Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

හොල්සිම් එෆ්. ඒ. කුසලාන පාපන්දු සිවිල් ආරක්‍ෂක බළකා පිල පොලිසිය සමඟ අවසන් සටනට

පි‍්‍රන්ස් ගුණසේකර
හොල්සිම් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සිවිල් ආරක්‍ෂක බලකා කණ්ඩායම හා ශී‍්‍ර ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලැබූහ.
අවසන් පූර්ව තරග වලදී සිවිල් ආරක්‍ෂක බලකා පාපන්දු පිල වෙතින් ගෝල් 13 – 12 ක් ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පරාජයට පත්වූ අතර ශී‍්‍ර ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම වෙතින් රත්නම් කී‍්‍රඩා සමාජය ගෝල් 4 – 2 කින් පරාජයට පත් විය.
එෆ්. ඒ. කුසලාන පාපන්දු සූරතාව 2000, 2004 හා 2005 වසරවල දී දිනා සිටි රත්නම් පිලට ශී‍්‍ර ලංකා පොලිස් පාපන්දු කී‍්‍රඩකයෝ ප‍්‍රබල තර්ජනයක් එල්ල කරමින් ජයග‍්‍රහණය වාර්තා කළහ. සී. ආර්. පිටියේ සෙනසුරාදා සවස පැවැති මෙම තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 1 – 1 ක් ලෙස සම මට්ටමකින් නිමා වුණි.
19 වැනි මිනිත්තුවේ දී කසුන් ජයසූරිය රත්නම් පිලට ගෝලයක් එක් කළ අතර 40 වැනි මිනිත්තුවේ දී “ඕන් ගෝලයකින්” පොලිස් පිලට වාසියක් ලැබුණි.
දෙවැනි භාගයේ 54 වැනි හා 67 වැනි මිනිත්තුවල දී රෝහණ ජයවිලාල් ගෝල් එක් කළේ ය. 79 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් නවුෂාඩ් පොලිස් පිලට තවත් ගෝලයක් එක් කිරීමට සමත් විය.
තරගය නිමාවීමට මිනිත්තු දෙකක් පමණ තිබියදී කසුන් ජයසූරිය පරාජයේ පරතරය අඩුකරමින් රත්නම් පිලට ගෝලයක් වාර්තා කළේ ය.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පොලිස් කී‍්‍රඩා සමාජය පසුගිය වසර කිහිපයක දීම අවසන් තරගයට සුදුසුකම් ලැබුව ද එෆ්. ඒ. කුසලානය දිනා ගැනීමට සමත් වූයේ නැත.
සිවිල් ආරක්‍ෂක ගුවන් හමුදාව
මාස කිහිපයකට උඩදී බිහිවුන සිවිල් ආරක්‍ෂක බලකා පාපන්දු කණ්ඩායම පාපන්දු ලෝලීන්ගේ අවධානය තවදුරටත් වැඩිකර ගනිමින් ප‍්‍රබල ගුවන් හමුදාව දඬුවම් පහර මගින් පරාජයට පත් කළේ ය. ප‍්‍රථම භාගය ගෝල් 1 – 1 ක් ලෙස සම මට්ටමකින් නිමා විය.
අනතුරුව නියමිත කාලයේ දී ගෝල් වාර්තා නොවූ හෙයින් දඬුවම් පහර 5 ක් පිරිනැමුණි.
එම පහර දෙපිලම සමව අවසන් කිරීමෙන් තවත් දඬුවම් පහර 5 ක් පිරිනැමී එය ද සමාන විය. නැවැත පිරිනැමුණු දඬුවම් පහරවල දී ඉදිරියෙන් සිටීමට සිවිල් ආරක්‍ෂක බලකා පිල සමත් විය.
සිවිල් ආරක්‍ෂක බලකා පාපන්දු කණ්ඩායම හා පොලිසිය අතර අවසන් මහා තරගය මෙම 13 දා සවස 4.00 ට කොළඹ සී. ආර්. පිටියේ දී පැවැත්වේ.

No comments: