Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 16, 2008

ප‍්‍රභාගෙන් මිදී පැමිණෙන ජනතාව රැක ගැනීම සැමගේ වගකීමක් - දොස්තර ගුණදාස අමරසේකර

ස්වර්ණා විජේකෝන් සහ සුභාෂිනි සේනානායක
කොටි සංවිධානයේ මිනිස් පලිහක් බවට පත් කර ගෙන සිටින උතුරේ අහිංසක සිවිල් ජනතාව මුදා ගැනීම සහ ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දකුණේ දේශපෙ‍්‍ර්මී ජන කොටස් පෙළ ගැසිය යුතු බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
වීරෝදාර රණවිරුවන්ගේ දැවැන්ත ප‍්‍රහාර හමුවේ පරාජයට පත්ව සිටින ප‍්‍රභාකරන් සහ ඔහුගේ කොටි සංවිධානය අවසන් තුරුම්පුව ලෙස උතුරේ වෙසෙන සිවිල් ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගෙන ඇති බැවින් මෙම ජනතාව හැකි ඉක්මනින් බේරා ගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
අවතැන් වූ උතුරේ ජනතාව හැකි ඉක්මණින් මුදා ගැනීම සිදු නොකළ හොත් එම ජනතාවගෙන් විශාල පිරිසක් ප‍්‍රභාකරන් විසින්ම ඝාතනය කොට එහි වගකීම රජයට පැවරීමට උත්සාහ කරනු ඇතැයි ද අමරසේකර මහතා සඳහන් කෙළේය.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යුද ගැටුම් පවතින ප‍්‍රදේශ වලින් ජනතාව මුදා ගෙන එම ප‍්‍රදේශ යථා තත්ත්වයට පත් වූ පසු නැවත ඔවුන් පදිංචි කළ හැකි බව ඒ මහතා පැවසීය.
එමෙන්ම මිනිස් පලිහක් බවට පත්ව සිටින ජන කොටස් රජයේ පාලන ප‍්‍රදේශ වලට පැමිණි විට ඔවුන් ආරක්ෂා කිරීමට දකුණේ ජනතාව අපේක්ෂාවෙන් සිටින බවට අවතැන් වූ ජනතාවට මානසික ධෛර්ය ලබාදීම අපගේ වගකීමක් බවත් ඒ මහතා සඳහන් කෙළේය.
ප‍්‍රභාකරන්ගෙන් මිදී පලා එන ජන කොටස් වලට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් සහ බෙහෙත් ද්‍රව්‍ය එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
ආහාර ද්‍රව්‍ය දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, අංක 18 රොඩ්නි පෙදෙස, කොළඹ 08 යන ලිපිනයට බාරදිය හැක.
මේ පිළිබඳව යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් 011 2699666, හා 077 2512823 (චන්දන) දුරකථන අංක වලින් ඇමතිය හැකිය.

No comments: