Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 2, 2008

ශී‍්‍රලනිපයේ 57වැනි සංවත්සරය ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් අද

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 57 වැනි සංවත්සරය අදට (02) යෙදී ඇති අතර ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර සැමරුම් උත්සවය පැවැත්වීමට ශී‍්‍ර.ල.නි.ප.ය කටයුතු යොදා ඇත.
ප‍්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී අද (02) පැවැත්වේ.
මීට අමතරව රට පුරා සෑම ප‍්‍රදේශයකම පක්ෂයේ සංවත්සරය සැමරීමේ ආගමික උත්සව පවත්වන බවත් ආසන මට්ටමින් ශී‍්‍ර.ල.නි.ප ශාඛා සමිති මඟින් මෙම සැමරුම් ආගමික උත්සව සංවිධාන කර ඇති බවත් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.
පක්ෂයේ 57 වැනි සංවත්සරය වෙනුවෙන් පළාත් මට්ටමින්ද විශේෂ සැමරුම් උත්සව සංවිධාන කර ඇති අතර දකුණු පළාත් සැමරුම් උත්සවය දකුණු පළාත් ප‍්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) ප.ව. 2.00 ට බටපොළ සුභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
බෞද්ධ පෙරහැරක් සහ විශේෂ බෝධි පූජාවක්ද මීට ඇතුළත් වන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ නායකයන්ටත් ති‍්‍රවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ටත් සෙත් පැතීම විහාරාධිපති බටපොළ නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමේදී සිදු කෙරේ.
කටාන ආසනයේ ශී‍්‍ර.ල.නි.ප සංවිධායිකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් එම ආසනයේ ස්ථාන 4 කදී සැමරුම් ආගමික උත්සව පැවැත්වේ.

No comments: