Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

අධ්‍යාපනය ලැබිය යුතු අනිවාර්ය වයස අවුරුදු දහසය දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා - ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත

දයා පෙරේරා හා මහරගම සමූහ වේහැල්ලේ පියතිලක
අවුරුදු පහේ සිට පහළොව දක්වා සීමාවක පවතින අනිවාර්ය අධ්‍යාපන වයස අවුරුදු දහසය දක්වා වැඩි කිරීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා කියයි.
අනිවාර්ය අධ්‍යාපන වයස අවුරුදු දහසය බවට පත් කිරීමටත් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමේ වයසද ආවරණය වන බවද ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නිමිත්තෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ඊයේ (08) පෙරවරුවේ පැවැති උත්සවයේදීය.
ශී‍්‍ර ලංකාවේ අවුරුදු පහ සම්පූර්ණවී පාසලට ඇතුලුවන සංඛ්‍යාව පසුගිය වසරේ දී 3,22000 ක් පමණ විය. 1994 දී එය 350000 කි. දරු උපත් සංඛ්‍යාව සියයට 3 සිට සියයට 1 දක්වා අඩුවීම එයට හේතුව.


අවුරුදු පහ සම්පූර්ණවන අයගෙන් සියයට 98 ක් පාසලට ඇතුලුවෙති. ඔවුන්ගෙන් අ.පො.ස.සාමාන්‍ය පෙළ මට්ටමේ දී සියයට 14 ක් පමණ අඩුවෙති.පූර්ව ළමා විය ශක්තිමත් කිරීම සඳහා අවුරුදු තුන සපිරෙන ළමයින් ගැන අවධානය යොමු කළ බවත් නගරයේ එම වයසේ දරුවන්ගෙන් සියයට 90 ක් පමණ පූර්ව ළමා විය මධ්‍යස්ථානවලට ඇතුලත්වන අතර ග‍්‍රාමීය පෙදෙස්වල ඒ සංඛ්‍යාව සියයට 40 ක් පමණ වන බැවින් මේ දෙපිරිසෙන්ම සියයට සියයක් මෙම මධ්‍යස්ථානවලට යොමු කර ගැනීම අරමුණ බවත් ඇමැතිවරයා කීවේය.
1965 දී ජාත්‍යන්තර සාක්ෂරතා දිනයක් නම් කෙරුණ වසර 2000 දී සෙනගල් හි රැස්වූ යුරෝපා රටවල වසර 2015 වනවිට සාක්ෂරතාව වැඩි කිරීම සඳහා තේමා හයක් යටතේ එකඟත්වයට පැමිණියා. මා අධ්‍යාපන ඇමැතිවූ පසු එම වසරට පෙර එකී ඉලක්කයට ළඟා වීම සඳහා වැඩ සටහන් සකස් කළා.
මාලදිවයිනේ සාක්ෂරතාවය ශී‍්‍ර ලංකාවේ සාක්ෂරතාවයට වඩා වැඩි බව එක් පුවත්පතක පළවී තිබුණා. ඒ රටේ ජනගහණය අනුව බලන විට එසේ සැසදීමට බැහැ. කලාපයේ සෙසු රටවල් සමග සැසඳිය යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193 සමග සංසන්දනය කොට එවැනි නිගමනයක් කළ යුතුයි.
1950 දී අපේ සාක්ෂරතාවය සියයට 46 ක් වුනා. එහෙත් නිදහස් අධ්‍යපනය හා නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමට වරින්වර බලයට පත්වු ආණ්ඩු නොමිළේ පෙළ පොත්, නිල ඇඳුම්, ශිෂ්‍යාධාර, අඩු මිල ප‍්‍රවාහනය, භෞතික හා ගුණාත්මකව පාසල් සංවර්ධනය යනාදී වැඩ සටහන් නිසා අද වනවිට ශී‍්‍ර ලංකාවේ සාක්ෂරතාව සියයට 92.5 ක් දන්වා වැඩිකර ගැනීමට ලැබුණා.
මහ බැංකු වාර්තාව සඳහන් කරන අනෙක් දර්ශණ අතර අප රට වැසියකුගේ උපතේදී පරමායුෂ කාන්තාවන්ගේ 76 ක්ද පිරිමින්ගේ 72 ක්ද වෙනවා. සමහර සංවර්ධන රටවලත් එවැනි අගයක් ගන්නවා. මේවා සෞඛ්‍ය පහසුකම් නිසාම සිදුවූූවා නොව සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පැවැතීම අතරත් සම්බන්ධයක් තිබෙනවා.
සාක්ෂරතාව හා දිළිඳුකම අතර ඍජු සබඳතාවක් දක්නට ලැබෙනවා. අපරාධ කරුවන් ගෙන් සියයට 70 ක් සාක්ෂරතාවයක් නොමැති අය බව බන්ධනාගාර ලේඛනවල දැක්වෙනවා. අපරාධ අඩුකර ගැනීමට සාක්ෂරතාව ඉවහල් වෙනවා.
සාක්ෂරතා වර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශය 2007 මුල් යුගයේ වැඩත් පටන් ගත්තා. අවුරුදු පහට අඩු වයසේ දරුවන් ගැන ග‍්‍රාමනිලධාරින් සමග සමෘද්ධි නිලධාරින් හා පවුලේ සෞඛ්‍ය සේවිකා යන අය සම්බන්ධකරගෙන අධ්‍යාපන අමාත්‍යාශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් රටපුරා සමීක්ෂණයක් පවත්්වනවා.
වැඩිම දරිද්‍රතා මට්ටමක් ඇති සමෘද්ධි පවුල් සියයට 40 ක් අතරින් වැඩි දෙනාගේ සාක්ෂරතාවය අඩුයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සම්ප‍්‍රදායික වැඩ සටහන් මගින් සාක්ෂරතාව නංවන අතර තොරතුරු තාක්ෂණය දියුණු කිරීමටද කි‍්‍රයාකළා. අනාගතයේ දී සාක්ෂරතාව මැනිමේ ඒකකයක් වශයෙන් තොරතුරු තාක්ෂණය ද යොදා ගැනෙනු නො අනුමානයි.
යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පී‍්‍රති පෙරේරා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ලාල් පෙරේරා යන මහත්වරුන් ද කතා කළහ.
මහාචාර්ය රත්න විජේතුංග මහතා සාක්ෂරතාව හා භාෂාවේ අගය මැයෙන් වෙසෙසි දෙසුම පැවැත්විය.
ජාතික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැවත ස්ථාපනය කිරීම,එම ආයතනයේ පුස්තකාලයට යුනෙස්කෝ ජාතික කොමිෂමෙන් ලබාදී තිබූ පොත් විශේෂ එකතුවක්ලෙස සංවිධානය කිරීම, ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් විමල් සියඹලාගොඩ මහතා රචනා කළ ‘නිවැරදි අක්ෂර වින්‍යාසය සඳහා අත්වැලක්’ පොත් පිංච නොමිලේ බෙදා දීම ද සිදුකැරිණි.

No comments: