Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, September 4, 2008

අනුරුද්ධ පොල්ගම්පොළගේ කි‍්‍රයාව මන්තී‍්‍රවරයකුට නොගැළපෙන්නක් - ජවිපෙ දේශපාලන මණ්ඩලය

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්තී‍්‍ර අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ කි‍්‍රයාකාරීත්වය මහජන නියෝජිතයකුට තරම් නොවන, නොගැළපෙන එකක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය මෙසේය.
ජනමාධ්‍ය වාර්තා කළ සිද්ධි පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කළයුතු බවට ඒකමතිකව තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒ පරීක්ෂණ කටයුතු සඳහා මධ්‍යම කාරක සභිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට කටයුතු කෙළේය.
අනුරුද්ධ පොල්ගම්පොළ සහෝදරයා කිසිදු අයුරකින් මහජන මුදල් වංචා කර ඇති බවක් හෝ නාස්ති කර ඇති බවක් ඒ පරීක්ෂණයේදී තහවුරු නොවීය.
කෙසේ වුවද, මෙම සිද්ධියේදී අනුරුද්ධ පොල්ගම්පොළ සහෝදරයාගේ කි‍්‍රයාකාරීත්වය මහජන නියෝජිතයකුට තරම් නොවන, නොගැලපෙන එකකි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයකුට එම කි‍්‍රයාකාරීත්වය කිසි ලෙසකින්වත් නොගැළපෙන්නකි.
පරීක්ෂණ කමිටුවේ වාර්තාව සැලකිල්ලට ලක් කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය, ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතවරුන් සෙසු සියලුම පක්ෂවලට අයත් මහජන නියෝජිතයන්ට ආදර්ශයක් විය යුතුව තිබියදී ඊට පටහැනි ලෙස, තරම් නොවන සේ, කටයුතු කළ අනුරුද්ධ පොල්ගම්පොළ සහෝදරයාට සිය මන්තී‍්‍ර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස උපදෙස් දුන්නේය.
ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වඩාත්ම සදාචාර සම්පන්න පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගත්තා වූ මේ පියවර සෙසු පක්ෂවලටද ඒවායේ නායකත්වයන්ට ද ආදර්ශයක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

No comments: