Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් සූරතා සියනෑ තරු - ගෝල්ඩන් බර්ඩ්ස් දිනති

ප‍්‍රින්ස් ගුණසේකර හා වේහැල්ලේ පියතිලක
ඩයලොග් ජී.එස්.එම්. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාව ගම්පහ සියනෑතරු කී‍්‍රඩා සමාජයටත් කාන්තා සූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කී‍්‍රඩා සමාජයටත් හිමිවූහ.
ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති පිරිමි අවසන් මහා තරගයේදී ගම්පහ සියනෑතරු වෙතින් සීදුව සිරිදූව පිල තරග වට 3 – 1 ක පරාජයක් ලැබීය.
ජනාධිපති රන් කුසලතා සූරතා ව සියනෑතරු නායකයාට වරාය සංවර්ධන අමාත්‍ය හා ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා පිරිනැමුනු අවස්ථාව.ඩයලොග් මෙහෙයුම් ප‍්‍රධානී සුපුන් වීරසිංහ මහතාද වෙයි.
ඡායාරූප කවින්ද පෙරේරා
කාන්තා අවසන් තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් වෙතින් ගම්පහ සියනෑතරු තරග වට 3 – 0 ක පරාජයක් ලැබීය.
පිරිමි අවසන් තරගයේ ප‍්‍රථම වට දෙක පහසුවෙන් ජයගත් ගම්පහ සියනෑතරු පිලට තෙවැනි වටයේදී සීදුව සිරිදූව පිල වෙතින් අභියෝගයක් එල්ල විය.
සිව්වැනි වටයේ ආරම්භයේ සිටම තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසාන භාගයේදී සියනෑතරු කී‍්‍රඩකයෝ සුපුරුදු දස්කම් අතරට පැමිණියේය. එහෙයින් ලකුණු තත්ත්වය 25 – 21, 25 – 21, 20 – 25 හා 25 – 22 ක් විය.
එම තරගයේදී සීදුව සිරිදූව පිලේ නිලංග රුෂාන් ගේ අලංකාර “ඩෑෂ් පහර” තරගයට ජීවයක් එක් කළේය.
ඔහු සිරිදූව පිලට වැඩි ලකුණු ප‍්‍රමාණයක් ගෙනදීමට සමත්විය. සියනෑතරු පිලේ චන්දිම දිසානායක විසින් සිරිදූව පිලේ පහරවල් කිහිපයක්ම වැළැක්වීම ජයග‍්‍රහණයට වාසිදායක විය.
ජනාධිපති රන් කුසලතා සූරතාව ගෝල්ඩන් බර්ඩ්ස් නායිකාව අතැතිව...
කාන්තා අවසන් තරගයේ දී සියනෑතරු කී‍්‍රඩිකාවන්ගෙන් මුලසිටම ජයග‍්‍රහණය ගිලිහී ගොස් තිබුණි. ගෝල්ඩන් බර්ඩ්ස් කී‍්‍රඩිකාවෝ වැඩිම ගෞරව දිනාගත් මෙම තරගය නිමාවූයේ ලකුණු තත්ත්වය 25 – 16, 25 – 14 හා 25 – 12 වශයෙනි.
තරගාවලියේ සෑම අංශයකින්ම දක්ෂතා දැක් වූ කී‍්‍රඩිකාවට පිරිනැමෙන රෙජි රණතුංග කුසලානය ගෝල්ඩන් බර්ඩ්ස් පිලේ ඉන්දු ඉලංගකෝන්ට ඛ්ඹ්මිවූවාය. දක්ෂතම කී‍්‍රඩකයාට පිරිනැමෙන ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ කුසලානය ගම්පහ සියනෑතරු පිලේ දිමුතු උපශාන්තට හිමිවූවේය.
ජයග‍්‍රාහී පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ද අනුසූරතාව දිනූ කණ්ඩායම් දෙකට රුපියල් ලක්ෂය බැගින්ද පිරිනැමුණි.
දක්ෂතම කී‍්‍රඩකයෝ
පන්දු ඔසවන්නා - මොරිස් චාමින්ද (සියනෑතරු), ප‍්‍රහාරකයා - නිලංග රුෂාන් (සිරිදූව), පිරිනැමීම ලබාගන්නා - දිමුතු උපශාන්ත (සියනෑතරු), පිරිනමන්නා - චානක මධුසංක (සියනෑතරු), වළක්වන්නා - චන්දිම දිසානායක (සියනෑතරු), පිටිය රකින්නා - දමිත් ප‍්‍රගීත් (සිරිදූව)
දක්ෂතම කී‍්‍රඩිකාවෝ
පන්දු ඔසවන්නිය – කි‍්‍රෂාන්ති ජයවර්ධන (ගෝල්ඩන් බර්ඩ්ස්), ප‍්‍රහාරිකාව - නදීකා අතුකෝරළ (ගෝල්ඩන් බර්ඩ්ස්), පිරිනැමීම ලබාගන්නිය – ගීතිකා ලලනී ගුණවර්ධන – (ගෝල්ඩන් බර්ඩ්ස්), පිරිනමන්නිය – දීපිකා කුමාරි (ගෝල්ඩන් බර්ඩ්ස්) වළක්වන්නිය – ඉන්දු ඉලංගකෝන් (ගෝල්ඩන් බර්ඩ්ස්), පිටිය රකින්නිය – අනූෂා දීපානී (සියනෑතරු)

No comments: