Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

‘නිල් දියවර’ මීගමුවෙන් වැඩට බහී

මෝසම් කාලවලදී ධීවර වරායන්හි වැලි පිරීම දිගු කාලයක පටන් නොවිසැඳුණු ගැටලුවකි. මේ කරුණ නිසා ධීවර ජනතාවට මෙන්ම ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවටද අසීරුතා රැසකට මුහුණ දීමට සිදු විය.
එම බාධා ගැටලු දුරලමින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව ‘නිල්දියවර’ කැණීම් අංශ ව්‍යාපෘතිය පසුගියදා මීගමුව ධීවර වරාය පරිශ‍්‍රයේදී ආරම්භ කෙරිණි.
තොටුපොළ අරුණ වැඩපිළිවෙළ යටතේ කි‍්‍රයාත්මක මේ ව්‍යාපෘතියේ නවතම කැණීම් යාත‍්‍රාව වන නිල්දියවර මගින් එදින සුබ මොහොතින් මීගමුව ධීවර වරාය පරිශ‍්‍රයේදී කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.
ශ‍්‍රී ලංකාවේ වැලි කැණීම් අංශයක් මේ වනතෙක් නොතිබුණු අතර ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව එම අවස්ථාව මෙරටට උදා කරලීමේ ගෞරවය හිමි කරගනී.
නිල්දියවර කැණීම් යාත‍්‍රාව මහභාණ්ඩාගාර ප‍්‍රතිපාදන යටතේ රුපියල් දශලක්ෂ 130ක වියදමින් මිලදී ගෙන ඇති අතර එය නෙදර්ලන්ත නිෂ්පාදනයකි. මේ යාත‍්‍රාව මගින් පැයකට වැලි කියුබික් මීටර් 100ක් කැණීම් කළ හැකි අතර දෙදෙනෙකුගෙන් එය කි‍්‍රයාත්මක කළ හැකිවෙයි.

‘ නිල් දියවර’ කැණීම් යාත‍්‍රාව
‘නිල්දියවර’ ව්‍යාපෘතිය සඳහා නිල්දියවර කැණීම් යාත‍්‍රාව මෙන්ම රුපියල් බිලියන 02ක වටිනාකමින් යුතු ‘වැලිගොව්වා’, ‘රුහුණුපුතා’ සහ ‘සලාපුර කිඳුරී’ කැණීම් යාත‍්‍රා 03 ද ජංගම දොඹකර 03ක්ද, හෑරුම් යන්ත‍්‍ර සහ අනෙකුත් ආධාරක උපකරණද ඇතුළත් වෙයි.
නව වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති අසංග අබේගුණසේකර මහතා
වැලි කැණීම් ක්ෂේත‍්‍රයේදී ශ‍්‍රී ලංකාව තවමත් අවිධිමත් අවධියකයි සිටින්නේ. ඉන්දියාවේ වැලි කැණීම් අංශයක් ආරම්භ කළේ 1976 වසරේදීයි. අපේ රට පමාවී හෝ වැලි කැණීම් ක්ෂේත‍්‍රයට එක් වීම සතුටට කරුණක්.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව කැණීම් යාත‍්‍රා 03ක් තිබෙනවා. එහෙත් කැණීම් අංශයක් නැහැ. එම යාත‍්‍රා ඔවුන් වෙනත් අංශයන්හි කැණීම් කටයුතුවලට ලබාදෙන්නේ නැහැ. ඒ අඩුව පිරිමසාලමින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව නිල්දියවර ව්‍යාපෘතිය ආරම්භ කළා.
නිල්දියවර කැණීම් යාත‍්‍රාවට අමතරව රුහුණු පුතා, වැලිගොව්වා, සහ සලාපුර කිඳුරී කැණීම් යාත‍්‍රා 03ක් මෙම ව්‍යාපෘතියට එක්ව තිබෙනවා.
මෙමගින් මෙරට ධීවර වරායන්හි එකතුවන වැලි ඉවත් කිරීම් කටයුතු මෙන්ම පෞද්ගලික අංශයේ කැණීම් කටයුතු සඳහා ද මෙම කැණීම් යාත‍්‍රා සහ උපකරණ කුලී පදනම මත ලබාදීම අපේ අරමුණයි. මෙමගින් රැකියා අවස්ථා ද ලබාදීමට අපට හැකිවනවා.
නවතම කැණීම් යාත‍්‍රාව වන ‘නිල්දියවර’ යොදාගෙන වාලච්චේන කලපුවෙහි කැණීම් කටයුතු සිදුකිරීම ළඟදීම සිදුකෙරෙනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් දශලක්ෂ 100ක ආධාර ලබාදී තිබෙනවා.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව අද ඇරැඹු ‘නිල්දියවර’ ව්‍යාපෘතිය තව වසර 10ක් ගතවීමට මත්තෙන් දීපව්‍යාප්තව කැණීම් සිදුකරන ආයතනයක් බවට පත්විය හැකි බව මගේ විශ්වාසයයි. අබේගුණසේකර මහතා පවසයි.
නිල්දියවර සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අදහස් පළ කළ ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා අපේ රටේ සංවර්ධනයට කැණීම් අංශයෙන් යෝධ ශක්තියක් විය හැකි ව්‍යාපෘතියක් ලෙස නිල්දියවර හැඳින්විය හැකි බව කීය.
සුනාමියෙන් විනාශ වුණු ධීවර වරායන් 10 න් 09 ක්ම මේ වනවිටත් ප‍්‍රතිසංස්කරණය කොට යළි විවෘත ව ඇති බවත් වාරකන් සමයෙහි මෙම වරායන්වල ගොඩගැසෙන වැලි ඉවත් කිරීම මේ වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
මෙමගින් කැණීම් සිදුකරන වැලි පෞද්ගලික අංශයට විකිණීමෙන් අමතර ආදායම් ඉපයිය හැකි බවත් ඉදිරි කාලයේදී මෙම වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ධීවර අමාත්‍යාංශයෙන් ලැබිය යුතු ශක්තිය ධෛර්යය නොමදව සපයන බවත් ඇමැතිවරයා කීය.
මෙම උත්සවයට ආරාධිතයකු ලෙස එක්වූ ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා මේ රටේ අභිවෘද්ධියට තව තවත් දායක වන්නට ‘නිල්දියවර’ වැඩපිළිවෙළට හැකිවේවා යැයි සුභාශිංසනය කළේය.
මේ කැණීම් යාත‍්‍රා මුහුදට පමණක් නොව කලපුව, මෝය, ඇළ මාර්ග සඳහාද යොදවමින් ගංවතුර තර්ජන වැනි ස්වභාවික විපත්වලින් ජනතාව මුදා ගැනීමට හැකිවේවායිද කීවේය.
‘නිල්දියවර’ - සියලුම ලොකු කුඩා යාත‍්‍රාවලට වරාය තුළට පිවිසීමට පරිහරණය කිරීමට අවශ්‍ය ජල තටාංගණය නිරතුරුවම නඩත්තු කිරීමේ නිවැරැදි දැක්මක් සහිතව ‘ නිල්දියවර’ ව්‍යාපෘතිය තුළින් රටේ සංවර්ධනයට දායකත්වය ලබාදීම ලංකා ධීවර වරාය සංස්ථාවේ පදාර්ථයයි.
ස්තුතිය :- ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් කුෂාන් තිලකරත්න මහතාට
බුද්ධිකා ඉඹුලාන

No comments: