
චන්ද්‍රිකා පෙරේරා ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් සිහි කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදිකළ රණවිරු ස්මාරකය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (06) විවෘත කෙළේය. යාපනයේ අභිනවයෙන් ඉදි කෙරුණු රණවිරු ස්මාරකය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මල් කළඹක් තබා විවෘත කළ අයුරු. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ද මෙහි වෙයි. යුද හමුදාපතිවරයා හා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මුලින් ම රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා උත්තමාචාර දැක්වූහ. අනතුරුව යාපනයේ සියලු සේනාංකාධිපතිවරු, බලසේනාංකාධිපතිවරු, නියෝජ්‍ය පොලිස්පති එස්. යූ. ප‍්‍රනාන්දු හා පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ජානක අමරසිංහ මහත්වරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ. මෙම රණවිරු ස්මාරකය වටා ඇති පුවරුවල රණවිරු අභිමානය පිළිබඳ කවි ලියා අලංකාර කැර තිබේ. රට වෙනුවෙන් දිවිදුන් විරුවන් සදානුස්මරණය කිරීම සඳහා මෙය ඉදිකැර තිබෙන අතර විශේෂයෙන් යාපනය අර්ධද්වීපය තුළ දී සිය දිවි හා ශරීරාංග රට වෙනුවෙන් කැප කළ රණවිරුවන් සිහි කිරීමට මෙය ඉදිකර ඇත. රටේ ඒකීයභාවය සුරැකීමට දිවි පිදූ රණවිරුවන් පිළිබඳ විස්තර ඇතුළත් පොතක් සම්පාදනය කැර ඔවුන් පිළිබඳ අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හා ඔවුන්ගේ විස්තර අනාගත පරපුරට දැනගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව හමුදාපතිවරයා පැවසීය. යුද හමුදාපතිවරයා රණවිරු ස්මාරකය විවෘත කිරීමෙන් අනතුරුව යාපනය ප‍්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ හා ගත යුතු නව උපක‍්‍රම පිළිබඳ ආරක්‍ෂක ප‍්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

No comments:
Post a Comment