Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, December 2, 2008

හමුදාවෝ මහ වැසි මැද කොකාවිල් නගරය අල්ලති

චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මහවැසි මැද සටන් වැද සිටින රණවිරුවෝ කොකාවිල් නගරය ඇතුළු ප‍්‍රදේශයේ බලය ඊයේ (1) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම තහවුරු කර ගත්හ. 57 වැනි සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් චාගී ගාල්ලගේ ගේ නායකත්වයෙන් මේ මෙහෙයුම සිදුකෙරිණි.
කොකාවිල් ප‍්‍රදේශය හමුදා අතට පත් වූයේ වසර දහ අටකට පසුව බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
57 වැනි සේනාංකයේ සෙබළුන් මෙම ප‍්‍රදේශය අත්පත් කර ගන්නා අවස්ථාව වන විටත් කොකාවිල් ඇතුළු ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාව පතිත වෙමින් තිබී ඇත.
කොකාවිල් ප‍්‍රදේශය මෙසේ කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු ඒ නවය සැපැයුම් මාර්ගයේද වැඩි ප‍්‍රමාණයක ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා භට පිරිස්වලට හැකිව තිබේ.
ත‍්‍රස්තවාදීන් සිය අවශ්‍යතා ලොව පුරා ප‍්‍රචාරය කළ ‘කොටි හඬ’ ගුවන් විදුලිය පැවැති මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම මුදාගැනීමෙන් පසු ඔවුන්ට සිය ප‍්‍රචාරක කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර තමන්ට අහිමිවන සම්පේ‍්‍රෂණ කුලුන ඉකුත් සතියේදී මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලදී. ඉතිරිවී සිටි ත‍්‍රස්තවාදීන්ට පහර දෙමින් යුද හමුදා භට පිරිස් එම ප‍්‍රදේශය නතු කරගෙන ඇත.
වන්නි ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පාබල හමුදා මේ වනවිට කිළිනොච්චි නගරය ආසන්නය දක්වා අත්පත් කරගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව යුද හමුදාව පැවැසීය.
කිලිනොච්චි අත්පත් කර ගනිමින් සිටින භට පිරිස්වලට තවදුරටත් බලය තහවුරු කර ගැනීමට ඉතිරිව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් පරන්තන් හා මුලතිව් ප‍්‍රදේශ පමණක් බවද කීය. මේ වනවිට ත‍්‍රස්තවාදීන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ ගොඩබිම් මාර්ග සියල්ලම පාහේ යුද හමුදාව අත්පත් කරගෙන අවසානය. 57, 58 හා 59 සේනාංක සමඟ 1, 2, 3 කාර්ය සාධක බළකා තවදුරටත් මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් ඉදිරියට ගමන් කරති. මේ අතර අක්කරායන්කුලම් සිට කිලෝමීටර් හතහමාරක් පමණ ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සැඟවී සිටි ප‍්‍රබල ස්ථාන තුනකට ගුවන් හමුදාව ඊයේ (01) දහවල් පහර දී තිබේ.
මෙම ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ යෙදී සිටි 57 වැනි සේනාංක භටපිරිස්වලට ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් හමුදාව මෙසේ පහර දී ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
ජෙට් වර්ගයේ ප‍්‍රහාරක යානා මගින් එදින දහවල් 12.30 ට පමණ එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල ලෙස හානි සිදුව ඇති බවට හෙළිව තිබේ.

No comments: