Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

වන්නියේ ගැටුම්වලින් කොටි 16ක් මරුට:ආයුධ රැසකුත් හමු වෙයි

මහින්ද කුලතුංග
කිලිනොච්චි, මුලතිව් සහ වැලිඔය ප‍්‍රදේශවල දී ආරක්ෂක හමුදා සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර පෙරේදා (06) ඇති වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 16 දෙනකු මියගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ.
වවුනියා - මුලතිව් අතර පාලමොඩෙයි, නාවි, වෙඩමානිලම් ප‍්‍රදේශයේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් හත්දෙනකු මියගොස් තිබේ.
කිලිනොච්චි පාරයිකන්දමාඩු හා වානේරිකුලම් ප‍්‍රදේශවල දී ත‍්‍රස්තවාදීන් තිදෙනකු මරාදමා තිබේ. වැලිඔය ආනන්දකුලම් ප‍්‍රදේශයේ දී ත‍්‍රස්තවාදීන් පස්දෙනකු මරාදමා තවත් පස්දෙනකුට තුවාල සිදුකර තිබෙන අතර, පුද්ගල නාශක බෝම්බ 10ක් ද හමු වී තිබේ.
වැලිඔය කිරිඉබ්බන්වැව උතුරු ප‍්‍රදේශයේ සිදු වූ ගැටුමකදී ත‍්‍රස්තවාදියකු මරා දමා පුද්ගල නාශක බෝම්බ 201ක්, එම්. පී. එම්. ජී. පතරොම් 150ක්, ටී 56 පතරොම් 550 ක් හා අත්බෝම්බ 2ක් සොයාගෙන තිබේ.

No comments: