Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

හමුදාපති වන්නි යුද බිමට යයි

යුද හමුදාපති ලුතිනින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (02) වන්නි ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදී මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය, සේනාංකාධිපතිවරුන් සහ බළසේනාධිපතිවරුන් එල්ටීටීඊ බලකොටු වන මල්ලාවි හා පාලමොඩ්ඩෙයි ප‍්‍රදේශ බිඳවැටීමෙන් පසු යුද හමුදාව මෑතකදී ලබාගත් ජයග‍්‍රහණ සහ ප‍්‍රදේශයේ අනෙකුත් ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව යුද හමුදාපතිවරයා දැනුවත් කරන ලදී.
රැස්වීම ආරම්භයේ දීම වන්නි ආඥාපතිතුමා විසින් භූමියේ තත්ත්වය පිළිබඳ සවිස්තර දැනුවත් කිරීමක් යුද හමුදාපතිතුමා වෙත ලබාදෙන ලදී.
පසුව 56, 57, 59 වන සේනාංක, ධ් වන කාර්ය සේනාංකය සහ ධ්ධ් වන කාර්ය සේනාංකයේ සේනාංකාධිපතිවරුන් සහ බළසේනාංකාධිපතිවරුන් තවදුරටත් එම ප‍්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සහ නව වර්ධනයන් පිළිබඳව සවිස්තරව යුද්ධ හමුදාපතිතුමන් දැනුවත් කළහ.
නව තත්ත්වයන් පිළිබඳව දැනුවත්වීමෙන් පසු යුද්ධ හමුදාපතිතුමා විසින් එඩිතර සොල්දාදුවන් දැඩි ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව මුලතිව් හා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයන්හි සිදු කරන වේගවත් ඉදිරි ගමන නිසා ඉදිරි දිනවලදී මුහුණදීමට සිදුවිය හැකි අභියෝගයන් පිළිබඳව ද නිලධාරීන් හට මතක් කරදීම සිදුවිය.
යුද හමුදාපතිතුමා තවදුරටත් තම අත්දැකීම් හමුදා ප‍්‍රධානීන් සමඟ බෙදාහදා ගනිමින් ඒ අනුව ඔවුන්ට අදාල උපදෙස් ලබා දෙන ලදී.
පසුගිය සතිවලදී ලබා ගත් යුද ජයග‍්‍රහණයන් පිළිබඳ සිය සතුට පල කළ යුද හමුදාපතිතුමා නිලධාරීන්ට දැඩිව මතක් කර දෙනු ලැබුයේ තම හමුදා සෙබළුන් අතර සිදු විය හැකි හානි අවම කර ගැනීමේ වැදගත්කම පිළිබඳවයි.
ආරක්ෂක හමුදාව සතුරු බල කොටුවලට ඇතුළුවීම වැලැක්වීම සඳහා ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ උපරිම ශක්තිය යෙදවිය හැකි බව ද මෙහිදී සිහිපත් කරනු ලැබීය.

No comments: