Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, December 2, 2008

කළුතර - කොළඹ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ප‍්‍රබල බ්ලුස්ටාර් සෝන්ඩර්ස් පසුබසී

ප‍්‍රින්ස් ගුණසේකර
කළුතර හා කොළඹ දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් කළුතර බ්ලුස්ටාර් හා කොළඹ සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජ ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලැබූහ.
සෝන්ඩර්ස් - ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් සෝන්ඩර්ස් පිල ගෝල් 1 – 0 කින් පරාජයෙන් තොරවීමත්, බ්ලුස්ටාර් – නිව්යංග්ස් අතර තරගය ජය පරාජය වීමත් හේතුවෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට සෝන්ඩර්ස් හා බ්ලුස්ටාර් යන කණ්ඩායම් දෙකටම නොහැකි විය.
ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතා 2 ක් දිනා සිටි සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය හා එක් වසරකදී සූරතාව දිනාගත් බ්ලුස්ටාර් කී‍්‍රඩා සමාජයේ තරග නැරැඹීමට වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් එක්වෙති.
කොළඹ සී. ආර්. පිටියේදී පෙරේදා පැවැති තරගය නැරැඹීමටද දහස් ගණනින් පේ‍්‍රක්ෂකයන් එක්ව සිටියහ.

සෝන්ඩර්ස් ගුවන් හමුදාව අතර තරගයේ අවස්ථාවක්
ඡායාරූපය රංජිත් ජයවීර
මේ අතර ඒ – 1 කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට නිගම්බු යූත් හා රිනවුන් අතර සටනක් නිර්මාණය වෙමින් පවතී. එම කාණ්ඩයේ යුද හමුදාව ඉදිරියෙන්ම සිටින බැවින් අවසන් පූර්ව වටයට පැමිණීමට නිගම්බු යූත් හා රිනවුන් යන කණ්ඩායම් දෙකට ඉදිරි තරග ජය ගැනීම බෙහෙවින් වැදගත්ය. තරග දෙකම ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පැමිණීම පහසුවනු ඇත.
කැලණිය පාපන්දු සංකීර්ණ කී‍්‍රඩාපිටියේ පැවැති නිගම්බු යූත් යුද හමුදාව අතර තරගය ජය පරාජයෙන් තොරවීම හේතුවෙන් නිගම්බු යූත් පිලට ඉදිරියට ඒමේ අසීරුතාවක් නිර්මාණය වූවේය. තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 1 – 1 ක් ලෙස සම මට්ටමක පැවැතුණි.
නිගම්බුයූත් පිලේ ධම්මික රත්නායක 16 වැනි හා 84 වැනි මිනිත්තුවලදීද, යුද හමුදා පිලේ මොහොමඩ් ඉසෙදීන් 6 වැනි හා 89 වැනි මිනිත්තුවලදී ගෝල් වාර්තා කළහ.
බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාපිටියේ පැවැති සොලිස් ජුපිටර්ස් අතර තරගය ප‍්‍රබල සටනකින් නිමාවූයේ දෙපිලම ගෝල් 3 බැගින් රැස් කිරීමෙනී. ප‍්‍රථම භාගයේ දී ගෝල් 2 – 2 ලෙස සම මට්ටමක දක්ෂතාවක් දැක්විය.
මේ තරගයේදී පොලිස් කී‍්‍රඩා සමාජයේ මුදියන්සේලාගේ සුගත් 3 වැනි හා 31 වැනි මිනිත්තුවේදී මොහොමඩ් නවුෂාඩ් 66 වැනි මිනිත්තුවේදී ;ග¤ල් වාර්තා කළහ.
ජුපිටර්ස් පිල වෙනුවෙන් මොහොමඩ් නවුෆර් 15 වැනි මිනිත්තුවේදී රංග ප‍්‍රනාන්දු 42 වැනි මිනිත්තුවේදී හා දුලාජ් ප‍්‍රසන්න 51 වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කළහ. කැලණියේදී පැවැත්වීමට නියමිතව තිබූ පෙලිකන්ස් හා රිනවුන් අතර තරගය වර්ෂාව හේතුවෙන් කල්දැමිණි.

No comments: