Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, December 3, 2008

ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය නියම ජයක්ද?සිම්බාබ්වේ පිල පරාද කළත් අපේ පිතිකරුවන් ආපස්සට ගිහින්

දුර්වල ප‍්‍රතිවාදීන් ඉදිරියේ අත්දැකීම් වැඩි දක්ෂතම පිතිකරුවන් අසරණ වන අයුරු පෙන්වා දුන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල අද පස්වරු 4.15 පෙරලා මවුබිමට එයි.
සංචාරක ශ‍්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිලට එරෙහිව තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලිය සම්පූර්ණයෙන් ජයගත්තද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආපස්සට ගමන් කරමින් ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුයි.
පිතිකරණයේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ඇතුළු ඉදිරිපෙළ මුළුමනින්ම අසාර්ථක වෙද්දී සිම්බාබ්වේ ජයග‍්‍රහණ ශ‍්‍රී ලංකා පෙරැළිකාර පන්දු යවන්නන්ගේ ප‍්‍රහාරවලින් උදුරාගත් බව නොරහසකි.
එසේ නොවන්නට එක්දින කි‍්‍රකට් වර්ගීකරණයේ එකොළොස් වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිල හමුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල විශාල අසීරුතාවකට ලක්වනු ඇත.
එහෙයින් සිම්බාබ්වේ සමඟ පැවැති කි‍්‍රකට් තරගාවලියේ සියලු ජයග‍්‍රහණවල සම්පූර්ණ ගෞරවය ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට පමණක් හිමිවිය යුතුව ඇත.
එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග 288කට සහභාගිවී විශාල අත්දැකීම් ලබා ඇති ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන නිමා වූ සිම්බාබ්වේ තරග සංචාරයේදී තරග දෙකකදී බිංදුවට දැවී ඉනිම 4කදී ලබාගත්තේ ලකුණු 19 ක් පමණි.
කි‍්‍රකට් ලොව අත්දැකීම් වලින් හා පිළිගැනීම් අතින් පහළින්ම සිටින සිම්බාබ්වේ පිලේ සුපිරි වේගපන්දු යවන්නන්, සුපිරි දඟ පන්දු යවන්නන් නොමැතිව සිටියදී ශ‍්‍රී ලංකා නායකයා හා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ප‍්‍රබල පසුබෑමට හේතු වශයෙන් දක්වන නිදහසට කරුණු කිසිවක් පිළිගැනීමට අවශ්‍ය නැත.
සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අධිතක්සේරුවෙන් පිටියට පිවිසීමේ ප‍්‍රතිවිපාක සුළුකොට තැකිය නොහැකිය. සිම්බාබ්වේ පිලට අත්දැකීම් අවම නිසා තරග ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය උපක‍්‍රම නොතිබීමේ අවාසිය ශී‍්‍ර ලංකා පිලට ලැබුණු හොඳම වාසිය බව අවබෝධ කරගත යුතුය.
සිම්බාබ්වේ පිල අවසන් තරග තුනේදීම ශ‍්‍රී ලංකා පිලට තියුණු තරගයක් ලබාදීමෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඉස්මතු විය.
තෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලබාගත් ලකුණු 171 ට පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ ලකුණු 166ක් ලබා ජයග‍්‍රහණයේ ආසන්නයට පැමිණියහ.
සිවුවැනි තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 146කට මෙන්ඩිස්, තුෂාර හා මුබරක්ගේ පන්දු යැවීමේ දක්ෂතා මත සීමා වුවද ජයග‍්‍රහණයට අවශ්‍ය ලකුණු ප‍්‍රමාණය ඉක්මවීමට ශී‍්‍ර ලංකා කඩුලු 8ක් පූජා කිරීමට සිදුවිය.
මුල් කඩුලු 4ක්ම ලකුණු 55කට බිඳ වැටුණි. ඉදිරිපෙළ කී‍්‍රඩා කළ තරංග උඩවත්ත, සංගක්කාර, කපුගෙදර අඩු ලකුණු වලටද මහේල බිංදුවට කඩා වැටෙද්දී මුබරක් නොදැවී ලකුණු 57ක් ලබා ශී‍්‍ර ලංකා පිලේ ගැලවුම්කරුවා විය.
පස්වැනි තරගයේදී මහේල ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පැමිණ අලුත් අත්හදා බැලීමක් සිදු කළද ප‍්‍රතිඵලය බිංදුවකි. එවිට ද ප‍්‍රථම කඩුලු 4ක් ලකුණු 62කට කඩා වැටුණි.
මෙන්ඩිස්ට කඩුලු නොලැබුණත් සිම්බාබ්වේ පිලට ප‍්‍රබල පීඩනයක් ගෙනදීමද මුරලි හා කුලසේකර සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමද ජයග‍්‍රහණයට හේතු විය.
ඒ අනුව ප‍්‍රථම එක්දින තරග දෙක හැරෙන්නට අනෙක් තරග තුනම සිම්බාබ්වේ පිලට ජයගැනීමට වැඩි ඉඩකඩක් තිබූ තරග බව කාගේත් විශ්වාසය විය.
ජයග‍්‍රහණයේ මාවත තවමත් විවර නොවූ සිම්බාබ්වේ කි‍්‍රකට්පිල දක්ෂතා අතින් ඉදිරියෙන් සිටියේය. සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ දක්ෂතා ඔප මට්ටමවී ජයග‍්‍රහණයේ මාවතට ඉතාම මෑතකදී පැමිණෙන බව ශී‍්‍ර ලංකාව සමග තරගවාරයේදී ප‍්‍රබල ඉඟියක් සැපයුවේ ය.
එය මහේල ජයවර්ධන ඊයේ දිනයේ විදෙස් මාධ්‍යවේදීන්ට ද පවසා තිබුණි. එහෙත් වුවමනාවටත් වඩා වැඩි විශ්වාසයක් සිම්බාබ්වේ පිල හමුවේ තබා ගැනීම තමාගේ අසාර්ථකත්වයට හේතුව බවට ඇති මතය මහේල ප‍්‍රතික්ෂේප කෙළේ ය.
“වසර එකොළහකදීම තරගයකට ඕනෑවට වඩා විශ්වාසයකින් මා ගිහින් නෑ.
ලකුණු ලබාගත යුතු බව මා දන්නවා වරද කොතැනද කියා ඉක්මනින් සොයා ගැනීම මට අසීරු නෑ” යනුවෙන් පිතිකරණයේදී අසාර්ථකවූ නායක මහේල පැවැසීය.
මේ මස අගදී ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දෙකකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්වීමට නියමිතය.
එහිදී නැවැත සිම්බාබ්වේ පිල ශී‍්‍ර ලංකාවට මුණ ගැසේ. මහේලගේ ප‍්‍රකාශයේ ඇත්ත නැත්ත එදිනට බලාගැනීමට හැකියාව අපට ලැබෙනු ඇත.
සටහන පි‍්‍රන්ස් ගුණසේකර

No comments: