Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

ඉතාලියට ද? මේ පාරෙන් එන්න!

යුරෝපයේ ශ‍්‍රම වෙළෙඳපොළ තුළ ඉතාලියේ ශ‍්‍රම වෙළෙඳපොළට ඇත්තේ ඉතා හොඳ ඉල්ලුමකි. ලොව විවිධ රටවලින් පැමිණි ශ‍්‍රමිකයන් ලක්‍ෂ ගණනක් ඉතාලිය තුළ රැකියාවන්හි නිතරව සිටී.
ඒ අතරින් ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන්ට හිමිවන්නේ අති විශේෂ ස්ථානයකි. ඒ හේතුව නිසාම ශී‍්‍ර ලංකාවෙන් ඉතාලියට යාමට උත්සාහ දරන්නන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී.
ඒ අතරින් නීත්‍යානුකූූල හා නීත්‍යානුකූූල නොවන මට්ටමෙන් ඉතාලියට ඇතුළුවන්නන් කොටස් දෙකකින් යුක්තය.
මීට වසර 10 කට පමණ පෙර ශී‍්‍ර ලංකාවෙන් ඉතාලියට බොහෝ පිරිස් පැමිණ ඇත්තේ නීත්‍යානුකූල නොවන මාර්ග වලිනි.විශේෂයෙන්ම බෝට්ටු මාර්ගයෙන් හා වෙනත් යාබද රටවලට පැමිණ දේශසීමා හරහා හොර පාරෙන්ය.
එහෙත් වර්තමානය වන විට එම මාර්ගවලින් පැමිණීම ඉතාලි හා යුරෝපා රටවල බලධාරීන් විසින් අවහිර කොට ඇත. එහෙත් ඉතාලිය පුරා නිත්‍යානුකූල නොවන ශ‍්‍රමිකයන් ලක්‍ෂ ගණනක් සිටින බව එරට මෑතක දී කරන ලද ශ‍්‍රමික පරීක්‍ෂණයක දී හෙළිව තිබේ.
එමෙන්ම ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ත‍්‍රස්තවාදී උවදුරට එරෙහිව ද ඉතාලි රජය කඩිනම් පියවර ගනිමින් සිටී. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් පිළිබඳ යුරෝපය පුරාත් වෙනත් බටහිර රටවලත්, දැඩි විරෝධතා මතුවීම නිසා ඉතාලිය පුරාත් එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කොට තිබේ.
ඉතාලියේ නව අගමැතිවරයා ලෙස සිල්වියා බලස්කෝනි මහතාගේ පත්වීමත් සමඟම එරට ශ‍්‍රමික නීති රීතිවල විශාල වෙනසක් සිදුවෙමින් පවතී.
විශේෂයෙන්ම නීති විරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයන්ට එරෙහිව ඉතාලි පොලිසිය මේ දිනවල පුළුල් මෙහෙයුම් ආරම්භභ කොට ඇත. ඉතාලියේ රෝම නගරයේත් මිලානෝ නගරයේත් හා සිසිලි දූපත් වලත් මෙහෙයුම් දැඩි කොට තිබේ.
මෙහිදී ඔවුන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ නීති විරෝධී ශ‍්‍රමිකයන් හා නීති විරෝධී කි‍්‍රයාවන්වල යෙදෙන්නන් ය. ඉතාලිය පුර විසිරී සිටින නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිටින බොහෝ ශී‍්‍ර ලාංකිකයින් තම ජීවනෝපාය උදෙසා රැකියාවන්හි නිරතව සාමකාමී දිවි පෙවෙතක් ගෙවමින් සිටී.
එහෙත් ඇතැම් පිරිස් තමන්ට නීත්‍යානුකූල ලියකියවිලි පවා නොමැතිව සමාජ විරෝධී කි‍්‍රයාවන්වල පවා නිරත වේ. මේ හේතුවෙන් නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොව ලෙස තම ජීවනෝපාය සාමකාමීව පවත්වාගෙන යන අපේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන්ට පවා දැඩි දුෂ්කරතාවන්ට ලක්වීමට සිදුව ඇත.
මාර්ග සෝදිසි මෙහෙයුම්වල දී තම අනන්‍යතාව හා නිසි ලියවිලි ඔප්පු කරගත නොහැකි බොහෝ පිරිස් පොලිස් අත්අඩංගුවට පත්වීමේ ප‍්‍රවණතාවන් ද ඉස්මතුවෙමින් පවතී.
එසේ තම නීත්‍යානුකූූලභාවය ඔප්පු කරගත නොහැකි ශ‍්‍රමිකයන්ට ඇතැම් විට පොලිස් අත්අඩංගුවට පත්වීමට පවා සිදුවන අතර දින 15 ක කල්දීමකින් පසු යළිත් ඔවුනට ඔවුන්ගේ මව් රටට පිටත් කර එවීමට කටයුතු කෙරේ.
ඉතාලි රජය මෙවර සංක‍්‍රමික නීති දැඩි කොට ඇති අතර ප‍්‍රධාන මාර්ගවල බස්නැවතුම්පොළවල හා විශේෂයෙන්ම ප‍්‍රධාන දුම්රිය ස්ථානවල ද සෝදිසි මෙහෙයුම් පුළුල් කොට තිබේ.
රට පුරා හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත් කොට ඇත. ඉතාලියේ පොලිසි 3 ක් කි‍්‍රයාත්මක වේ. එනම් ප‍්‍රාදේශීය පොලිස් නිලධාරීන් නීතිය අකුරටම ඉටු කරමින් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටින අයුරු හැම නගරයකම දක්නට හැක.
ඉතාලි රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වලින් ද වත්මන් හදිසි තත්ත්වය පිළිබඳව විටින් විට දැනුම් දීම් කරනු ලබයි. මෙම් හේතුවෙන් මේ දිනවල ඉතාලිය පුරා සිටින ශ‍්‍රමිකයන් දැඩි භීතියකට හා අපහසුතාවන්ට පත්ව සිටී.
විශේෂයෙන්ම අපේ ශී‍්‍ර ලාංකිකයන්ට ද මෙමගින් දැඩි අපහසුතාවන්ට ලක්වීමට සිදුව ඇත. ඉතාලි ආරක්‍ෂක බලධාරීන් සමඟ මෙම මෙහෙයුම් බහුලව සිදු කෙරෙනුයේ නීති විරෝධී කි‍්‍රයාවන්වල නිරත වන සංක‍්‍රමිකයන් හා කිසිදු අනන්‍යතාවක් ඔප්පුකරගත නොහැකි ශ‍්‍රමිකයන් අත්අඩංගුවට ගැනීමටය.
එමෙන්ම නිවාසවල හෝ වෙළෙඳ ස්ථානවල සේවය කරන ශ‍්‍රමිකයන් අදාළ භාරකරුවන් ඔවුනගේ සේවය පිළිබඳව සහතික වන්නේ නම් ඔවුනට යම් නීතිමය රැකවරණයක් ඇති බවත් ඉතාලි ආරක්‍ෂක බලධාරීහු අවධාරණය කරති.
ඉතාලි අගමැති සිල්වියා බලස්කෝනි මහතාගේ නව සංක‍්‍රමික නීති රීති පිළිබඳව අදාළ රටවල තානාපතිවරුන් හා බලධාරීන් අගමැතිවරයාට හා එරට රජයට ඉල්ලීම් කළහොත් තම රටවල ශ‍්‍රමිකයන් හට යම් සහනදායි පියවරවල් ගත හැකි බව ඉතාලියේ ශ‍්‍රමිකයන් පිළිබඳ කටයුතු කරන ආයතන පෙන්වා දෙයි.
අපේ ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ඉතාලියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයත් දැනටමත් ඒ සඳහා යම් කාර්යයන් සිදුකරමින් සිටීම පැසසිය යුතු කරුණකි.
ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් ඉතාමත් සාමකාමී හා සුහදශීලි මෙන්ම නීතිගරුක බව ද එරට ආරක්ෂක බලධාරීහු අවධාරණය කරති.
එහෙත් ඉතාලියට සංක‍්‍රමණය වී සිටින රුමේනියාව, බංගලිදේශය, වැනි රටවල බහුතරයක් ශ‍්‍රමිකයන් හා නීග්‍රෝ ජාතිකයන්ගේ නීති විරෝධී හා නොපනත් කි‍්‍රයා හේතුවෙන් නව සංක‍්‍රමණික නීති දැඩි කොට ඇතැයිද ඉතාලි ආරක්ෂක බලධාරීන් කියා සිටී.
කෙසේ නමුත් ඉතාලියේ ඇතිවී ඇති වත්මන් තත්ත්වයට එහි සේවාවන්හි යෙදී ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් යොමුකරන හා පවුල් ලක්‍ෂ ගණනක් ආරක්ෂා කරන ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් අපේ වත්මන් ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේ ඉතාලි ශී‍්‍ර ලාංකිකයෝ හදපිරි බලාපොරොත්තු තබා සිටිති.
අපේ ජනාධිපතිතුමාට ඉතාලි රජය එහි බලධාරීන් මෙන්ම විශේෂයෙන්ම වතිකානුවෙන් ඇත්තේ දැඩි ප‍්‍රසාදයකි. ශුද්ධෝත්තම පාප්තුමා ද ශී‍්‍ර ලංකාව කෙරෙහි හා ජනාධිපතිතුමා හා අපේ රටේ ජනතාව කෙරෙහි ද දැඩි ගෞරවයක් හා ප‍්‍රසාදයක් දක්වන බව එරට බලධාරීන් හා ඉතාලි ජාතිකයන් සමඟ සාකච්ඡා කිරීමේ දී මනාව ඔප්පු වේ.
මේ සියලු කරුණු කාරණා නිසා තවමත් නීත්‍යානුකූල භාවය හිමිව නොමැති දහස් සංඛ්‍යාත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් වත්මන් ශී‍්‍ර ලාංකික ආණ්ඩුව ඉතාලි රජය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට ඔවුනට යම් සහනදායි පියවරක් ලබා දෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවෙන් සියී.
එමෙන්ම ශී‍්‍ර ලංකාවෙන් ඉතාලියට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අපේ සහෝදර සහෝදරියන්ට ද යමක් කිව යුතුය. එනම් තමන් ඉතාලියට එන්නේ නම් එය නීත්‍යානුකූල භාවයකින් යුතුවම පැමිණෙන ලෙසයි.
ඇතැම් කූඨ සංක‍්‍රමණික වෙළෙඳුන්ට ලක්‍ෂ ගණනින් මුදල් කැප කොට කෙටිකාලීන වීසා බලපත් මගින් ඉතාලියට පැමිණ මෙහි රැකියා ලබාගැනීමටත් නිදහසේ ජීවත් වීමටත් නොහැකි බව අවධාරණය කළ යුතුමය.
නර්මදා රණසිංහඉතාලියේ සිට

No comments: