Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේදී උපාලි රාජකරුණා දෙවැනි වටයට තේරෙයි

සරත් ප්‍රේමතිලක බීජිං සිට
චීනයේ බීජිං නුවර දැන් පැවැත්වෙන 13 වන පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේ පිරිමි කේවල රෝද පුටු ටෙනිස් තරගාවලියට ඉදිරිපත් වී සිටින උපාලි රාජකරුණා ඊයේ එහි මූලික තරගයේදී ඩෙන්මාර්කයේ කැමර්ස්ගාඩ් කෙනන්ත් පහසුවෙන් පරදා දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
තරගයේ ආරම්භයේ සිටම උපාලි, ඩෙන්මාර්ක් තරගකරුවාට වඩා ඉදිරියෙන් සිටි අතර ඔහුට ජය අත්වූයේ 6 – 1, 6 – 1 වශයෙන් පිට පිට වට දෙකකදීය.
තරගයේ කිසිම අවස්ථාවක ඩෙන්මාර්ක් තරගකරුවාට ලකුණු අතරින් ඉදිරියට පැමිණීමට ඉඩනොදීමට රාජකරුණා වග බලා ගත්තේය.
මෙම මූලික තරග සඳහා තරගකරුවන් 64 දෙනෙකු තරග වැදීමට නියමිත අතර, රාජකරුණා සහභාගි වන දෙවන වටයේ තරගය අද පැවැත්වීමට නියමිතය.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඔහු පහසු අවස්ථාවන් කිහිපයක්ම මගහැරීගිය බවත්, මීළඟ තරගයේදී එම වැරැදි නිවැරැදි කර ගනිමින් තවත් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් කීහ.යුද හමුදාවේ සේවයේ නියුතු රාජකරුණා 1997 දී වැලිඔය කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිටියදී මෝටාර් බෝම්බයකට හසුවී වම් පාදය අහිමි වු අයෙකි.
චීනයේ දැන් පැවැත්වෙන 13 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා තරග ඊයේ බීජිං හි ජාතික කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ අතර එහිදී මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නියෝජනය ඉදිරිපත් කරමින් මීටර් 200 ( ඊ 46) මූලික තරගයට තරග වැදුනු එස්. ඒ. ශාන්ත කුමාරට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
තරග තුනකින් සමන්විත වූ මූලික තරගාවලියට තරගකරුවන් 21 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර එය අවසන් පූර්ව තරග වශයෙන් පැවැත්විණි. එහි තෙවන තරගයට ඉදිරිපත් වූ 38 හැවිරිදි ශාන්ත කුමාරට හිමි වූයේ අවසන් ස්ථානය වූ අතර ඔහුට ඒ වෙනුවෙන් ගතවූ කාලය තත්පර 23.86 කි. නවකයින් හත් දෙනෙකු ශාන්ත සමග මෙම මූලික තරගයට ඉදිරිපත්ව සිටියහ.
ඔහුට වඩා වසර 13 කින් ලාබාල සයිප‍්‍රසයේ ඇන්තෝනිස් ඇරොස්ති තත්පර 22.43 කින් තරගය නිම කර ප‍්‍රථම ස්ථානය හිමිකරගත් අතර කියුබාවේ එතියොමි කැල්ඩෙරන් (22 – 78) හා බ‍්‍රසීලයේ සොහැන්සන් නසිමෙන්ටෝ (22 – 92) පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන වලට පත්වූහ.

No comments: