Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

පදවිය මුර පොළකට ප‍්‍රහාරයක්:කොටි මළ සිරුරු 10ක් සමඟ අවි ආයුධ රැසක් සොයා ගැනේ

මහින්ද කුලතුංග
පදවිය කෝංකැටියාව ආරක්ෂක මුරපොළට පෙරේදා (30) උදේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරයට හමුදාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමෙන් මියගිය තවත් ත‍්‍රස්තවාදීන් දස දෙනෙකුගේ මළසිරුරු සමඟ අවි ආයුධ රැසක් ඊයේ (31) දහවල් ආරක්ෂක අංශ මගින් සොයාගෙන ඇත.
පෙරේදා එම සිද්ධිය වූ අවස්ථාවේදීද මියගිය ත‍්‍රස්තවාදියෙකුගේ මළසිරුරක් හමුදාවට හමුවිය.
ඊයේ උදේ එම ප‍්‍රදේශයේ යුද හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මළසිරුරු දහය සහ අවිආයුධ සොයා ගන්නා ලදැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
සොයාගත් අවි අතර ටී 56 අවි 7 ක්, එම්. පී. එම්. ජී. අවියක් සහ එහි පතුරොම් 300 ක් සහිත ගැබ් 3 ක්, එෆ්.එම්.සී. පතුරොම් 20 ක්, සී. 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ 2 ක්, පී. ඊ. 3 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝවක්, අත්බෝම්බ 2 ක්, පුද්ගලනාශක බෝම්බ 6 ක්, ඩෙටනේටර් වයර් මීටර් 25 ක්, ක්ලේමෝ බෝම්බ 04 ක්, විදුලි ඩෙටනේටර් 20 ක් සහ 9 එම්. එම්. පතුරොම් 200 ක් සොයාගෙන තිබේ.
මෙම ප‍්‍රහාරයේදී යුද හමුදාවේ සෙබළු දෙදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් තවත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු හා සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක් තුවාල ලැබූහ.
වන්නියෙන් නැගෙනහිරට පලායන ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් මෙම ප‍්‍රහාරයට එක්වන්නට ඇතැයි හමුදාව විශ්වාස කරයි.

No comments: