 අපෙ‍්‍ර්ල් 01 සිට කි‍්‍රයාත්මක) අනුකූලවන වාහන සඳහා පමණි.
සරලව කිවහොත් දැන් වාහන ආදායම් බලපත‍්‍රය ලබාගැනීමේදී වාහන දුම් ප‍්‍රමිති සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙය එක් අතකින් වාහන හිමියන්ට අසීරුතාවට පත් කිරීමක් ලෙස පෙනුනත් සැබවින්ම අප සැමට නිදහසේ හුස්ම ගැනීමට දූෂණයෙන් තොර වායුගෝලයක් තිබිය යුතුය.
එම නිසා මෙම පියවර මෙයට ප‍්‍රථම ගත යුතුව තිබූ කි‍්‍රයාමාර්ගයක් බව කිව යුතුය.
එබැවින් කල් පසුවී හෝ ගත් මෙම පියවර අනාගතය වෙනුවෙන් ගත් එඩිතර පියවරක් ලෙස හැඳින්විය හැක.
මෙවර සතියේ ගවේෂණය ඔස්සේ අප ‘වායු විමෝචනය’ සංවාදයට බඳුන් කෙළේ ඒ පිළිබඳව ජනතාවට යම් වැටහීමක් ලබාදීමේ අරමුණ ඇතිවය.
වායු දූෂණය අද විශාල පිළිලයක් වෙලා
පාඨලී චම්පික රණවක - පාරිසරික සහ ස්වභාවික සම්පත් ඇමති
අද වන විට රට පු රා ශ්වසන රෝග, ඇදුම රෝග, ලය රෝග වැනි රෝග තත්ත්වයන්ට අති විශාල පිරිසක් වයස භේදයකින් තොරව ගොදුරු වී සිටිනවා. මේ සඳහා ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ වායු දූෂණය.
එනිසා මෙම වායු දූෂණය කිරීම සඳහා පියවර කිහිපයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
මෙම වායු දූෂණයට ප‍්‍රධාන ලෙසම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය බලපාන අතරම කර්මාන්ත සහ දේශ සීමා අතර ද වායු දූෂණය සිදු වනවා.
ඒ අනුව ලංකාවේ භාවිතා වන පෙට‍්‍රල්වල ඊයම් සම්පූර්ණයෙන් ඉවත් කර ඊයම් රහිත පෙට‍්‍රල් ධාවනය සඳහා යෙදවීමට 2002 දී අපට හැකි වුණා.
එවගේම ලංකාවේ භාවිතාවන ඩීසල් වල සල්ෆර් මට්ටම ඉතා ඉහළ අගයක තිබුණු අතර එම මට්ටම ද අඩු කිරීමට හැකියාව ලැබුණා.
තවද පිටරටින් වසර 4 කට වඩා පරණ වාහන ගෙන්වීම ද අතර ද්විත්ව පහර තී‍්‍රරෝද රථ ධාවනය ද නතර කිරීම සිදු කළා.
ඒ වගේම දෙමුහුන් වාහන සඳහා සහන ලබා දෙන වැඩපිළිවෙළක් ලබන වසරේ ක‍්‍රියාත්මක කිරීමට ද අපේක්‍ෂා කරනවා.
වාහනවල වායු විමෝචනය මැනීම සඳහා ස්ථාන 80 ක් ද මේ වන විට රට පුරා පිහිටුවා තිබෙනවා.
ලබන වසරේ සිට ආදායම් බලපත‍්‍රයලබා ගැනීමේදී වායු මෝචනය මැනීම කෙරේ විශේෂ අවධානය යොමු කරනවා.ඒවගේම කර්මාන්ත ශාලාවලින් සිදුවන වායු දූෂණයේ දී එම කර්මාන්ත ශාලා සතු පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය තහනම් කිරීමට ද පියවර ගන්නවා.
රට පුරාම වායු දූෂණය මැනීම සිදු කරන අතර ඒ සඳහා ලංකාවට ම ඇත්තේ එක් යන්ත‍්‍රයක් පමණයි.
ඒ සඳහා විශාල මුදලක් ද වැය වනවා. තවද දේශ සීමා අතර සිදුවන වායු දූෂණය මැනීම සඳහා අනුරාධපුරයේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වෙනවා.
මේ සියලු දේ සිදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වායු දූෂණය අවම කිරීමයි.
මෙම නීති වර්තමානයට ගැළපෙන ලෙස විය යුතුයි
එන්. ඩබ්ලිව්. ටී. බී. නුගහපොල - ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ
ශ‍්‍රී ලංකාවේ තිබෙන බරපතලම ප‍්‍රශ්නයක් මේ වායු දූෂණය. වායු දූෂණය 100% කින්ම නවතාලිය නොහැකි වුවත් අවම කළ හැකියි.
අද වන විට වාහනවලින් පිටවන දුම මෙම වායු දූෂණයට ප‍්‍රබල ලෙසම බලපානවා.
දෙවැන්න කර්මාන්ත ශාලාවලින් පිට කෙරෙන දුම. මේ වන විට පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව වායු දූෂණය අවම කිරීම සඳහා සැලසුම් කර ඇති වැඩ පිළිවෙළේ කිසියම් සාර්ථක බවක් දක්නට තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ නොකඩවා කි‍්‍රයාවේ යෙදවීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් ද තේරුම් ගෙන ඒ සඳහා පිළියම් යොදමින් ඉදිරියට පවත්වා ගෙන යාමයි සිදුවිය යුත්තේ.
ඒ වගේම කර්මාන්තශාලාවලින් සිදුවන වායු දුෂණය අවම කිරීමට යොදා ඇති නීති පද්ධතිය සංශෝධනය විය යුතුයි.
ඒ වගේම එම නීති ක‍්‍රියාත්මක කිරීමේ දී දැඩිව ඒවා කි‍්‍රයාත්මක කළ යුතුයි. වායු දුෂණය අවම කිරීමට පාරිසරික පනත පැත්තෙන් ගෙන තිබෙන නීති වර්තමානයට ගැළපෙන ලෙස සකස් විය යුතුයි.
වායු විමෝචනයට අය කරන මිල වාහනය අනුව වෙනස් වෙනවා
අනෝජා හේරත් - සහකාර අධ්‍යක්ෂ වායු සම්පත් කළමණාකරන කේන්ද්‍රය
වායු දූෂණය අවම කිරීම සඳහා 2002 වසරේ පෙට‍්‍රල්වල ඊයම් ඉවත් කිරීමත් 2004 වසරේ ඩීසල්වල සල්ෆර් අඩු කිරීමත් සිදු කළා.
ඒ වගේ ම පරිසර අමාත්‍යංශය, මෝටර් රථ ප‍්‍රවාහන කොමිසම, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ප‍්‍රධාන රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික ආයතන කිහිපයක් ද එක්ව වායු දුම් පරීක්ෂා කිරීමේ වැඩ සටහන කි‍්‍රයාත්මක කළා.
මේ සඳහා රට පුරා මධ්‍යස්ථාන 60 ක් පමණ ආරම්භ කිරීමට පියවර ගෙන අවසන්.
තවද වාහන ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමට වායු විමෝචනය මැනීමෙන් පසු ලබා දෙන සහතිකය අත්‍යවශ්‍ය වෙනවා.
වාහනයක් වායු විමෝචනය මැන සහතිකය ලබා ගත් පසු එම වාහනය සේල් වුවහොත් දින හැටක් ඇතුළත එය නැවත යථා තත්ත්වයට පත් කර ගත් පසු නොමිලේ වායු විමෝචනය මැනීමේ සහතිකය ලබා දෙනවා.
වායු විමෝචනය මැනීම සඳහා එක් එක් වාහනය සඳහා අය කරන මිල ගණන් එක් එක් වාහනයට වෙනස්වීම ද සඳහන් කළ යුතුයි.
වායු දූෂණයෙන් සමාජයම රෝගී වීම වළක්වන්න බෑ
විජිත් විද්‍යාභූෂණ - කළුබෝවිල රෝහලේ නාරි හා ප‍්‍රසවවේදී විශේෂඥ වෛද්‍ය
වායු දූෂණය වීම නිසා ප‍්‍රාථමික මෙන් ම ද්විතීක වශයෙන් රෝග තත්ත්වයන් ඇතිවිය හැකි ය.
මෙම දූෂිත වායුවේ කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් අඩංගු වායු, නයිට‍්‍රජන් අඩංගු වායු, ඊයම්, ඇමෝනියා, දුවිලි අංශු සහ දුගඳ යන ශරීරයට අහිතකර වායුන් අඩංගු වේ.
එඩ්ර්‍ණ වාර්තාවේ සඳහන් වී තිබෙනවා මෙම වායු දූෂණය ආශ්වාස කිරීම නිසා ලෝකයේ ජනගහනයෙන් මිලියන 2.4 ක මිනිසුන් ප‍්‍රමාණයක් මිය යන බව.
ඇඳුම, ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග, පිළිකා ඒවගේම අවසානයේ මරණය ද අත්වීමේ බොහෝ ඉඩකඩ තිබෙනවා.
විශේෂයෙන් ගර්භණී මව්වරුන් මෙම විෂ වායු ආශ්වාස කිරීම තුළින් කුස තුළ සිටින දරුවාට ද බලපෑම් එල්ල විය හැකිය.
වායු දූෂණයට කර්මාන්ත ශාලා ද විශාල ලෙස බලපානවා
පසන් ගුණසේන - අධ්‍යක්‍ෂ ජනරාල් මධ්‍යම පරිසර අධිකාරිය
මධ්‍යම පරිසර අධිකාරිය හරහා සිදු කෙරෙන්නේ වායු දූෂණය අවම කිරීම සඳහා වායු තත්ත්වයන් මැනීමයි. මෙම මැනීම් සිදු කර සතිපතා වාර්තා සැපයීමක් සිදු කෙරෙනවා.
මීට වසර කිහිපයකට පෙර සිට කොළඹ පදනම් කර ගෙන වායු තත්ත්වය මැනීමේ මධ්‍යස්ථානයක් කොළඹ කොටුවේ ස්ථාපනය කර තිබෙනවා.
ඉන්දීය ණය ආධාර මතයි මෙය ස්ථාපිත කෙළේ.
ඒවගේම අනුරාධපුර දුටුවැව ප‍්‍රදේශයේ ද දේශ සීමා හරහා එන වායු තත්ත්වයන් මැනීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කොට තිබෙනවා.
තවද නුවර සහ කොළඹ තදාසන්න ප‍්‍රදේශයේ ස්ථාන 2 ක මෙම වායු තත්ත්වය මැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි කලාපීය වායු දූෂණය පාලනය කිරීමේ 10 වෙනි සැසි වාරය (රාජ්‍යයන් අතර) පසුගියදා කොළඹ දී පැවැත්වූවා.
එහිදී වායු දූෂණ වැඩපිළිවෙලේ ඉදිරියෙන් ම සිටින්නේ ශ‍්‍රී ලංකාවයි.
තවද වායු දූෂණය සඳහා කර්මාන්ත ශාලාවලින් පිට කෙරෙන දුම ද ප‍්‍රබල ලෙස බලපානවා. මෙහිදී දිනපතා මැනීම් සිදු කරනවා. ඉන් අනතුරුවයි පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රය ලබා දීමට කටයුතු කරන්නේ.
වාහන බලපත‍්‍රය ගැනීමට වායු විමෝචන බලපත‍්‍රය අනිවාර්යයි
බී. විජයරත්න - මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජෙනරාල්
මෙම වායු දූෂණය අවම කිරීම කි‍්‍රයාත්මක කිරීමේ වගකීම අප ආයතනය සතුයි. ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් පසුව සමාගම් දෙකක් තෝරා ගෙන ගිවිසුම් අස්සන් කිරීම සිදු කළා.
එක් සමාගමක් වායු විමෝචන ඒකක 16 ක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ අනුව සමාගම් දෙකම වායු විමෝචන ඒකක 32 ක් ආරම්භ කළ යුතුයි.
තව ද අපි අනුමැතිය ලබා දුන් ජංගම වායු විමෝචන ඒකක කිහිපයක් ද ඈත පළාත්වල ආරම්භ කෙරෙනවා.
ක්ලෝන් කෝ සමාගමත් ලාෆ් එකෝ තී‍්‍ර සමාගමත් මේ සමාගම් දෙකයි. ක්ලෝන් කෝ සමාගමෙන් ආරම්භ කරන ඒකක හරිත රිය ලෙස පාරිසරික අමාත්‍යංශය නම් කර තිබෙනවා.
මේ වන විට එම සමාගම ආරම්භ කරන ඒකක පරිසර අමාත්‍යංශය, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ජාතික කිරුම් මිනුම් ආයතන එක්ව පත් කළ කමිටුවක් නිරීක්ෂණය කර ඇති අතර වාර්තා ද ලැබී තිබෙනවා.
තවද ලාෆ් එකෝ තී‍්‍ර සමාගම ආරම්භ කළ වායු විමෝචන ඒකක කිහිපයක් ද නිරීක්ෂණය කිරීමට තිබෙනවා.
දැනට මෙම වායු විමෝචන ඒකක කිහිපයක සහතික නිකුත් කිරීම සිදු කෙරෙනවා.
ඉදිරියේ දී වාහන ආදායම් බලපත‍්‍රය ලබා ගැනීම සඳහා මෙම වායු විමෝචන බලපත‍්‍රය අනිවාර්ය බව සඳහන් කළ යුතුයි.
රජය ගත් මෙම කි‍්‍රයාමාර්ගය ඉතා බුද්ධිමත් දෙයක්
සේපාල ලියනගේ - සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්
වායු දූෂණය අවම කිරීමට රජය ගත් කි‍්‍රයාමාර්ගය ඉතාමත් බුද්්ධිමත්. මෙම වායු දූෂණය අවම කිරීමට විද්‍යාත්මක ක‍්‍රම වේද භාවිතා කළ යුතුයි.
විශේෂයෙන් වාහන පරීක්‍ෂා කර ලබා දෙන වාහන ආදායම් බලපත‍්‍රය අපක්‍ෂපාතීව ලබා දිය යුතුයි.
මෙම යෝග්‍යතා සහතිකය දිය යුත්තේ යෝග්‍යතාවය නිසි ලෙස පවතිනවා නම් පමණි.
එසේ නොමැතිව නිලධාරීන්ගේ වුවමනා එපාකම් මත සිදු වුවහොත් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලබාගත නොහැකියි. එසේ පරීක්‍ෂා කර මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන ඉවත් කළ යුතුයි.
අනෙක මගී බස්රථවල පවතින තරගකාරීත්වයත්, අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීමත්, මාර්ගය දෙපස කානු පද්ධතියේ පවතින අවහිරතාත්, ප‍්‍රමිතියකින් තොරව ඉඩම් ගොඩ කිරීමත් යන මේ කරුණු කෙරේ ද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි.
පරිසරය සුරැකීමට නීති නොදැම්මොත් අපේ අවසානය එයම වේ
මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ
පරිසරය ගැන නොසලකා හැරීම නිසා නීති පනවන්නට සිදු වී තිබේ.
ඒ අනුව වාහනවලින් දුම් පිට කිරීම ද තහනම් කෙරේ. පරිසරයේ බොහෝ දෑ අපි ගණන් නොගත්ත ද නොදැනුවත්ව ම ඒවා මිනිස් සිරුරට අහිතකර වේ.
ක්ෂණික ව මෙය නොදැනුනත් අනාගතයේ මෙහි බලපෑම නරක අන්දමින් සිදු විය හැකි ය. අප විසින් ආරක්ෂා කර ගත යුතු පරිසරය අප විසින් ම හිතාමතා දූෂණය කර ගන්නේ නම් නීති නොදමා සිය දිවි නහගන්නට සිදුවේ.
පරිසරය ගැන උනන්දු වන පරිසර ඇමැතිවරයෙකු කාලයකට පසු බිහිවී සිටී.
සතියේ ගවේෂණය මෙහෙයවූවෝනදීකා දිල්හානි ඩයස්

No comments: