Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

2008 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා විසි වසරකට පසුව යාපනයෙන් කී‍්‍රඩකයෝ අද කොළඹට

වර්ණන් ගුණසේකර
2008 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියට සහභාගි වීම පිණිස යාපනයේ සිට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 300කට අධික පිරිසක් අද කොළඹට පැමිණෙති.
යාපනයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කී‍්‍රඩා තරගාවලියකට සහභාගි වීම පිණිස කොළඹට පැමිණෙන්නේ වසර 20කට පසුවය.
මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට එම අමාත්‍යාංශයේදී පැවැත්වේ. එහිදී පෞද්ගලික අංශයේ ආයතන වන නෙස්ලේ, බාටා,කි‍්‍රස්ටල්, යුනිලීවර්, ග්ලැක්සෝ, උස්වත්ත කන්ෆෙක්ශනරීස්, නිව්ඩේල්, වෙලෝනා අනුග‍්‍රහයෙන් මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවනට කී‍්‍රඩා ඇඳුම්, පාවහන් හා පෝෂ්‍යදායී ආහාර යනාදිය පරිත්‍යාග කෙරේ.
යාපනයේ පාසල් 15කින් පමණ පැමිණෙන මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවනට තරගාවලිය පුරා නවාතැන් පහසුකම් මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ සපයා තිබේ.
2008 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.
පළමු අදියර මෙම 6,7, 8 දිනවල කොළඹ , මොරටුව, රාගම, වැලිසර,වත්තල,මීගමුව,නුගේගොඩ හා වාද්දූව යන ප‍්‍රදේශවල පිහිටි පාසල් කී‍්‍රඩාංගණ කිහිපයකදී පැවැත්වේ. නෙට්බෝල්, එල්ලේ, කරාටේ, බොක්සිං, පාපන්දු, පිහිනුම්, ජූඩෝ, පාපැදි, කැරම්, අයෝමය පුරුෂයා තේරීම හා ශාරීරික අභ්‍යාස තරග පළමු අදියරට ඇතුලත් වෙති.
තරගාවලියේ දෙවැනි අදියර මෙම 11, 12 හා 13 දිනයන්හි පැවැත්වෙන අතර වොලිබෝල් ,හොකී, සැහැල්ලු පන්දු කි‍්‍රකට්, මල්ලවපොර, ජිම්නාස්ටික්,කබඩි, චෙස්, පැසිපන්දු, ටෙනිස්, බැඩ්මින්ටන් හා ටේබල් ටෙනිස් යන තරග ඊට ඇතුලත් වෙති.
මලල කී‍්‍රඩා ඇතුලත් වන්නේ තරගාවලියේ තෙවැනි අදියරටය. එය සැප්තැම්බර් 26 සිට 30 දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

No comments: