Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 15, 2008

වසර 35කට පසුව හොල්සිම් එෆ්.ඒ.කුසලානය පොලීසියට හිමිවෙයි

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියක් වූ හොල්සිම් එෆ්.ඒ.කුසලාන පාපන්දු සූරතාව වසර 35කට පසුව ශ‍්‍රී ලංකා පොලිස් කී‍්‍රඩා සමාජයට හිමිවිය. 1973 දී එම්.අසීස්ගේ නායකත්වයෙන් එෆ්.ඒ.කුසලානය ජයගත් පසුව පොලිස් පිල මෙවර ජයග‍්‍රහණය කිරීම විශේෂත්වයකි.
අවසන් මහා තරගයේ උණුසුම් කී‍්‍රඩා විලාශය අභිබවා දිනයේ ජයග‍්‍රහණයේ වාසනාවට මුල සිටම හිමිකම් කියූ පොලිස් කී‍්‍රඩකයෝ දඬුවම් පහර 6 – 5 කින් සිවිල් ආරක්ෂක බළකා පිල පරාජයට පත් කළේය.
ආරක්ෂක සේවා කණ්ඩායම් දෙකක් අතර පැවැති මෙම අවසන් තරගය නැරඹීමට කොළඹ සී.ආර්. පිටියට පන්දහසකට අධික නරඹන්නන් පිරිසක් පැමිණ සිටියහ.

හොල්සිම් එෆ්.ඒ.කුසලානය පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා අතින් පිරිනමද්දී හොල්සිම් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් ස්පිරිට් හා ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හර්ලි සිල්වේරා යන මහත්වරු සිටිති.
තරගයේ ප‍්‍රථම භාගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර අනතුරුව නියමිත කාලයේදී ගෝල් 1 – 1 ක් ලෙස සම මට්ටමක පසු වූයෙන් දඩුවම් පහර මගින් ජයග‍්‍රහණය තීරණය විය.
තරගය පුරා සිවිල් ආරක්ෂක බලකා කී‍්‍රඩකයෝ පොලිස් පිලට ප‍්‍රබල තර්ජනයක්ගෙන දෙමින් සිටියහ. ප‍්‍රථම ගෝලය සිවිල් ආරක්ෂක බළකා පිලේ ගයාන් සඳකැලුම් පෙරේරා ගෝල් කණුව අසල දී හිසෙන් එල්ල කළ පහරින් 47වැනි මිනිත්තුවේදී වාර්තා විය.
එයට කදිම පිළිතුරක් දුන් පොලිස් පිලේ මොහොමඩ් රෆීක් දකුණු කෙළවරේ සිට එල්ල කළ “කෝනර් පහර” ප‍්‍රදීප් කුමාර හිසෙන් ගෝල් කණුව වෙත යොමුකර 56 වැනි මින්ත්තුවේදී ලකුණු සම කළේය.
ප‍්‍රථම වරට අවසන් මහා තරගයකට පිවිසි සිවිල් ආරක්ෂක බළකා කී‍්‍රඩකයෝ ගෝල් ලබා ගැනීමේ පහසු අවස්ථා කිහිපයක්ම මග හරවා ගැනීම අවාසිදායක විය. පොලිස් කී‍්‍රඩකයන් තරගයේ ජීව ගුණය වැඩි කරමින් අවසන් විනාඩි කිහිපයේදී සිවිල් ආරක්ෂක බළකා පිලට ගෝල් ලබා ගැනීමේ ඉඩකඩක් නොතැබූහ.
ප‍්‍රථමයෙන් දෙපිලටම දඬුවම් පහර 5 බැගින් පිරිනැමුණු අතර පොලිස් පිලේ දෙවැනි දඩුවම් පහර අසාර්ථක විය.
අවසන් තරගයේ උණුසුම් අවස්ථාවක්.
ඡායාරූපය :- තිලක් පෙරේරා
සිවිල් ආරක්ෂක බළකා පිලේ හතරවැනි දඩුවම් පහර ගෝල් කණුවට අඩි 5 ක් පමණ ඉහළින් ඉවතට ගියේය. එම අවස්ථාවේ දඩුවම් පහර 4 – 4 ක් ලෙස සම වුයෙන් නැවැත දඩුවම් පහර පිරිනැමුණි.
පොලිස් පිල දඩුවම් පහර දෙකම සාර්ථක කර ගනිද්දී සිවිල් ආරක්ෂක බළකා පිල දඩුවම් පහර දෙකෙන් එක් පහරක් අසාර්ථක කරගෙන පරාජය පිළිගත්තේය.
දෙපිලේම කී‍්‍රඩකයන් දෙදෙනෙකුට කහ කාඩ්පත් අවවාද පිරිනැමූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීනතම පාපන්දු විනිසුරු අනුර ද සිල්වා මහතා තම පාපන්දු දිවියෙහි අවසන් එෆ්.කුසලතා පාපන්දු තරගයේ විනිශ්චය කළේය. වසර ගණනාවක් පාපන්දු පිටියේ “හොඳ නාමයක්” දිනා සිටි විනිසුරුවෙකු වූ අනුර ද සිල්වා ඉදිරි කාලයේ දී විශ‍්‍රාම ගැනීමට නියමිතව ඇත.
හොල්සිම් එෆ්.ඒ.කුසලානය සමග රුපියල් 2,50,000ක් පොලිස් කී‍්‍රඩා සමාජයට හිමි වූ අතර අනුසූරතාව සමග රුපියල් ලක්ෂයක් සිවිල් ආරක්ෂක බළකා පිලට හිමිවිය.

No comments: