දයා පෙරේරා, ස්වර්ණා විජේකෝන්
ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අහෝසි වී ද නැද්ද යන්න පිළිබඳ තීරණය සභාවට අද (21 දා) දැනුම් දෙන බව කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) දැනුම් දුන්නේ ය.
කථානායකවරයා සභාවට එසේ දැනුම් දුන්නේ එ.ජා.ප. ය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ සඳහන් නොවීම සම්බන්ධයෙන් එම මන්තී‍්‍රවරුන් ඊයේ පෙරවරුවේ විමසූ අවස්ථාවේදී ය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Showing posts with label politics. Show all posts

Wednesday, January 21, 2009
Monday, January 19, 2009
ජවිපෙ නායකත්වය ගැන කළකිරී මන්තී‍්‍ර සරත් විජේසිංහ ආණ්ඩුවට එක්වෙයි
ජයසිරි මුණසිංහ
ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් කණ්ඩායම් උප නායක හිටපු පළාත් සභා මන්තී‍්‍ර සරත් විජේසිංහ මහතා මාතලේ නාවුල මහජන කී‍්‍රඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති මහජන රැලියේ දී රජය සමඟ එක්විය.
ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින් එළඹෙන මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී රජයට සහයෝගය දීම සඳහා විජේසිංහ මහතා තීරණය කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය පිළිබඳ කළකිරීමෙනි.
විජේසිංහ මහතා පසුගිය කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ ප‍්‍රාදේශීය නායකයෙකි. ඒ මහතා මධ්‍යම පළාත් සභාව සඳහා මෙවර ද තරග කරයි.

Monday, December 22, 2008
වයඹට-මධ්‍යමට අපේක්ෂකයන් රැසක්
වෙල්ලස්සේ බණ්ඩාර
වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වී ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් එස්. එච්. ආරියසේන මහතා පැවැසීය.
පසුගිය 17 දින සිට 20 දින දක්වා මේ පළාත් සභා දෙක සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කරනු ලැබූ නාමයෝජනා මණ්ඩල දෙකක් විසින් මෙම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජන කළ බවද පාලක ලේකම්වරයා සඳහන් කෙළේය.
වයඹ පළාත් සභාව සඳහා වැඩිපුර අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටි බවද පැවැසූ පාලක ලේකම් ආරියසේන මහතා ලබන 24 දින වනවිට අපේක්ෂක ලැයිස්තු සකස් කැර අවසන් කරන බවද කීවේය.

එජාප වයඹ මහ ඇමැති අපේක්ෂකයා නම් කිරීම ලබන සතියේ
නිරූෂි විමලවීර
එක්සත් ජාතික පක්ෂයේ වයඹ මහ ඇමැති අපේක්ෂකයා ලබන සතියේ නම් කරන බව, එජාප සභාපති කුරුණෑගල දිසා මන්තී‍්‍ර ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා කීය.
වයඹ එජාප මහ ඇමැති අපේක්ෂකයා ලෙස කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් නම් කිරීමට පක්ෂයේ අවධානය යොමුවී ඇතැයිද ඒ මහතා කීය.
වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා ලබා ගැනීමට අයදුම් කළ අපේක්ෂකයන්ට මේ මස 22, 23 දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකර සුදුස්සන් තෝරාපත් කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා එජාප නාමයෝජනා පත‍්‍රවල සියයට අනූවක වැඩ අවසන් බව කී සභාපතිවරයා, ඒ සඳහා අපේක්ෂකයන් දහසක පිරිසක් නාම යෝජනා ඉල්ලා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර තිබූ බවද පැවැසීය.
මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස එස්. බී. දිසානායක මහතාගේ නම දැනටමත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

Wednesday, December 17, 2008
එස්. බී. ගේ පෙත්සම විභාගයට අවසර
නෙල්කා මැදගෙදර
ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 2ක සිර දඬුවම් නියමව සිටි එස්. බී. දිසානායක මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් මැතිවරණ කොමසාරිස් වරයා විසින් නිකුත් කර ඇති ලිපිය කි‍්‍රයාත්මක වීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.
මැතිවරණ කොමසාරිස් වරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය පැනවීය.
පෙත්සම විභාග කර අවසන් වන තෙක් මේ අතුරු තහනම් නියෝගය බල පැවැත් වේ. පෙත්සම් විභාගය 2009 අපේර්ල් මස 01 වැනිදා ඇරැඹීමට නියම කැරිණි.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ විරාජ් දයාරත්න මහතා කියා සිටියේ එස්. බී. දිසානායක මහතා දඬුවම් ලැබිය හැකි වරදක් කැර ඇති බවය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 105 (3) වගන්තිය අනුව අධිකරණයට අපහාස කිරිම වෙනුවෙන් දඬුවම් කිරීමේ සීමාවක් දක්වා නැතැයි හෙතෙම කීය. ඒ අනුව ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමට නුසුදුස්සකු වන බවය.
මෙහිදී විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කෙළේ දිසානායක මහතාගේ මන්තී‍්‍රධූරය අහෝසි කිරීමට, අදාළ සිර දඬුවම හේතුවක් බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කිසිදු අවස්ථාවක සඳහන් කැර නොමැති බවය.
මාස 1ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම ඊට හේතුව නොවේදැයි ප‍්‍රශ්න කළ අවස්ථාවේ රජයේ නීතීඥවරයා එය පිළිගත්තේය. කෙසේ වුවද 2005 වසරේ සිට දිසානායක මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙහි ලියාපදිංචි කැර නොමැති අතර ඒ අවස්ථාවේදී එය ඔහු අභියෝගයට ලක්කර නැතැයි රජයේ නීතිඥවරයා කීය.
නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා එස්. බී. දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

Thursday, December 4, 2008
ව්‍යවස්ථා සංශෝධනය නොකළහොත් ජී.එස්.පී.+ නොලැබේවි- විපක්ෂ නායක
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක නොකළහොත් ජී.එස්.පී + පහසුකම් නොලැබී යනු ඇතැයි විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ (03) ප‍්‍රකාශ කෙළේය.
එම ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වේ. නිදහසින් පසු අස්සන් කරනු ලැබූ අන්තර්ජාතික ගිවිසුම් බොහොමයක නෙතික භාවය සහ ඒවායේ කි‍්‍රයාත්මක වීම පිළිබඳ බොහෝ ප‍්‍රශ්නයන් මෙයින් මතුවී ඇත.
එසේම අන්තර්ජාතික කම්කරු සංවිධානයේ(ධ්ඹ්ර්‍ණ) ප‍්‍රඥප්තිය අනුව අවශ්‍ය සෑම අවස්ථාවකදීම එහි අඩංගු ප‍්‍රඥප්තීන්වලට නෙතික බලපෑම දීම සඳහා සියලුම සාමාජික රටවල් බැඳී සිටිය යුතුය. මෙවැනිම විධිවිධාන වෙනත් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම්වල අඩංගුවී තිබේ. මෙයින් අදහස් වනුයේ දැනට පවතින ජාත්‍යන්තර ගිවිසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනත් බොහොමයක් සම්මත කිරීමට තිබෙන බවයි.
මේ පනත් සම්මත කිරීමට අපොහොසත් වීම යුරෝපා සංගමය සමග ගනුදෙනු කිරීමේදී ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. මෙහිදී(ට්ඉර්‍ථ+) රෙගුලාසි අනුවඑයින් පහසුකම් ලබන සියලුම රටවල් යහපාලනය සහ සංවර්ධනයට අදාළ අන්තර්ජාතික සම්මුතීන් සම්මත කර ඒවා කි‍්‍රයාත්මක කළ යුතුයි. 2004 දී පළමු වරට අප ට්ඉර්‍ථ+ පහසුකම් සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ විට මේ සම්මුතීන් අප විසින් සම්මත කර කි‍්‍රයාත්මක කළ බවක් සඳහන් කරන ලදී.
එහෙත් 2006 දී “සිංහරාස නඩුව“ නෙතික තත්ත්වය වෙනස් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සම්මුති 27ක් කි‍්‍රයාත්මක කිරීම සඳහා අප වෙත වූ වගකීම අප විසින් පැහැර හැර ඇත. 2009 වර්ෂය සඳහා ට්ඉර්‍ථ+ පහසුකම් ලබාගැනීමට මෙය ප‍්‍රධාන බාධකයක් වී ඇත.
මේ ගැටලු දෙක නිරාකරණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා ඉදිරිපත් කරන ලදී. මේ සංශෝධනවල අඩංගුවිය යුතු මූලික සිද්ධාන්ත පහත සඳහන් වේ.
පවතින නීති හා ගැළපෙන මේ දක්වා රජය විසින් අස්සන් කරන ලද සියලුම ජාත්‍යන්තර ගිවිසුම් වහාම කි‍්‍රයාත්මක වීම. අනාගතයේදී රජය විසින් සම්මත කරනු ලබන අන්තර්ජාතික ගිවිසුම් කිසිවක් වේ නම් එය පවත්නා නීති වලට අනුකූලවන්නේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ වහාම කි‍්‍රයාත්මක කළ යුතුය.
රජය විසින් සම්මත කරන ලද යම්කිසි අන්තර්ජාතික ගිවිසුමක් පවතින නීති හා ගැටෙන වගන්ති අඩංගු වේ නම් පවතින නීති සංශෝධනය කිරීමෙන් පසු ඒවා කි‍්‍රයාත්මක විය යුතුය.
පවතින නීති රජය විසින් අස්සන් කරනු ලබන ජාත්‍යන්තර ගිවිසුම් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමාණවත් නොවන අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් පසු එම ගිවිසුම් කි‍්‍රයාත්මක කළ යුතුය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය ට්ඉර්‍ථ+ පහසුකම් රඳවා ගැනීම සඳහා අපට ආධාරකයක් වනු ඇත. එසේ නොවුනහොත් ට්ඉර්‍ථ+ පහසුකම අපට නොලැබී යනු ඇතිවා පමණක් නොව විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි වනු ඇත.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් අවුරුදු 3 ක කාල සීමාවක් සඳහා සෑම අවුරුද්දකටම රුපියල් කෝටි 2100ක් නිමි ඇඳුම් කර්මාන්තයට පමණක් ලබාදෙන බව රජය විසින් ප‍්‍රකාශ කර ඇත.
එහෙත් 2009 විසර්ජන පනත් කෙටුම්පතට මේ මුදල රජය විසින් අඩංගු කර නොමැත. අයවැය යෝජනා වලින් පසුව රජයේ සංශෝධනය කළ ආදායම රුපියල් කෝටි 3000 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
වැට් බදු 2%කින් වැඩි නොකර රජයට 2009 වර්ෂයේදී මෙම මුදල ලබාගැනීමට හැකි වන්නේද යන්න පිළිබඳව සැකයක් මතුවෙයි.අප සමග සාකච්ඡා කරන්නේවත් නැතිව එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනා ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණකි.
2008 නොවැම්බර් මස 17 වැනි දින මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළ අගමැතිතුමා අප වෙත චෝදනාවක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සංශෝධන වලට එකඟ වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ වලට එරෙහිව විදේශ රටකට අභියාචනා ඉදිරිපත් කිරීමේ බලය ලැබෙන බැවින් පෙර පැවති “ප‍්‍රිවී කවුන්සිලයට” සමාන වරප‍්‍රසාද ලබාදීමට නොහැකි බවයි. එවැනි සංශෝධනයක් ම විසින් යෝජනා කර නැත.
“ප‍්‍රිවී කවුන්සිලය” යටත් විජිතයක් වශයෙන් අපේ ඉහළම අභියාචනාධිකරණය වූ අතර නිදහස ලැබීමෙන් පසුද ස්වාධීන රාජ්‍යයක් වශයෙන් එය අපේ ඉහළම අභියාචනාධිකරණය විය.
උසාවි ආඥා පනත අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ මූලික අධිකරණයන් “ප‍්‍රිවී කවුන්සිලයේ” තීන්දු කි‍්‍රයාත්මක කිරීමට බැඳී සිටි.

ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව එකඟ නැහැ - අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
ඇඟලුම් කර්මාන්තය සඳහා ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට විපක්‍ෂ නායකයා යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාත්මක කළ හොත් ශ‍්‍රී ලංකාවේ ජනරජ ස්වභාවය නැති වී ස්වෙරීත්වයට හානියක් සිදුවන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප‍්‍රකාශ කෙළේය.
විපක්‍ෂනායකයා යෝජනා කරන කිසිම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට රජය එකඟවන්නේ් නැතැයි ද අගමැතිවරයා අවධාරණය කෙළේය.
එම ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක කළ හොත් ශ‍්‍රී ලංකාවේ ස්වෙරීත්වය අන්තර් ජාතික නීතිය හමුවේ හෑල්ලුවට ලක්විය හැකි අතර පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ උත්තුංගභාවයට හානියක් විය හැකි යැයි ද අගමැතිවරයා පැවැසීය. අගමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙරවරුවේ සිදුකළ විශේෂ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
ශ‍්‍රී ලංකාව වෙනත් බලවේගයකට අවනත කර ගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ කිසිම මන්තී‍්‍රවරයකු කැමති වේ යැයි තමා නොසිතන බව ද අගමැතිවරයා පැවැසීය.
අගමැතිවරයා මෙසේද ප‍්‍රකාශ කෙළේය.
ශ‍්‍රී ලංකාවේ නීතිය හා අන්තර්ජාතික නීතිය අතර පවතින සම්බන්ධතාවය ගැන මට උපදෙස් ලැබී තිබෙනවා. නල්ලරත්නම් සිංහරාසා නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ හා අන්තර්ජාතික නීතියේ ස්වභාවයේ වෙනසක් සිදු වන්නේ නැහැ.
අප රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හා මේ සභාව අනුගමනය කරන නෙතික තීන්දු අනුව අන්තර් ජාතික නීතිය හා ශ‍්‍රී ලංකා නීතිය අතර දෙවැදෑරුම් ක‍්‍රමයක් පවතිනවා. අන්තර් ජාතික ප‍්‍රඥප්ති ශ‍්‍රී ලංකා නීතියට අනුගත කරන විට දේශීය වශයෙන් එහි ගුණ අගුණ සොයා සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට බාර දෙනවා.
අපි අන්තර්ජාතික ගිවිසුම් අස්සන් කළ පසු එය අප රටේ නීතියට ස්වයංකී‍්‍රයව අනුගත වෙනවා.
විපක්‍ෂ නායකවරයා සඳහන් කරන ආකාරයේ කිසිදු ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නැහැ.
ශ‍්‍රී ලංකාවේ නීතිය නිර්වචනය කරන විට අන්තර් ජාතික නීතිය පිළිගන්නා රටක් වශයෙන්, නීතිය නිර්වචනය කිරීමේ අයිතිය අධිකරණයට තිබෙනවා.
මෝනිස් ක‍්‍රමය පවතින රටවල් කිහිපයක් තිබෙනවා. එවැනි ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ කිසි විටෙක අනුගමනය කර නැහැ.
ජී. එස්. පී. + බදු සහනය ලබාදීමේ දී යුරෝපා කොමිසම ජාත්‍යන්තර ප‍්‍රඥප්ති විසිහතක් ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුගත වී ඇත්දැයි සොයා තීන්දු කරනු ඇති.
ඔවුන් සිවිල් හා දේශපාලන අයිතිය පිළිබඳ ප‍්‍රඥප්තිය, හිංසනයට එරෙහි ප‍්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය යන ප‍්‍රඥප්ති කි‍්‍රයාත්මක වීම ගැන යුරෝපා කොමිසම උනන්දුවකින් කි‍්‍රයා කරනවා. ඒවා අප හොඳින් කි‍්‍රයාත්මක කරනවාදැයි බලනවා.
විපක්‍ෂ නායකවරයා කියන ආකාරයේ සංශෝධනයක් කරන්නැයි යුරෝපා කොමිසම අපට කියා නැහැ. ඉහත ප‍්‍රඥප්ති නිසි පරිදි කි‍්‍රයාත්මක වෙනවාදැයි බැලීමටයි, කියා ඇත්තේ.
බදු සහනය ලබාදීමට ය‍්‍රුරෝපා කොමිසමට විමර්ශනයක් සඳහා ඉඩ නොදෙන බව අප කියා තිබෙනවා. එසේ ඉඩ දුන්නා නම් එය ස්වෙරී රටක් වශයෙන් අපේ රටේ ගරුත්වයට හානියක්.
විපක්‍ෂ නායකවරයා කියා සිටින ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළ හැක්කේ නම් අපේ රට ද්විත්ව නෙතික ක‍්‍රමය පවතින රටක සිට මෝනිස් ක‍්‍රමය පවතින රටක් බවට පත්වෙනවා. එය සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා.
අන්තර් ජාතික නෙතික ගුණධර්ම අනුව ප‍්‍රඥප්තියක් අස්සන් කළ වහාම එය දේශීය නීතියට අනුගත වී ජාතික නීතියක් බවට පත්වෙනවා.
අපේ රටේ නීතියට අනිසි ලෙස ඇඟිලි ගැසීම මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. සංශෝධනය කළ විට අපේ රටේ ජනරජ ස්වභාවය නැති වී ස්වෙරීත්වය නැති රටක් බවට පත්වීමට පුළුවන්.

Wednesday, December 3, 2008
උප්පැන්න-විවාහ-මරණ වැනි ඕනෑම සහතිකයක් විනාඩි 5 කින් ගත හැකි ක‍්‍රමයක් සකස් කරනවා - ඇමැති කරු ජයසූරිය
උප්පැන්න සහතිකයක් වැනි අවශ්‍ය සහතිකයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප‍්‍රකාශ කළේය.
අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
පළාත් පාලන හා පළාත් සභා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිලිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අරඹමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා (එ. ජා. ප.)
රාජ්‍ය සේවයේ වැටුප් විසමතාව ඉතා බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ කඩා වැටීමක් වෙලා.
නිරූපමා රාජපක්ෂ මහත්මිය මූලාසනයට පැමිණියාය.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඉතාම මන්දගාමීවයි සිදු වන්නේ. අයදුම්පත් යොමු කර මාස ගණනාවක් බලා සිටීමට සිදු වෙනවා. වර්තමානයේ හැඳුනුම්පතේ ඇති වටිනාකම සලකා මේ කාර්යය කාර්යක්ෂම කරන්න.
ග‍්‍රාම සේවා නිලධාරීන්ගේ කටයුතු ඉතා මන්දගාමීවයි සිදු වන්නේ. ඡන්ද නාම ලේඛන තවම දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත යොමු කරලා නැහැ. සමහර විට කොට්ඨාස දෙකක වැඩ කිරීමට ග‍්‍රාම සේවක නිලධාරීන්ට සිදු වීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇති එහෙත් මේවාට විසැඳුම් අවශ්‍යයි.
සෑම රජයේ සේවකයකුම මාසිකව රුපියල් දහසක මුදලක් අර්ථ සාධක අරමුදලේ තැන්පත් කරනවා. මේ අර්ථ සාධක මුදලින් සියයට 60 ක් නිවාසයක් සකස් කර ගැනීම හදිසි අසනීපයකට ප‍්‍රතිකාර ගැනීම වැනි දේකට ලබා දෙන්න. රාජ්‍ය සේවක නිවාස ණය රු. 250,000 දක්වා අඩුකරලා. එය ප‍්‍රමාණවත් නැහැ.
රාජ්‍ය සේවක ස්ථාන මාරුවීම් අවුල් ජාලයක් බවට පත් වෙලා. ක‍්‍රමවත් ස්ථානමාරු වැඩපිළිවෙලක් සකසන්න. එකම තැන දීර්ඝ කාලයක් සිටිය නොහැකි ක‍්‍රමයක් සකස් කිරීම වඩාත් හොඳයි. නීත්‍යානුකූල නොවන ආකාරයට පත්වීම් දීමෙන් වළකින්න.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලනය තුළ අප විසින් කිසියම් පරිවර්තන කි‍්‍රයාවලියක් සිදු කරමින් සිටිමු. යහ පාලනය පිළිබඳ විශ්වාසයකින් යුතුව අප විසින් මේ කටයුතු ඇරඹුවෙමු.
මේ කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් මේ රට තුළ සාමය ස්ථාපිත විය යුතුයි. ඒ කාර්යයෙහිලා දිවි පරදුවට තබා කැපවී සිටින වීරෝදාර ආරක්ෂක හමුදාවන්ට අපගේ ප‍්‍රශංසනාත්මක ස්තුතිය පුද කරමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය තුළ ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් හිමි වෙනවා. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය තුළද අප මේ ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශ අතර පැවති පරතරය අඩු කිරීමට කටයුතු ආරම්භ කළා. ග‍්‍රාමීය ජනතා ප‍්‍රශ්න විසඳීමට පසුගිය කාල සීමාව තුළ ජනතා සත්කාර සේවා වැඩසටහන් 12 ක් පැවැත්වුවා.
මේ ජනතා සත්කාර වැඩසටහනකට ගැටලු 20,000 ක් පමණ ඉදිරිපත් වූ අතර ඒවායෙන් 75 % කට පමණ ඒ අවස්ථාවේදීම විසඳුම් ලබා දුන්නා. මන්නාරම, වව්නියාව වැනි ප‍්‍රදේශවලටද මේ ජනතා සත්කාර සේවාව ගෙන යෑමට සැලසුම් කොට තිබේ.
සෑම රාජ්‍ය ආයතනයකටම මහජන සේවා ප‍්‍රඥප්තියක් හඳුන්වා දී තිබේ. යල් පැන ගිය මහජන සේවා ක‍්‍රම වෙනුවට වඩාත් ක‍්‍රමවත් හා යහපත් මහජන සේවාවක් ඇරඹීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. නිදසුනක් ලෙස ‘යන’ ‘එන’ ලිපි ක‍්‍රමය ඉවත් කොට ඒ වෙනුවට කාර්යක්ෂම ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ජාතික තොරතුරු කාර්යාංශය අපට ලබා දෙන සහයෝගය අති විශිෂ්ඨයි. නිලධාරීන් නිතරම කොළඹට කැඳවීම වැළැක්වීමට දුරකතන ජාල පද්ධතියක් ස්ථාපිත කොට ඇත.
සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට ද මේ ක‍්‍රමවේදය ඉවහල් කර ගනී. උප්පැන්න සහතිකයක් වැනි දෙයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලයකින් ලබා ගැනීමේ ක‍්‍රමයක් සකස් කෙරෙමින් තිබෙනවා. සහතික පත‍්‍රවල නිරවද්‍යතාව තාක්ෂණික ක‍්‍රමවේදයකින් සහතික කර ගැනීමේ ක‍්‍රමයක් ද සකසනවා.
2008 දී 4089 දෙනකුට නව පත්වීම් අප අමාත්‍යාංශය මගින් ලබා දුන්නා. නියමිත රජයේ බඳවා ගැනීම් පටිපාටියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කළා. රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සහාය ඇතිව වැඩපිළිවෙළක් සකස් කළා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩාර මහතා ජ. වි. පෙ.
ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු අමාත්‍යාංශයට ඕනෑ පරිදි පිරෙව්වා. පරිපාලන සේවයේ උසස්වීම් දීලා නැහැ. පරිපාලන සේවයේ 11 පන්තියට බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය අඩු පාඩු සහිතයි.
රාජ්‍ය සේවයේ රුපියල් 1000 ක් වැඩි කළා කීවාට හරියටම වැඩි වුණේ රුපියල් 675 /- ක් පමණයි. වැඩ කරන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වැඩිපුර ප‍්‍රතිපාදන ලබා දෙන්න.
පළාත් පාලන හා පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ අමාත්‍යාංශය සුවිශේෂ කි‍්‍රයාමාර්ගයක් ඉටු කරනවා.
පළාත් සභා නවයක් හා පළාත් පාලන ආයතන 330 ක් සමග අප කටයුතු කරනවා. ඒවායේ මහජන නියෝජිතයන් ගණන හාරදහසක් වෙනවා. පළාත් සභා සියල්ල රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මේ හැම ආයතනයක් සෑම අංශයකින්ම සවි බල ගැන්වීම අමාත්‍යාංශයට පැවැරී තිබෙනවා.
රට සංවර්ධනයේ වැඩි වැඩ කොටසක දායකත්වය පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට පැවැරෙනවා. මහින්ද චින්තනයෙහි ඇතුළත් ප‍්‍රධාන සේවා අමාත්‍යාංශයට ආලෝකයක්.
ග‍්‍රාම කේන්ද්‍රිය වැඩ පිළිවෙලේදී වැඩි බරක් දැරුවේ පළාත් පාලන ආයතනයි. පළාත් පාලන කොමිසන් නිර්මාණය කර තිබෙනවා පළාත් පාලන ආයතන වලට පුරවැසි ප‍්‍රඥප්තියේ කෙටුම්පත ජනතාව ලබාදී තිබෙනවා.
පළාත් පාලන ක‍්‍රමය අනුව මැතිවරණයකදී ගෑණියි මිනිහයි ඉල්ලුවත් වාර්තා වෙනවා. පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සංශෝධන සඳහා පනතක් අද ඉදිරිපත් කළා.
පළාත් පාලන ආයතන රැසක් පසුගාමීයි. ඒ හැම පළාත් පාලන ආයතනයක්ම නගා සිටුවීමට මුදල් සැපයිය නොහැකියි. පළාත් පාලනයට නව මංපෙත් සොයා යෑමට තීන්දු ගෙන තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට අවශ්‍ය ප‍්‍රතිපාදන සොයා ගැනීමට සිදුවී තිබෙනවා. ආයතන රාශියක සහයෝගය අප ලබා ගත්තා. ගම නැගුම හා මග නැගුම යටතේ උතුරුමැද හා ඌවේ නව යෝජනා කි‍්‍රයාත්මකයි.
වන්නි දිස්ති‍්‍රක් මන්ති‍්‍ර සුරේෂ් පේර්මචන්ද්ර මහතා (දෙ. ජා. සං.) ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම මගින් ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සභා ඇති කළා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අක්මීමණ දයාරතන හිමි (ජා. හෙ.උ) රාජ්‍ය පරිපාලනය නිසියාකාරව විමධ්‍යගත වීමක් දක්නට ලැබෙන්නෙ නෑ. කොළඹ නගරය බරපතළ ලෙස ජනාකීර්ණය වෙලා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි.පෙ) 6/2006 චක‍්‍රලේඛය අනුව වැටුප් විසමතාවක් පැන නැගී තිබෙනවා. විශ‍්‍රාමිකයින්ගෙ ගැටළුව බරපතළ ගැටළුවක් විශ‍්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අට දෙනෙක් දවසකට මිය යනවා.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා එ.ජා.ප. නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ හා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද ඉදිරිපත් කරනවා.
හාලි ඇල ප‍්‍රදේශයේ පවතින ඇටම්පිටිය වෙනම ප‍්‍රාදේශීය සභාවක් බවට පත් කරන්න. ඒ වගේම හපුතලේ කොස්ලන්දත් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජිනදාස කිතුලෙගොඩ (ජ.වි.පෙ) මේ රටේ පළාත් සභා ක‍්‍රමය ජනතාව ඉල්ලා සිටි එකක් නොවෙයි. මෙය රට මත බලෙන් පැටවූවක්. එදා මධ්‍යම රජයෙන් සිදුකළ කාර්ය පළාත් සභාවලට පවරා තිබෙනවා. අද මධ්‍යම රජයක් හා පළාත් සභාවක් කි‍්‍රයාත්මක වෙනවා. අද වෙනකොට සමහර පළාත් සභා මධ්‍යම රජයෙන් යැපෙන තැනට පත්වෙලා. පළාත් සභා ක‍්‍රමය රටේ ආර්ථික දේහයට බරවා කකුලක්.
ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පළාත් සභා ක‍්‍රමය හරහා විශාල වැඩකොටසක් ඉටුකරනවා.
කිතුලෙගොඩ මහතා කොහොම වුනත් පළාත් සභා ක‍්‍රමය සාර්ථක නැහැ.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප) ප‍්‍රාදේශීය සභාවලින් පාලනය වන මාර්ගවලින් ගන්න දෙයක් නැහැ. වලපනේ ප‍්‍රාදේශීය සභාවේ මාර්ග හොඳම උදාහරණයක්. පළාත් පාලන ආයතනවල සේවය වඩාත් විනිවිද, භාවයෙන් සිදු විය යුතුයි.
ගාල්ල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා (එ.ජා.ප)
දාහත්වන ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක නොවීම රාජ්‍ය පරිපාලන ක‍්‍රමයේ ගැටළු රැසක් ඇති වීමට හේතු වෙලා. ස්වදේශ කටයුතු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කොළඹ කැප්පෙටිපොල මාවතේ තට්ටු 13කින් යුත් රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.
වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (03) උදේ 9.30ට රැස් වේ.

පළාත් පාලන කෙටුම්පත් දෙකක් මැතිසබයට
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (02) ඉදිරිපත් කෙළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වන අතර පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

Tuesday, December 2, 2008
අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් මෙහි පිහිටුවීමට අවශ්‍යතාවක් නෑ- ඇමැති මහින්ද සමරසිංහ
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව අයවැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක් වෙමිනි.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (01) පෙරවරු 9.30 ට රැස්විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසල ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
නැවත පදිංචි කිරීම් ආපදා සහන සේවා සහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ (01) සාකච්ඡාවට ගැනුණි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එජාප) - මේ අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපා හැරීමට යෝජනා කරනවා.
එදා අප මේ ඇමැති ධූරයේ කටයුතු කරද්දී අවතැන් වූවන් පිළිබඳ නිරත්තර අවධානයෙන් සිටියා. විදේශයන්හි අවතැන් වන පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනීමට තානාපති කාර්යාල දැනුවත් කර තිබුණා.
උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමට එම ප‍්‍රදේශවල ආයතන පිහිටුවා තිබුණා. අන්තර්ජාතික සහාය ලබාගෙන මේ කටයුතු සිදුකළා. නැවත පදිංචි කිරීමේ කටයුතු ද විධිමත් අයුරින් සිදු කළා. ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එම ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම ඇරැඹුවේ අපියි.
දේශපාලන සරණාගතයන් වශයෙන් මිලියනයක පමණ ජනතාවක් ලොවපුරා විවිධ රටවල සිටිනවා. මෙයින් ලක්ෂ දෙකක් පමණ සිටින්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තමිල්නාඩුවේ සිටින මේ ද්‍රවිඩ සරණාගතයන්ට සහන සැලසීමට අපටත් හැකි වුණා.
මුලතිව්, වවුනියා ප‍්‍රදේශවල අද විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. මේ දිනවල ඒ ප‍්‍රදේශයේ කාලගුණ තත්ත්වය නිසා ඔවුන් තවත් අසරණ වෙලා. ඔවුන්ට සහන සැලසීම රජයේ වගකීමක්. රටේ මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් විපක්ෂයේ සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කතා කළා. අද මමත් කතා කරන්නේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන්.
නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා - අපගේ අමාත්‍යංශය, අවතැන් වූවන් වෙනුවෙන් කටයුතු කරනවා. එමෙන්ම අමීර් අලි ඇමැතිවරයා යටතේ ආපදා සහන සේවාවන් ඉටු කෙරෙනවා.
මේ කි‍්‍රයාවලිය පැය 24 පුරාම සිදුකෙරෙනවා. ඒ වගේම මඩකළපුවේ පවුල් 35510 කට අයත් එක්ලක්ෂ විසිපන්දහසක් නැවත පදිංචි කළා. ති‍්‍රකුණාමලයේ පවුල් 25000 කට අයත් හැත්තෑපන්දහසකට අධික පිරිසක් පදිංචි කළා.
මන්නාරම ප‍්‍රදේශයේ අවතැන් වූ ජනතාවත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම අවතැන් වූවන් සිටින කඳවුරුවලට අවශ්‍ය මූලික පහසුකම් මෙන්ම ඒ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සෞඛ්‍ය , අධ්‍යාපනය ආදිය කෙරෙහිත් වැඩි අවධානයක් අපි යොමු කර තිබෙනවා.
විශේෂයෙන් ම උතුරෙන් පළවා හැරි මුස්ලිම් පවුල් 20000 ක් වෙනුවෙන් පුත්තලමේ වෙන ම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා.
(රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.)
ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි හා ණය ලබාදීමත් නැවත පදිංචි ලේකම් කාර්යාලය හරහා සිදුවෙනවා. මෙම ලේකම් කාර්යාලය 2002 දී ආරම්භ වුණා. අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ මූලික පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම මේ ප‍්‍රජාව සංවර්ධනය සඳහාත් දායක කර ගන්නවා.
එමෙන්ම අවතැන් වූවන් වෙනුවෙන් පුත්තලමේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34 ක ණය මුදල් ලැබී තිබෙනවා.
අවතැන් වූ හාරලක්ෂ පහළොස් දහසකට අධික ජනතාවකට වියළි ආහාර පසුගිය දිනවල ලබාදුන්නා ඒ වෙනුවෙන් මිලියන 1300 ක් වෙන්කර තිබෙනවා.
මම සුළු නියෝජිතයෙක්. අපගේ මුස්ලිම් ජනතාව ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. යුද්ධයකින් අවසානයේදී ඉතිරිවන දෙයක් නෑ. නමුත් පවතින තත්ත්වය නිසා අකමැත්තෙන් වුවත් රජය යුද්ධයකට අවතීරණය වී සිටිනවා.
යුද්ධයෙන් අවතැන් වන හෝ මියයන අත්පා අහිමි වන සියලු දෙනා අපගේ රටවැසියන්. ඒ නිසා මේ කුරිරු යුද්ධයකට විරාමයක් තැබිය යුතුයි. ඒ නිසා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් කරා අප සැවොම එක්විය යුතුයි. ඒ වෙනුවෙන් සුළු ජාතිකයෙක් ලෙස සියලු දෙනාගෙන් සහාය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
මේ ජනවාර්ගික ගැටලුව විසැඳීමට අප සැවොම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය විය යුතුයි. සියලු දෙනා බෙදී වෙන් වී නොසිට එක්විය යුතුයි. ඇතැම් අය විසින් සිංහල හා දෙමළ ජනතාව අතර සදාකාලික වෙරයක් ඇති කිරීමට උත්සාහ දරනවා. සමහරු මේවායින් වාසි ගන්නට උත්සාහ කරනවා.
ඉස්ලාමිය ජනතාව සෑම මොහොතක ම සාමය අපේක්ෂා කළ යුතුයි. ඉතිහාසයේ සිට ඒ බව දක්නට ලැබෙනවා. අපේ මුස්ලිම් මුතුන් මිත්තන් දෙමළ සිංහල කාන්තාවන් සමඟ පවා විවාහ වී සිටිනවා. නමුත් මෙවැනි ඉතිහාසයක් ගැන නොදන්නා ඇතැම් අය වෙනත් මත ප‍්‍රචලිත කිරීමට දරන උත්සාහයන් හෙළා දැකිය යුතුයි.
මේ රටේ ඉතිහාසය ගැන හරියාකාරවම කතා කරනවා නම් මේ රටේ අයිතිය හිමිවන්නේ මහියංගනයේ ආදිවාසීන්ට. එහෙම නැතිව මේ රටේ අයිතිය ඔබටවත් මටවත් නෙවෙයි හිමිවන්නේ. උතුරේ ජීවත් වූ මුස්ලිම් ප‍්‍රජාව පළවා හැරී වෙලාවේ ඔවුන්ට අත දුන්නේ මේ රටේ දකුණේ සිංහල ජනතාවයි. පුත්තලම හා කුරුණෑගල ප‍්‍රදේශවල මේ ජනකොටස් පදිංචි කරවීමට හැකිවුණා. විශේෂයෙන් ම එහෙම උදවු කළ සිංහල ප‍්‍රජාවට අපගේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි.
ඒ වගේම මේ රටේ ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබුණ වහාම ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් සමඟම ඔවුන් ජීවත් වූ බිම්වලම පදිංචි කරවීම අපගේ අරමුණයි.
මුස්ලිම් ජන සමාජය, මුස්ලිම් ප‍්‍රජාව ගැන වැරැදි මත ඇති කරන්නට හදන දේශපාලකයන් දෙස අපගේ ජනතාව බලන්නේ දැඩි පිළිකුලෙන්. අන්තර්ජාතිකව කි‍්‍රයාත්මක වන ත‍්‍රස්තවාදය අද ලෝකයටම ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදය අවසන් කළයුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා (දෙජාසං) - මෙරට නිදහස් අරගලයේදී දෙමළ, මුස්ලිම් ජනකොටස් එක්ව කටයුතු කළා. අතීතයේ සිට දෙමළ ජනතාව සතු ස්වයං තීරණ අයිතිය අහිමිකර තිබෙනවා. ඒ නිසයි මේ අර්බුදය මෙතෙක් දුර පැමිණියේ.
ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා - සම්බන්දන් මහතාගේ සමහර කරුණු ගැන මා එකඟ නැහැ. මෙය මානව දයාවෙන් කටයුතු කරන අමාත්‍යංශයක්. ජනවාර්ගික තත්ත්වයෙන් ඔබ්බට ගොස් මානව දයාවෙන් අමාත්‍යාංශය ප‍්‍රශස්ත සේවයක් ඉටුකළා.
විශේෂයෙන් නැඟෙනහිර මුදාගත් අවස්ථාවේ ඒ මිනිසුන් මුහුණ දී සිටි තත්ත්වය දැකගත්තා. අමාත්‍යංශය ඉතා සුහදශීලීව කටයුතු කරනවා. මානව හිතවාදීව උනන්දුවෙන් කි‍්‍රයා කරනවා. උතුරේ ගංවතුරෙන් පීඩා වූ ජනතාවට උපරිම සේවය කරනවා. යාපනය කලාපයේ පිරිසක් පීඩාවට පත්වූ අතර නවයක් මියගියා.
(එස්. කනකසබේ මහතා මුලසුනට පැමිණියේය.)
අමීර් අලි මහතා - ප‍්‍රථම අදියර වශයෙන් සහන සඳහා රුපියල් කෝටියක මුදලක් දිසාපතිට යැව්වා. නොවැම්බර් හා දෙසැම්බර් රටපුරා ආපදා සිදුවන මාස ලෙස සළකා මුදල් වෙන්කර තබනවා.
මුතුර්හි මුස්ලිම්වරුන්ගේ ඝාතන ගැන කවුරුත් හඬ නැගුවේ නැහැ. උතුරේ මුස්ලිම්වරුන් ලක්ෂයක් එක් රැයකදී පළවා හැරියා. නැඟෙනහිර මායිම් ගැන ගැටලුවේ දී දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන ප‍්‍රශ්න පිළිබඳ ව අවධානය යොමුවිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
නැඟෙනහිර නායකයන් දෙදෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගෙන තිබෙනවා. සම්බන්ධන් මහතා කිව්වා ආපදාවන්ට ලක්වූවන්ට අප වන්දි දෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 146 දෙනෙකුට අප වන්දි ලබාදී තිබෙනවා.
අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් අප වන්දි දීලා තිබෙනවා. යාපනය නගරය අල්ලන්නටත් කලින් අපේ අමාත්‍යංශය අවශ්‍ය පහසුකම් සැලසුවා. අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් ආපදා සහන සේවා කටයුතු ක‍්‍රමවත් ව සිදුවෙනවා.
යුද්ධයකට වඩා සාමය දැකීම අසීරුයි. අද සන්නද්ධ නායකයන් රැසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසී තිබෙනවා. අනෙකුත් සන්නද්ධ පිරිස්වලටද අප කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නා ලෙසයි. සර්ව පාක්ෂික සමුළුවට පැමිණි ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමු. ආයුධ යොදවා ලබාගත හැකි දෙයක් නෑ.
උතුරෙන් පලවා හරින ලද පුද්ගලයන් ලබන වසර ඇතුළත එම දිස්ති‍්‍රක්කයේ පදිංචි කරනවා. අප සියලුදෙනා එක් ව මේ කටයුතු සිදුකරමු. ජනාධිපතිවරයා අපට විශාල ශක්තියක් ලබා දෙනවා.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් කුමාර මහතා (ජ.වි.පෙ.) - මිනිසා ගේ ජීවත්වීමේ අයිතියේ සිට ආහාර, නිවාස, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා මානව හිමිකම් වෙනවා. මේ මානව හිමිකම් සුරැකීම රජයේ වගකීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් ව ඇති මානව හිමිකම් සම්බන්ධ කරුණු පවා අද ආරක්ෂා වෙනවද?
ග‍්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතා - ස්වභාවික ව සිදුවන ආපදා වැළැක්වීමට මොනව රජයකටවත් හැකියාවක් නැහැ. සුනාමියත් ඒ වගේමයි.
එවැනි ආපදා ඇති වූ හැම අවස්ථාවක දී ම රජයක් වශයෙන් මැදිහත් වෙනවා. සුනාමියෙන් ආපදාවට ලක් වූවන්ට තවම සහන සලසා නැතැයි අජිත් කුමාර මන්තී‍්‍රවරයා කිව්වා. එහෙත් එය අසත්‍යයක්. සුනාමියෙන් ආපදාවන්ට ලක්වූවන්ට රජය උපරිම වශයෙන් සහන සැලසුවා. විදේශ ආධාර ඇති ව මේ කටයුතු සිදුකළා.
මා නියෝජනය කරන රත්නපුර දිස්ති‍්‍රක්කයත් නිතර ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශයක්. නිතර නිතර ගංවතුර ගලා ජනතාව පීඩාවට ලක් වෙනවා. මේ සෑම අවස්ථාවකදී ම රජය වශයෙන් මැදිහත්ව ජනතාවට සහන සලසනවා. ගංවතුර නිසා කැඩී බිඳී ගිය පාලම් බෝක්කු පිළිසකර කිරීමටත් කි‍්‍රයා කරනවා.
එදා ජනතාව ගේ හැඳුනුම්පත් එකතු කළ, තරුණයන් ගේ බෙල්ල කපා කඳ සහ බෙල්ල තැන තැන එල්ලූ අයයි අද මානව හිමිකම් ගැන කතා කරන්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීම ගැන අප සතුටු වෙනවා.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප.) - ස්වභාවික විපත්වලින් අවතැන් වූවන් දෙවැනි වන්නේ යුද්ධයෙන් අවතැන් වූවන්ට පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉඳිකිරීම වැනි සංවර්ධන කටයුතු පවා ස්වභාවික විපත්වලට හේතු වෙනවා.
සමූපකාර සංවර්ධන ඇමැති අබ්දුල් මජීඩ් මහතා - 2006 වසරේ දී මුතුර් හි ජනතාව අවතැන් වූ වෙලාවේදී කෙටි කාලයක් තුළ නැවත පදිංචි කිරීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගත්තා. අමීර් අලි සහ රිෂාඩ් බද්දියුදින් යන ඇමැතිවරුන් ගේ සේවාව විධිමත් ලෙස සිදුකරනවා.
යුද්ධය හේතුවෙන් අවතැන් වන ජනතාවට අවශ්‍ය සහන ලබාදී නැවත පදිංචි කිරීම වෙනුවෙන් අදාළ අමාත්‍යංශය පියවර ගන්නවා. ඒ වගේම අවතැන්වන ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදීමත් විධිමත් ව සිදුකරනවා.
1990 දී පමණ අවතැන්වූ කින්නියා ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවුල් දහසකට අධික ප‍්‍රමාණයක් ඉන්නවා. මේ ජනතාවත් ඉක්මනින් පදිංචි කරවීමට පියවර ගත්තා. මේ අයට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමට පියවර ගන්න.
රජයේ සේවකයින් සඳහා වූ වන්දි ලබාදීමත් කි‍්‍රයාත්මක වූයේ මෙම අමාත්‍යාංශය යටතේ. එහෙත් තවමත් වන්දි ලබානොගත් අය ඉන්නවා.
ඒ අයට වන්දි ලබාදීමටත් පියවර ගන්න. ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයේ බොහෝ පාරවල්, පාලම් පසුගිය කාලයේ දී වසා තිබුණා. එහෙත් අද වෙනකොට වසා දමා තිබූ මාර්ග සහ පාලම් විවෘත කර තිබෙනවා. සමහර මාර්ග කාපට් කරලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණාට පසුව නැඟෙනහිර ආශ‍්‍රිත ව විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා.
පත්කළ මන්තී‍්‍ර රවුෆ් හකීම් මහතා (මු.කො.) - ආපදා කළමනාකරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය අතිශය වැදගත්. එහෙත් මේ අමාත්‍යාංශ දෙක සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට සේවාවක් ලබා ගැනීමට යන සාමාන්‍ය ජනතාවට යම් යම් හිරිහැර සිදුවෙන බව වාර්තා වෙනවා.
රිෂාඩ් බදියුදීන් මහතා - එය අමුලීක බොරුවක්. මේ සභාව තුළ අසත්‍ය ප‍්‍රකාශ කරනවා.
හකීම් මහතා - මේ ඇමැතිවරයා තමන් ගේ හිතවතුන්ට වැඩි සැලකීමක් දක්වනවා. මගේ විවේචනවලට පසු ව උත්තර දෙන්න. නැවත පදිංචි කිරීම්වල විධිමත් බවක් තිබිය යුතුයි. මේ ඇමැතිවරුන් දෙදෙනා කඳවුරු ගානේ ඇවිදිනවා. ඇවිදින්නේ සරණාගතයෝ ගැන බලන්න නෙවෙයි.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස.) - කොටි සංවිධානය තම ගැලවුම්කරුවා බවට පත්කර ගෙන ඉන්නේ උතුරේ අහිංසක ජනතාවයි. ඒ ජනතාවට සාමය උදාකරලීම සඳහායි අප ගේ හමුදාවන් මෙහෙයුම් කරන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටට සාමය උදාකරලීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනවා.
අද වෙනකොට කරුණා අම්මාන් වැනි අය පවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විශේෂයෙන් ම අප කොටි සංවිධානයට කියනවා තමන් ගේ ගැලවීම වෙනුවෙන් සිවිල් ජනතාව පවුරක් කරගන්න එපා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජා.නි.පෙ.) - රත්නපුර, කළුතර, කොළඹ, ගම්පහ දිසාවන්ට ගංවතුර එකවගේ බලපෑවා. ඊට හේතු ගැන මා වැඩිදුර කතා කරන්නේ නැහැ. සමහර හේතු ස්වභාවිකයි. සමහර ඒවා මිනිසුන් ඇති කළ දේ නිසා සිදුවෙනවා.
පහත් බිම් ගොඩකිරීම හා පරණ ඇළවේලී ශුද්ධ නොකිරීමෙන් ජලය බැසයාමට යොදා ගන්න බැහැ. අද පෙරට වඩා ප‍්‍රබල පිළියමක් මේ සඳහා කළ යුතුයි. අප පාසල් යන කාලේ මේ අයුරින් පහත් බිම් ගොඩ කළේ නැහැ.
දිගුකාලීන සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා මිනිසුන්ට යම් ප‍්‍රතිලාභ ලැබී ඇති බව ඇත්ත. එහෙත් එයින් ලැබෙන සමස්ත හානිය සංවර්ධනයෙන් ලැබූ ලාභයට වඩා වැඩිවිය හැකියි.
වැඩකට නැති ගුවන් සමාගම් හදන්න කෝටි හය දහස් ගණනක් වැය කරනවාට වඩා වැසි වතුරින් සිදුවන හානිය වළක්වන්න මේ අමාත්‍යාංශයට මුදල් දුන්නානම් ප‍්‍රයෝජනයි. පානදුර මෝදරවිල ගොඩ කිරීමෙන් සිදුවන හානිය පවතින අතර ඒ අවට තවත් පහත් බිම් ගොඩ කැරෙනවා.
අතපසු කිරීම්, උවමනාවෙන් මැදිහත් නොවීම හා හිතවත්කම් නිසා ඕනෑ දෙයකට ඉඩඇරීමෙන් මේ තත්ත්වය ඇති වෙනවා. මානව හිමිකම් කියන්නේ ඉතා පුළුල් වූ විෂයයක්.
මේ රටේ පාලකයන් විටින් විට අඩු වැඩි වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. 1977 එජාප ආණ්ඩුව ඇරඹු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වැඩපිළිවෙළේ උච්චතම අවස්ථාව උදා වූයේ 1988 – 89 කාලයේදී බව අපට මතකයි.
නැවත පදිංචි කරවීමේ ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා - පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කිසිදු අක‍්‍රමිකතාවක් සිදුවී නැහැ. රාවුෆ් හකීම් මහතා සභාව නොමග යැවීම සඳහා වැරැදි කරුණු මේ සභාවට ඉදිරිපත් කළා.
බලපත‍්‍ර නැති අයට නිවාස ලබාදෙන්න බෑ. විධිමත් ආකාරයට මේ කටයුතු සිදුකරන්න බෑ. අපේ පක්ෂයේ අයට විතරක් නිවාස ලබාදෙන බවට බොරු මතයක් ගොඩ නැඟීමට උත්සාහ කරනවා. රාවුෆ් හකීම් මහතා ඇමැති තනතුරේ සිටියදී එක නිවාසයක්වත් ඉදි කෙළේ නෑ. අප ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔහු දැරූ උත්සාහය මම දැඩි සේ හෙළා දකිනවා.
පත්කළ මන්ති‍්‍රනී අංජාන් උම්මා මහත්මිය (ජා.නි.පෙ.) - අපේ රටේ වසර ගණනාවක් තිස්සේ පවතින යුද්ධයෙන් අවතැන් වූවන් විවිධ ප‍්‍රදේශවල ජීවත් වෙනවා. මේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කිරීම ගැන අප සතුටු වෙනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා (එ.ජා.ප.) - මහින්ද සමරසිංහ මහතා අපේ පක්ෂයේ සිටියදී ආපදා කළමනාකරණය සහ මානව හිමිකම් පිළිබඳ කමිටුවක් සකස් කර කටයුතු කළා. එහෙත් පසුව අපේ පක්ෂය ආපදාවට ලක් කරමින් ඔහු ආණ්ඩුවට ගියා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
ජයවික‍්‍රම පෙරේරා මහතා - ආපදාවන්ට ලක්වන අයට වන්දි ගෙවමින් සිටියාට වැඩක් නෑ. අනාගතයේදී මුහුණපෑමට සිදුවන ආපදා වැළැක්වීමට පියවර ගත යුතුයි.
කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - පසුගිය හැට වසරක කාලය තුළ දෙමළ ජනතාව මත විවිධ ප‍්‍රශ්න පටවා තිබුණා. ඒවායින් නිදහස ලබා ගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණා. ප‍්‍රශ්නයේ ඉතිහාසයට වඩා අද තත්ත්වය බැලිය යුතුයි.
ඉන්දීය සම්භවයක් ඇති 28000 ක් පමණ සිටිනවා. ඔවුන්ට මෙරට හෝ ඉන්දියාවේ පුරවැසිකම නැහැ. එදා ලංකාවට පැමිණි ඉන්දීය හමුදාව මෙරට දෙමළ ජාතික කාන්තාවන්ට පවා අතවර කළා.
දෙමළ ජනයා ඝාතනය කළා. අද උද්ඝෝෂණ කරන තමිල්නාඩුවේ නායකයන් එදා ඒවා ගැන කතා කළේ නැහැ. නැඟෙනහිර මුදාගෙන අවතැන් වූවන් නැවත පදිංචි කරවීම අගය කළ යුතුයි.
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා - පරිසර කොමිෂන් සභා ගැන ආර්. සම්බන්ධන් මහතා කීවා. භගවතී මහතාගේ ප‍්‍රධානත්වයෙන් ස්වාධීන විද්වත් කණ්ඩායමක් පැමිණියා. යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද අගෝස්තු 25 වැනිදා පැමිණියා.
එල්.ටී.ටී.ඊ.යට හිස නමන විදේශ නියෝජිතයන්ට හිස නමන්න අප සූදානම් නැහැ. යුරෝපා සංගමයේ වාර්තාව ගැන අපේ මහ කොමසාරිස් එවන ලද වාර්තාව අප සභාගත කරනවා.
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ වාර්තාව, ඉතා ඒක පාර්ශවිය ලෙස එක් පාර්ශ්වයකට බැඳුණු වාර්තාවක්.
එම වාර්තාව ප‍්‍රකාශයට පත්වූ පසු අපේ අමාත්‍යංශය ප‍්‍රතිචාර දැක්වුවා. වන්නි ප‍්‍රදේශයේ ලක්ෂ තුනක් ඇති බව ඔවුන් කීවත් එම ප‍්‍රදේශයේම එතරම් පිරිසක් නැහැ.
ඔක්තෝබරයේ දී වන්නි ප‍්‍රදේශයට ආහාර තොග හයක් යවා තිබෙනවා. ට‍්‍රක් රථ 214 කින් ආහාර තොග යවා තිබෙනවා. රජය දිස්ති‍්‍රක් ලේකම්වරුන් මගින් යවන ලද ආහාර ගැන ඔවුන්ගේ වාර්තාවේ කිසිවක් සඳහන් කර නැහැ.
වන්නි ප‍්‍රදේශයට වෙද්‍ය හා අධ්‍යාපන පහසුකම් රජය සපයන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දැක වාර්තාකර තිබෙනවා. සර්ප විෂ සඳහා අවශ්‍ය බෙහෙත් යවා තිබෙනවා. ගස් යට මිනිසුන් ජීවත් නොවන බව මන්නාරම දිසාපති පැහැදිලිව කීවා.
සත්‍යය විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි පින්තූර හදාගන්න එල්.ටී.ටී.ඊ.යට පුළුවන්. ජාත්‍යනතර මානව හිමිකම් කොමිෂමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කළ යුතු බව අප හිතන්නේ නැහැ.
සාක්කිකරුවන් ආරක්ෂා කර ගැනීම පනත මගේ පනතක් නොවේ. එය අධිකරණ අමාත්‍යාංශයට අයිතියි. ඒ පනත ඉදිරිපත් කළේ විපක්ෂයේ අවශ්‍යතාවටයි. ඒ ගැන පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන්න පුළුවන්.
වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (2) පෙරවරු 9.30 ට යළි රැස් වේ.
හෙජින් ලිපි ලේඛන ආරක්ෂා කරනවා
කතානායක කියයි
ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුමට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාවට සාක්කි වශයෙන් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව කථානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
කථානායකවරයා එසේ ප‍්‍රකාශ කෙළේ හෙජින් ගිවිසුමට අදාළ එම ලිපි ලේඛන විනාශ කිරීමේ තැතක් පවතින හෙයින් ඒවා ආරක්ෂා කරන ලෙස වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනි.
විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශය ගැන අදහස් දැක්වූ සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නම් ඉදිරිපත් කරන ක‍්‍රමයක් ඇති බවත් හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනුකර ඇති බවත් වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් යැයි කියමින් විපක්ෂනායකවරයා කරන ප‍්‍රකාශයට විරෝධය දක්වන බවත් පැවැසීය.
මූල්‍ය පාලනය පිළිබඳව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට බලයක් ඇති බව ඇත්තක් බවත් ලිපි ලේඛන විනාශ කිරීමේ ප‍්‍රයත්නයක් ඇත්නම් ඒවා ආරක්ෂා කරන බවත් කථානායකවරයා ප‍්‍රකාශ කෙළේ ය.
දෙමළ ජනතාව ගේ එකම නියෝජිතයා ලෙස එල්.ටී.ටී.ඊ.යට පැවැතිය නොහැකියි
- විනයාගමූර්ති මුරලිදරන්
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා වශයෙන් එල්. ටී. ටී. ඊයට පැවතිය නොහැකි බව ටී. එම්. වී. පී. පක්‍ෂයේ මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුනා අම්මාන්) පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වාදී ඇතැයි ද ආයුධ බිම තබා ආවොත් සාකච්ඡාවට සූදානම් බවට ජනාධිපතිවරයා පැහැදිලි ව ප‍්‍රකාශ කොට ඇති බව ද පැවසූ ඒ මහතා එල්. ටී. ටී. ඊය මෙයින් ප‍්‍රයෝජන ගත යුතු බව ද කීවේ ය.
ආපදා කළමනාකරණ, මානව හිමිකම්, නැවත පදිංචිකිරීමේ සහ ආපදා සහනසේවා අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ ය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීවේ ය.
වසර ගණනාවක් තිස්සේ අපේ ගම් ප‍්‍රදේශවල අප සතුටින් ජීවත් වුණා. ඉන්පසු උතුරු පළාතෙන් ආරම්භ වූ ආරවුල නැඟෙනහිර පළාතටත් ව්‍යාප්ත වුණා.
ඉන්දීය අගමැති රජිව් ගාන්ධි පවා එල්. ටී. ටී. ඊය ඝාතනය කළා. ඉන් පසු ව තමයි මුළු ලොව ම එල්. ටී. ටී. ඊය ත‍්‍රස්තවාදී සංවිධායක් ලෙස ප‍්‍රකාශ කෙළේ.
දළදා මාලිගාවට පහරදීම වැනි දේවල් නිසා එල්. ටී. ටී. ඊය ලෝකයේ තව තවත් පිරිහීමට ලක්වුණා.
සාම සාකච්ඡා වසර 5ක් තිස්සේ පවත්වාගෙන යමින් ඒ කාලය තුළ ආයුධ රැස් කළ යුතු බවයි ප‍්‍රභාකරන් ගේ අදහස වුණේ. එහෙත් මේ සන්ධීය ආණ්ඩු යෝජනාවට එකඟ වන ලෙස අප ඔහුට කිව්වා. ඔහු ඊට එකඟ වුණේ නෑ.
මේ නිසා තමයි අප එල්. ටී. ටී. ඊ. සංවිධානය අතහැර යෑමට තීරණය කෙළේ. මේ වන විට සංවිධානයේ 16,000ක් පමණ යුද්ධයෙන් මිය ගොස් තිබුණා.
එදා ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනය කළ ප‍්‍රභාකරන් බේරා ගැනීමට තමිල්නාඩුව අද වෙහෙසෙනවා. ඔවුන් මෙය කවදා හරි තේරුම් ගනීවි.
මහින්ද රාජපක්‍ෂ රජය දෙමළ ජනතාව ගෙ ප‍්‍රශ්න තේරුම් ගෙන විසැඳීමට උත්සාහ කරනවා.
අද නැඟෙනහිර පළාත මුදවාගෙන එම පළාත සංවර්ධනය කෙරී තිබෙනවා. වසර 25ක් තිස්සේ යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශයක් එකවර සංවර්ධනය කෙරීම ඉතා අසීරුයි. මෙය වසරක් හෝ දෙකක් තුළ සම්පූර්ණ කිරීමට බැහැ. මේ ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 41,000ක් පමණ නැවත පදිංචි කර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව පලිහක් කරගෙන තමයි එල්. ටී. ටී. ඊය සටන් කරන්නේ. මේ ප‍්‍රදේශ සංවර්ධනය කළ යුත්තේ එම ජනතාව මුදා ගැනීමෙන් පසුවයි.
නැඟෙනහිර ප‍්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම මාවිල්ආරු සොරොව්ව බේරා ගැනීමේ මෙහෙයුමෙන් ඇරැඹුවා. එහි දී එල්. ටී. ටී. ඊ. ය පරාජිත ව පසුබැස්සා.
අද එල්. ටී. ටී. ඊය යුද්ධයෙන් පරාජය වෙමින් සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වා දී තිබෙනවා.
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා ලෙස එල්. ටී. ටී. ඊයට පැවැතිය නොහැකියි. එල්. ටී. ටී. ඊය මේ බව තේරුම් ගත යුතුයි.
කොටි නායකයා ගේ දරුවන් මේ යුද්ධයේ නෑ. ඔවුන් විදේශ රටවලට යවා දුප්පත් පවුල්වල දරුවන් තමයි යුද්ධයට යොදවා තිබෙන්නේ.
අපේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මේ ආණ්ඩුවේ සියලු ඇමැතිවරුන් මැදිහත් වී සිටිනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, ධීවර ආදී සියලු අංශ දියුණු කිරීමට අදාළ ඇමැතිවරුන් වැඩ කටයුතු අරඹා තිබෙනවා.

Friday, November 28, 2008
ආගම පෝෂණය කරන්නට ඕනෑ ම රජය බැඳී සිටිනවා. -ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන මහතා (එ.ජා.ප.)
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
ගම පොහොසත් කර නගරයට ඇදී එන ජනගහනය සීමා කරමින් නාගරික ජනාවාස ප‍්‍රශ්නයට මුහුණ දීමට රජය සැලසුම් සකස් කොට ඇතැයි නාගරික හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවැසීය.
මේ වන විට සියයට 30ක් පමණ වන නාගරික ජනගහනය වර්ෂ 2015 වනවිට සියයට 50 දක්වා ඉහළ යනු ඇතැයි ද පැවසූ ඇමැතිවරයා මේ නාගරීකරණ ප‍්‍රශ්නයට මුහුණ දීමට දැන් සිට ම සූදානම් විය යුතු බව ද කීවේ ය. අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසී ය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (27) පෙරවරු 9.30ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (2009 අයවැය ) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිම්න්තුව කාරක සභාව වශයෙන් රැස්විය. නාගරික හා පූජාභූමි සංවර්ධන , නිවාස හා පොදු පහසුකම් , ජල සම්පාදන හා ජලපවාහන යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාද ඊයේ (27) පැවැත්විණි. මෙම වැය ශිර්ෂවලින් රුපියල් 10ක් කපා හැරීමට යෝජනා කරමින් කතා කළ
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සජිත් පේර්මදාස මහතා (එ.ජා.ප) - නිවාස ඉදි කිරීමේ ඇති වැදගත්කම අපි හැම දෙනා ම තේරුම් ගත යුතුයි. ආහාර ඇඳුම් සහ නිවාස කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය දේවල්.
නිවාස හා පොදු පහසුකම් ඇමතිනි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය - අපේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රටේ නිවාස ප‍්‍රශ්නයට විසැඳුම් සෙවීමේ වැඩ කටයුත්ත ඉදිරියට ගෙන යනවා. ඉදිරියේදී අපි අඩු පොලියට නිවාස ණය ලබා දෙනවා. පසුගිය වසරක කාලය තුළ මේ අංශය දියුණු කිරීමට විශාල වැඩ කොටසක් සිදු කළා.
රේණුකා හේරත් මහත්මිය - පේර්මදාස ජනාධිපතිවරයා ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර පවුල්වලට ලබා දුන් නිවාස ණය කපා හැරියා.
(රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.)
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා. (ජ.වි.පෙ) - ඇමැතිවරුන් හය දෙනකුට අදාළ වැය ශිර්ෂ ලෙස අද විවාද කරනවා. මේ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලට විදේශ ණය විශාල ප‍්‍රමාණයක් ලැබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා - ඔබතුමා වැරැදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ. තොරතුරු දුන්න කෙනාගෙන් නිවැරැදි ව ලබාගන්න. මන්ති‍්‍ර වරප‍්‍රසාදවලට මුවා වී වැරැදි ;තාරතුරු ඉදිරිපත් කරන්න එපා.
නිපුණආරච්චි මහතා - මා ඉදිරිපත් කරන තොරතුරු වැරැදි නම් නිවැරැදි තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්න.
නාගරික සංවර්ධන ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා - ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා ඉදිරිපත් කළ බොහෝ කරුණු අසත්‍ය නිසා මම උත්තර දෙන්න යන්නේ නෑ. මැදකොළඹ ආසනයේ (එකසිය එකොළහ) 111 වත්තට අප ළඟදී ගියා. අතීතයට වඩා අද ජනගහණය වැඩියි. ජනතාව ගේ අවශ්‍යතාවන් වැඩියි.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. පද්මනාදන් මහතා (දෙ.ජා.සං.) -කල්මුණේ නගරය සංවර්ධනයට වාර්තා සකසන විට දෙපාර්ශවයේම උපදෙස් ලබාගන්නැයි ඉල්ලනවා. කලක් නිවාස සංවර්ධන අමාත්‍යංශය රජයක කොඳුනාරටිය වශයෙන් තිබුණා. දැන් එහෙම නැහැ.
ජල සම්පාදන හා ජලාපවහන ඇමැති මහින්ද අමරවීර මහතා - ජලය අසීමිත සම්පතක් යැයි අතීතයේ බොහෝ දෙනා කීවා. නමුත් අද එය සීමිත සම්පතක් වී ඇති අතර ඉල්ලුම වැඩි වී තිබෙනවා. ලොව භූමියෙන් තුනෙන් දෙකක් ජලය වුවත් පානය කළහැක්කේ එයින් දශම 001ක් වැනි ප‍්‍රමාණයක්. අපේ ජලය සංරක්‍ෂණය කළ හොත් ඉන්ධනවලින් ලැබෙනවාට වඩා වැඩි විදේශ විනිමයක් හොයා ගත හැකියි. ජලාශ හා ජල මූලාශ‍්‍ර සංරක්‍ෂණය කළ යුතුයි. ජලය අපවිත‍්‍ර නොකළ යුතුයි. පිරිසිදු ළිදකින් ජලය පානය කරන අයට ජලය ලබාදීම නොව අපිරිසුදු ජලය පාලනය කරන අයට පිරිසුදු පානීය ජලය ලබා දීම අපේ අරමුණයි.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේ ය.)
අමරවීර මහතා - බොහෝ දෙනා අපිරිසුදු ජලය පාවිච්චියෙන් ලෙඩ වෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සාෆික් රාජාබ්දීන් (එ.ජා.ප) - ඇමැතිනියට අප සුබ පතනවා.
ෆේරියල් අෂ්රොප් මහත්මිය - සුළු නඩත්තු කිරීම් එහි ජනතාවට පවරා තිබෙනවා. ඒ නඩත්තු සිදුකර ගන්නැයි ඔවුන්ට කියන්න.
ජාතිය ගොඩනැඟීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා - දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සිටිය දී සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශවලට පානීය ජලය සැපයීම යටතේ කොස්ගොඩ සිට අම්බලන්ගොඩ හික්කඩුව දක්වා පවුල් 34000කට පැය විසිහතරේම ජලය දුන්නා.
රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අචල ජාගොඩ මහතා (ජා.නි. පෙ) - සමහර ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන්වී සෑහෙන කලක් ගතවුණත් කි‍්‍රයාත්මක නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට හෙට රට ගොඩ නැගීමේ විශාල වැඩ පැවැරී තිබෙනවා.
පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට පැමිණියහ. මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අබ්දුල් කාදර් මහතා (එ.ජා.ප) - පේර්මදාස ජනාධිපතිවරයා නිවාස සංවර්ධන අංශයට කළ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉන් පසු පැමිණි රජයන් අසමත් වුණා.
මාර්ගස්ථ මගී ප‍්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා - අපේ රටේ ඉතා වැදගත් කාර්ය භාරයක් මේ අමාත්‍යංශ තුන මඟින් සිදු වනවා. පසුගිය වසරේ ප‍්‍රධාන නගර 3ක් සංවර්ධනය කිරීමේ කටයුතු ඇරැඹුවා. මේ යටතේ කඩවත නගරය අපේ රටේ දෙවැනි අගනගරය බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. සිරිල් මහතා (දෙ.ජ.ස) - සංවර්ධනය කියන සංකල්පය අපේ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වන්නේ නෑ.
ජල සම්පාදන හා ජලපවහන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා - මේ රටේ සියලු දෙනාට ම පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීමට අප කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයා මේ අමාත්‍යංශය පිහිටවූයේ ජනතාව ගේ මේ අවශ්‍යතාව ඉටු කිරීමටයි.
අද ලෝකයේ දැවැන්ත අර්ථික අර්බුදක් ඇති වී තිබෙනවා. සියලු භාණ්ඩ හා සේවා ගාස්තු වැඩි වී තිබෙනවා. එහෙත් අපි මේ රටේ ජල ගාස්තු සතයක්වත් වැඩි කෙළේ නැහැ.
ජනතාවගේ පිට වැඩි බරක් නොදමන්නැයි ජනාධිපතිවරයා අපගෙන් ඉල්ලීමක් කළා. පසුගිය ආණ්ඩු කාලයේදී අවස්ථා කිහිපයක දී ජල ගාස්තු වැඩි කළා. එහෙත් අපි එසේ කෙළේ නැහැ.
නව ජල සම්පාදන ව්‍යාපෘති රැසක් පසුගිය වසරේ කි‍්‍රයාත්මක කළා. ලබුගම - කලටුවාව ජල සම්පාදන ව්‍යාපෘතිය සංවර්ධනය කළා. ජල ඒකකයකට අපිට රුපියල් 34ක් පමණ වැය වෙනවා.
එහෙත් අපි දෙන්නේ රුපියල් 22කටයි. පිරිසිදු ජලය ලීටරයක් බෝතලයක් රුපියල් 40ක් පමණ වෙනවා.
නිවාස හා පොදු පහසුකම් ඇමැති ගීතාංජන ගුණර්ධන මහතා - රණසිංහ පේර්මදාස ජනාධිපතිවරයා නිවාස දස ලක්‍ෂයේ වැඩසටහන සම්පූර්ණ කළ බව ඇඟවීමට සජිත් පේර්මදාස මහතා උත්සාහ කළා. එහෙත් අප මේ සංඛ්‍යාලේඛන පරීක්‍ෂා කළ පසු පෙනී ගියේ නිවාස 7,18024ක් පමණක් මේ වැඩපිළිවෙල යටතේ ඉඳි කර ඇති බවයි. ඔහුට වැරැදි සංඛ්‍යා ලේඛන ලබා දී ඇති බවක් තමයි පෙනී යන්නේ. පසුගිය කාල සීමාවේ අපි නිවාස 450000ක් පමණ ඉදි කළා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන මහතා (එ.ජා.ප.) - ආගම පෝෂණය කරන්නට ඕනෑ ම රජය බැඳී සිටිනවා. ඒ නිසා සෑම කෙනෙකුගේ ම ගෞරවයට පාත‍්‍ර වූ සිරිපාදය පූජා නගරයක් බවට පත්කර අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න.
නාගරික සංවර්ධන හා පූජා භූමි ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - අපේ ජනගහනයෙන් 30% ක් නාගරික ප‍්‍රදේශවල ජීවත්වෙනවා. 2015 වනවිට මෙය 50% දක්වා වැඩි වේවා. මහින්ද චින්තනය මඟින් ද ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.
නාගරික ව සිදුවන ඉදිරි සැලසුම් මත රටක සංවර්ධනය සිදුවෙනවා. නැඟෙනහිර පළාතේ හා යාපනයේ තෝරාගත් ප‍්‍රදේශ ගණනාවක් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ගම පොහොසත් කර නගරයට එන ජනගහණය සීමාකර නාගරික ජනාවාස ප‍්‍රශ්නය විසඳනවා.
ජෝශප් මයිකල් පෙරේරා මහතා - වේලාව පසුවී තිබෙනවා. හවස්වරුව මොකද කරන්නේ. ඒකට වෙලාව වෙන්කර ගන්නේ කොහොමද?
දිනේෂ් ගුණවර්ධන මහතා - මුල්ම වැරැද්ද කෙළේ පේ‍්‍රමදාස මහතා, විපක්ෂයේ කථිකයා වැඩි වෙලාවක් ගත්තා. පේ‍්‍රමදාස මහතා ගේ හොඳ දේවල් සහ කතාව රසවත් නිසා කවුරුත් කතාවට බාධා කෙළේ නෑ.
මර්වින් සිල්වා මහතා - අපේ ප‍්‍රධාන සංවිධායකතුමාට කවුද බාධා කරන්නේ.
දිනේෂ් ගුණවර්ධන මහතා - හම්බන්තොට නගරය විසල් ලෙස දියුණු වෙනවා. ගුවන්තොටුපොළ, වරාය, විසල් නගරය, දුම්රියපොළ මේ ආකාරයට සංවර්ධනය වෙනවා. මේවා නොදැක චෝදනා කරන්න එපා. හම්බන්තොට නව නගර වැඩ කටයුතු ඉදිරි වසරේ දී අවසන් වෙනවා.
කොළඹ නගරයෙන් ජයවර්ධනපුර නගරයට සියලු ම රජයේ පරිපාලන කටයුතුª ගෙන එනවා. ඇමැතිවරයා ලෙස අවබෝධයෙන් යුතුවයි මම කටයුතු කරන්නේ.
වැය ශීර්ෂ සම්මත විය.
ජනතාව එක මතයකට, එක තැනකට කවුරුන් හෝ ගෙන ආ යුතුයි
ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා
ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය හැමදාම පසුපසට ගියේ පවත්නා ආණ්ඩු ගන්නා මත එයට එක්කිරීමට නොයාම නිසයි. එක් එක් මාධ්‍ය නොයෙක් දෘෂ්ටි කෝණයෙන් බැලුවා. එහෙත් අද ඒ පිළිබඳව මාධ්‍යය එක් තැනකට මතයකට ගේන්න හැකිවුණා. අද කිලිනොච්චිය ආසන්නයටම ආරක්ෂක හමුදා පැමිණ තිබෙනවා. ඉන්දියාවේ සිදුවු දේ දුටුවාද? රජයක් හෝ කවුරුන් හෝ ජනතාව එක තැනකට මතයකට ගෙනා යුතුයැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (එ.ජා.ප.) - අමාත්‍යංශයේ මූලධන වියදම්වලින් රුපියල් 10 ක මුදලක් කපා හැරීමට යෝජනා කරනවා. රාජ්‍ය මාධ්‍ය චේතිය රජු ගේ පාලන කාලයේ දී කි‍්‍රයා කළ ආකාරයටයි කටයුතු කරන්නේ.
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මූලාසනයට පැමිණියේය.)
කරුණාතිලක මහතා - බලයට ඒමට පෙර ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරන අයට බලයට පත් වුණාට පසු මේ බව අමතක වෙනවා.
මර්වින් සිල්වා මහතා - මේ හැම දෙයක්ම තමුන්නාන්සේලාගේ කාලයේ දී සිදුවුණා.
කරුණාතිලක මහතා - විද්‍යුත් මාධ්‍යයන්ට එරෙහිව ගෙන ආ නව රෙගුලාසි කොහොමද? මාධ්‍ය සංවිධාන 11 ක් මේවාට එරෙහි ව උසාවි ගොස් තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය නිර්දේශ පාලනීකරණය කරන බව මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වුණා.
මාධ්‍යවේදීන් සඳහා සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ ක‍්‍රමයක් යෝජනා වී තිබෙනවා. මේ සඳහා මාධ්‍යවේදීන්ගෙන් යම් දායක මුදලක් අය කිරීමට යනවා. මේ මාධ්‍යවේදීන් ගේ දායක විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්නය විසඳන්න.
එදා පොදු සේවාවන් රැසක් සිදුකළ ලේක්හවුස් ආයතනයේ අද එම පොදු සේවාවන් සිදුවන්නේ නැහැ. සේවකයන් 700 ක් ස්වේච්ඡාවෙන් විශ‍්‍රාම යැවීමට කි‍්‍රයා කළා. ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා නිර්මාණශීලී මාධ්‍යවේදියෙක්. ස්වර්ණවාහිනියේ ‘මුල් පිටුව’ නිර්මාණශීලී පුවත්පත් සිරස්තල වැඩසටහන ඇරැඹුවේ ඔහු. මේ නිර්මාණශීලී මාධ්‍යවේදියාම තමයි අද ලේක්හවුස් මුල්පුටුව හොබවන්නේ.
ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ රජයේ හොරණෑව බවට පත්වෙලා. විපක්ෂය සම්පූර්ණයෙන් කපලා දාලා. ස්වාධීන රූපවාහිනිය නමට පමණයි ස්වාධීන.
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගේ විවේචන හා ප‍්‍රකාශ අප හොඳින් සවන් දුන්නා. මුද්‍රණ සංස්ථාව මෙතෙක් කිසි ම දේශපාලන පෝස්ටරයක් ගහලා නැහැ. අධ්‍යාපනයට කලට වෙලාවට පෙළපොත් මුද්‍රණය කර දෙන ආයතනයක් බවට පත්වී තිබෙනවා.
හමුදා ආරක්ෂක නීතිරීතිවලට මාධ්‍ය පාලනය හසුවෙලා යැයි ඔහු කීවා. එදා ඉමිතියාස් බාකිර්මාකර් මාධ්‍ය ඇමැතිවරයාටත් මාධ්‍ය නිදහස තිබුණාද කියා ඔහුගෙන් අහන්න.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍ය නිදහස එකම කාසියක දෙපැත්ත වගෙයි. රටේ දශක තුනක් තිස්සේ යුද්ධයක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තිබෙනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදීන්ට අප මුහුණ දෙනවා. එවැනි අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස රැක ගැනීමට සිදුවෙනවා විය හැකියි. ප‍්‍රශ්න ඇති වූ අය අතරින් මාධ්‍යවේදීන් 14 දෙනෙක් පමණයි පැමිණිලිකර තිබෙන්නේ. සමහරුන්ට සාක්කි දෙන්න කවුරුත් නැහැ. ජංගම දුරකථන තර්ජන ගැන එම දුරකථන කුලුනු මඟින් හොයනවා. නිවාස දුරකථනවලට තිබූ තර්ජන ගැනත් හොයනවා.
ජනාධිපතිවරයා ගේ පවුලට, සහෝදරයන් ගැන පිටු ගණන් ලියන්න අද නිදහස තිබෙනවා. මේවාගේ වකවානුවක අප රජයක් හැටියට කි‍්‍රයා කළා.
ලක්හඬ හා ස්වාධීන රූපවාහිනිය මිලියන 875 ක ආදායමක් ලබා තිබෙනවා. සභාපතිවරයා රාතී‍්‍ර දහය වනතුරු ආයතනයේ ඉන්නවා. ඔහු ආයතනය දියුණුවට පත්කළ හැටි බලන්න. මහජනතාව රටේ ආයතන ප‍්‍රතික්ෂේප කර තිබෙනවාද බලන්න. මෙහි ප‍්‍රවෘත්ති රේට්න්ජස් අතර පළමු තැනට පත්වෙලා. ඒ වගේම නාට්‍ය පළමු තැන අරගත්තා. සියයට 34 නරඹන බවට වාර්තා තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය ළඟදීම දෙමළ රූපවාහිනි නාලිකාවක් පටන් ගන්නවා.
විධ රජයන් යටතේ සේවකයන් බඳවා ගත්තා. මේ ආයතනයේ උවමනාවට වඩා සේවකයන් ඉන්නවා. අයින් කරන්න බැහැ. ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන් අයින් නොකර සන්තෝෂයෙන් යැවීමට ක‍්‍රම හදන්න ඕනෑ. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන කටයුතු කිරීමට ලේක්හවුසියට පුළුවන් වුණා.
ගයන්ත මන්තී‍්‍රතුමා කියූ ආකාරයට කන්ටේනර් වලින් පාඩු වී නැහැ. මේ තොරතුරු දෙන්නෙ සමහර වෘත්තීය සමිතියි. සමහර වෘත්තීය සමිති, සභාපතිතුමා ටිකක් තදින් හිටියාම බලන්නෙ පාර්ලිමේන්තුවට කියන්නයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - ජනතාවට ඇත්ත දැනගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමටයි මාධ්‍යය තිබෙන්නෙ. මාධ්‍යවේදීන්ට තමන් දකින දේ ලිවීමට කීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම මාධ්‍ය නිදහසයි.
අනුර යාපා මහතා - ඔබ කියන කරුණ සත්‍ය නෙවෙයි. අදාළ ලියකියවිලි නොමැති වීම නිසා යම් ගැටලුවක් තිබෙනවා.
හඳුන්නෙත්ති මහතා - ජාතික රූපවාහිනිය කියන්නේ රටට තොරතුරු හෙළි කළ යුතු ආයතනයක්. චැනල් අයි නේත‍්‍රා යටතේ පාලනය වෙනවා.
අනුර යාපා මහතා - ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අය ගැන සොයන්නට කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අය වෙනුවෙන් අපි කටයුතු කරනවා.
හඳුන්නෙත්ති මහතා - පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ගැටලු රැසකට මුහුණ දෙනවා. පාර්ලිමේන්තුවේ හඬ රටට ගෙන යන්නෙ ඒ අය. ඒ අය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් බව සඳහන් හැඳුනුම් පතක් ලබා දෙන්න.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා - ගයන්තගේ කතාව වටා පදනම් වුණේ ද්වේෂය. රිචඩ් සොයිසා මැරුවේ එජාප කාලේ. යූනුස්ගේ කට කැපුවේ එජාප කාලේ. නිළියකට අපහාස කළා කියලා මාධ්‍යවේදියෙකුට පහර දුන්නේ එජාප කාලේ. ඒ වගේම හැම රජයක් කාලෙම මාධ්‍යවේදීන්ට අසාධාරණ සිදු වී තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය මතය ගෙන යන මාධ්‍යවේදීන්ට ඒ ආකාරයට කටයුතු නොකළොත් ඒ අයටත් ප‍්‍රශ්න ඇති වෙනවා. පෞද්ගලික මුදලාලිලාගෙ කොන්ත‍්‍රාත් යටතේ වැඩ කරන මාධ්‍යවේදියා වැඩ කළේ නැත්නම් ඒ අයටත් ප‍්‍රශ්න. මම සුදනා නොවී මේ සත්‍යයට අපට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම මාධ්‍යවේදියාට ඇතිවන මේ ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදීමේ මඟක් තමයි සෙවිය යුත්තේ. එක් එක් ආයතනවල අභිමත පරිදි වැඩකරන මාධ්‍යවේදියනට තම ආයතනයේ මතය නියෝජනය කරන්නට සිදුවෙනවා. සිදුවිය යුත්තේ ඒ අභිමත වලින් මිදී මාධ්‍යවේදියාට ස්වාධීනව නැගිටීමට අවස්ථාව ලබාදීමයි.
එදා ලේක්හවුස් සභාපති නලින් ලද්දුවහෙට්ටි මහත්තයාට විරුද්ධ ව පිකට් කෙළේ මංගල සමරවීර මහත්තය ඇතුළු අපියි. එදා මාධ්‍ය මාෆියාවක් තිබෙන බව කිව්වේ කවුද? මංගල සමරවීර මහත්තයානේ. එදා මංගල වැරැදියි. ඒත් අද හරි.
ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික රූපවාහිනිය. ගංගානාත් මහතාගේ කාලේ ප‍්‍රවෘත්ති කිව්වේ නිවේදිකාවන්ගෙ කකුල්. වැඩිපුර පෙන්නුවෙ කට නෙවෙයි කකුල්. ඒ නිසා විවේචන ඉදිරිපත් කරන්න කමක් නෑ. එහෙත් සාධාරණ ලෙස විවේචන කරන්න.
(කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා මූලාසනයට පැමිණියේය)
ආචාර්ය ඇතුගල කියන්නේ රට පිළිගත්ත මිනිසෙක්. ඔහු ගේ අදහස් සමඟ ගැටුම් අපට තිබෙන්න පුළුවන්. එහෙත් වැඩේ හරියට කරනව නම් ඒ ඇති. බන්දුල පද්මකුමාර ස්වර්ණවාහිනියෙ වැඩ කරනකොට හොඳයි. ලේක්හවුස් එකේ වැඩ කරන කොට හොඳයි.
ත්මන් මාධ්‍ය ඇමැතිවරුන් මාධ්‍යවේදීන් සමඟ නිවැරැදිව ගනුදෙනු කරනවා. ඔවුන් ගේ ගැටලු හඳුනාගෙන තිබෙනවා. අපට අවශ්‍ය ගිනි තියන මාධ්‍යයක් නෙවෙයි ගිනි නිවන මාධ්‍යයක්.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පී. අරියනේත‍්‍රන් මහතා (ද්‍ර.ජා.ස.) - මේ වෙනකොට මාධ්‍ය ඝාතනයක් ද කි‍්‍රයාත්මක වෙනවා. ගයන්ත කරුණාතිලක මහතා රජයට චෝදනා කරනවා. රජය එජාපයට චෝදනා කරනවා. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි.
කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා - ‘යෙලෝ ජර්නලිසම්’ කියලා දෙයක් අමෙරිකාවේ තිබුණා. විපක්ෂයටත් ඕන මේ යෙලෝ ජර්නිලිසම්. ජනාධිපතිවරයා නිතරම මාධ්‍යවේදීන් සමඟ සමීප ව කටයුතු කරනවා. කුමාරසිරි හෙට්ටිගේ කියන්නේ ලංකාදීපයේ හිටපු මාධ්‍යවේදියෙක්. ඔහු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් තනතුරට පත් කර ගත්තේ මාධ්‍යවේදීන්ට සැලකීමටයි. ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරට පත් කෙළේ මාධ්‍යවේදියෙක්.
එක මාධ්‍ය ආයතනයක් හැර අනෙක් සියලු මාධ්‍ය ගැන මා සතුටු වෙනවා.
මොණරාගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (ජානිපෙ) - බටහිර මාධ්‍ය අපේ රට පිළිබඳ වැරැදි චිත‍්‍රයක් ගොඩ නගමින් සිටිනවා. ප‍්‍රභාකරන්ගේ සිහින මාළිගාව බිඳ දැමීමට වීරෝදාර හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. ලංකාව පිළිබඳ ගොඩනගන මේ වැරැදි චිත‍්‍රය නිවැරැදි කිරීමට අපේ රටේ බොහෝ මාධ්‍ය කැප වී සිටිනවා. මාධ්‍යවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමට ගොස් එහි ඇති සැබෑ ස්වභාවය රටට ගෙන යනවා. මේ පිළිබඳ ඔවුන්ට අප ප‍්‍රශංසා කළයුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කොටපොල අමරකිත්ති හිමියන් (ජාහෙඋ) - සමහර මාධ්‍ය ආයතන අපේ රටේ සියලු සංස්කෘතික සීමාවන් ඉක්මවා යනවා. මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වන ඇතැම් වැඩසටහන් නිසා පවුල් සංස්ථාව දෙදරා ගොසින්. මිනිසාගේ මනෝ භාවයට අනුව නිතර දකින අසන දෙය ජීවිතවලට බලපානවා. මනුෂ්‍ය ජීවිතවලට මෙතරම් බලපෑම් කරමින් සමාජ පාදඩකරණය කරන මාධ්‍ය තහනම් කිරීමට රජය කටයුතු කළ යුතුයි.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.)
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එජාප) - ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ අපට කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඔහුගේ ප‍්‍රතිපත්ති සමඟ අපට ප‍්‍රශ්නයක් නැහැ. එහෙත් වැඩ කටයුතුවලදී ඔහුට ප‍්‍රශ්න තිබෙනවා. ජනාධිපති ක‍්‍රමය තිබෙන තාක් කල් සෑම ජනමාධ්‍ය ඇමැතිවරයකුටම සිදුවන්නේ එයයි.
අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - ඔය ඔබතුමාම හිතාගත්ත අදහසක් නේ !
ජයසේකර මහතා - ලෝකයේ තිබෙනවා බැලන්කෝකි ඔපෙක්ට් කියා දෙයක්. හිරු නාලිකාව පෑන් පහරින් නැවැත්තුවා.
කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - චැනල් අයි ඇතුළු දෙමළ මාධ්‍ය නාලිකාවල විශාල අඩුපාඩු තිබෙනවා.
තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - එජාපය අවසන් කළ තැන පටන් මේ වන විට පෞද්ගලික මාධ්‍යයේ විශාල වර්ධනයක් තිබෙනවා. එහෙත් රාජ්‍ය මාධ්‍යය ප‍්‍රමුඛ පෙළේ කාර්යයක් ඉටුකරනවා. මාධ්‍යයට දේශපාලනයක් තිබෙනවා. එය අප රටේ පමණක් නොව ලොව කොයි රටෙත් තිබෙනවා. මාධ්‍ය හිමිකාරීත්වයේ දේශපාලන මතය අනුවයි එය සිදුවෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ගැන අප කතා කරනවා. එසේ නොකළොත් මාධ්‍ය කාර්යය බිංදුවට වැටෙනවා.
විද්‍යුත් මාධ්‍ය සඳහා දැනට තිබෙන්නේ තාවකාලික බලපත‍්‍රයි. ඒවා ස්ථිර බලපත් බවට පත්කළ යුතුයි. රාජකාරි ස්වරූපය නීති ගත කරනවා නම් එහිදී මාධ්‍ය නිදහසට තර්ජනයක් යැයි කියනවා.
කිසියම් හෝ ප‍්‍රතිසංස්කරණයක් ගෙනාවා නම් එය මාධ්‍ය මර්දනයක් යැයි කියනවා. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ගෙන බලමු. ඒ හැම දෙනා සමඟ අප සුහදයි. ඔවුන් නිදහසේ ලියනවා. අපෙන් බලපෑමක් නැහැ. අපේ මිත‍්‍රයෝ.
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉතා විශාල සේවයක් ඉටුකරනවා. ඔවුන් සිදුකරන සේවය පැසසිය යුතුයි.
වැය ශීර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව අද (28) පෙරවරු 9.30 ට රැස්වේ.

Wednesday, November 26, 2008
අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන්ට 141 චක‍්‍රලේඛයෙන් බලපෑමක් නෑ
කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි
මන්තී‍්‍රවරුන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් දැනටමත් ආරම්භ කර ඇති අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් ඉටුකිරීම සඳහා අංක 141 දරන මුදල් අමාත්‍යංශ චක‍්‍රලේඛය මඟින් කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප‍්‍රකාශ කෙළේය.
රජයේ සංවර්ධන වැඩකටයුතු නතර කිරීමට මෙමගින් කිසිසේත්ම උත්සාහ නොදරන බවද අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීම වැළැක්වීමට පමණක් මෙමගින් උත්සාහ දරන බවද ඇමැතිවරයා කීවේය.
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීවේය.
අපි විපක්ෂයේ සිටියදී අපට විමධ්‍යගත මුදල් හම්බ වුණේ නෑ.
සභාව කල් තබන යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයේ සමාගම් සභාපතිවරුන් වෙත යවන ලද අංක 141 දරන චක‍්‍රලේඛය මගින් රාජ්‍ය වියදම් කළමනාකරණය නමින් සංවර්ධන වියදම් නතර කිරීමට පියවර ගෙන ඇත.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා - අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසුවයි මුදල් අමාත්‍යංශය ලේකම්වරයා මේ චක‍්‍රලේඛය නිකුත් කෙළේ මේ චක‍්‍රලේඛය මඟින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විමධ්‍යගත අරමුදල්වලින් සිදුකරන ව්‍යාපෘති නතර වනවා පමණක් නොවේ.
ආණ්ඩුවේ අනෙකුත් සියලු සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම මේ චක‍්‍රලේඛය අනුව නතර කළ යුතුයි.

යල් පිනූ යන්ත‍්‍ර වෙනුවට වරායට නව යන්ත‍්‍ර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා තිබෙනවා- ඇමැති චමල් රාජපක්ෂ
දයා පෙරේරා දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
මිහින් එයාර් සමාගමට වෙන් කළ මුදල් ජනතා සහනාධාරවලට යොදවන්න
- ජෝන් අමරතුංග
අපි හැම දෙයක්ම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්
- ඇමැති රෝහිත බෝගොල්ලාගම
කොළඹ වරායේ යල් පිනූ සියලුම යන්ත‍්‍ර සූත‍්‍ර වෙනුවට අවුරුදු විසිතුනකට පසු අලුත් යන්ත‍්‍ර සූත‍්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන බව වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා අය වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප‍්‍රකාශ කෙළේ ය.
වරාය හා ගුවන් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් රුපියල් දහයක් කපා හරින ලෙස යෝජනා කරමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එ.ජා.ප.) - මිහින් එයාර් ගුවන් සමාගම ගැන අපට ගැටළු තිබෙනවා.
මේ ගුවන් සමාගමට විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා.
ගුවන් සමාගමේ පාලනාධිකාරියට පත්කර ඇති නිලධාරීන්ට ගුවන් සමාගම් පරිපාලනය ගැන අවබෝධයක් නෑ.
මිහින් ගුවන් සමාගමට වෙන්කර ඇති මුදල් ජනතාව ගේ සහනාධාර සඳහා වෙන් කරන්න.
විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා:- යම් දෙයක් දෙස හොඳ දෘෂ්ඨි කෝණයකින් බැලීමේ හැකියාව විපක්ෂයට දවසින් දවස නැති වෙනවා. ඒ ගැන මට කනගාටුයි.
අවුරුදු හතලිස් ගානකට පසුවයි මඟීන්ට ලාභදායී ලෙස ගමන් කළ හැකි ගුවන් සමාගමක් ලංකාවේ ආරම්භ කෙළේ. එහි නිර්මාතෘවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රණාමය පුද කළ යුතුයි.
ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමෙන් ඉටුවන කාර්යභාරයට පරිභාහිර සේවයක් කිරීමටයි මිහින් ගුවන් සමාගම ආරම්භ කළේ. මැදපෙරදිග කළාපය තුළ විශාල පිරිසක් සේවය කරනවා.
ඔවුන්ට අඩු මුදලට ගුවන් ටිකට් පත් ලබා දිය යුතුයි. ජාත්‍යන්තර ගුවන් සේවයක් වුණත් මිහින් ලංකා මඟින් මැදපෙරදිග ජීවත් වන ශී‍්‍ර ලාංකිකයින්ට විශාල සේවයක් ඉටු වෙනවා. මේ සේවාව ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් අපේක්ෂා කරන්නට බෑ.
අපි රටක් සංවර්ධනය කළ යුත්තේ ජනතාව ඉලක්ක කරමින්. එවැනි කාර්ය භාරයක් මිහින් ලංකා ආරම්භ කරමිනුත් අප ගේ රජය ඉටුකර තිබෙනවා.
දඹදිව යන බැතිමනªත්ටත් විශාල සේවාවක් මිහින් ලංකා සමාගමෙන් ඉටුවෙනවා. අප සිංගප්පූරුවට මේ සේවාව මඟින් ගියා. අප වගේම ජනාධිපතිවරයාත් මේ ගුවන් සේවාව මඟින් ගමන් කළා. මොන රටේ ජනාධිපතිවරයාද බජට් එයාර් ලයින් එකකින් ගමන් කරන්නේ. නමුත් අපේ ජනාධිපතිවරයා එවැනි ආදර්ශයක් ලෝකයට ලබා දුන්නා.
ඕනෑම ආයතනයක ගිණුම් පාර්ලිමේන්තුවට යටත්. මෙවැනි ව්‍යවසායන් අපි සිදු කරන්නෙ ජනතාව වෙනුවෙන්. මේවා දෙස දේශපාලන දෘෂ්ඨි කෝණයකින් බලන්නට එපා. අපි හැම දෙයක්ම කරන්නේ රට සහ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මෙවැනි දේවල් රට වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ.) - මෙම කරුණ දෙස දේශපාලන දෘෂ්ඨි කෝණයකින් නොව, ජනතාවගේ දෘෂ්ඨි කෝණයකින් බලන කෙනෙක් ලෙස මම අදහස් දක්වන්නම්.
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය.)
හඳුන්නෙත්ති මහතා:- වරාය හා ගුවන් සේවා අමාත්‍යංශ වාර්තාවෙහි මිහින් ලංකා සමාගම ගැන දීර්ඝව සඳහන් කරල නෑ. අමාත්‍යංශ කිහිපයකට වෙන් කරන මුදල් එක් ආයතනයක් වෙනුවෙන් වෙන් කරලා. 2006 දී ලැබූ ආදායමට වඩා පාඩුවක් වරාය 2007 දී ලබාගෙන තිබෙනවා. ඒ වගේම 2007 දී වරායේ වියදම් වැඩිවෙලා. 2006 දී මිලියන පන්දහසකට වැඩි මෙහෙයුම් ආදායම 2007 වෙනකොට මිලියන තුන්දහස දක්වා අඩුවෙලා. මේවා සඳහන් වෙන්නේ වරායෙ ගිණුම් වාර්තාවල.
අමාත්‍යංශ විසි ගණනක ප‍්‍රාග්ධනය කප්පාදු කරලා. එහෙත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයට විශාල මුදලක් වෙන්කරලා. මේ මුදල් වෙන් කර තිබෙන්නෙ මොන මොන ව්‍යාපෘතිවලට ද යන්න පැහැදිලිව දක්වා නැහැ.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා:– මහින්ද චින්තනයේ වරාය පිළිබඳ බොහෝ දේ සඳහන් වෙනවා. ඇමැති චමල් රාජපක්ෂ මහතා යටතේත් වරායේ විශාල සේවාවක් ඉටුවෙනවා. අතීතයේ දී උතුරු කලාපයේ වරායන් ව්‍යාප්ත වී තිබුණා. මාන්තොට එයින් එකක්. දුටුගැමුණු රජු පවා තමාට අවශ්‍ය අලි ඇතුන් වරායයන් ඔස්සෙ විදේශයන්ගෙන් ගෙනවිත් තිබෙනවා.
ජ.වි.පෙ. මන්තී‍්‍රවරු බොරුවට චෝදනා කරන්නෙ නැතිව මේව බලන්න යන්න එන්න. බොරුවට අපට චෝදනා කරන්න එපා. දියකඩනයේ වැඩ අවසන් කිරීමෙන් පසු ටර්මිනල් හතරක් සෑදිය හැකිවෙයි. ඒ ටර්මිනල් හතරෙන් දෙකක් වත් වරාය අධිකාරිය සතු වුණොත් හොඳයි.
පහළොස්වැනි ශත වර්ෂයේ දී චීන නැව් පැමිණියේ හම්බන්තොට වරායටයි. මේ වරාය ඉදිකිරීමෙන් අපට නැව්වලට තෙල් සැපයිය හැකියි.
පත්කළ මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා - ( ශී‍්‍ර.ල.මු.කො.) :- අපේ වරායට ඉන්දීය නැව් පැමිණීම අපට විශාල වාසියක්. ඉන්දියාවේ කන්ටේනර් බෑමේ කටයුතු ඉතා සෙමින් සිදුවන නිසා තමයි එරට නැව් මෙරට පැමිණෙන්නේ.
පත්කළ මන්තී‍්‍ර මොහොමඩ් මුසම්මිල් මහතා (ජා.නි.පෙ) වරාය සංවර්ධනයට මෙවර අයවැයෙන් ලබා දී ඇති මුලධන වියදම වැඩි කිරීම ඉතා හොඳ දෙයක්.
ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා :-මිහින් එයාර් සම්බන්ධයෙන් වාර 7 ක දී මේ පාර්ලිමේන්තුවේ කරුණු දක්වා තිබෙනවා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
‘නිල් අහස ජය ගැනීම’ ගැන මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පැහැදිලිව සඳහන් වුණා. අපටම කියා ගුවන් සේවයක් නොතිබූ නිසයි මේ ගුවන් සේවය යෝජනා වුණේ.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවි කරුණානායක මහතා (එ.ජා.ප)- කොළඹ වරායේ 12457ක් වැඩ කරනවා. වියදම මිලියන 5652 යි. එහෙත් එස්. ජී. ටී. ටී. ආයතනය සේවකයන් 612කින් වරාය ලබන ලාභයම ලබාගන්නවා.
වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා- මිහින් එයාර් ගැන මේ සභාවේ කතා කරන්නේ හත් වැනි වරටයි. අඩුපාඩු සකස් කර ඉවරයි. දෙසැම්බර් 15 වැනිදා වන විට ගුවන්සේවා ආරම්භකර ප‍්‍රතිඵලයන් පෙන්වනවා. ඒ සඳහා සැලැස්ම සකස්කර අවසානයි.
කොළඹ වරායේ දැනට භාවිත වන යන්ත‍්‍ර සුත‍්‍ර බොහෝමයක් අවුරුදු 23කට වඩා පැරැණියි. අලුතින් සැපයීමක් වී නැහැ. ඒ නිසා අවශ්‍ය සියලුම යන්ත‍්‍ර සුත‍්‍ර මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. තරගකාරිත්වයේ අඩුවක් සිදුවුණේ මේ යල් පිනූ යන්ත‍්‍ර සුත‍්‍ර නිසයි.
හම්බන්තොට වරායේ කටයුතු ආරම්භ වී තිබෙනවා. තායිලන්තයේ යෝජිත ට‍්‍රාඇල නිසා හම්බන්තොට වරායට ආර්ථික වශයෙන් වඩා ඵලදායක වෙනවා ඇති.
සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනය කරනවා. ඔළුවිල් වරායේ කටයුතු සිදු කැරෙනවා. වරාය සංවර්ධනයට හා වරාය අධිකාරියට ප‍්‍රයෝජනවත් ආදායම් ලැබිය හැකි ව්‍යාපෘතිද කි‍්‍රයාත්මක කරනවා.
වැය ශිර්ෂ සඳහා ඡන්දයක් නොඉල්ලන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධතාව සටහන් කර ගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කෙළේය.
වැය ශිර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 9.30ට යළි රැස්වේ.

ශ‍්‍රීලනිප තරුණ සංවිධාන කඳවුර අද-හෙට–අනිද්දා තුල්හිරියේ දී
නිරූෂි විමලවීර
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක කෙරෙන ශ‍්‍රී.ල.නි.ප. තරුණ සංවිධාන කඳවුරු සියයේ වැඩසටහනේ මේ මස කඳවුර අද (26) හෙට (27) හා අනිද්දා (28) තෙදින තුල්හිරිය ජනසන්නිවේදන කළමනාකරණ ආයතනයේදී පැවැත්වේ.
ශ‍්‍රී.ල.නි.පක්ෂයේ ජීවය ප‍්‍රභවය විකාශය පිළිබඳව විශේෂ දේශනයක් අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා මැතිවරණ කොට්ඨාස විසිපහක් නියෝජනය කරමින් තරුණ තරුණියන් සහභාගි වීමට නියමිතය.
මෙම තරුණ කඳවුරු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වෙන බවත්, ඉදිරියේදී තව තවත් විධිමත් හා ආකර්ශනීය ලෙස මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඛනිජ තෙල් සම්පත් ඇමැති ශ‍්‍රී.ල.නි.පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජ්‍ය සභාපති දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කෙළේය.

ත‍්‍රස්තවාදය පැරැදවීමේ ගරුත්වය ජනපතිට – හමුදාවට දෙන්න සූදානම්-එස්. බී. දිසානායක
ත‍්‍රස්තවාදය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. එහි ගෞරවය ජනපතිතුමන්ට, ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිවරයාට ලබාදෙන්න අපි සූදානම්.
ප‍්‍රභාකරන් ඝාතනය කරලා ඔහුගේ හිස අරගෙන අපේ රණවිරුවෝ එද්දී අපි සතුටුවිය යුතු යැයි එජාප ජාතික සංවිධායක ලේකම් එස්. බී. දිසානායක මහතා කීය.
ඡන්ද ගණනාවක් පැරැදිලා එජාපය අද ඉන්නේ බෙල්ල ගාවටම එරිලයි. පතුලට වැටුණු ළිං කටින්ම අපි ගොඩ ආ යුතුයි. වාද බේද කෙනෙහලිකම් නතර කරලා පක්ෂය ගොඩගන්න එකතුවෙලා වැඩ කළ යුතුව තිබෙනවා.
එස්. බී. දිසානායක මහතා එසේ පැවැසුවේ පෙරේදා (23) කඩුගන්නාව නගරයේ පැවැති එජාප පාක්ෂික හමුවකදීය.
මෙවර මධ්‍යම පළාත් සභාවට එජාප මහ ඇමැති අපේක්ෂක ලෙස මා අනිවාර්යෙන්ම තරග කරනවා. දිගින් දිගටම මැතිවරණ පරාජය වීම තුළ පක්ෂයෙන් ඈත්ව සිටින පිරිස් අපි යළි පක්ෂය වෙත ළංකරගත යුතුයි.
ආණ්ඩුවට යන මේ රැල්ල එක තැනකින් කඩා ගත්තොත් ගඟ අපිට ආපසු හරවන්න පුළුවන්. මධ්‍යම පළාතේ සුළු ජාතික ඡන්දවලිනුත් 60% කට වඩා අපට ලබාගත හැකියි. මධ්‍යම පළාත් සභාව ජයගෙන ආණ්ඩුවේ ගමන් මඟ ආපස්සට හරවන්න ඕනෑ.
ජනපතිවරණයේදී මහින්ද දිනවලා අද ප‍්‍රභාකරන් ඉල්ලගෙන කනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු බලය විමධ්‍යගත කිරීම හරහා ස්ථිර සාමයක් රට තුළ ඇති කිරීමට රජය පියවර ගත යුතුයි.
මෙම අවස්ථාවට එජාප මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සහභාගි විය.

Tuesday, November 25, 2008
පරිසර ඇමැතිට ජගත් තනතුරක් හිමිවීම පාර්ලිමේන්තුවට ඉමහත් ගෞරවයක් - කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව පාරිසරික අමාත්‍යංශය දක්ෂ ලෙස මෙහෙයවමින් ආණ්ඩුවට ශක්තියක් වී ඇති පාඨලී චම්පික රණවක ඇමැතිතුමා පාර්ලිමේන්තුවටත් ගෞරවයක් බව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පැවැසීය.
දෝහා කටාර්හිදී පසුගියදා පැවැති වියනා සම්මුතියේ 8 වැනි සැසිවාරයේ දී ඉදිරි තෙවසර සඳහා එම සම්මේලනයේ සභාපති ධූරයට පත් වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) පැවැති උත්සවයේ දී කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මේ බව පැවසීය.
කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා එහි දී මෙසේ ද කීවේය.
චම්පික රණවක ඇමැතිතුමා මේ ආණ්ඩුවේ සිටින දක්ෂ ඇමැතිවරයෙක්. මන්තී‍්‍රවරයකුව සිට ඇමැතිවරයකු බවට පත් වී ඉතාම කෙටි කලක් තුළ දී ජාත්‍යන්තර වශයෙන් මෙවැනි උසස් තනතුරකට පත්වීමට හැකි වූයේ එතුමාගේ දක්ෂතාව නිසයි. එතුමා මෙවන් උසස් තනතුරට පත් වීම මේ රටට කීර්තියක්. අපේ පාර්ලිමේන්තුවට ගෞරවයක්.
අපේ රටේ සිටින්නේ අපට ම අනන්‍ය වූ දක්ෂතාවලින් පිරිපුන් ජනතාවක්. අපේ රට ඉතා පුංචි දූප්පත් රටක්.
ඒත් දෙස බස රැස රැක ගැනීම අතින් අප පොහොසත් බුදුරජාණන් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ මේ රටේ මිහිඳු මහ රහතුන් වහන්සේ හඳුන්වා දුන් ආගමික හර පද්ධතිය තවමත් සුරැකී තිබෙනවා.
අපේ රටේ අනන්‍යතාව හර පද්ධතිය මැනවින් හඳුනාගත් ඇමැතිවරයකු වශයෙන් චම්පික රණවක ඇමැතිතුමා හඳුන්වන්නට පුළුවන්.
එතුමාට ඉතා පැහැදිලි නිරවුල් දර්ශනයක් තිබෙනවා. එබඳු න්‍යායවාදී දර්ශනවාදි නායකත්වයට සුදුසු පුද්ගලයකු මේ තත්ත්වයට පත් කිරීම ගැන ජාතික හෙළ උරුමයට අප ස්තූතිවන්ත විය යුතුයි.
මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් එතුමා රජයට ද ශක්තියක් වී තිබෙනවා. මෙවන් උතුම් පුත‍්‍ර රත්නයක් මෙලොවට බිහිකළ මවුපියන් ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.
සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා- ශ‍්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ගෙන යමින් රටට කීර්තියක් අත්කර දීමට පරිසර ඇමැතිවරයා වශයෙන් චම්පික රණවක මහතා කි‍්‍රයා කර තිබෙනවා.
එතුමා නවක ඇමැතිවරයකු වුවත් එතුමාට බාරදුන් වගකීම ඉතා ම හොඳින් කි‍්‍රයාත්මක කරනවා. විෂය පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා. මේ විෂය පිළිබඳ පමණක් නොව එතුමා ඕනෑම ප‍්‍රශ්නයක් පිළිබඳ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා.
මා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධූරයට පත් වූයේ එහි විධායක සභාවේ වසර 10ක් කටයුතු කළ පසුවයි. එහෙත් මෙතුමා මේ තනතුරට පත් වූයේ ඉතාම කෙටි කලකින්. එතුමා මටත් වඩා ඉදිරියෙන් සිටිනවා. එතුමා සතු දක්ෂතාව නිසයි මෙතරම් කෙටි කලකින් මෙවන් උසස් තනතුරකට පත්විමට රණවක ඇමැතිතුමාට හැකි වී තිබෙන්නේ.
මෙය අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමට ලක් වූ සංවිධානයක්.
මෙරට පරිසර ප‍්‍රශ්නවලට මෙන් ම අන්තර්ජාතික පරිසර ප‍්‍රශ්නවලට ද විසඳුම් සෙවීම සඳහා අප රටේ දායකත්වය යෙදවීමට මෙමගින් හැකි වෙනවා. මෙය රටට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. එසේ ම රටට විශාල ගෞරවයක්. කීර්තියක් අත් වෙනවා.
විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා- අන්තර්ජාතික තලයේ ශ‍්‍රී ලංකාව ඉහළ තත්ත්වයක් අත්කර ගැනීමට නම් විවිධ ක්‍ෂේත‍්‍රවල අප රටේ කි‍්‍රයාකාරිත්වය ඉස්මතු විය යුතුයි.
අපේ රටෙත් පරිසර ක්‍ෂේත‍්‍රයේ ඉටු කෙරෙන සේවය අපට අන්තර්ජාතික වශයෙන් ඉහළ තත්ත්වයක් ලැබීමට හේතු වී තිබෙනවා.
වියනා සම්මේලනයේ සභාපති ධූරය ඉදිරි වසර 3 සඳහා අප රටේ පරිසර ඇමැති මා මිත‍්‍ර චම්පික රණවක මහතාට හිමි වීම මීට හොඳම උදාහරණයයි. පරිසර ඇමැතිවරයාගේ දක්ෂතාව හා කැපවීම නිසා අපට මේ අවස්ථාව උදා වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා- අපේ රටේ පරිසර ක්‍ෂේත‍්‍රයේ නව කාල පරිච්ඡේදයක් උදා කිරීමට වත්මන් පරිසර ඇමැතිවරයා සමත් වී තිබෙනවා.
චම්පික රණවක ඇමැතිතුමාට හිමි වු මේ තනතුර රටට ගෞරවයක්, කීර්තියක්, පරිසර සංරක්ෂණ ක්‍ෂේත‍්‍රය සඳහා අප රටේ දායකත්වය ලොවට වැඩි වැඩියෙන් ලබා දීමට මේ නව තනතුර හේතු වනු ඇත. මේ තනතුරට පත් වූ ඇමැති චම්පික රණවක මහතාට අප සුබ පතනවා.
පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති චම්පික රණවක මහතා- දෝහා කටාර්හි දී පසුගිය දිනවල පැවැති වියානා සම්මුතියේ 8වන සම්මේලනයේ දී ඉදිරි වසර 3 සඳහා එහි සභාපති ධූරය අප රටට හිමි වුණා. මෙය මාගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් නොවේ. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම නිසා ලැබූ ජයග‍්‍රහණයක්.
ඕසෝන් වියන සුරැකීම මැනවින් ම කළ රට වශයෙන් 2007 වසරේ දී අප රට පත් වුණා. ආචාර්ය සුමතිපාල මහතා මේ සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණා. එතුමා මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ පුද්ගලයෙක්.
අප වැනි රටවලට ධනය බලය එතරම් නැති නිසා අපේ දැනුමෙන් ප‍්‍රයෝජන ගත යුතුයි. අපේ නිලධාරීන් මේ කාර්යය සාර්ථක කරනවා.
ඉදිරි වසර 3 සඳහා වසරකට ඩොලර් මිලියන 450 බැගින් ඕසෝන් සංරක්ෂණ කටයුතු වෙනුවෙන් හිමි වෙනවා. මේ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව පරිහරණය කිරීමේ වගකීම අපට පැවරෙනවා.
අපේ රටේ අධෝරක්ත කිරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අප යෝජනා කළා. මෙරටට භූගෝලීය වශයෙන් හිමි ව තිබෙන වැදගත්කම සලකා එම අවස්ථාව අපට හිමි කර දීමට හේතු වී තිබෙනවා.
පසුගියදා අප ඉදිරිපත් කළ චිරස්ථායි පාරිසරික දර්ශකය ලොව විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා.
අපේ රටේ එක් පුද්ගලයකු ඩොලර් මිලියන 300ක් විදේශයන්ට ණයයි. එහෙත් දියුණු රටවල් අපේ පරිසරයට කර තිබෙන විනාශය නිසා අපට ණයයි. ඒ අනුව විදේශ රටවල් අපට ණය බව පෙන්වා දීමට අප නිර්භීත විය යුතුයි.
පාරිසරික ක්‍ෂේත‍්‍රයේ නම් ජාත්‍යන්තර වශයෙන් අපට කිසිම බලපෑමක් කළ නොහැකියි. පසුගියදා ජී. එස්. පී. ප්ලස් සඳහා පැවැති සාකච්ඡාවල දී අප රටට නොයෙක් කොන්දේසි පැනවීමට උත්සාහ කළත් පාරිසරික අංශයෙන් කිසිඳු කොන්දේසියක් පැනවූයේ නෑ.
ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එල්ලාවල මේධානන්ද හිමියෝ අනුශාසනාවක් කළ අතර ජාතික නිදහස් පෙරමුණු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Friday, November 21, 2008
අගලවත්තේ සංවර්ධන වැඩට රු:කෝටි 20ක් ලබාදුන්නා ඇමැති මහින්ද සමරසිංහ වළල්ලාවිටදී කියයි
කුමුදු ජයසේකර ඉත්තෑපාන සමූහ
කෝටි 20කට වැඩි මුදල් ප‍්‍රතිපාදන යොදවා අගලවත්ත ඡන්ද කොට්ඨාසයේ සංවර්ධන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් ලබන වර්ෂයේ ගංවතුර පාලනය අවම කිරීම සහ විපතට පත්වන ජනතාවට සහන ලබාදීමට පෙර සූදානම් කි‍්‍රයාවලියක් ගමේ පන්සලෙන් ආරම්භ කරන බව ආපදා කළමණාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවට ලක්ෂ අසූවක් වටිනා බැකෝ යන්ත‍්‍රයක් ලබාදීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
පසුගියදා අරලියගහ මන්දිරයේදී තමා ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති තුමා කියා හිටියා අධිවේගී මාර්ග හැදුවට කමක් නෑ ගොවියා ගේ කුඹුරුවලට හානිවෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඒ නිසා ගංවතුර අඩුකරන්න හානි අවම කරන්න කටයුතු කරනවා.
ගංවතුර තර්ජන වලට මුල ජනතාවගේ නොදැනුවත්කම කදුමුදුන් හරස් කිරීම වැනිදේ ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා අධිවේගී මාර්ගය එක්ක එකතුවෙළා. මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සමඟ එකතුවෙළා දේශපාලන පරිපාලන ව්‍යුහ ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයන ප‍්‍රදේශ සිතියම් ගතකරලා තිබෙනවා.
ලබන වසරේ මෙම විපත් සිදුවෙන ප‍්‍රදේශ හදුනාගෙන ඒවා අවම කිරීමට අදහස් කරනවා. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වෙන් කොට මෙම කටයුතුª ඉක්මනින් ආරම්භ කරන බවත් පැවසීය.
සෑම ප‍්‍රාදේශීය සභාවකට අපි ජෙනරේටර් ලබාදී තිබෙන වා. ජල විපත් සිදුවන ප‍්‍රදේශයට ඒ සඳහා අවශ්‍ය වියළි සලාක පිසූ ආහාර පිසීමට අවශ්‍ය භාජන බඩු බාහිරාදිය ලබාදෙනවා යැයි පැවසීය.
වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල අගලවත්ත ප‍්‍රා / සභා උපසභාපති ඩී.ඩී.දර්ශන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මතුගම සහකාර පොලිස් අධිකාරී , මිගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්ෂ ව/ ප‍්‍රා ලේකම් ඉන්ද්‍රාකාන්ති මහත්මිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ශී‍්‍ර ලංකාව-ඉන්දියාව අතර විදුලි හුවමාරු පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කැර තිබෙනවා- ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර විදුලිය හුවමාරු සම්ප්‍රේෂණ පද්ධතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කැර තිබෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප‍්‍රකාශ කෙළේ ය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ අය – වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක්වෙමිණි.
වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) පෙරවරු 9.30 ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා වාර්තා පිළිගැන්වීමෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කැරිණි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
පශු සම්පත් නියෝජ්‍ය ඇමැති බායිස් මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් ඉදිරිපත් කෙළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ හතර වැනි දිනයේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
විදුලි බල හා බලශක්ති, සහ ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ විවාදයට ගැනිණි.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සාගල රත්නායක මහතා (එ. ජා. ප.) වැය ශීර්ෂවලින් රුපියල් දහය බැගින් කපා දමන්නැයි යෝජනා කරමින් මෙසේ පැවැසීය.
මෙය සාක්කු වලින් පොකට් ගහන අය වැයක් බව මා අය වැය විවාදයේ දී කීවා. පෙට‍්‍රල් හා ඩීසල් මිල රජයේ බදු නිසාම නැවත වැඩිවෙන බව භාණ්ඩාගාර උපදේශකයෙක් ම කියා තිබුණා. විදුලි බල ඉල්ලුම වැඩිවීම හැම විටම ආර්ථිකයට සමානුපාතිකව සිදුවී තිබෙනවා.
නොරොච්චෝලේ බලාගාරය සුදු අලියෙක් වෙනවා. ගල් අඟුරු ගොඩට ගෙන ඒමට ක‍්‍රමයක් තවම හදලා නැහැ. ගල් අඟුරු නැව් ගොඩ බිම ආසන්නයට ගේන්න බැරි නිසා ක‍්‍රම කිහිපයක් ගැන කියා තිබුණා. මේ බලාගාරය සඳහා වන චීන තාක්‍ෂණය පැරැණියි.
බටහිර ලෝකයේ මට්ටමේ තාක්‍ෂණය සඳහා වියදමක් දරනවා. කෙරවලපිටිය වේලාවට කලින් නිම කර විදුලිය සපයනවා. ඉහළ කොත්මලේ යෝජනාවට මා එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. එහි බලවත් පරිසර ප‍්‍රශ්න ඇතිවෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව අප බාරගන්නා විට කෝටි දෙදහස් ගණනක ණය තිබුණා. අප යද්දී කෝටි එක් දහසක පමණ අතිරික්තයක් ඉතිරි කැර තිබුණා. අද කෝටි 21800 ක් ණයයි. 2002 දී ඉදිරිපත් කළ මිල සූත‍්‍රය 2006 දක්වා පැවැතුනා. එහෙත් 2006 දී අවශ්‍ය පරිදි මිල වැඩි කිරීම සඳහා මිල සූත‍්‍රය වෙනස් කළා.
ලංකා ඉන්දියා ඔයිල් සමාගම අධික ලාභ ලබන බව කියා සෙස් බදු හා ආනයන බදු පැනෙව්වා.
අද වන විට ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත වැටිලා. මෙතෙක් යොදා ගත් මිල සූත‍්‍ර අනුව හා නව බදු දෙක අනුව පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 107/= ක්විය යුතුයි. ආනයනික පෙට‍්‍රල්වලින් සියයට 70 ක් හා ඩීසල් වලින් සියයට 40 ක් මෙහි පිරිපහදු කරනවා. එ.ජා. ප ආණ්ඩුව අද හිටියා නම් එදා පැවැති මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් මිල රුපියල් 72/= යි. මැයි 28 වැනිදා දක්වා සූත‍්‍රය අනුව ඩීසල් ලීටරයක මිල බදු සමග රුපියල් 55/= යි.
බහු ජාතික සමාගමකට අඩු මිලට තෙල් දෙනවා නම් ධීවර ජනතාවට ඒ මිලට දෙන්න බැරි ඇයි?
භූමිතෙල් ගුවන් යානා ඉන්ධන වශයෙන් විකිණීම නිසා අධික ලාභයක් ලබනවා. ඒ අධික ලාභය යොදා ගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න.
විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා - සාගල මන්තී‍්‍රතුමාගේ කතාව ඇහුවම මට මතක් වෙන්නෙ මිදි කන්න බැරිවුණ නරියගෙ කතාව. එදා එ.ජා.ප කාලෙදිත් මේ අය නොරොච්චෝලේ ආරම්භ කරන්න උත්සාහ කළා නමුත් එය අසාර්ථක වුණා. දැන් අහනවා ඇයි ඒක ආරම්භ කරන්නේ කියලා.
කෙරවලපිටිය කඩිනමින් වැඩ අවසන් කළ ඉංජිනේරුවන්ට මගේ ප‍්‍රණාමය. නමුත් කෙරවළපිටිය වගෙ ඉක්මනින් නොරොච්චෝලෙ වැඩ අවසන් කරන්න බැහැ. ඒක විශාල ව්‍යාපෘතියක්.
විදුලි බිල වැඩිවීමත් සමඟ විදුලි පරිභෝජනය අඩු වී තිබෙනවා. ති‍්‍රකුණාමලයේ සිට ගල් අඟුරු ගෙන ඒමේ වැඩපිළිවෙළ අත්හැර දමා තිබෙනවා. එය කරන්නේ නෑ. ඉහළ කොත්මලේ වැඩකටයුතු නිවැරැදි ආකාරයෙන් සිදු වෙනවා. අපි තැනින් තැන ජලාශ ඉදිකරන්නෙ නෑ. අපි හැම දෙයක්ම කරන්නේ පරිසර හානි අවම වන පරිදි. නොරොච්චෝලේ බලාගාරයට තාක්ෂණය භාවිත කරන්නෙත් පරිසර හානි අවම වන පරිදි. බලශක්ති සංරක්ෂණය නොකර සංවර්ධනය ළඟා කර ගැනීම අපහසුයි.
රටේ විදුලි අවශ්‍යතාවයෙන් 82% ක් පමණ පිරිසකට අපි විදුලි අවශ්‍යතාවය ලබාදී තිබෙනවා. දකුණු ආසියාතික රටක් ලෙස අපට සතුටු විය හැකියි. ජනාධිපතිවරයා බලයට පත්වන විටත් බලශක්ති අර්බූදයක් ගොඩනැගී තිබුණා. නමුත් මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඒ අර්බූදය අද අවසන් වී තිබෙනවා.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන අරමුණ මත රටේ සංවර්ධනය නවතා දැමුවේ නැහැ. ඒ වගේම එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඇතුළත්. එමෙන්ම මෙවැනි කෙටි කාලයක් තුළ විදුලි බල අමාත්‍යංශය යටතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීම අප ලැබූ ජයක්. අතීතයේ දී විදුලිය ලබා දුන්නෙ සීමා සහිතව. එ.ජා.ප රජය කාලෙදි පැය ගණන් විදුලිය කප්පාදු කළා. නමුත් කැලණි තිස්ස බලාගාරයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුණත් අපි අඛන්ඩව විදුලිය ලබා දුන්නා.
2010 වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලිය ලබා ගත හැකියි. ඉහළ කොත්මලේ බලාගාරයට අදාළව තලවකැලේ සිට නියංගම්දොර දක්වා උමං මාර්ගය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේම 2011 වෙනකොට ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ වගේම කෙළවරපිටිය මෙගාවොට් 300 ධාරිතාවයකින් යුත් බලාගාර යේ මේ මාසය අවසානයට පෙර විදුලි ජනන කටයුතු ආරම්භ කරනවා.
විදුලිබල අමාත්‍යාංශය මම භාර ගන්නා විට ජාතික ප‍්‍රතිපත්තියක් වත් තිබුනෙ නැහැ. නමුත් මේ වන විට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර අවසන් පුනර්ජන නීය ප‍්‍රභවයන් කෙරෙහිත් අවධානය යොමුකර තිබෙනවා. ස්වභාවික බලශක්ති ප‍්‍රභේදයන්ගේ ආරක්ෂාව උදෙසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ආරම්භකර තිබෙනවා. ස්වාභාවික බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමේ අයදුම් පත් රැසක් අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. එයින් යම් ප‍්‍රමාණයකට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම කුඩා විදුලි බලාගාර 111ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. එයින් මෙගාවොට් 168ක් ඉපයීමට අපේක්ෂිතයි.
බලශක්තිය සංරක්ෂණය කිරීමේ වැඩසටහන්ද අප අමාත්‍යාංශ මගින් සිදු කෙරෙනවා. විදුලිය සංරක්ෂණයේදී විදුලි උපපොළ ආරක්ෂා කිරීමද ඉතා වැදගත්.
2016 වන විට මෙරට නිවාස වලින් 96%කට විදුලිය ලබා දීම අපගේ ඉලක්කයක්. ත‍්‍රස්තවාදී ගැටලු නිසා උතුරු නැගෙනහිර විදුලි අවශ්‍යතාව මුළුමනින්ම සැපිරීමට අපට හැකිවූයෙ නැහැ. ඒ වුනත් නැගෙනහිර නවෝදය යටතේ රුපියල් මිලියන 2400ක වැය කරමින් විදුලි අවශ්‍යතාව හැකි අයුරින් සපුරාතිබෙනවා. යාපනයේ ඉදි වූ චුන්නාකම් බලාගාරය ලබන මාසයේදී ජනතා අයිතියට පත්වෙනවා.
එමෙන්ම නැෙඟනහිරට මෙන්ම උතුරේ විදුලි අවශ්‍යතාවද මුළුමනින් සපුරාලීම අපගේ අරමුණක්. දකුණු ආසියා කලාපීය බලශක්ති සහයෝගිතාවයෙන් අපේ බලශක්ති ඉලක්ක සපුරාලීමට අවධානය යොමුකර තිබෙනවා.
ඉන්දු - ශ‍්‍රී ලංකා අන්තර් විදුලි හුවමාරු සම්පේර්ෂණ පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. මේ යටතේ මෙගා වොට් 1000ක විදුලිය පළමු අදියර යටතේ ඉන්දියාවෙන් ලබා ගැනීමටත් දෙවැනි අදියර යටතේ ශ‍්‍රී ලංකාවේ අතිරික්ත විදුලි ධාරිතාවය ඉන්දියාවට ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘතිය ගැන අවබෝධතා ගිවසුමක් අස්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
නිදහසින් පසු බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදුවූ වේගවත්ම සංවර්ධනය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ ඉටු කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මූලාසනයට පැමිණියේය
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා (ජ.වි.පෙ) ඛනිජතෙල් අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය අතර වැය ශීර්ෂය ඉදිිපත් කරනව කියන්නෙ
ණය හිමියා හා ණය කරුවා පිළිබඳව කතා කිරීමක්. ණය හිමියා ඛනිජ තෙල් අමාත්‍යංශය. ණය කරුවා විදුලිබල මණ්ඩලය.
ඛනිජතෙල් අමාත්‍යංශයෙන් ලබා දෙන ඉන්ධන මැනීමට හෝ එහි සංයුතිය බැලීමට අදාළ උපකරණ විදුලි බල මණ්ඩලයට නැහැ. ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පරිහරණය කිරීම විධිමත් නැහැ.
ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා ගාමිණී රත්නායක මහතා කතා කෙළේ කරන්ට් වැදිල වගේ. ඒ වගේම පාඩු ලබන තත්ත්වයේ තිබුන විදුලි බල මණ්ඩලය අද යටි
දියුණුවක් ලබා තිබෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේදී බරපතළ විරෝධයක් ඇතිවුණා. කතෝලික සභාවත් මෙයට විරුද්ධ වුණා. නමුත් මේ විරෝධතාව ඉවත් කිරීමට මමත් මූලික වී කටයුතු කළා.
ඉහළ කොත්මලේ වගේ ව්‍යාපෘති වලටත් බරපතළ විරෝධයක් පැන නැග්ගා. නමුත් ඒ විරෝධතාවයන් අද වෙන කොට ඉවත් වෙලා. විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කැර තිබෙනවා. ඒ වගේම සී.එෆ්.එල්. බල්බ් භාවිත කරන්නට කියල නීතියක් ගෙනාවා. ඒ නීතියත් සමග විදුලි පරිභෝජනයේ සංකේෂරායන් සහ විදුලි බිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.
අපි දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරල නැහැ කියල කියන්නට කාටවත් බෑ. ඉස්සර වගේ නෙවෙයි යාපනයට අද විදුලිය කප්පාදු කරන්නෙ නෑ. පැය විසිහතර පුරාම විදුලිය ලබා දෙනවා.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. කිෂෝර් මහතා (ද්‍ර.ජා.සං) අපගේ ප‍්‍රදේශ වලට විදුලිය ලබා දීමේදී ඔබලා අවධානය යොමුකරන්නෙ ප‍්‍රධාන මාර්ගය දෙපසට විතරයි. නමුත් අතුරු මාර්ග වල නිවාස රැසක් තිබෙනවා. ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවත් අප සපුරාලිය යුතුයි.
රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය
ජල සම්පාදන ඇමැති මහින්ද අමරවීර මහතා
මඩකළපුවේ සිංහල වෙද්‍යවරයාගේ ඝාතනයෙන් එල්.ටී.ටී.ඊ ය නිදහස් කිරීමට කිෂෝර් මන්ත‍්‍රීතුමා කතා කිරීම ගැන කනගාටුයි. අද තියෙන්නේ ත‍්‍රස්තවාදයට එරෙහි සටනක්. එය ජය ගැනීමේ ශක්තිය ජනාධිපතිතුමාට තිබෙනවා. ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් තිබෙන්න ඕනෑ. ඒ අහිංසක දෙමළ ජනතාවටයි. සාකච්ඡා පටන් ගන්නැයි කියන්නේ මොකටද කියා අප දන්නවා. ඒ එල්. ටී. ටී. ඊ. යට ශක්තිමත් වෙන්නයි.
ඛනිජතෙල් බෙදාහැරීමේ දී පිරවුම්හල්වල ඉන්ධන කලවම් කරනවා. තවම ඒ ගැන ගත්තාවූ කි‍්‍රයාමාර්ග මදි. පෙට‍්‍රල්වලට වතුර හෝ භූමිතෙල් මිශ‍්‍ර කිරීම නිසා වාහන හිමියන්ට විශාල පාඩුවක් සිදුවෙනවා.
දේශීය වෙද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා බලශක්තිය, විදුලි බලය රටේ දියුණුවට තීරණාත්මක ලෙස බලපානවා. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් වැඩිම බලපෑමක් එල්ල කළේ මේ අමාත්‍යංශවලටයි. එහෙත් කෙසේ හෝ ජනතාව පිට මුළු බරම පටවන්නේ නැතිව ඉන්ධන ලබාදීමට සමත් වුණා. පසුගිය මාසයේ පමණක් අඩු මිලට ඉන්ධන දීම නිසා ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 20ක් පාඩු වුණා.
අද නැඟෙනහිර සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම ප‍්‍රදේශයේ විදුලිබලය විශාල වශයෙන් සංවර්ධනය වෙනවා. උතුරු ප‍්‍රදේශයත් සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කරලා තිබෙනවා. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය විසඳූ විගස එම සැලසුම් කි‍්‍රයාත්මක කරනවා. උතුරු - නැඟෙනහිර විතරක් සංවර්ධනය කරලා හරියන්නේ නෑ. අනුරාධපුර - පොළොන්නරුව වැනි දිස්ති‍්‍රක්කවලත් විදුලි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ යුතුයි.
ත‍්‍රස්තවාදීන් රට සංවර්ධනය වනවාට කැමති නැහැ. මොකද ඔවුන්ට ඕන ජනතාව දුක් විඳින බව පෙන්වීමටයි. මාර්ග හැදෙනවාට, රෝහල්, පාසල් හැදෙනවාට ඔවුන් කැමති නැහැ. ඒ නිසා තමයි ත‍්‍රස්තවාදය විනාශ කොට ජනතාව වෙත සංවර්ධනයේ ප‍්‍රතිලාභ ගෙන යෑමට රජය කටයුතු කරන්නේ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා (එ. ජා. ප.) ඛණිජතෙල් අමාත්‍යංශය සහ විදුලිබල අමාත්‍යංශය ජනතාවට වඩාත් වැදගත් ආයතන දෙකක්. මේ දෙක ජනතාවගේ ජීවනාළිය වගෙයි. මේ ඛණිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය කූඩැල්ලන් දෙදෙනකු වගේ ජනතාවගේ ලේ උරා බොනවා. ජනතාවට වැඩිම පීඩාවක් එල්ල කරන ආයතන 2ක් බවට මේ ආයතන පත්වී තිබෙනවා.
අපි විකල්ප බලශක්ති පිළිබඳ මීට වඩා උනන්දු නොවන්නේ ඇයි. අපට සුළඟ තිබෙනවා. වසර පුරා හිරු එළිය ලැබෙනවා. බලශක්ති නිෂ්පාදනය ඛ්ලමට යොදා ගන්නා ශාඛ වර්ග තිබෙනවා. මේ විකල්ප බලශක්ති උත්පාදන මාර්ග දියුණු කළ යුතුයි. ලංකාවේ ගංගා 103ක් තිබෙනවා. මේවායේ ජලය නිකරුණේ මුහුදට ගලාගෙන යනවා. ඇයි මේවායෙන් ප‍්‍රයෝජන නොගන්නේ? මේ අය කියන තරම් දේවල් කරන්නෙ නෑ. විදුලි බල ආයතනය අද පාඩු ලබන තැනට පත්වෙලා.
අලුත්ගමගේ මහතා ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මහවැලි අමාත්‍යාංශයේ හිටපුකාලේ ඒකේ ආයතනටික විකුණන්න පිඹුරුපත් හදපු වාර්තාව මගෙ ළඟ තියෙනවා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි. පෙ.)
විදුලි බල පනත වෙනස් කරගන්නට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කළා. ඒ පනත නැවත වරක් ගෙනඒමට චන්ද්‍රිකා රජයත් උත්සාහ කළා. නමුත් එය කි‍්‍රයාත්මක වූයේ නැහැ. එමෙන්ම මෙම පනත වෙනස් නොකිරීම සම්බන්ධයෙන් රජයට අපි ස්තුතිවන්ත විය යුතුයි. විදුලි සැපයීමේ කි‍්‍රයාවලිය අනුන් සතු කිරීමට පියවර ගන්නට එපා.
විදුලිය හා බලශක්තිය පිළිබඳ බරපතළම අවස්ථාව උදාවෙලා. බලශක්ති හිමිකාරිත්වය රජය සතුවිය යුතුයි. මෙරට බලශක්තිය බහුජාතික සමාගම්වලට යටත් වුණොත් රජය සතු වගකීම ඉටුකරන්න බෑ. මිහින් එයාර් ගුවන් සමාගමට කෝටි 600ක් වෙන් කරළා. ඒ කෝටි හයසීයය විදුලිබල මණ්ඩලයට දෙන්න. රටේ බලශක්තියෙහි අයිතිය පිටරටටම දෙන්න එපා.
උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට වැඩම කළහ
විජේනායක මහතා විදුලිබල මණ්ඩලය පස්පව්වලට අහුවෙලා. ආණ්ඩුව යුද්ධය හොඳට කරගෙන යනවා. නමුත් බලශක්තිය කළමනාකරණය කිරීමේදී රජයට විධිමත් භාවයක් නැහැ.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් කුමාර මහතා (ජ. වි. පෙ.) අය-වැයෙන් මිල අඩුවිය යුතු දෙයක් නෙවෙයි ඛනිජතෙල්. අය-වැයක් සකස් කරන්නෙ වසරකට. නමුත් ඉන්ධන මිල එහා මෙහා නොකරයිද? ඉන්ධන මිල අයවැයෙන් අඩුකිරීම අසාධාරණයි වගේම අඩුකළ මුදල සාධාරණද? ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස)
නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 320ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්වෙනවා. එදා මෙය ආරම්භ කිරීමට බැරිවුණා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද ඒ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය එදා විවිධ විරෝධතා නිසා ආරම්භ කළ නොහැකි වුණත් අද එය ආරම්භ වී තිබෙනවා. හැම දේම නැහැ කියන ධර්මයෙන් වැඩක් නැහැ. අප ජාතියට යම් දෙයක් දිය යුතුයි.
ගාල්ල දිස්ති‍්‍ර මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (එ.ජා.ප)
පසුගිය මාස කිහිපය පුරාම ලෝකයේ තෙල් මිල ශීඝ‍්‍රයෙන් අඩු වුණා. පසුගිය මැයි මාසයේදිත් මේ රටේ තෙල් මිල වැඩි කළා. මාස 5ක් තිස්සේ ලෝක තෙල් මිල අඩු වෙද්දී මෙහේ මිල අඩු කළේ නෑ. අයවැයේ දී තෙල් මිල අඩු කෙළෙත් ඉතා සොච්චම් ප‍්‍රමාණයකින් පමණයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන හැට දාහක් පමණ අය වීමට තිබෙනවා. එහෙත් මේ මුදල් ගෙවීම මේ ආයතන පැහැර හැර තිබෙනවා. තෙල් මිල අඩුවට දීමෙන් මසකට රුපියල් මිලියන 23,000ක් පාඩු ලබන බව සංස්ථා සභාපතිවරයා කියා තිබුණා. ඒත් මෙය අපි පිළි ගන්නේ නෑ.
මුතුරාජවෙල තෙල් ගබඩාවේ ඩීසල් ලීටර් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් වැඩි මිලට ගෙන ගබඩා කරගෙන සිටිනවා. මේ තෙල් මාස 7කට ප‍්‍රමාණවත් . මේ ගබඩාවෙන් මුදා හරින්නේ දිනකට ලීටර් දාහක් විතරයි.
ඇමැති ෆවුසි
මුතුරාජවෙල ගබඩාවල තියෙන්නේ දින 28කට භාවිත කළ හැකි තෙල් ප‍්‍රමාණයක් විතරයි. බොරු කියන්න එපා.
කරුණාතිලක මහතා :-
තෙල් මිලදී ගැනීමේදී හෙජිත්වලට යෑම නිසා මේ වන විට ඩොලර් මිලියන 28ක් පාඩු වී තිබෙනවා. ඉදිරි වසරටත් බලපාන අයුරින් ගිවිසුම් අස්සන් කරලා තිබෙන නිසා මිලියන 300 ක් විතර පාඩු වෙනවා.
ඉරානයෙන් ණයක් අරගෙන තෙල් පිරිපහදුවක් හදන්න යනවා. ඩොලර් මිලියන 1.5ක්. මේ සඳහා වැය වෙනවා. මෙය විනිවිදභාවයෙන් යුක්තව ටෙන්ඩර් කැඳවා සිදු කරන්න. නැත්නම් මෙයින් තවත් පාඩුවක් වනු ඇත.
ගයන්ත කරුණාතිලක මහතා මූලාසනයට පැමිණියේය.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. පද්මනාදන් මහතා (දෙ. ජා.සං) දෙමළ ජනතාව ජීවත්වන ප‍්‍රදේශවලටත් විදුලිබලය ලබා දෙන්න. නැඟෙනහිර උදානය යටතේ විදුලිය දෙන බව කියනවා. අම්පාර දිස්ති‍්‍රක්කයේ ගම්මාන කීයකට විදුලිය දුන්නාද? සුනාමියෙන් අවතැන්වූවන්ට තවම විදුලිය දීලා නැහැ. සාම්පුර් බලාගාරය සඳහා දෙමළ ජනතාවගේ සශි‍්‍රක ඉඩම් අත්පත් කරගෙන සිංහල ජනාවාස හදන්න යනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප) විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව අද රාක්‍ෂයන් කන පරාක්‍ෂයන් බවට පත්වෙලා. ලංකා ට‍්‍රාන්ෆෝමර් සමාගම, කොප් කමිටුවට ගෙන්වන්න බැහැ. ටෙන්ඩර් දෙනකොට රජයේ සමාගමක් බව කියනවා.
සෙනෙවිරත්න මහතා කෝප් කමිටුවට ගෙන්වන්න නම් ස්ථාවර නියෝග සංශෝධනය කරන්න වෙනවා.
ජයසේකර මහතා සංශෝධන නොකර ගෙන්වමු. එන්න බැහැයි කියු මිහින් එයාර් ලංකා සමාගම් ගෙන්නුවෙ. නොරොච්චෝලේ බලාගාරය ඉඳි කරන්නේ අඩු වියදමින් විදුලිය නිපදවීමටයි. එහෙත් ගල් අගුරු මිල දැන් ඉහළ ගහින් ඩීසල්වලින් නිපදවන විදුලිබල ඒකකයකට වඩා රුපියල් 20ක් වැඩියෙන් වැය වෙනවා.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.
දයාසිරි ජයසේකර මහතා - තෙල් මිලදී ගැනීමේ දී ෆෙජින්ස් වලට යෑම නිසා අද විශාල ලෙස පාඩු ලබනවා. සාමාන්‍යයෙන් රටක ෆෙජින්ස් වලට යන්නේ සියයට 3 ක විතර ප‍්‍රමාණයක්. එහෙත් විශාල ප‍්‍රමාණයකට හෙජ් කිරීම නිසා අද මේ පාඩුව ඇති වෙලා. මාස හතකට සෑහෙන ඉන්ධන තියෙද්දිත් තමයි ඉන්ධන මිල මේ ආකාරයට මිල වැඩි කරන්නෙ.
ෆවුසි මහතා - බොරු කියන්න එපා. අපට ගබඩා පහසුකම් තියෙන්නෙ දින 28 කට
ප‍්‍රමාණවත් ඉන්ධන ගබඩා කිරීමට විතරයි. මුතුරාජවෙලට ඉන්ධන අරංගියාම ඩොලර් තුනක් අපට ඉතිරියි.
ජෝන් සෙනෙවිරත්න මහතා - දයාසිරි ජයසේකර මහතා කෙරවළපිටිය බලාගාරය ගැන කරුණු නොදැන ප‍්‍රකාශ කරනවා. කෙරවළපිටියට අදාළව ගෑස් ටර්බයිනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. මෙහිදී රුපියල් 22.68 කට ඒකකයක් දෙන්න එකඟ වෙල තියෙනවා. විදුලි කැපීම වළක්වන්න තිබෙන විකල්පය තමයි කෙරවලපිටිය බලාගාරය ආරම්භ කරන්නේ.
බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අද විවාදය ආරම්භ කෙළේ එ ජා ප යේ අනාගත විදුලිබල ඇමැති සාගල රත්නායක මහතා. එතුමා නොරොච්චෝලේ බලාගාරය ගැන කතා කෙළේ වෙරයෙන්. නොරොච්චෝලේ බලාගාරයට විරෝධය දැක්වීමට ජනතාව පාරට යැව්වෙ එ ජා ප ය යි.
ගයන්ත යමක් කියයි.
අලුත්ගමගේ මහතා - එජාපයේ මාධ්‍ය ප‍්‍රකාශක කියනවා මාස හතකට සෑහෙන තෙල් ගබඩා පහසුකම් අපට තිබෙනව කියලා. අපට එහෙම පහසුකම් නෑ. ඉන්ධන ගබඩා කළ හැක්කේ දින 28 කට විතරයි. ෆවුසි ඇමැතිතුමා කිව්වා කන්න දෙන්න පුලුවන් මොලේ දෙන්න බෑ කියලා.
මේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 82% ක් පමණ අවශ්‍යතාවය සපුරා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාතේ මුදාගත් සියලුම ප‍්‍රදේශවල විදුලි අවශ්‍යතාවය අපි සපුරා තිබෙනවා. විදුලිය අපතේ යාම 21% ක් පමණ තිබුනා. නමුත් දැන් 15.5% දක්වා විදුලිය අපතේ යාම අපි අවම කර තිබෙනවා.
ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කරනවා, විදුලිය හුවමාරුව වෙනුවෙන්. විදුලි බල මණ්ඩලය පාරිභෝගික ජනතාවගේ ගැටලු වෙනුවෙන් කන් දෙනවා. විදුලි බල පනත සංශෝධනය විය යුතුයි.
මේකට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධයි. මේ පනත හරහා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට ලක් කිරීම හෝ විකිණීමක් කරන්නේ නෑ. මේ ආයතනය ප‍්‍රතිව්‍යුහගත කරණයක් විය යුතුයි. අපි රජයක් ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නෙ නෑ.
ජ. වි. පෙ නායකයයි, එ. ජා. ප නායකයයි රෑට රෑට සාකච්ඡා කරනවා. මේ ගොල්ලො හෙට අනිද්දට ලකුණ වෙනස් කරනවා. අමෙරිකාව ආදර්ශයට අරගෙන අලිය වෙනුවට බූරුවා ලකුණ ලෙස යොදා ගන්නවා. ඒ වගේම අපිත් බලාගෙන ඉන්නේ ජෙ. වි. පෙ එ. ජා. ප යත් එක්ක එකතු වෙනකල් තමයි. ජ. වි. පෙ අය වෙනුවෙන් පෙනී සිටින්නෙ එ.ජා.ප ය. ජ. වි. පෙ ට පළාත් සභාවට ඕනෙ අපේක්ෂකයෝ පත්කර ගන්නවත් බැහැ. ජ. වි. පෙ ඉහළ නායකත්වයේ මේ වැඩ වලට පොඩි අය විරුද්ධයි. අද ලාල්කාන්ත තුන්වන කැරැල්ල පටන් අරගෙන.
ඛණිජ තෙල් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා - දයාසිරි ජයසේකර මහතාගේ සහ විපක්‍ෂයේ ප‍්‍රශ්නවලට මම දැනටමත් උත්තර දී තිබෙනවා. තෙල් මිල ඉහළ යෑම විපක්‍ෂයට හැමදාම ප‍්‍රශ්නයක්. අපි ෆෙජිත් වලට ගියත් වැරදියි. මොනවා කළත් වැරදියි.
මුතුරාජවෙල මාස 7 කට තෙල් තියෙන බව කිව්වා. ඒත් ඒක බොරුවක්. දවස් 28 කට විතරයි තියෙන්නේ. අපි ලොකු නැව්වලින් තෙල් ගේන්නේ ප‍්‍රවාහන ගාස්තු අඩු කර ගැනීමටයි. එහි වාසිය අත් වන්නේ පාරිභෝගිකයාට යි.
ලෝක තෙල් මිල වැඩි වන විට ෆෙජිත් වලින් වාසි අත් වෙනවා. ලබන වසරේ දී අපි අපේ මුළු තෙල් ප‍්‍රමාණයට හෙජ් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙජ් කළ විට තෙල් මිල කොතරම් වැඩි වුණත් අපට කමක් නෑ. මේ මගින් ලබන වසරේ තෙල් මිල ඉහළ යෑම වැළැක්වීමට කටයුතු කරනවා.
තෙල් සංස්ථා සභාපතිවරයා හොඳ කළමනාකාරිත්වයක් පවත්වාගෙන යන නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමට හැකි වුණා.
අහිංසක ජනතාව ගැන කැක්කුමක් තිබෙන නිසා ජනාධිපතිතුමා සහන දීලා තිබෙනවා. බිලියන 21 ක් ජනතාවට සහන දීලා තිබෙනවා. අඩු මිලට ගත් තෙල් එන්නෙ ලබන මාසෙ. හැම වෙලාවෙම මිල අඩු කරන්න කියනවා. මේක විහිළුවක් ද?
දයාසිරි ජයසේකර මහතා - (යමක් කියයි.)
ෆවුසි මහතා - දැන් තමුන්නාන්සේ කීවේ මට සිංහලෙන් කතා කරන්න බැහැ කියලා. දැන් කොහොම ද මගෙ සිංහල? බොරු විවේචන කරන්න එපා. බොරු විවේචන නම් ඔයා තියා ඔයා ගෙ තාත්තා ආවත් මා පිළිගන්නෙ නැහැ.
වැය ශීර්ෂය සම්මත විය.
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට යළි රැස්වේ.

Thursday, November 20, 2008
සංචාරක කර්මාන්තයේ ප‍්‍රශ්න තිබේ නම් ලියන්න-අමතන්න-විවෘත අදහස් දෙන්න- ඇමැති මිලින්දගෙන් නිලධාරීන්ට උපදෙස්
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
සංචාරක අමාත්‍යංශය විවෘතයි. එම ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රශ්න තිබේ නම් ලියන්න. මා අමතන්න. එමෙන්ම විවෘතව අදහස් ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා යැයි සංචාරක කටයුතු ඇමැති මිලින්ද මොරගොඩ මහතා පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවේදී ඊයේ (19) ප‍්‍රකාශ කළේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) පෙරවරු 9.30 ට රැස්විය.
වාර්තා පිළිගැන්වීමෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කරන ලදී.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත ( අය වැය ) කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු සහ සංචාරක යන අමාත්‍යාංශ දෙකේ වැයශීර්ෂ විවාදයට ගැනිණි.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකාහේරත් මහත්මිය වැය ශිර්ෂවලින් රුපියල් දහයක් කපා දැමීමට යෝජනා කළාය.
අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චනද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය (එ.ජා.ප)- සංචාරක කර්මාන්තය 1994ට පෙර රටට විදේශ විනිමය ගෙනාවා. 1994 ට පසු එම කර්මාන්තයට දුක්ඛදායක තත්ත්වයක් අතිවුණා. එ.ජා.ප පාලන කාලෙ සාම ගිවිසුමක් සමග සංචාරකයන්ගේ පැමිණිම වැඩි වුණා. අගනා විදේශ විනිමයක් උපයන සංචාරක කර්මාන්තයට දක්වන සැලකිල්ල ප‍්‍රමානවත් නැහැ.
සංචාරක ව්‍යාපාරයේම සම්බන්ධ ලක්‍ෂයකගේ රැකියා අහිමි වී ඇති අතර පවුල් හැත්තැ දහසක් පමණ අසරණ වෙලා. උතුරේ යුද්ධය නිසා සංචාරක පැමිණීම අඩුවෙලා තිබෙන බව අන්තර් ජාලයේ සඳහන් වෙනවා.
අද මෙරටට එන සංචාරකයන් බොහෝ දෙනා බජට් ගුවන් ටිකට්පත් ලබාගෙන පැමිණෙන කම්කරුවන් වැනි අයයි. අද මෙරටට පැමිණෙන සංචාරක අතලොස්ස සංචාරක අමාත්‍යාංශයට සම්බන්ධ හෝටල් හිමියන් අතට පත්වෙන බව පේනවා. හැම දෙනාටම සමානව සංචාරකයන් බෙදීයාමට සැලැස්වීම හොඳයි.
සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුත්තාපා මහතා- ලොව පුරා පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශී‍්‍ර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ශක්තියක් තිබෙනවා. ඉරාණය සමග වඩා හොඳ සබඳතා පැවැත්වීමට අපට හැකිවී තිබෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශ එක් වී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ අංශයට සහාය දැක්වීමට රුපියල් දසලක්‍ෂ සියයක ආධාර ලබාදී තිබෙනවා. ලබන මස අවසානයට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරය ගැන දත්ත බැංකුවක් සකස් කරනවා.
වෘත්තිය අධ්‍යාපන පුහුණුවක් ලබාදීමටත් පියවර ගත්තා. යුරෝපා සංගමයේ ආධාරයෙන් කටයුතු කැරෙනවා. වත්මන් ලෝක ප‍්‍රවණතා අනුව අන්තර් ජාලය මගින් මේ ව්‍යාපාරය දියුණු කිරීමටත් කටයුතු කැරෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මුලාසනයට පැමිණියේය.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා - ජ.වි.පෙ)- රටක කී‍්‍රඩාව නගා සිටුවන්න හොඳ අයෝජනයක් කළ යුතුයි. නමුත් කී‍්‍රඩාව වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන්කර නැහැ.
ඒ වගේම මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නෙ ගිය වසරටත් වඩා අඩු මුදලක්. ඒ වගේම කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ටෙන්ඩර් ලබා ගන්නා බලවතුන් අතර තිබෙන්නෙ තරඟයක්.
ගාමිණි ලොකුගේ මහතා-අප අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ටෙන්ඩර් ලබා දී තිබෙන්නෙ රාජ්‍ය ආයතන වලටයි.
දිමුතු අබේකෝන් මහතා :- කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ සිටින ඇතැම් නිලධාරීන් තියාගෙන කී‍්‍රඩාව නගා සිටුවන්න පුළුවන්ද යන ගැටළුවත් තිබෙනවා. සුගතදාස කී‍්‍රඩා සංකීර්ණයේ කළමනාකාරිත්වයේ වැරැදිරාශියක් තිබෙනවා.
මේ වැරැදි ගැන කතාකරන වෘත්තිය සමිතිවලටත් බලපෑම් කරනවා. සුගතදාස කී‍්‍රඩාංගණය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. ඒ නිසා මේ ගැන හොයල බලන්න. මහනුවර කී‍්‍රඩා පාසලට අවශ්‍ය පහසුකම් නැහැ.
ගාමිණි ලොකුගේ මහතා :- මහනුවර කී‍්‍රඩා පාසල වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
දිමුතු අබේකෝන් මහතා :- දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල වෙනුවෙන් වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතා (එ.ජ.නි.ස.)-සංචාරක කර්මාන්තය සහ කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රය අතර පවතින්නේ ඉතා සමීප සම්බන්ධතාවයකි. සංචාරක කර්මාන්තයේ දියුණුවට කී‍්‍රඩාව ඵලදායී ලෙස යොදා ගත හැකියි. කී‍්‍රඩා තානාපතිවරුන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යොදාගත හැකියි. දැනටමත් අරවින්ද සිල්වා සහ මා එවැනි මෙහෙවරක යෙදී සිටිනවා.
සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා කී‍්‍රඩාව මීට වඩා යොදාගත හැකියි. ඒ සඳහා වැඩපිළිවෙල සැකසිය යුතුයි. දැනටමත් ඒ සඳහා යම් යම් කටයුතු සිදු කිරීම පිළිබඳ අප සතුටු වෙනවා.
කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පවතින යම් යම් අක‍්‍රමිකතා මා විටින් විට මේ සභාවේදී මෙන්ම ඉන් පිටතදී ද පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ දුෂණ අක‍්‍රමිකතා පිළිබඳ මෙතෙක් කිසිඳු පියවරක් නොගැනීම ගැන අප කනගාටු වෙනවා. පසුගියදා චීනයේ පැවැති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩා ඇමැතිතුමාගේ අනුමැතියකින් තොරව කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා. මේවා වැළැක්විය යුතුයි.
‘ මා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධූරයට පත් වූ පසු මේ ආතනයේ මූල්‍ය කටයුතු විගණනය කිරීම සඳහා විගණන ආයතනයට පැවරුවා. මා භාර ගන්නා විට මේ ආයතනයේ විශාල බැංකු අයිරාවක් තිබුණා. මූල්‍ය කටයුතු බිඳවැටී තිබුණා. මේ තත්ත්වයෙන් ආයතනය ගොඩ ගැනීමට විශාල වෙහෙසක් දරමින් සිටිනවා.
කි‍්‍රකට් කී‍්‍රඩාව පිට පළාත් වල ජනප‍්‍රිය කරවීමට රට පුරා පාසල් 300 කට කී‍්‍රඩා උපකරණ ලබාදීමට කි‍්‍රකට් ආයතනය කටයුතු කළා. කි‍්‍රකට් පුහුණු කරුවන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබා දී තිබෙනවා. මෙරට කි‍්‍රකට් කී‍්‍රඩා කරන පාසල් 450 ටම මේ පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එජාප) -ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධුරයට නිවැරැදි පුද්ගලයකු පත් කිරීම ගැන අප සතුටු වෙනවා. අර්ජුන රණතුංග මහතා මේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාවට විශාල සේවයක් කළ පුද්ගලයෙක්. ඒ මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය හරහා මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීමට විශාල සේවාවක් සිදු කරනවා.
මේ රටේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමට ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු වී තිබෙනවා. විටින් විට සැහැල්ලු ගුවන් යානා වලින් පැමිණ ප‍්‍රහාර එල්ල කරන රටකට සංචාරකයන් පැමිණීමට මැලිකමක් දක්වනවා. පැමිණෙන සංචාරකයන් පවා වැඩිපුර මුදල් ගෙන එන්නේ නෑ. සංචාරක නියෝජිතයන් ළඟ ඔවුන් මුදල් තැන්පත් කරලා එන්නේ. සංක‍්‍රමණික සංචාරකයන් පමණයි මෙරටට එන්නේ.
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍රනී නිරූපමා රාජපක්ෂ මහත්මිය - පසුගිය වසරේදී සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විවිධ පියවර ගෙන තිබෙනවා. නව සංචාරක පනත කි‍්‍රයාත්මක කිරීම ඉතා වැදගත් දෙයක්.
සංචාරක කර්මාන්තයේ දියුණුවට දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කිරීමට නව සංචාරක ඇමැතිතුමා උත්සාහ දරනවා. සංචාරක ව්‍යාපාරයෙන් මෙරට මිලියන 9 ක පමණ ජනතාවක් ප‍්‍රතිලාභ ලබනවා. සංචාරක කටයුතු ප‍්‍රවර්නය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් විශාල වැඩ කොටසක් සිදු වෙනවා. චීනය සහ ඉන්දියාව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී අපට විශේෂ වැගත්කමක් තිබෙනවා.
රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දුනේශ් ගන්කන්ද මහතා (එජාප)- අපේ කී‍්‍රඩා පරිපාලනය බිඳ වැටිලා. කී‍්‍රඩාවේ දියුණුවට එය බාධාවක්. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ බිඳ වැටීම ගැන මේ සභාවේ කරුණු හෙළි වුණා. රග්බි සංගමය පත් කිරීමේ දී ඇති වූ තත්ත්වය මාධ්‍යවල පළ වුණා. කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට දේශපාලනය පිවිසීමත් කී‍්‍රඩාවේ කඩා වැටීමට හේතුවක්.
කී‍්‍රඩා ඇමැති බන්දුල බස්නායක මහතා - මානව හිතවාදී ශ්‍රේෂ්ඨ නායකයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ පදවි ප‍්‍රාප්තිය සමරන දිනයේ මෙසේ කථා කිරීමට ලැබීම සතුටක්. කී‍්‍රඩාව, කී‍්‍රඩාවක් වශයෙන් කිරීමට බාධා රැසක් තිබෙනවා.
දයාසිරි ජයසේකර මහතා
යමක් කියයි
බස්නායක මහතා - ලොක්කගෙන් කැපිලා ඉන්න තමුන්නාන්සෙ දැන් අපට බාධා කරනවා.
දක්ෂතා වර්ධනය කර ගැනීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය ආධාර ලබාදී තිබෙනවා. ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තිය 2009 දී නීති ගත කිරීමට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්වී පොදු කි‍්‍රයා මාර්ගයක් ලෙස කී‍්‍රඩාවේ දියුණුවට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. එම ඒකාබද්ධ වැඩ පිළිවෙළ පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක කරනවා. පාසලෙන් බිහි වන කී‍්‍රඩකයන් ඉන් අනතුරුව බාර ගැනීමට කවුරුන් හෝ සිටිය යුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එන්. රාජාබ්දීන් මහතා (එ. ජා. ප.) - ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රටේ ආර්ථිකයට දායක වී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා තරගයේ දී අපට පදක්කම් 31 ක් ලැබුණා. 2009 දී මිලියන 570 ක පමණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නිල්ල පිරුණු රේස් පිටියේ සමහර කොටස් 1963 දී විවිධ අංශ වලට දුන්නා. ග‍්‍රහලෝකාගාරයට, රාජකීය විදුහලට, බ්ලුම්පීල්ඩ් සමාජයට දුන්නා. ඒවා දැන් නැවත හදන්න බැහැ.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා - නගරයට සීමා වූ පහසුකම් ගමට ගෙන යාමට ගනු ලැබූ පියවර අගයනවා. වොලිබෝල් කී‍්‍රඩාව සඳහා අංග සම්පූර්ණ කී‍්‍රඩා පිටි සැකසීමට වොලිබෝල් සංගමයේ සභාපති ඩිලාන් පෙරේරා මහතාටත් ස්තුති කරනවා. මහව දිගනේ කී‍්‍රඩා පිටිය අංග සම්පූර්ණ කිරීම ගැන ලොකුගේ හා බස්නායක යන ඇමැතිවරුන් දෙදෙනාට ස්තුති කරනවා.
සංචාරක අමාත්‍යාංශය ආදර්ශවත් සංචාරක ප‍්‍රවර්ධනයේදී ආදර්ශ නගරයක් ලෙස මහව නගරය තෝරා ගත්තා. මහව බස් නැවතුම් පොළ, පොදු සනීපාරක්ෂක මධ්‍යස්ථානය ඉදි කිරීමට විශාල මුදලක් ලබා දුන්නා. සංචාරකයන් මෙරටට පැමිණි විට හැමදාම ලබා දුන්නේ සම්ප‍්‍රදායික සිතියමක්. වයඹ පළාතේ රාජධානි හතරක නටබුන් තිබෙනවා.
ලෝකයේ පළමු වැනි කී‍්‍රඩා ගාරය තියෙන්නෙ පඬුවස්නුවර. එය ඓතිහාසිකයි. ඒ ස්ථානයට පාවිච්චි කරල තියෙන තාක්ෂණික පහසුකම් ලෝකයේ කිසිම රටක භාවිත කරල නැහැ. මේ ස්ථානය ආශ‍්‍රිතව බොහෝ පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන තියෙනවා.
දිගාමඬුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පද්මනාදන් මහතා (ද්‍ර. ජා. ස.) - කී‍්‍රඩා ආමාත්‍යාංශය වෙනුවෙන් මෙවර අය වැයෙන් මිලියන 300 ක් වෙන්කර තිබෙනවා. නමුත් උතුරු නැඟෙනහිර දරුවන්ගේ කී‍්‍රඩාව දියුණුව වෙනුවෙන් අවධානයක් නෑ.
අපේ ප‍්‍රදේශවල ඉන්න දරුවොත් කී‍්‍රඩාවට දක්ෂයි. උතුරු නැගෙනහිර දරුවන්ගෙ කී‍්‍රඩාව වෙනුවෙන් යමක් කරන්න. විශේෂයෙන්ම අපගෙ ප‍්‍රදේශවල දරුවන්ට කී‍්‍රඩා පිට්ටනි, කී‍්‍රඩා භාණ්ඩ ලබා දෙන්න.
සංචාරක ඇමැති මිලින්ද මොරගොඩ මහතා- උතුරු නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් අපිට බොහෝ දේවල් කළ හැකියි. ඒ වෙනුවෙන් අපි බොහෝ දේවල් සැළැසුම් කර තිබෙනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහය අපට අවශ්‍යයයි.
ඩිලාන් පෙරේරා මහතා :- ගෙවීගිය අවුරුදු හතර තුළ කී‍්‍රඩා සංචිත හතරක් රැකගත්ත එකම සංගමය ජාතික වොලිබෝල් සම්මේලනයයි. එහිදි කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් අපට ලැබුන සහය අගය කළ යුතුයි. විශේෂයෙන්ම මේ නිසාම අදාළ කී‍්‍රඩා සංචිත හතරම ජාත්‍යන්තර තරඟවලට පවා සහභාගි වුනා.
ගාමිණී ලොකුගේ මහතා කී‍්‍රඩා ඇමැතිවරයා වුනාට පස්සේ හොඳ වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. කී‍්‍රඩකයන්ට වර්ණ ලබාදීම එයින් එකක්. ඊළඟ වර්ණ ප‍්‍රදානයේදි සාර්ක් තරඟාවලියේදී රන් හා රිඳී ලාභින්ටත් අවස්ථාව ලබා දෙනව නම් හොඳයි.
ජාතික මහා කී‍්‍රඩා උළෙල බෙලිඅත්ත වගේ ප‍්‍රදේශයකට ගෙනයාම හොඳයි. එය ඌව පළාතටත් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම රීඩ් ඇවනිව් කී‍්‍රඩාංගණය පිළිසකර කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමත් අතිශය වැදගත්.
ඩී. එස්. අයි තරඟාවලිය, ඩයලොග් වොලිබෝල් තරඟාවලිය, ජනාධිපති රන් කුසලාන මේ වගේ තරඟවලට ලක්ෂයකට අධික පිරිසක් කී‍්‍රඩකයෝ ඉන්නවා. ඒ වගේම වොලිබෝල් සම්මේලනය අතිශය දුප්පත්. අපටම වෙන්වුන පුහුණු කිරීමේ ආයතනයක් නෑ.
අපි වැඩිපුරම පුහුණුවීම් කරන්නෙ සුගතදාස කී‍්‍රඩාංගණයේ මෙහිදී පේර්මදාස ජනාධිපතිවරයා සිහිපත් කළ යුතුමයි. එතුමා නොවන්නට අපට පුහුණු වෙන්නටවත් තැනක් නෑ.
උඩවත්තේ නන්ද හිමි මූලාසනයට වැඩම කළහ.
ඩිලාන් පෙරේරා මහතා :– බදුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කරන්න. ;ම් වෙනුවෙන් කී‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබුණා. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ යම් අර්බුදයක් හේතුවෙන් එය නතර වුණා.
එහෙත් දුෂ්කර පළාත්වල කී‍්‍රඩාපහසුකම් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ග‍්‍රාමිය කී‍්‍රඩා පහසුකම් සංවර්ධනයට අයවැයෙන් වෙන් කිරීම ගැන ජනාධිපතිවරයාට අපි ස්තුතිවන්ත විය යුතුයි.
ඒ වගේම ඌව පළාත කියන්නෙ සංචාරක කර්මාන්තයට බලපාන ප‍්‍රදේශ රැසක් තිබෙනවා.
ඒ නිසා ඒ සංචාරක කලාප හදුනාගෙන කර්මාන්තය. ප‍්‍රවර්ධනයට පියවර ගත යුතුයි. එහෙම වුණාම ඌව පළාත හා නැඟෙනහිර පළාත එකිනෙක යාකර සංවර්ධනය කළ හැකියි. ඒ වගේම මෙවර අයවැයෙන් යෝජනා වී තිබුණා සංචාරක ආදර්ශ ගම්මාන ඉදිකරන බවට.
විපක්ෂය විසින් පාර්ලිමේන්තුවෙ මෙහෙයවන එකම විවාදය අයවැය විවාදයයි. ඒක මෙහෙයව ගන්න බෑ එක්සත් ජාතික පක්ෂයට. පසුගියදා අයවැය විවාදය කරගෙන යන්නට බැරි වුනා එක්සත් ජාතික පක්ෂයේ කථිකයො නැතිව.
සභාව කල්තබන අවස්ථාවෙ විවාදය ඉල්ලපු දයාසිරි ජයසේකර මහතාවත් මේ සභාවෙ හිටියේ නැහැ. බැරි වෙලාවත් අදාළ විෂයට අදාළ ඇමැතිවරයා ශරිර කෘත්‍යකට එළියට ගියත් එජාපය අපට ලෙඩේ දානවා.
නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කතිකයො හිටියා. එක්සත් ජාතික පක්ෂයට එකම විවාදයවත් මෙහෙයවගන්න බැහැ.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩා මහතා (ජ. වි. පෙ.)- 2006 වසර වෙනකොට සංචාරක අමාත්‍යාංශය විශාල ආදායමක් ලබා තිබෙනවා. නමුත් 2008 වෙනකොට ඒ ආදායම අඩුවෙලා. සංචාරක කර්මාන්තය කියන්නෙ රටක ජාතික ආර්ථිකය සඳහා දැඩි බලපෑමක් එල්ල කරනවා. අපේ රට සංචාරක කර්මාන්තයට පාරාදීසයක්.
ඉන්දියන් සාගරයේ මුතුඇටය. ස්වභාවික පරිසර පද්ධතින්, දේශගුණික කලාපයන් මේ සියල්ලම අපේ රටේ තිබෙනවා. එහෙව් රටකට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ගැටලුවක් තිබෙන්නට බැහැ.
සංචාරකයන් ගෙන්වා ගැනීම හෝ පැමිණීමේ අඩුවක් තියෙනවනම් එහි වරද මේ රටේ ජනතාවගෙ නෙවෙයි. අදාළ විෂය බලාගන්නා අයයි මෙයට විසඳුම් සෙවිය යුත්තෙ.
අපේ රටතුළ ඕනෑ තරම් සංචාරක කලාපයන්, අතීත උරුමයන්, කලා නිර්මාණ, ඓතිහාසික සිද්ධස්ථාන, පාරිසරික ස්වභාවික සම්පත් ඕනෑතරම් තිබෙනවා. අපේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේවා යොදාගන්න පුළුවන්.
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා- ලෝක ආර්ථිකය අද විශාල පසුබෑමකට ලක් වෙලා. මේ ආර්ථික පසුබෑම සංචාරක කර්මාන්තයට බලපාන බව අමුතුවෙන් කියන්න බැහැ. අපි වගේ කුඩා රටවලට මෙය තදින්ම බලපානවා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශය මගින් මේ වන විට සුවිශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. අපේ රටට සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණි රටවල්වලට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් දැන් මෙරටට සංචාරකයන් පැමිණෙනවා. මේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මීට හේතුවී තිබෙනවා.
අපේ රට පිළිබඳ නොදැන සිටි රටවලින් පවා සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉතා වැදගත්. අපේ සංස්කෘතික උරුමයන් සහ සාම්ප‍්‍රදායික ආයුර්වේදය වැනි අංශ මෙලෙස සංචාරකයන් වැඩියෙන් මෙරටට ගෙන්වා ගැනීමට උපකාරී කරගත හැකියි.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා- හොඳ ආර්ථික පසුබිමක් තිබුණ නම්, යුද්ධයක් නොතිබුණානම් මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දක්‍ෂ ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ මහතාට හැකියාව තිබෙනවා.
ඒත් මේ රටට සංචාරකයන් එන්නේ නෑ. ඒ මේ රටේ තිබෙන යුදමය වාතාවරණය නිසයි. සංචාරක කර්මාන්තය සියයට 34ක් කඩා වැටිලා.
මේ රටට එන්නේ එතරම් වත්කම් නැති සංචාරකයන් පමණයි. පැකේජ්වලට එන අය විතරයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අපි අපේ පැත්තෙන් සියලු සහාය දෙන්නම්.
නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
කී‍්‍රඩාව දැවැන්ත දේශපාලනීකරණයකට පත්වෙලා. අන්තර් කමිටු දේශපාලනයෙන් තොර කරන බව කියමින් ඇමැතිවරු පටන් ගන්නවා.
නමුත් අවසානෙදි ගියේ පාලක කමිටු පවා තරහ කරගෙනයි. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා වොලිබෝල් කමිටුවේ යම් වැඩක් කරනවා. එමෙන්ම ටී. බී. ඒකනායක ඇමැතිතුමා වූෂූ කමිටුවේ වැඩ කොටසක් ඉටුකරනවා. හෂාන් තිලකරත්න මහතා කි‍්‍රකට් කළමනාකරණයට පත්කළ විට ආසන සංවිධායකත්වයෙන් අස්වෙන්න කීවා.
ලොකුගේ මහතා- එතුමා ආවේ රස්සාවකට. රස්සාවයි දේශපාලනයයි දෙකම කරන්න බැහැ.
ජයසේකර මහතා- කී‍්‍රඩාවේ දේශපාලනීකරණය නවත්වන්න.
නාගරික සංවර්ධන ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා- අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම කී‍්‍රඩාවත් රටේ මානව සමාජයට ප‍්‍රයෝජනවත් වෙනවා. දිස්ති‍්‍රක් මට්ටමින් විවිධ කී‍්‍රඩා සංචිත හදලා. වොලිබෝල් කී‍්‍රඩාව මේ රටේ අමතක කළ කාලයක් තිබුණා. වොලිබෝල් සංගමයේ සභාපති වශයෙන් ඩිලාන් පෙරේරා මහතා හොඳ සේවයක් කරනවා.
කී‍්‍රඩා නිලධාරීන්ගෙ වැටුප ප‍්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ වැටුප ප‍්‍රමාණවත් පරිදි වැඩිකරන්න. රටක සංවර්ධනයට අවශ්‍ය වැඩ කිරීම අවශ්‍යයයි. අපටත් අවශ්‍ය වැඩකිරීමයි. නම අවශ්‍ය නැහැ.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. විනෝ මහතා (ද්‍ර. ජා. ස.)- රටක තරුණ පරපුර කී‍්‍රඩාව මගින් නිවැරැදි මගට ගතහැකියි. එහෙත් උතුරු නැඟෙනහිර දරුවන්ට මේ අවස්ථාව ලබාදී නැහැ. කී‍්‍රඩාව, අධ්‍යාපනය වෙනුවට ඔවුන් කුඩා කළ සිටම ආයුධ අතට අරගෙන, ඒ නිසා මේ වරද අනාගතයේදී හරි නිවැරැදි කිරීමට පියවර ගත යුතුයි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා (එ. ජ. නි. ස.)- කී‍්‍රඩාව සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. වොලිබෝල් කී‍්‍රඩාව කඩා වැටීමට ලක්වෙමින් තිබූ මොහොතක එය ගොඩනැගීමට ඩිලාන් පෙරේරා මහතා සහ කී‍්‍රඩා ඇමැතිවරයා විශාල වෙහෙසක් ගන්නවා. එය අගය කළ යුතුයි.
ගම්පහ ප‍්‍රදේශයට වොලිබෝල් කී‍්‍රඩාව පුහුණු වෙන්න තැනක් නෑ. වොලිබෝල් කී‍්‍රඩාංගණයක් ගම්පහට ලබා දෙන්න. ඒ වගේම අත්තනගල්ලට කි‍්‍රකට්, වොලිබෝල් කී‍්‍රඩාව දියුණු කිරීමටත් උදව් කරන්න.
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි මහතා (එ. ජා. ප.)- සුනාමිය නිසා ධීවර කර්මාන්තය වගේම සංචාරක කර්මාන්තයටත් බලපෑම් එල්ල වුනා. ඒ ජනතාවට තවමත් සහන නැහැ.
සංචාරක කර්මාන්තය දකුණු වෙරල ආශි‍්‍රතව ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහා යොදා නොගන්නා, එහෙත් යොදාගත හැකි ගම්මාන හා ප‍්‍රදේශ රැසක් අපගේ ප‍්‍රදේශයේ තිබෙනවා. එම ප‍්‍රදේශත් සංචාරක කර්මාන්තයට යොදා ගන්න.
හම්බන්තොට දිස්ති‍්‍රක්කය ඉතිහාසයේ සිටම වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් තිබෙනවා. තිස්සමහාරාම විහාරය, සිතුල්පව්ව, මුල්කිරිගල විහාරය ආදිය වැදගත්.
උඩවත්තේ නන්දහිමියෝ මුලසුනට වැඩම කළහ.
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා- 2005 සම්මත කළ සංචාරක පනත කි‍්‍රයාත්මක කිරීමට ඇතැමුන් යම් බියක් ඇතිවුණා. එහෙත් වත්මන් සංචාරක ඇමැති නොබියව පියවර ගත්තා.
ඒ අනුව ස්වාධීනව මේ අමාත්‍යංශය යටතේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට හැකි වෙනවා. යුද්ධය නිසා සංචාරකයන් එන්නෙ නැතිවීම ස්වභාවිකයි. එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළට ඇතුල්වෙනකොට ඇඳුමේ පටිය පවා ගලවනවා.
මැදපෙරදිග සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාදාමය ඵලදායකවී තිබෙනවා. සාර්ක් රටවල, විශේෂයෙන් ඉන්දියාවේ දී සංචාරකයන් ඩොලර්වලින් ගෙවනවා. එහෙත් ශී‍්‍ර ලංකාවේ දී ගෙවන්නේ රුපියල්වලින්.
ඒ නිසා සාර්ක් රටවල සංචාරකයන් ගෙන් ඩොලර්වලින් නම් අපිත් ඩොලර්වලින්ම මුදල් ගත යුතුයි. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය හා ප‍්‍රාදේශීය අංශද එක්වී මේ ක්‍ෂේත‍්‍රය ශක්තිමත් කළ යුතුයි.
සංචාරක ක්‍ෂේත‍්‍රයේ දුක් ගැහැට සම්බන්ධයෙන් සොයා බැලීමට පරිපාලන කොමසාරිස්වරයෙක් ද පත්කළා. පළමුවරට මේ අයවැයෙන් සංචාරක ගම්මාන ශක්තිමත් කිරීමට මුදල් වෙන්කළා.
පළපුරුද්දක් ඇති අය තනතුරුවලට පත්කර තිබෙන අතර පෞද්ගලික අංශයේ පළපුරුදු අයටත් අවස්ථාව දී තිබෙනවා. ඒ නිසා මේ ක්‍ෂේත‍්‍රයේ දියුණුවක් වන බව කිවයුතුයි.
සංචාරක කටයුතු ඇමැති මිලින්ද මොරගොඩ මහතා - මේ විවාදය නිතරම එක විදියකට කෙරෙන්නේ විපක්ෂය කියනවා මුකුත් කෙරෙන්නෙ නැහැ කියලා. ආණ්ඩුව කියනවා කෙරෙනවා කියලා. නමුත් මැද තැනකට එන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරයට අභියෝග රාශියක් තිබෙනවා. ඒ අභියෝග ජය ගැනීමට නම් අප හැමදෙනාම එකතුවිය යුතුයි. අපේ අමාත්‍යාංශය අදහස් සඳහා විවෘතයි.
පවතින දුෂ්කර රාමුව තුළ ආකල්ප වෙනස් කළ හැකිවූණා. සංචාරකයන් බටහිරින්ම ගෙන්විය යුතු යැයි පෞද්ගලික අංශයේ පැවැති මතය වෙනස් කළා. දැන් වැඩියෙන්ම සංචාරකයන් එන්නේ ඉන්දියාවෙන්.
එමෙන්ම අසල්වාසී රටවල් හා නැගෙනහිර ආසියාතික රටවලින් ගෙන්වා ගත යුතුයි. උදාහරණයක් ලෙස ගතහොත් චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට චීන කෑම ඕනෑ. අප කියන චීන කෑම නොවේ චීන කෑම කියා කියන්නෙ කොළඹදී චීන කෑම ගතහැකි තැන් තිබෙන්නේ දෙතැනක පමණක් බව චින තානාපතිතුමා කීවා.
පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මගින් මේ ක්ෂේත‍්‍රයේ සංවර්ධනය ගැන හිතන්න වෙනවා. ලෝක බැංකුවත් පළමුවරට ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහාය දීමට කැමැති වී තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව හා පොදුරාජ්‍ය මණ්ඩලය ද අපට උදව් කිරීමට එකඟවී තිබෙනවා. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශයද එකට වැඩ කරන ක‍්‍රමයක් අප සකස්කර තිබෙනවා. එමෙන්ම ජනමාධ්‍ය සමග හොඳ සම්බන්ධයක් පවත්වනවා. සංචාරක ක්ෂේත‍්‍රයෙ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට සංචාරක කොමසාරිස්වරයෙක් පත්කර තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයට ලබන අවුරුද්දේ මුහුණදීමට සිදුවන්නේ ලෝක ආර්ථික අර්බුදයට යි. කුඩා ව්‍යාපාරිකයන්ට සහන දෙමින් ඔවුන් තරඟකාරිත්වයට යොමු කිරීම ගැන අවධානය යොමුකරනවා. අන්තර් ජාලය සංචාරක ක්ෂේත‍්‍රයෙ වැදගත් තැනක් ගන්නවා.
සජිත් පේර්මදාස මහතා- යාල වනෝද්‍යානය ආශ‍්‍රිතව ජීවනෝපාය කරගන්නා ජීප් රියදුරන්ට සහනයක් දීමට යෝජනා කරනවා.
මොරගොඩ මහතා- මේ යෝජනාව මීට පෙර ඉදිරිපත්කර තිබෙනවා. මා ඒ යෝජනාව සටහන්කර ගන්නවා. අමාත්‍යාංශයක් ලෙස අප විවෘතයි. ප‍්‍රශ්නයක් තිබේනම් ලියන්න.
මා අමතන්න. විවෘතව අදහස් ගන්නැයි නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙනවා. ඉලක්කයට යන්න වෑයම් කළ යුතුයි.
සංචාරකයන් දස ලක්ෂයක් ගෙන්වා ගැනීමේ ඉලක්කයට යා හැකි දැයි නවරත්න බණ්ඩා මන්තී‍්‍රතුමා ඇසුවේ පිළිතුරත් දැනගෙන විය යුතුයි.
කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ඇමැති ගාමිණී ලොකුගේ මහතා- අපි විවේචන, අදහස්, යෝජනා චෝදනා බාර ගන්න ලෑස්තියි. කී‍්‍රඩාව දේශපාලනයෙන් තොරව දියුණු කළ හැකියි. ඒත් ද්වේශයෙන් යුතුව කතා කිරීමෙන් කී‍්‍රඩාව දියුණු කරන්න බැහැ.
දයාසිරි ජයසේකර මහතා වැරැදි අවබෝධයක් දීමට උත්සාහ කළා. කී‍්‍රඩා සංගම් ගැන එතුමා පැවසූ දේවල් නිවැරැදි නෑ. කී‍්‍රඩා සංගම් නිවැරැදි කිරීමට මා දේශපාලන අරමුණුවලින් තොරව තීන්දු ගන්නවා. කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩල පත් කිරීම ඇරැඹුවේ අපි නොවේ.
සංශෝධන සහිතව වැය ශීර්ෂ සම්මත විය.
පාර්ලිමේන්තුව අද (20) උදේ 9.30ට රැස්වේ.

Subscribe to:
Posts (Atom)