Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

සෙල්ලමක් නොවේ; බොන්න නෑ

රාගම – නාරංගොඩපාළුව ගමෙහි (තේවත්ත පල්ලිය සමීපයේ) පෞද්ගලික සමාගමක් විසින් ඉදිකළ නිවාස සංකීර්ණයක නිවාස 85 ක්පමණ ඇත. දළ වශයෙන් එහි නිවැසියෝ 800 ක් පමණ වාසය කරති.
1988 දී ආරම්භ කරන ලද මෙම නිවාස ක‍්‍රමයෙහි මුලදී සෑම නිවසකටම ජල නළ පහසුකම් සපයා තිබුණි. එසේ ම නිවැසියන්ගේ දරුවන් සඳහා කී‍්‍රඩා කිරීම පිණිස කී‍්‍රඩා පිටියක් ද වෙන්කොට තිබුණි.
එහෙත් අද තත්ත්වය වෙනස් ය. අදාළ සමාගම මඟින් ඉදිකොට පවත්වාගෙන ගිය ජල පොම්පාගාරය සහ පොම්පකරු 1991 වසරේ සිට මෙම සමාගම මගින් ඉවත් කරගෙන ඇත.
මේ හේතුව නිසා මෙම නිවැසියන්ට පොදු ජල පහසුකමක් නැත. සමහරු තමන්ගේ ඉඩමෙහි ළිං කපාගෙන ජලය ලබා ගනිති. තවත් සමහරුනට එම වාසනාව නැත.
හේතුව ඔවුන්ගේ ඉඩම්වලට යටින් විශාල ගල් තලාවක් පිහිටා ඇති බැවිනි. ඔවුන් ජලය ලබා ගන්නේ්නිවාස සංකීර්ණය අවට ගම්වැසියන්ගේ ළිං වලිනි. උදේ රැයින් රැකියාවට පිටත් වන සමහරු සවස පැමිණි විට රාතී‍්‍ර කාලයේ වතුර සොයමින් ගම අවට සැරිසරනු දැකිය හැකිය.
ළමයින්ගේ කී‍්‍රඩා කටයුතු සඳහා වෙන්කොට තිබුණු ඉඩම් කොටසෙහිද එකල රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ අනුදැනුම පිට ගෙවල් ඉදිකොට විකුණන ලදී.
එමනිසා දැන් කී‍්‍රඩා පිටියක් නැත. නිවාස ක‍්‍රමයට කී‍්‍රඩා පිටියක් නැති නිසා ළමුන් පාරේ සෙල්ලම් කරති. වාහන බහුල මේ කාලයේ එය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයකි.
නැතිවූ කී‍්‍රඩා පිටිය වෙනුවට අදාළ දේශපාලනඥයා මැදිහත්ව නිවාස සංකීර්ණයට සමීපව ලබා දුන් ඉඩම් කොටසෙහි ද එකල සිටි සමෘද්ධි නියාමකවරයෙකු විසින් පස් කපා ඉවත් කළ බව ගැමියෝ පවසති.
එහෙයින් දැන් එතැනද ඇත්තේ තැනින් තැන හෑරුණු වළවල් පමණි. එතැනද දැන් කැළෑ වැවී ඇති අතර, ඉඩම් කොටසේ බොහෝ ප‍්‍රමාණයක් ගම්මුන් විසින් අනවසරයෙන් අල්ලා ගෙන විවිධ වගාවන් සඳහා යොදාගෙන ය.
නිවාස ක‍්‍රමයට ජල පහසුකම් දීමටත්, කී‍්‍රඩා පිටියක් සකස් කර දීමටත් පසුගිය මැතිවරණවලට ඉදිරිපත් වූ ඡන්ද අපේක්‍ෂකයෝ සෑම දෙනාම පොරොන්දු වූ නමුත් මේ වන තෙක් ඒ පොරොන්දු ඉටු වී නැත.
මේ අඩුපාඩු සකස් කර දීමට ඉදිරිපත් වන අදාළ බලධාරීන් මීළඟ මැතිවරණයකදී පිළිගැනීමට නිවැසියෝ ඉමහත් ඕනෑකමින් බලා සිටින බව පවසති.
නිවාස සංකීර්ණයේ වැසියන්

No comments: