Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

වන්නියේ ගැටුම්වලින් කොටි 19ක් මරුට

මහින්ද කුලතුංග සහ වව්නියාව උතුර සමූහ
කිලිනොච්චිය, මුලතිව් යාපනය, වව්නියාව, සහ වැලිඔයදී ආරක්ෂක හමුදා සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර පෙරේදා (30) පැවති සටන්වලදී කොටි ත‍්‍රස්තවාදීන් 19කු මියගොස් තවත් 12 කු තුවාල ලැබූහ.
මෙම ගැටුම්වලදී හමුදා සෙබළු තිදෙනකු මියගොස් තවත් දාහත්දෙනකු තුවාල ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පදවිය - පුල්මුඩේ පාරේ කුඹුක්වැව කෝන්කැටියාව ප‍්‍රදේශයේ ආරක්ෂක මුරපොළට පෙරේදා (30) උදෑසන එල්ලවූ එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයකින් යුද හමුදා සෙබළු දෙදෙනකු හා ග‍්‍රාමාරක්ෂක භටයකු මියගොස් තිබේ.
හමුදා ප‍්‍රතිප‍්‍රහාරවලින් මියගිය ත‍්‍රස්තවාදියකුගේ සිරුරක් පසුව කළ සෝදිසි මෙහෙයුමේදී හමුවී ඇත.
ප‍්‍රහාරයෙන් හමුදාවේ සෙබළු දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක බළකායේ දෙදෙනකු තුවාල ලැබූ බවතච ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

No comments: