Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, December 3, 2008

උප්පැන්න-විවාහ-මරණ වැනි ඕනෑම සහතිකයක් විනාඩි 5 කින් ගත හැකි ක‍්‍රමයක් සකස් කරනවා - ඇමැති කරු ජයසූරිය

උප්පැන්න සහතිකයක් වැනි අවශ්‍ය සහතිකයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප‍්‍රකාශ කළේය.
අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
පළාත් පාලන හා පළාත් සභා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිලිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අරඹමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා (එ. ජා. ප.)
රාජ්‍ය සේවයේ වැටුප් විසමතාව ඉතා බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ කඩා වැටීමක් වෙලා.
නිරූපමා රාජපක්ෂ මහත්මිය මූලාසනයට පැමිණියාය.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඉතාම මන්දගාමීවයි සිදු වන්නේ. අයදුම්පත් යොමු කර මාස ගණනාවක් බලා සිටීමට සිදු වෙනවා. වර්තමානයේ හැඳුනුම්පතේ ඇති වටිනාකම සලකා මේ කාර්යය කාර්යක්ෂම කරන්න.
ග‍්‍රාම සේවා නිලධාරීන්ගේ කටයුතු ඉතා මන්දගාමීවයි සිදු වන්නේ. ඡන්ද නාම ලේඛන තවම දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත යොමු කරලා නැහැ. සමහර විට කොට්ඨාස දෙකක වැඩ කිරීමට ග‍්‍රාම සේවක නිලධාරීන්ට සිදු වීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇති එහෙත් මේවාට විසැඳුම් අවශ්‍යයි.
සෑම රජයේ සේවකයකුම මාසිකව රුපියල් දහසක මුදලක් අර්ථ සාධක අරමුදලේ තැන්පත් කරනවා. මේ අර්ථ සාධක මුදලින් සියයට 60 ක් නිවාසයක් සකස් කර ගැනීම හදිසි අසනීපයකට ප‍්‍රතිකාර ගැනීම වැනි දේකට ලබා දෙන්න. රාජ්‍ය සේවක නිවාස ණය රු. 250,000 දක්වා අඩුකරලා. එය ප‍්‍රමාණවත් නැහැ.
රාජ්‍ය සේවක ස්ථාන මාරුවීම් අවුල් ජාලයක් බවට පත් වෙලා. ක‍්‍රමවත් ස්ථානමාරු වැඩපිළිවෙලක් සකසන්න. එකම තැන දීර්ඝ කාලයක් සිටිය නොහැකි ක‍්‍රමයක් සකස් කිරීම වඩාත් හොඳයි. නීත්‍යානුකූල නොවන ආකාරයට පත්වීම් දීමෙන් වළකින්න.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලනය තුළ අප විසින් කිසියම් පරිවර්තන කි‍්‍රයාවලියක් සිදු කරමින් සිටිමු. යහ පාලනය පිළිබඳ විශ්වාසයකින් යුතුව අප විසින් මේ කටයුතු ඇරඹුවෙමු.
මේ කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් මේ රට තුළ සාමය ස්ථාපිත විය යුතුයි. ඒ කාර්යයෙහිලා දිවි පරදුවට තබා කැපවී සිටින වීරෝදාර ආරක්ෂක හමුදාවන්ට අපගේ ප‍්‍රශංසනාත්මක ස්තුතිය පුද කරමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය තුළ ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් හිමි වෙනවා. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය තුළද අප මේ ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශ අතර පැවති පරතරය අඩු කිරීමට කටයුතු ආරම්භ කළා. ග‍්‍රාමීය ජනතා ප‍්‍රශ්න විසඳීමට පසුගිය කාල සීමාව තුළ ජනතා සත්කාර සේවා වැඩසටහන් 12 ක් පැවැත්වුවා.
මේ ජනතා සත්කාර වැඩසටහනකට ගැටලු 20,000 ක් පමණ ඉදිරිපත් වූ අතර ඒවායෙන් 75 % කට පමණ ඒ අවස්ථාවේදීම විසඳුම් ලබා දුන්නා. මන්නාරම, වව්නියාව වැනි ප‍්‍රදේශවලටද මේ ජනතා සත්කාර සේවාව ගෙන යෑමට සැලසුම් කොට තිබේ.
සෑම රාජ්‍ය ආයතනයකටම මහජන සේවා ප‍්‍රඥප්තියක් හඳුන්වා දී තිබේ. යල් පැන ගිය මහජන සේවා ක‍්‍රම වෙනුවට වඩාත් ක‍්‍රමවත් හා යහපත් මහජන සේවාවක් ඇරඹීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. නිදසුනක් ලෙස ‘යන’ ‘එන’ ලිපි ක‍්‍රමය ඉවත් කොට ඒ වෙනුවට කාර්යක්ෂම ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ජාතික තොරතුරු කාර්යාංශය අපට ලබා දෙන සහයෝගය අති විශිෂ්ඨයි. නිලධාරීන් නිතරම කොළඹට කැඳවීම වැළැක්වීමට දුරකතන ජාල පද්ධතියක් ස්ථාපිත කොට ඇත.
සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට ද මේ ක‍්‍රමවේදය ඉවහල් කර ගනී. උප්පැන්න සහතිකයක් වැනි දෙයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලයකින් ලබා ගැනීමේ ක‍්‍රමයක් සකස් කෙරෙමින් තිබෙනවා. සහතික පත‍්‍රවල නිරවද්‍යතාව තාක්ෂණික ක‍්‍රමවේදයකින් සහතික කර ගැනීමේ ක‍්‍රමයක් ද සකසනවා.
2008 දී 4089 දෙනකුට නව පත්වීම් අප අමාත්‍යාංශය මගින් ලබා දුන්නා. නියමිත රජයේ බඳවා ගැනීම් පටිපාටියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කළා. රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සහාය ඇතිව වැඩපිළිවෙළක් සකස් කළා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩාර මහතා ජ. වි. පෙ.
ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු අමාත්‍යාංශයට ඕනෑ පරිදි පිරෙව්වා. පරිපාලන සේවයේ උසස්වීම් දීලා නැහැ. පරිපාලන සේවයේ 11 පන්තියට බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය අඩු පාඩු සහිතයි.
රාජ්‍ය සේවයේ රුපියල් 1000 ක් වැඩි කළා කීවාට හරියටම වැඩි වුණේ රුපියල් 675 /- ක් පමණයි. වැඩ කරන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වැඩිපුර ප‍්‍රතිපාදන ලබා දෙන්න.
පළාත් පාලන හා පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ අමාත්‍යාංශය සුවිශේෂ කි‍්‍රයාමාර්ගයක් ඉටු කරනවා.
පළාත් සභා නවයක් හා පළාත් පාලන ආයතන 330 ක් සමග අප කටයුතු කරනවා. ඒවායේ මහජන නියෝජිතයන් ගණන හාරදහසක් වෙනවා. පළාත් සභා සියල්ල රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මේ හැම ආයතනයක් සෑම අංශයකින්ම සවි බල ගැන්වීම අමාත්‍යාංශයට පැවැරී තිබෙනවා.
රට සංවර්ධනයේ වැඩි වැඩ කොටසක දායකත්වය පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට පැවැරෙනවා. මහින්ද චින්තනයෙහි ඇතුළත් ප‍්‍රධාන සේවා අමාත්‍යාංශයට ආලෝකයක්.
ග‍්‍රාම කේන්ද්‍රිය වැඩ පිළිවෙලේදී වැඩි බරක් දැරුවේ පළාත් පාලන ආයතනයි. පළාත් පාලන කොමිසන් නිර්මාණය කර තිබෙනවා පළාත් පාලන ආයතන වලට පුරවැසි ප‍්‍රඥප්තියේ කෙටුම්පත ජනතාව ලබාදී තිබෙනවා.
පළාත් පාලන ක‍්‍රමය අනුව මැතිවරණයකදී ගෑණියි මිනිහයි ඉල්ලුවත් වාර්තා වෙනවා. පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සංශෝධන සඳහා පනතක් අද ඉදිරිපත් කළා.
පළාත් පාලන ආයතන රැසක් පසුගාමීයි. ඒ හැම පළාත් පාලන ආයතනයක්ම නගා සිටුවීමට මුදල් සැපයිය නොහැකියි. පළාත් පාලනයට නව මංපෙත් සොයා යෑමට තීන්දු ගෙන තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට අවශ්‍ය ප‍්‍රතිපාදන සොයා ගැනීමට සිදුවී තිබෙනවා. ආයතන රාශියක සහයෝගය අප ලබා ගත්තා. ගම නැගුම හා මග නැගුම යටතේ උතුරුමැද හා ඌවේ නව යෝජනා කි‍්‍රයාත්මකයි.
වන්නි දිස්ති‍්‍රක් මන්ති‍්‍ර සුරේෂ් පෙ‍්‍ර්මචන්ද්‍ර මහතා (දෙ. ජා. සං.) ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම මගින් ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සභා ඇති කළා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අක්මීමණ දයාරතන හිමි (ජා. හෙ.උ) රාජ්‍ය පරිපාලනය නිසියාකාරව විමධ්‍යගත වීමක් දක්නට ලැබෙන්නෙ නෑ. කොළඹ නගරය බරපතළ ලෙස ජනාකීර්ණය වෙලා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි.පෙ) 6/2006 චක‍්‍රලේඛය අනුව වැටුප් විසමතාවක් පැන නැගී තිබෙනවා. විශ‍්‍රාමිකයින්ගෙ ගැටළුව බරපතළ ගැටළුවක් විශ‍්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අට දෙනෙක් දවසකට මිය යනවා.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා එ.ජා.ප. නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ හා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද ඉදිරිපත් කරනවා.
හාලි ඇල ප‍්‍රදේශයේ පවතින ඇටම්පිටිය වෙනම ප‍්‍රාදේශීය සභාවක් බවට පත් කරන්න. ඒ වගේම හපුතලේ කොස්ලන්දත් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජිනදාස කිතුලෙගොඩ (ජ.වි.පෙ) මේ රටේ පළාත් සභා ක‍්‍රමය ජනතාව ඉල්ලා සිටි එකක් නොවෙයි. මෙය රට මත බලෙන් පැටවූවක්. එදා මධ්‍යම රජයෙන් සිදුකළ කාර්ය පළාත් සභාවලට පවරා තිබෙනවා. අද මධ්‍යම රජයක් හා පළාත් සභාවක් කි‍්‍රයාත්මක වෙනවා. අද වෙනකොට සමහර පළාත් සභා මධ්‍යම රජයෙන් යැපෙන තැනට පත්වෙලා. පළාත් සභා ක‍්‍රමය රටේ ආර්ථික දේහයට බරවා කකුලක්.
ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පළාත් සභා ක‍්‍රමය හරහා විශාල වැඩකොටසක් ඉටුකරනවා.
කිතුලෙගොඩ මහතා කොහොම වුනත් පළාත් සභා ක‍්‍රමය සාර්ථක නැහැ.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප) ප‍්‍රාදේශීය සභාවලින් පාලනය වන මාර්ගවලින් ගන්න දෙයක් නැහැ. වලපනේ ප‍්‍රාදේශීය සභාවේ මාර්ග හොඳම උදාහරණයක්. පළාත් පාලන ආයතනවල සේවය වඩාත් විනිවිද, භාවයෙන් සිදු විය යුතුයි.
ගාල්ල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා (එ.ජා.ප)
දාහත්වන ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක නොවීම රාජ්‍ය පරිපාලන ක‍්‍රමයේ ගැටළු රැසක් ඇති වීමට හේතු වෙලා. ස්වදේශ කටයුතු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කොළඹ කැප්පෙටිපොල මාවතේ තට්ටු 13කින් යුත් රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.
වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (03) උදේ 9.30ට රැස් වේ.

No comments: