Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

වයඹ විපක්ෂ නායකකම ශමල්ට දුන්නාට විරෝධය

විජයානි එදිරිසිංහ
වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක තනතුරට ශමල් සෙනරත් මහතා නම් කිරීම සම්බන්ධව දැඩි විරෝධයක් පැන නැගී ඇත. ශමල් සෙනරත් මහතාට වඩා මනාප ගත් හා සුදුසුකම් ඇති නියෝජිතයන් සිටින බව පළාත් සභා මන්තී‍්‍රවරු කියති.
වයඹ පළාත් සභා ඡන්දයේදී අජිත් රෝහණ මහතා වැඩිම මනාප ලබා ඇතැයි කියයි. ශමල් සෙනරත් මහතා මනාප ලබා සිටින්නේ මංජුල බණ්ඩාර සහ ජේ. සී. අලවතුවල මහත්වරුන්ටත් අඩුවෙනි.
මේ පිළිබඳව අදහස් දැක් වූ වයඹ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු පැවසුවේ ශමල් සෙනරත් මහතා විපක්ෂ නායක තනතුරට නම් කිරීම කුමන්ත‍්‍රණයක් බවයි.
තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුගේ අවශ්‍යතාව මත සිදුවන දෙයක් බවද, රනිල් වික‍්‍රමසිංහ මහතා එම මන්තී‍්‍රවරයාට හිතවත් නිසා සුදුසුකම් නැති සෙනරත් මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක තනතුරට නම් කර ඇති බව ද කීය.
මේ සම්බන්ධව සෙනරත් මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවැසුවේ බහුතර මන්තී‍්‍රවරුන් පිරිසකගේ ඉල්ලීම මත තමා පළාත් සභාවේ විපක්ෂ නායක තනතුරට නම් කර ඇති බවයි.
වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක අශෝක වඩිගමංගාව මහතා ආණ්ඩු පක්ෂයට එක්වීම නිසා හිස් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත්වීම පිරිනැමෙනු ඇත.

No comments: