Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

යුද පුහුණුවට කොටි දරුවන් පැහැරගෙන යති මුලතිව්-කිලිනොච්චි පාසල් වැසෙන ලකුණු

විජයානි එදිරිසිංහ
කොටි සංවිධානය යුද පුහුණුව සඳහා පාසල් ළමුන් පැහැරගෙන යාම හේතු කොට ගෙන මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශවල පාසල් ගණනාවක් මේ වන විට වසා දමන තත්ත්වයකට පත්ව ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. අවුරුදු 8 – 16 අතර වයසේ පසුවන ගැහැණු හා පිරිමි ළමුන් එසේ කොටි යුද පුහුණුව සඳහා පැහැරගෙන යති. මුලතිව්, කිලිනොච්චි ප‍්‍රදේශවල පාසල්වල තුන් වැනි වාරය අද (04) ආරම්භ වීමට නියමිතව ඇත.
පාසල් නිවාඩු කාලයේදී පාසල් දරුවන් කොටි සංවිධානයෙන් වසන් කර සඟවා ගැනීමට බොහෝ දෙමාපියන් කටයුතු කර ඇත. පසුගිය අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන්ට ප‍්‍රදේශයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
ඔවුන් අනිවාර්යයෙන්ම යුද පුහුණුවට පැමිණිය යුතු බවට කොටි සංවිධානය නියෝග කර තිබේ.
පාසල් දරුවන් පමණක් නොව ගුරුවරුන්ද පාසල් නොයන තත්ත්වයකට පත් වී තිබෙන්නේ අද කොටි නායකයන් පාසල්වලට කඩා වැදී කුමක් කරාවිද යන බිය නිසාය.
මේ අතර කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවල සේවය කරන ගුරුවරු හා වෙනත් රජයේ සේවකයන්ගේ වැටුප්වලින් කොටි සංවිධානය ලබා ගන්නා කප්පම් මුදල් ප‍්‍රමාණය ද වැඩි කර ඇත.

No comments: