Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

වසන්තගේ පුරප්පාඩුවට කිසිවෙක් නම්කර නැහැ - ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත

දයා පෙරේරා
ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා ඉල්ලා අස්වීම නිසා ඇති වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර පුරප්පාඩුවට පත්කරන්නේ කවරකු දැයි මෙතෙක් තීරණයක් ගෙන නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ජ. වි. පෙ. නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් කළ වසන්ත සමරසිංහ මහතා උතුරු මැද පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම සඳහා ඉල්ලා අස්වීමෙන් මේ පුරප්පාඩුව ඇතිවිණි.
වසන්ත සමරසිංහ මහතාව නැවත වරක් පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. සමරසිංහ මහතා යළි පත්කිරීමට ගනු ලැබූ තීරණයක් ගැන තමන්ට දන්වා නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පෙ‍්‍ර්මජයන්ත ඇමැතිවරයා දිනමිණ කළ විමසුමකට පිළිතුරු වශයෙන් පැවසීය.

No comments: