Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 2, 2008

අජන්ත මෙන්ඩිස් අයිති කරගන්න එංගලන්තයේ තරගයක්

ප‍්‍රින්ස් ගුණසේකර
කෙටි කලක් තුළ කි‍්‍රකට් පිටියේ සුවිශාල ජනප‍්‍රියත්වයක් ලද ශ‍්‍රී ලංකාවේ විශ්මිත දඟපන්දු යවන්නා අජන්ත මෙන්ඩිස් ලබා ගැනීමට එංගලන්තයේ ප‍්‍රබලතම ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායම් තුනක් සටනක නිරතව සිටිති.
මීළඟ එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේදී කෙන්ට් සසෙක්ස් හා සරේ ප‍්‍රාන්තවලට අජන්ත මෙන්ඩිස් බඳවා ගැනීමට එම ප‍්‍රාන්ත තුනේම කි‍්‍රකට් බලධාරීන් උත්සහ ගැනීම නිසා අජන්ත මෙන්ඩිස්ගේ වටිනාකම ශීඝ‍්‍රයෙන් ඉහළගොස් ඇත.
ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවායේදී සරේ ප‍්‍රාන්තයෙන් ඩොලර් මිලියන 10ක මුදලක්ද (රුපියල් මිලියන 100ක්) කෙන්ට් ප‍්‍රාන්තයෙන් සතියකට පවුල් 20,000ක්ද (රුපියල් මිලියන 4 ක්) ගෙවීමට දැනටමත් කැමැත්ත පළකර ඇත. එමෙන්ම සසෙක්ස් ප‍්‍රාන්තයෙන්ද ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෙකුට මෙතෙක් නොගෙවූ තරම් ඉහළම මුදලක් ගෙවීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
මෙම තරගකාරී ඉල්ලුම අනුව තෝරා ගන්නා ප‍්‍රාන්ත කි‍්‍රකට් පිල කුමක්ද යන්න පිළිබඳ අජන්ත මෙන්ඩිස් තවමත් ප‍්‍රකාශයක් කර නොමැත.
23 හැවිරිදි අජන්ත මෙන්ඩිස්ගේ විශ්මිත දඟ පන්දු ඉදිරියේ ලොව ප‍්‍රබල කී‍්‍රඩකයන් පසුගිය තරග කහිපයකදීම අසරණ තත්ත්වයට පත්විය. අජන්ත ටෙස්ට් තරග 3කදී කඩුලු 26ක් බිදහෙලමින් ප‍්‍රථම ටෙස්ට් තරගාවලියේදීම වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාවට හිමිකම් කීවේය.
ඉන්දියාවට එරෙහි එම ප‍්‍රථම ටෙස්ට් තරගාවලියේ වීරයා බවට පත්වූයේද ඔහුය. මෙතෙක් ජාත්‍යන්තර එක්දින තරග 13 කදී කඩුලු 33ක් බිදහෙලා දස්කම් දැක්වීමට අජන්ත මෙන්ඩිස් සමත්විය.
එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරග සඳහා ශ‍්‍රී ලංකාවෙන් අරවින්ද ද සිල්වා (කෙන්ට්), මුත්තයියා මුරලිදරන් (කෙන්ට්, ලැන්කර්ෂයර්),, චමින්ද වාස් (වොරික්ෂයර්, මිඩ්ල්සෙක්ස්, හැමිෂයර්), කුමාර් සංගක්කාර (වොරික්ෂයර්) හා සනත් ජයසූරිය (සමර්සෙට්) පසුගිය වසර කිහිපයකදීම කී‍්‍රඩා කළහ.
අජන්ත මෙන්ඩිස් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට කී‍්‍රඩා කළේය.

No comments: