Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

මෙම පොත් ප‍්‍රදර්ශනය පෞද්ගලික වාසි බලාගෙන කරන්නක් නෙමෙයි- කමල් අද්දරආරච්චි

සැප්තැම්බර් මාසය වූ කලී සාහිත්‍ය මාසය යි. පොත්පත් මිලදී ගැනීමට වැඩි ඇල්මක් සිතේ උපදින මාසය යි. වසරේ වැඩියෙන්ම පොත් අලෙවිය සම්බන්ධයෙන් වාර්තා තැබෙන මාසය ද මෙයයි.
සාහිත්‍ය මාසයේ දී අපට අසන්නට නොතිබූ කෙනෙකුගේ නමක් මේ දිනවල අපට අසන්නට ලැබෙනවා. ඒ සිනමා නළු කමල් අද්දරආරච්චි ගැන ය.
තැල්සීමියාව රෝගය මර්දනය කිරීමේ වැඩසටහන උදෙසා ආධාර පිණිස මෙම සාහිත්‍ය මාසයේ පොත් ප‍්‍රදර්ශනයක් සංවිධානය කරන්නට මූලික දායකත්වය ලබා දෙමින් සියලු සංවිධාන කටයුතු උදෙසා කැප වූයේ අප හිතාදර නළු කමල් ය.
ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ මඟ පෙන්වීම යටතේ ජනපි‍්‍රය නළු කමල් අද්දරආරච්චි සංවිධානය කොට ඇති මෙම ප‍්‍රදර්ශනය නම් කොට ඇත්තේ 'Book Festival - 2008' නමිනි.
සැප්තැම්බර් 6 වැනිදායින් පටන් ගෙන 13 වැනිදායින් අවසන් වන මෙම මහා පොත් ප‍්‍රදර්ශනය දිනපතා උදේ 9 සිට රාතී‍්‍ර 10 දක්වා විවෘතව ඇත.
මෙම සමාජ මෙහෙවරට කමල් එකතු වුණේ කොහොම ද?
පහුගිය අවුරුද්දේ මම කුරුණෑගල පැවැති තැල්සීමියා රෝගීන් සම්බන්ධ වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒ වැඩසටහන පැවැත්වූයේ ජනාධිපති ආර්යාවගේ ප‍්‍රධානත්වයෙන්.
එහිදී මට තැල්සීමියා රෝගීන් රැසක් දැක ගන්නට ලැබුනා. ඒ රෝගීන් පිළිබඳ මා තුළ විශාල කම්පනයක් ඇති වුණා. විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීමේ ස්වභාවය ඇහුවම හරිම ඛේදනීය යි.
මේ රෝගය අවට වට පිටාවෙන් හෝ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන රෝගයක් නොවෙයි. මෙම රෝගයට ගොදුරු වන්නේ උපතේදීම යි. මෙය ජානමය රෝගයක්.
මේ රෝග වාහකයා ශරීරයේ පවතින දෙදෙනෙකු විවාහ වුණොත් බිහි වන දරුවා බොහෝ විට තැල්සීමියා රෝගියෙක් වෙනවා. ප‍්‍රතිශතයක් විදියට ගත්තොත් 50% කට වැඩි යි.
ඉතිං මේ බිහිවන දරුවාගේ මුළු ජීවිත කාලයම ගත වෙන්නේ රෝගියෙකු හැටියටයි. උපරිම වයස් සීමාව ගත්තොත් අවුරුදු 30ක් ජීවත් වෙන්නේ නැහැ. අඩු ආයු කාලයක් තියෙන්නේ.
මේ වගේ දරුවෙකු ජීවත් කරවන්න රජය වසරකට මිලියනයක පමණ මුදලක් වැය කරනවා. මහ තැල්සීමියාව කියන්නේ දරුණු රෝගී තත්ත්වයක් බව අපට දැන් වැටහෙනවානේ.
මුලදී මම රෝගීන් වැඩිපුර දකින්නට හිටියේ කුරුණෑගල ප‍්‍රදේශයේ. නමුත් දැන් දැන් අනුරාධපුර , ගම්පහ දිස්ති‍්‍රක්ක වලත් බහුල වශයෙන් දකින්නට ලැබෙනවා.
මෙය ප‍්‍රවේණිගත රෝගයක් නිසා ලේ ඥාති විවාහයන් සුදුසු නැහැ. විශේෂයෙන්ම විවාහයකදී ලේ වර්ග ගැලපේද යන්න සොයා බැලිය යුත්තේ මෙවැනි දරුණු රෝග නිසයි.
අනාගතයේ දී මෙම රෝගය පිළිබඳ අනිවාර්යයෙන්ම සමාජය දැනුවත් විය යුතු යි. සමාජය දැනුවත් කළ යුතු යි. නිතර නිතර මෙවැනි වැඩසටහන්වලට සම්බන්ධ වෙනකොට මට හිතුන මගේ දායකත්වයක් කිසියම් විදියකට මේ කාර්යය සඳහා ලබා දිය යුතුයි කියල.
ඒ අනුව තමයි මේ පොත් ප‍්‍රදර්ශනය පවත්වන්නට අපි තීරණය කළේ.
ඔබ සිනමා නළුවෙක් නිසා විචිත‍්‍රවත් ප‍්‍රසංගයක් සංවිධානය කිරීමෙන් මෙම සද්කාරයට විශාල මුදලක් වගේම අවධානයක් ලබා දෙන්නට තිබුණ නොවේද?
ඒ අදහසත් නරක නැහැ. නමුත් මේ වැඩසටහනට සම්බන්ධ පිරිස වගේම මගෙත් අදහස වුණේ මෙය අධ්‍යාපනික මට්ටමින් දැනුවත් කළ යුතු මාතෘකාවක් බවයි.
තැල්සීමියාව රෝගය අපි දැනගෙන හිටියට එහි බරපතලකම දන්නේ සුළුතරයක්. ඒ වගේම මෙම රෝගී තත්ත්වය ගැන දැනුවත් කිරීමෙන් රෝගය වඩා පහසුවෙන් මර්දනය කර ගන්නටත් පුළුවනි.
මෙය අධ්‍යාපනයත් එක්ක යායුතු නිසා තමා පොත් ප‍්‍රදර්ශනයක් ලෙස පවත්වන්ට හිතුවේ. ඒ සඳහා සුදුසුම මාසය සාහිත්‍ය මාසය වන නිසා අපි එහි සංවිධාන කටයුතු කඩිනම් කළා.
මෙම පොත් ප‍්‍රදර්ශනයත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙහෙයවීමෙන් ජීව විද්‍යාත්මක ප‍්‍රදර්ශනයක් ද සංවිධානය කොට තියෙනවා.
මේ කටයුත්ත සඳහා රජයෙන් ලැබෙන අනුග‍්‍රහකත්වය කෙබඳු ද?
ඇත්තටම ඒ ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ලොකු අවධානයක් මේ සඳහා තියෙනවා.
එතුමියගේ මඟ පෙන්වීම යටතේ ඇරැඹි මෙම කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යංශයේ වගේම ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්,වෘත්තීය පුහුණු අමාත්‍යංශයත් ආදී අමාත්‍යාංශ ගණනාවකගේ නොමසුරු දායකත්වය ලැබුණා.
ඒවගේම විශේෂයෙන්ම වෛද්‍ය කහඳ ලියනගේ මහත්මයා ගැන මතක් කළ යුතුයි. ඒ වගේම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.. ඇමැති ජීවිතයේ කාර්ය බහුල බව ගැනවත් නොසිතා තැල්සීමියාව රෝගයේ තිබෙන භයානක බව පෙන්වමින් ජනතාව ආමන්ත‍්‍රණය කරමින් ලොකු අවධානමක් ඇති බව පෙන්වා දුන්නා.
ඇත්තටම එවැනි වූ ඉතා විශාල දායකත්වයක් ලබා දීම ගැන එතුමාට මගේ ප‍්‍රණාමය හිමි වෙනවා. එමෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ගැනත් සඳහන් කළ යුතුයි.
රාජ්‍ය මට්ටමින් නම් ඉතාම අගනා දායකත්වයක් මෙම කටයුත්තේ දී ලැබීම ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
මෙම ප‍්‍රදර්ශනය සඳහා ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයෙන් නොමසුරු දායකත්වයක් ලැබෙන්නට ඇති නේ ද?
ඒ ගැන නම් කියන්නටත් කනගාටු යි. සමාජ සත්කාරයක් උදෙසා පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයට ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ නිර්දය ප‍්‍රහාරයක් එල්ල වීම අපට අදහ ගන්නට බැරි වුණා.
මොකද මුලදී අපට සහයෝගය ලබා දෙන්නට එකඟ වී හිටියේ. නමුත් හිටි හැටියෙම ඔවුන් වෙනස් වුණා. පොත් ප‍්‍රකාශක සංගමයේ අවසරයකින් තොරව කිසිම පොත් ප‍්‍රකාශකයෙකු මේ සඳහා එක්විය නොහැකි බවට ප‍්‍රකාශයක් නිකුත් කළා.
ඇත්තටම මේක ඉතාම නින්දිත කි‍්‍රයාවක් විදියටයි, මම දකින්නේ. මේ පොත් ප‍්‍රදර්ශනය අපි පවත්වන්නට තීරණය කළේ පෞද්ගලික වාසි බලාගෙන නෙමෙයි.
දරුණු තැල්සීමියාව රෝගය මර්දනය කිරීමේ වැඩසටහනට ආධාර පිණිස පවත්වන්නේ. එහෙම දේකට දායක වෙන්න එපා කියලා තමා තර්ජනය කළේ. අපි කවදාවත් මේ වගේ ප‍්‍රහාරයක් එල්ල වෙයි කියලා හිතුවේ නැහැ.
සාහිත්‍ය මාසයේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය කරන්නේ ව්‍යාපාරයක්. බොහෝම කැමැත්තෙන් ඕර්ධ්ඛ්ඩ් එකට එන්නේ. ඇත්තටම මම වුණත් ඒ කාර්ය ඉතා උතුම් කොට සළකනවා.
ඒක හොඳ වැඩක්. නමුත් සාහිත්‍ය මාසය තුළ පැවැත්විය යුතු එකම පොත් ප‍්‍රදර්ශනය ඕර්ධ්ඛ්ඩ් විතරක් නෙවී. මේ රටේ ඕනෑම තැනක තියන්නට පුළුවනි.
කොළඹ ප‍්‍රදර්ශන සම්මේලනයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයට මිනිසුන් ඒම වළක්වන්නට උත්සහ කරනවා නම් මම කියන්නේ ඕර්ධ්ඛ්ඩ් එකට යන එකෙන් වළකින්න කියල යි. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මොකද ලංකාවේ තිබෙන ලොකුම පොත් ප‍්‍රදර්ශනය එතැන යි.
ඔවුන්ගේ දැඩි විරෝධය අවසානයේ නතර වුණේ උසාවියෙන්. මේ කටයුත්ත සඳහා අපට 'වාරණ'නියෝගයක් පවා ගන්නට සිදු වුණා.
කොහොම වුණත් මේ වගේ දේවල් කරලා තමන්ගේ තියෙන බලය යටතේ මිනිසුන් පීඩාවට පත් කිරීම නම් හරිම වැරැදි යි.
මේ ප‍්‍රශ්නත් එක්ක හිතූ අරමුණ කරා ඔබට යා හැකි ද? ඒ කියන්නේ සැළකිය යුතු ආධාරයක් තැල්සීමියා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කළ හැකි වෙයි ද?
මුලදී අපි හිතාගෙන හිටියේ ප‍්‍රදර්ශන කුටි 250 කට වඩා ලැහැස්ති කරන්න යි. නමුත් මේ ප‍්‍රකාශකයින්ගේ සංගමයෙන් ඇති වූ දැඩි විරෝධය නිසා ඉල්ලුම් කළ අයත් නැවත ඉල්ලා අස්කර ගත්තා.
ඒ නිසා පෞද්ගලික පොත් ප‍්‍රකාශකයන් සෑහෙන පිරිසක් නොසිතූූ විදියට අපට අහිමි වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය ආදී රජයේ පොත් ප‍්‍රකාශන ආයතන හැම එකක්ම සහභාගි වෙනවා.
ඇත්තටම මේ කාර්යයට රජයේ අනුග‍්‍රහය හැරුනම පෞද්ගලික ආයතනයන්හි උපකරණ නොමදව ලබා ගන්න තිබුණා. මේ කටයුත්තටත් ඉතා විශාල වියදමක් යනවා.
නමුත් මේ පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය කළ මේ බාධා කිරීම් නිසා අපේ හැම වැඩක්ම අවුල් වුණා. රජයේ අනුග‍්‍රහය හැරුණාම නවලෝක සමූහ ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතාගේ නොමද සහය ලැබුණා. දැනට පෞද්ගලික අංශයෙන් සැලැසූ දායකත්වය එපමණයි.
මේ ප‍්‍රදර්ශනය නැරැඹීම සඳහා පාසල් ළමුන් සඳහා ඇතුළුවීම නොමිලේ යි. අනෙකුත් වැඩිහිටියන්ට සහනදායි පුංචි මිලක් අය කරනවා. මේ මුදල් හා කුටිවලින් ලැබෙන සියලු මුදල් තැල්සීමියා රෝග මර්දන ව්‍යාපෘතියට බැර වෙනවා.
ඒ නිසා මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ සැප්තැම්බර් 6 වැනි දා සිට 13 වැනි දා දක්වා කොළඹ ලේක්හවුස් ඉදිරිපිට තිබෙන ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන සම්මේලන ශාලාවට ගොඩ වැදී සහනදායි මිලට පොත් මිලදී ගෙන මෙම සමාජ මෙහෙවරට දායක වන්නට කියල යි.
එය ඔබ අතින් කෙරෙන උතුම් පුණ්‍ය කි‍්‍රයාවක්. ඊට සම්මාදම් වෙන්න.
මනෝලි සුබසිංහ.

No comments: