Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

කාදර් එජාපයේ නියෝජ්‍ය නායක පදවිය ඉල්ලයි

ඉන්දික පොල්කොටුව
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් තමාට ලබා දෙන ලෙස මහනුවර දිසා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා එ.ජා. ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.
කාදර් මහතා පක්ෂ නායකත්වය වෙත ඊයේ (03) යැවූ ලිපියකින් මෙම ඉල්ලීම සිදු කැර තිබේ. මීට අමතරව සුළු ජාතික නියෝජනයක් සඳහා ජෝන් අමරතුංග හා කේ. වේලායුදම් මහත්වරුන් සඳහා නියෝජ්‍ය නායක තනතුරුලබා දෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී. එ. ජා.ප. යේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයකු වන කාදර් මහතා පසුගිය එ. ජා. ප. ආණ්ඩුව සමයේ සමූපකාර අමාත්‍ය ධූරය දැරූ අතර පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයෙක් ද වේ.
එ. ජා. ප. සභාපති රුක්මන් සේනානායක මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ට ඒ මහතා සිය ලිපියේ පිටපත් යවා ඇත.

No comments: