Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

සංචාරක කර්මාන්තයේ ප‍්‍රශ්න තිබේ නම් ලියන්න-අමතන්න-විවෘත අදහස් දෙන්න- ඇමැති මිලින්දගෙන් නිලධාරීන්ට උපදෙස්

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
සංචාරක අමාත්‍යංශය විවෘතයි. එම ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රශ්න තිබේ නම් ලියන්න. මා අමතන්න. එමෙන්ම විවෘතව අදහස් ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා යැයි සංචාරක කටයුතු ඇමැති මිලින්ද මොරගොඩ මහතා පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවේදී ඊයේ (19) ප‍්‍රකාශ කළේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) පෙරවරු 9.30 ට රැස්විය.
වාර්තා පිළිගැන්වීමෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කරන ලදී.
වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත ( අය වැය ) කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු සහ සංචාරක යන අමාත්‍යාංශ දෙකේ වැයශීර්ෂ විවාදයට ගැනිණි.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකාහේරත් මහත්මිය වැය ශිර්ෂවලින් රුපියල් දහයක් කපා දැමීමට යෝජනා කළාය.
අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චනද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය (එ.ජා.ප)- සංචාරක කර්මාන්තය 1994ට පෙර රටට විදේශ විනිමය ගෙනාවා. 1994 ට පසු එම කර්මාන්තයට දුක්ඛදායක තත්ත්වයක් අතිවුණා. එ.ජා.ප පාලන කාලෙ සාම ගිවිසුමක් සමග සංචාරකයන්ගේ පැමිණිම වැඩි වුණා. අගනා විදේශ විනිමයක් උපයන සංචාරක කර්මාන්තයට දක්වන සැලකිල්ල ප‍්‍රමානවත් නැහැ.
සංචාරක ව්‍යාපාරයේම සම්බන්ධ ලක්‍ෂයකගේ රැකියා අහිමි වී ඇති අතර පවුල් හැත්තැ දහසක් පමණ අසරණ වෙලා. උතුරේ යුද්ධය නිසා සංචාරක පැමිණීම අඩුවෙලා තිබෙන බව අන්තර් ජාලයේ සඳහන් වෙනවා.
අද මෙරටට එන සංචාරකයන් බොහෝ දෙනා බජට් ගුවන් ටිකට්පත් ලබාගෙන පැමිණෙන කම්කරුවන් වැනි අයයි. අද මෙරටට පැමිණෙන සංචාරක අතලොස්ස සංචාරක අමාත්‍යාංශයට සම්බන්ධ හෝටල් හිමියන් අතට පත්වෙන බව පේනවා. හැම දෙනාටම සමානව සංචාරකයන් බෙදීයාමට සැලැස්වීම හොඳයි.
සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුත්තාපා මහතා- ලොව පුරා පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශී‍්‍ර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ශක්තියක් තිබෙනවා. ඉරාණය සමග වඩා හොඳ සබඳතා පැවැත්වීමට අපට හැකිවී තිබෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශ එක් වී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ අංශයට සහාය දැක්වීමට රුපියල් දසලක්‍ෂ සියයක ආධාර ලබාදී තිබෙනවා. ලබන මස අවසානයට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරය ගැන දත්ත බැංකුවක් සකස් කරනවා.
වෘත්තිය අධ්‍යාපන පුහුණුවක් ලබාදීමටත් පියවර ගත්තා. යුරෝපා සංගමයේ ආධාරයෙන් කටයුතු කැරෙනවා. වත්මන් ලෝක ප‍්‍රවණතා අනුව අන්තර් ජාලය මගින් මේ ව්‍යාපාරය දියුණු කිරීමටත් කටයුතු කැරෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මුලාසනයට පැමිණියේය.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා - ජ.වි.පෙ)- රටක කී‍්‍රඩාව නගා සිටුවන්න හොඳ අයෝජනයක් කළ යුතුයි. නමුත් කී‍්‍රඩාව වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන්කර නැහැ.
ඒ වගේම මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නෙ ගිය වසරටත් වඩා අඩු මුදලක්. ඒ වගේම කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ටෙන්ඩර් ලබා ගන්නා බලවතුන් අතර තිබෙන්නෙ තරඟයක්.
ගාමිණි ලොකුගේ මහතා-අප අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල ටෙන්ඩර් ලබා දී තිබෙන්නෙ රාජ්‍ය ආයතන වලටයි.
දිමුතු අබේකෝන් මහතා :- කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ සිටින ඇතැම් නිලධාරීන් තියාගෙන කී‍්‍රඩාව නගා සිටුවන්න පුළුවන්ද යන ගැටළුවත් තිබෙනවා. සුගතදාස කී‍්‍රඩා සංකීර්ණයේ කළමනාකාරිත්වයේ වැරැදිරාශියක් තිබෙනවා.
මේ වැරැදි ගැන කතාකරන වෘත්තිය සමිතිවලටත් බලපෑම් කරනවා. සුගතදාස කී‍්‍රඩාංගණය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. ඒ නිසා මේ ගැන හොයල බලන්න. මහනුවර කී‍්‍රඩා පාසලට අවශ්‍ය පහසුකම් නැහැ.
ගාමිණි ලොකුගේ මහතා :- මහනුවර කී‍්‍රඩා පාසල වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
දිමුතු අබේකෝන් මහතා :- දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල වෙනුවෙන් වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතා (එ.ජ.නි.ස.)-සංචාරක කර්මාන්තය සහ කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රය අතර පවතින්නේ ඉතා සමීප සම්බන්ධතාවයකි. සංචාරක කර්මාන්තයේ දියුණුවට කී‍්‍රඩාව ඵලදායී ලෙස යොදා ගත හැකියි. කී‍්‍රඩා තානාපතිවරුන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යොදාගත හැකියි. දැනටමත් අරවින්ද සිල්වා සහ මා එවැනි මෙහෙවරක යෙදී සිටිනවා.
සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා කී‍්‍රඩාව මීට වඩා යොදාගත හැකියි. ඒ සඳහා වැඩපිළිවෙල සැකසිය යුතුයි. දැනටමත් ඒ සඳහා යම් යම් කටයුතු සිදු කිරීම පිළිබඳ අප සතුටු වෙනවා.
කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පවතින යම් යම් අක‍්‍රමිකතා මා විටින් විට මේ සභාවේදී මෙන්ම ඉන් පිටතදී ද පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ දුෂණ අක‍්‍රමිකතා පිළිබඳ මෙතෙක් කිසිඳු පියවරක් නොගැනීම ගැන අප කනගාටු වෙනවා. පසුගියදා චීනයේ පැවැති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩා ඇමැතිතුමාගේ අනුමැතියකින් තොරව කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා. මේවා වැළැක්විය යුතුයි.
‘ මා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධූරයට පත් වූ පසු මේ ආතනයේ මූල්‍ය කටයුතු විගණනය කිරීම සඳහා විගණන ආයතනයට පැවරුවා. මා භාර ගන්නා විට මේ ආයතනයේ විශාල බැංකු අයිරාවක් තිබුණා. මූල්‍ය කටයුතු බිඳවැටී තිබුණා. මේ තත්ත්වයෙන් ආයතනය ගොඩ ගැනීමට විශාල වෙහෙසක් දරමින් සිටිනවා.
කි‍්‍රකට් කී‍්‍රඩාව පිට පළාත් වල ජනප‍්‍රිය කරවීමට රට පුරා පාසල් 300 කට කී‍්‍රඩා උපකරණ ලබාදීමට කි‍්‍රකට් ආයතනය කටයුතු කළා. කි‍්‍රකට් පුහුණු කරුවන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබා දී තිබෙනවා. මෙරට කි‍්‍රකට් කී‍්‍රඩා කරන පාසල් 450 ටම මේ පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එජාප) -ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධුරයට නිවැරැදි පුද්ගලයකු පත් කිරීම ගැන අප සතුටු වෙනවා. අර්ජුන රණතුංග මහතා මේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාවට විශාල සේවයක් කළ පුද්ගලයෙක්. ඒ මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය හරහා මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීමට විශාල සේවාවක් සිදු කරනවා.
මේ රටේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමට ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු වී තිබෙනවා. විටින් විට සැහැල්ලු ගුවන් යානා වලින් පැමිණ ප‍්‍රහාර එල්ල කරන රටකට සංචාරකයන් පැමිණීමට මැලිකමක් දක්වනවා. පැමිණෙන සංචාරකයන් පවා වැඩිපුර මුදල් ගෙන එන්නේ නෑ. සංචාරක නියෝජිතයන් ළඟ ඔවුන් මුදල් තැන්පත් කරලා එන්නේ. සංක‍්‍රමණික සංචාරකයන් පමණයි මෙරටට එන්නේ.
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍රනී නිරූපමා රාජපක්ෂ මහත්මිය - පසුගිය වසරේදී සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විවිධ පියවර ගෙන තිබෙනවා. නව සංචාරක පනත කි‍්‍රයාත්මක කිරීම ඉතා වැදගත් දෙයක්.
සංචාරක කර්මාන්තයේ දියුණුවට දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කිරීමට නව සංචාරක ඇමැතිතුමා උත්සාහ දරනවා. සංචාරක ව්‍යාපාරයෙන් මෙරට මිලියන 9 ක පමණ ජනතාවක් ප‍්‍රතිලාභ ලබනවා. සංචාරක කටයුතු ප‍්‍රවර්නය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් විශාල වැඩ කොටසක් සිදු වෙනවා. චීනය සහ ඉන්දියාව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී අපට විශේෂ වැගත්කමක් තිබෙනවා.
රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දුනේශ් ගන්කන්ද මහතා (එජාප)- අපේ කී‍්‍රඩා පරිපාලනය බිඳ වැටිලා. කී‍්‍රඩාවේ දියුණුවට එය බාධාවක්. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ බිඳ වැටීම ගැන මේ සභාවේ කරුණු හෙළි වුණා. රග්බි සංගමය පත් කිරීමේ දී ඇති වූ තත්ත්වය මාධ්‍යවල පළ වුණා. කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට දේශපාලනය පිවිසීමත් කී‍්‍රඩාවේ කඩා වැටීමට හේතුවක්.
කී‍්‍රඩා ඇමැති බන්දුල බස්නායක මහතා - මානව හිතවාදී ශ්‍රේෂ්ඨ නායකයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ පදවි ප‍්‍රාප්තිය සමරන දිනයේ මෙසේ කථා කිරීමට ලැබීම සතුටක්. කී‍්‍රඩාව, කී‍්‍රඩාවක් වශයෙන් කිරීමට බාධා රැසක් තිබෙනවා.
දයාසිරි ජයසේකර මහතා
යමක් කියයි
බස්නායක මහතා - ලොක්කගෙන් කැපිලා ඉන්න තමුන්නාන්සෙ දැන් අපට බාධා කරනවා.
දක්ෂතා වර්ධනය කර ගැනීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය ආධාර ලබාදී තිබෙනවා. ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තිය 2009 දී නීති ගත කිරීමට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්වී පොදු කි‍්‍රයා මාර්ගයක් ලෙස කී‍්‍රඩාවේ දියුණුවට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. එම ඒකාබද්ධ වැඩ පිළිවෙළ පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක කරනවා. පාසලෙන් බිහි වන කී‍්‍රඩකයන් ඉන් අනතුරුව බාර ගැනීමට කවුරුන් හෝ සිටිය යුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එන්. රාජාබ්දීන් මහතා (එ. ජා. ප.) - ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රටේ ආර්ථිකයට දායක වී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා තරගයේ දී අපට පදක්කම් 31 ක් ලැබුණා. 2009 දී මිලියන 570 ක පමණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නිල්ල පිරුණු රේස් පිටියේ සමහර කොටස් 1963 දී විවිධ අංශ වලට දුන්නා. ග‍්‍රහලෝකාගාරයට, රාජකීය විදුහලට, බ්ලුම්පීල්ඩ් සමාජයට දුන්නා. ඒවා දැන් නැවත හදන්න බැහැ.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා - නගරයට සීමා වූ පහසුකම් ගමට ගෙන යාමට ගනු ලැබූ පියවර අගයනවා. වොලිබෝල් කී‍්‍රඩාව සඳහා අංග සම්පූර්ණ කී‍්‍රඩා පිටි සැකසීමට වොලිබෝල් සංගමයේ සභාපති ඩිලාන් පෙරේරා මහතාටත් ස්තුති කරනවා. මහව දිගනේ කී‍්‍රඩා පිටිය අංග සම්පූර්ණ කිරීම ගැන ලොකුගේ හා බස්නායක යන ඇමැතිවරුන් දෙදෙනාට ස්තුති කරනවා.
සංචාරක අමාත්‍යාංශය ආදර්ශවත් සංචාරක ප‍්‍රවර්ධනයේදී ආදර්ශ නගරයක් ලෙස මහව නගරය තෝරා ගත්තා. මහව බස් නැවතුම් පොළ, පොදු සනීපාරක්ෂක මධ්‍යස්ථානය ඉදි කිරීමට විශාල මුදලක් ලබා දුන්නා. සංචාරකයන් මෙරටට පැමිණි විට හැමදාම ලබා දුන්නේ සම්ප‍්‍රදායික සිතියමක්. වයඹ පළාතේ රාජධානි හතරක නටබුන් තිබෙනවා.
ලෝකයේ පළමු වැනි කී‍්‍රඩා ගාරය තියෙන්නෙ පඬුවස්නුවර. එය ඓතිහාසිකයි. ඒ ස්ථානයට පාවිච්චි කරල තියෙන තාක්ෂණික පහසුකම් ලෝකයේ කිසිම රටක භාවිත කරල නැහැ. මේ ස්ථානය ආශ‍්‍රිතව බොහෝ පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන තියෙනවා.
දිගාමඬුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පද්මනාදන් මහතා (ද්‍ර. ජා. ස.) - කී‍්‍රඩා ආමාත්‍යාංශය වෙනුවෙන් මෙවර අය වැයෙන් මිලියන 300 ක් වෙන්කර තිබෙනවා. නමුත් උතුරු නැඟෙනහිර දරුවන්ගේ කී‍්‍රඩාව දියුණුව වෙනුවෙන් අවධානයක් නෑ.
අපේ ප‍්‍රදේශවල ඉන්න දරුවොත් කී‍්‍රඩාවට දක්ෂයි. උතුරු නැගෙනහිර දරුවන්ගෙ කී‍්‍රඩාව වෙනුවෙන් යමක් කරන්න. විශේෂයෙන්ම අපගෙ ප‍්‍රදේශවල දරුවන්ට කී‍්‍රඩා පිට්ටනි, කී‍්‍රඩා භාණ්ඩ ලබා දෙන්න.
සංචාරක ඇමැති මිලින්ද මොරගොඩ මහතා- උතුරු නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් අපිට බොහෝ දේවල් කළ හැකියි. ඒ වෙනුවෙන් අපි බොහෝ දේවල් සැළැසුම් කර තිබෙනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහය අපට අවශ්‍යයයි.
ඩිලාන් පෙරේරා මහතා :- ගෙවීගිය අවුරුදු හතර තුළ කී‍්‍රඩා සංචිත හතරක් රැකගත්ත එකම සංගමය ජාතික වොලිබෝල් සම්මේලනයයි. එහිදි කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් අපට ලැබුන සහය අගය කළ යුතුයි. විශේෂයෙන්ම මේ නිසාම අදාළ කී‍්‍රඩා සංචිත හතරම ජාත්‍යන්තර තරඟවලට පවා සහභාගි වුනා.
ගාමිණී ලොකුගේ මහතා කී‍්‍රඩා ඇමැතිවරයා වුනාට පස්සේ හොඳ වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. කී‍්‍රඩකයන්ට වර්ණ ලබාදීම එයින් එකක්. ඊළඟ වර්ණ ප‍්‍රදානයේදි සාර්ක් තරඟාවලියේදී රන් හා රිඳී ලාභින්ටත් අවස්ථාව ලබා දෙනව නම් හොඳයි.
ජාතික මහා කී‍්‍රඩා උළෙල බෙලිඅත්ත වගේ ප‍්‍රදේශයකට ගෙනයාම හොඳයි. එය ඌව පළාතටත් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම රීඩ් ඇවනිව් කී‍්‍රඩාංගණය පිළිසකර කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමත් අතිශය වැදගත්.
ඩී. එස්. අයි තරඟාවලිය, ඩයලොග් වොලිබෝල් තරඟාවලිය, ජනාධිපති රන් කුසලාන මේ වගේ තරඟවලට ලක්ෂයකට අධික පිරිසක් කී‍්‍රඩකයෝ ඉන්නවා. ඒ වගේම වොලිබෝල් සම්මේලනය අතිශය දුප්පත්. අපටම වෙන්වුන පුහුණු කිරීමේ ආයතනයක් නෑ.
අපි වැඩිපුරම පුහුණුවීම් කරන්නෙ සුගතදාස කී‍්‍රඩාංගණයේ මෙහිදී පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා සිහිපත් කළ යුතුමයි. එතුමා නොවන්නට අපට පුහුණු වෙන්නටවත් තැනක් නෑ.
උඩවත්තේ නන්ද හිමි මූලාසනයට වැඩම කළහ.
ඩිලාන් පෙරේරා මහතා :– බදුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කරන්න. ;ම් වෙනුවෙන් කී‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබුණා. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ යම් අර්බුදයක් හේතුවෙන් එය නතර වුණා.
එහෙත් දුෂ්කර පළාත්වල කී‍්‍රඩාපහසුකම් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ග‍්‍රාමිය කී‍්‍රඩා පහසුකම් සංවර්ධනයට අයවැයෙන් වෙන් කිරීම ගැන ජනාධිපතිවරයාට අපි ස්තුතිවන්ත විය යුතුයි.
ඒ වගේම ඌව පළාත කියන්නෙ සංචාරක කර්මාන්තයට බලපාන ප‍්‍රදේශ රැසක් තිබෙනවා.
ඒ නිසා ඒ සංචාරක කලාප හදුනාගෙන කර්මාන්තය. ප‍්‍රවර්ධනයට පියවර ගත යුතුයි. එහෙම වුණාම ඌව පළාත හා නැඟෙනහිර පළාත එකිනෙක යාකර සංවර්ධනය කළ හැකියි. ඒ වගේම මෙවර අයවැයෙන් යෝජනා වී තිබුණා සංචාරක ආදර්ශ ගම්මාන ඉදිකරන බවට.
විපක්ෂය විසින් පාර්ලිමේන්තුවෙ මෙහෙයවන එකම විවාදය අයවැය විවාදයයි. ඒක මෙහෙයව ගන්න බෑ එක්සත් ජාතික පක්ෂයට. පසුගියදා අයවැය විවාදය කරගෙන යන්නට බැරි වුනා එක්සත් ජාතික පක්ෂයේ කථිකයො නැතිව.
සභාව කල්තබන අවස්ථාවෙ විවාදය ඉල්ලපු දයාසිරි ජයසේකර මහතාවත් මේ සභාවෙ හිටියේ නැහැ. බැරි වෙලාවත් අදාළ විෂයට අදාළ ඇමැතිවරයා ශරිර කෘත්‍යකට එළියට ගියත් එජාපය අපට ලෙඩේ දානවා.
නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කතිකයො හිටියා. එක්සත් ජාතික පක්ෂයට එකම විවාදයවත් මෙහෙයවගන්න බැහැ.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩා මහතා (ජ. වි. පෙ.)- 2006 වසර වෙනකොට සංචාරක අමාත්‍යාංශය විශාල ආදායමක් ලබා තිබෙනවා. නමුත් 2008 වෙනකොට ඒ ආදායම අඩුවෙලා. සංචාරක කර්මාන්තය කියන්නෙ රටක ජාතික ආර්ථිකය සඳහා දැඩි බලපෑමක් එල්ල කරනවා. අපේ රට සංචාරක කර්මාන්තයට පාරාදීසයක්.
ඉන්දියන් සාගරයේ මුතුඇටය. ස්වභාවික පරිසර පද්ධතින්, දේශගුණික කලාපයන් මේ සියල්ලම අපේ රටේ තිබෙනවා. එහෙව් රටකට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ගැටලුවක් තිබෙන්නට බැහැ.
සංචාරකයන් ගෙන්වා ගැනීම හෝ පැමිණීමේ අඩුවක් තියෙනවනම් එහි වරද මේ රටේ ජනතාවගෙ නෙවෙයි. අදාළ විෂය බලාගන්නා අයයි මෙයට විසඳුම් සෙවිය යුත්තෙ.
අපේ රටතුළ ඕනෑ තරම් සංචාරක කලාපයන්, අතීත උරුමයන්, කලා නිර්මාණ, ඓතිහාසික සිද්ධස්ථාන, පාරිසරික ස්වභාවික සම්පත් ඕනෑතරම් තිබෙනවා. අපේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේවා යොදාගන්න පුළුවන්.
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා- ලෝක ආර්ථිකය අද විශාල පසුබෑමකට ලක් වෙලා. මේ ආර්ථික පසුබෑම සංචාරක කර්මාන්තයට බලපාන බව අමුතුවෙන් කියන්න බැහැ. අපි වගේ කුඩා රටවලට මෙය තදින්ම බලපානවා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශය මගින් මේ වන විට සුවිශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. අපේ රටට සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණි රටවල්වලට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් දැන් මෙරටට සංචාරකයන් පැමිණෙනවා. මේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මීට හේතුවී තිබෙනවා.
අපේ රට පිළිබඳ නොදැන සිටි රටවලින් පවා සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉතා වැදගත්. අපේ සංස්කෘතික උරුමයන් සහ සාම්ප‍්‍රදායික ආයුර්වේදය වැනි අංශ මෙලෙස සංචාරකයන් වැඩියෙන් මෙරටට ගෙන්වා ගැනීමට උපකාරී කරගත හැකියි.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා- හොඳ ආර්ථික පසුබිමක් තිබුණ නම්, යුද්ධයක් නොතිබුණානම් මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දක්‍ෂ ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ මහතාට හැකියාව තිබෙනවා.
ඒත් මේ රටට සංචාරකයන් එන්නේ නෑ. ඒ මේ රටේ තිබෙන යුදමය වාතාවරණය නිසයි. සංචාරක කර්මාන්තය සියයට 34ක් කඩා වැටිලා.
මේ රටට එන්නේ එතරම් වත්කම් නැති සංචාරකයන් පමණයි. පැකේජ්වලට එන අය විතරයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අපි අපේ පැත්තෙන් සියලු සහාය දෙන්නම්.
නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
කී‍්‍රඩාව දැවැන්ත දේශපාලනීකරණයකට පත්වෙලා. අන්තර් කමිටු දේශපාලනයෙන් තොර කරන බව කියමින් ඇමැතිවරු පටන් ගන්නවා.
නමුත් අවසානෙදි ගියේ පාලක කමිටු පවා තරහ කරගෙනයි. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා වොලිබෝල් කමිටුවේ යම් වැඩක් කරනවා. එමෙන්ම ටී. බී. ඒකනායක ඇමැතිතුමා වූෂූ කමිටුවේ වැඩ කොටසක් ඉටුකරනවා. හෂාන් තිලකරත්න මහතා කි‍්‍රකට් කළමනාකරණයට පත්කළ විට ආසන සංවිධායකත්වයෙන් අස්වෙන්න කීවා.
ලොකුගේ මහතා- එතුමා ආවේ රස්සාවකට. රස්සාවයි දේශපාලනයයි දෙකම කරන්න බැහැ.
ජයසේකර මහතා- කී‍්‍රඩාවේ දේශපාලනීකරණය නවත්වන්න.
නාගරික සංවර්ධන ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා- අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම කී‍්‍රඩාවත් රටේ මානව සමාජයට ප‍්‍රයෝජනවත් වෙනවා. දිස්ති‍්‍රක් මට්ටමින් විවිධ කී‍්‍රඩා සංචිත හදලා. වොලිබෝල් කී‍්‍රඩාව මේ රටේ අමතක කළ කාලයක් තිබුණා. වොලිබෝල් සංගමයේ සභාපති වශයෙන් ඩිලාන් පෙරේරා මහතා හොඳ සේවයක් කරනවා.
කී‍්‍රඩා නිලධාරීන්ගෙ වැටුප ප‍්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ වැටුප ප‍්‍රමාණවත් පරිදි වැඩිකරන්න. රටක සංවර්ධනයට අවශ්‍ය වැඩ කිරීම අවශ්‍යයයි. අපටත් අවශ්‍ය වැඩකිරීමයි. නම අවශ්‍ය නැහැ.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. විනෝ මහතා (ද්‍ර. ජා. ස.)- රටක තරුණ පරපුර කී‍්‍රඩාව මගින් නිවැරැදි මගට ගතහැකියි. එහෙත් උතුරු නැඟෙනහිර දරුවන්ට මේ අවස්ථාව ලබාදී නැහැ. කී‍්‍රඩාව, අධ්‍යාපනය වෙනුවට ඔවුන් කුඩා කළ සිටම ආයුධ අතට අරගෙන, ඒ නිසා මේ වරද අනාගතයේදී හරි නිවැරැදි කිරීමට පියවර ගත යුතුයි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා (එ. ජ. නි. ස.)- කී‍්‍රඩාව සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. වොලිබෝල් කී‍්‍රඩාව කඩා වැටීමට ලක්වෙමින් තිබූ මොහොතක එය ගොඩනැගීමට ඩිලාන් පෙරේරා මහතා සහ කී‍්‍රඩා ඇමැතිවරයා විශාල වෙහෙසක් ගන්නවා. එය අගය කළ යුතුයි.
ගම්පහ ප‍්‍රදේශයට වොලිබෝල් කී‍්‍රඩාව පුහුණු වෙන්න තැනක් නෑ. වොලිබෝල් කී‍්‍රඩාංගණයක් ගම්පහට ලබා දෙන්න. ඒ වගේම අත්තනගල්ලට කි‍්‍රකට්, වොලිබෝල් කී‍්‍රඩාව දියුණු කිරීමටත් උදව් කරන්න.
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි මහතා (එ. ජා. ප.)- සුනාමිය නිසා ධීවර කර්මාන්තය වගේම සංචාරක කර්මාන්තයටත් බලපෑම් එල්ල වුනා. ඒ ජනතාවට තවමත් සහන නැහැ.
සංචාරක කර්මාන්තය දකුණු වෙරල ආශි‍්‍රතව ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහා යොදා නොගන්නා, එහෙත් යොදාගත හැකි ගම්මාන හා ප‍්‍රදේශ රැසක් අපගේ ප‍්‍රදේශයේ තිබෙනවා. එම ප‍්‍රදේශත් සංචාරක කර්මාන්තයට යොදා ගන්න.
හම්බන්තොට දිස්ති‍්‍රක්කය ඉතිහාසයේ සිටම වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් තිබෙනවා. තිස්සමහාරාම විහාරය, සිතුල්පව්ව, මුල්කිරිගල විහාරය ආදිය වැදගත්.
උඩවත්තේ නන්දහිමියෝ මුලසුනට වැඩම කළහ.
ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා- 2005 සම්මත කළ සංචාරක පනත කි‍්‍රයාත්මක කිරීමට ඇතැමුන් යම් බියක් ඇතිවුණා. එහෙත් වත්මන් සංචාරක ඇමැති නොබියව පියවර ගත්තා.
ඒ අනුව ස්වාධීනව මේ අමාත්‍යංශය යටතේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට හැකි වෙනවා. යුද්ධය නිසා සංචාරකයන් එන්නෙ නැතිවීම ස්වභාවිකයි. එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළට ඇතුල්වෙනකොට ඇඳුමේ පටිය පවා ගලවනවා.
මැදපෙරදිග සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාදාමය ඵලදායකවී තිබෙනවා. සාර්ක් රටවල, විශේෂයෙන් ඉන්දියාවේ දී සංචාරකයන් ඩොලර්වලින් ගෙවනවා. එහෙත් ශී‍්‍ර ලංකාවේ දී ගෙවන්නේ රුපියල්වලින්.
ඒ නිසා සාර්ක් රටවල සංචාරකයන් ගෙන් ඩොලර්වලින් නම් අපිත් ඩොලර්වලින්ම මුදල් ගත යුතුයි. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය හා ප‍්‍රාදේශීය අංශද එක්වී මේ ක්‍ෂේත‍්‍රය ශක්තිමත් කළ යුතුයි.
සංචාරක ක්‍ෂේත‍්‍රයේ දුක් ගැහැට සම්බන්ධයෙන් සොයා බැලීමට පරිපාලන කොමසාරිස්වරයෙක් ද පත්කළා. පළමුවරට මේ අයවැයෙන් සංචාරක ගම්මාන ශක්තිමත් කිරීමට මුදල් වෙන්කළා.
පළපුරුද්දක් ඇති අය තනතුරුවලට පත්කර තිබෙන අතර පෞද්ගලික අංශයේ පළපුරුදු අයටත් අවස්ථාව දී තිබෙනවා. ඒ නිසා මේ ක්‍ෂේත‍්‍රයේ දියුණුවක් වන බව කිවයුතුයි.
සංචාරක කටයුතු ඇමැති මිලින්ද මොරගොඩ මහතා - මේ විවාදය නිතරම එක විදියකට කෙරෙන්නේ විපක්ෂය කියනවා මුකුත් කෙරෙන්නෙ නැහැ කියලා. ආණ්ඩුව කියනවා කෙරෙනවා කියලා. නමුත් මැද තැනකට එන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරයට අභියෝග රාශියක් තිබෙනවා. ඒ අභියෝග ජය ගැනීමට නම් අප හැමදෙනාම එකතුවිය යුතුයි. අපේ අමාත්‍යාංශය අදහස් සඳහා විවෘතයි.
පවතින දුෂ්කර රාමුව තුළ ආකල්ප වෙනස් කළ හැකිවූණා. සංචාරකයන් බටහිරින්ම ගෙන්විය යුතු යැයි පෞද්ගලික අංශයේ පැවැති මතය වෙනස් කළා. දැන් වැඩියෙන්ම සංචාරකයන් එන්නේ ඉන්දියාවෙන්.
එමෙන්ම අසල්වාසී රටවල් හා නැගෙනහිර ආසියාතික රටවලින් ගෙන්වා ගත යුතුයි. උදාහරණයක් ලෙස ගතහොත් චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට චීන කෑම ඕනෑ. අප කියන චීන කෑම නොවේ චීන කෑම කියා කියන්නෙ කොළඹදී චීන කෑම ගතහැකි තැන් තිබෙන්නේ දෙතැනක පමණක් බව චින තානාපතිතුමා කීවා.
පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මගින් මේ ක්ෂේත‍්‍රයේ සංවර්ධනය ගැන හිතන්න වෙනවා. ලෝක බැංකුවත් පළමුවරට ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහාය දීමට කැමැති වී තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව හා පොදුරාජ්‍ය මණ්ඩලය ද අපට උදව් කිරීමට එකඟවී තිබෙනවා. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශයද එකට වැඩ කරන ක‍්‍රමයක් අප සකස්කර තිබෙනවා. එමෙන්ම ජනමාධ්‍ය සමග හොඳ සම්බන්ධයක් පවත්වනවා. සංචාරක ක්ෂේත‍්‍රයෙ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට සංචාරක කොමසාරිස්වරයෙක් පත්කර තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයට ලබන අවුරුද්දේ මුහුණදීමට සිදුවන්නේ ලෝක ආර්ථික අර්බුදයට යි. කුඩා ව්‍යාපාරිකයන්ට සහන දෙමින් ඔවුන් තරඟකාරිත්වයට යොමු කිරීම ගැන අවධානය යොමුකරනවා. අන්තර් ජාලය සංචාරක ක්ෂේත‍්‍රයෙ වැදගත් තැනක් ගන්නවා.
සජිත් පෙ‍්‍ර්මදාස මහතා- යාල වනෝද්‍යානය ආශ‍්‍රිතව ජීවනෝපාය කරගන්නා ජීප් රියදුරන්ට සහනයක් දීමට යෝජනා කරනවා.
මොරගොඩ මහතා- මේ යෝජනාව මීට පෙර ඉදිරිපත්කර තිබෙනවා. මා ඒ යෝජනාව සටහන්කර ගන්නවා. අමාත්‍යාංශයක් ලෙස අප විවෘතයි. ප‍්‍රශ්නයක් තිබේනම් ලියන්න.
මා අමතන්න. විවෘතව අදහස් ගන්නැයි නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙනවා. ඉලක්කයට යන්න වෑයම් කළ යුතුයි.
සංචාරකයන් දස ලක්ෂයක් ගෙන්වා ගැනීමේ ඉලක්කයට යා හැකි දැයි නවරත්න බණ්ඩා මන්තී‍්‍රතුමා ඇසුවේ පිළිතුරත් දැනගෙන විය යුතුයි.
කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ඇමැති ගාමිණී ලොකුගේ මහතා- අපි විවේචන, අදහස්, යෝජනා චෝදනා බාර ගන්න ලෑස්තියි. කී‍්‍රඩාව දේශපාලනයෙන් තොරව දියුණු කළ හැකියි. ඒත් ද්වේශයෙන් යුතුව කතා කිරීමෙන් කී‍්‍රඩාව දියුණු කරන්න බැහැ.
දයාසිරි ජයසේකර මහතා වැරැදි අවබෝධයක් දීමට උත්සාහ කළා. කී‍්‍රඩා සංගම් ගැන එතුමා පැවසූ දේවල් නිවැරැදි නෑ. කී‍්‍රඩා සංගම් නිවැරැදි කිරීමට මා දේශපාලන අරමුණුවලින් තොරව තීන්දු ගන්නවා. කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩල පත් කිරීම ඇරැඹුවේ අපි නොවේ.
සංශෝධන සහිතව වැය ශීර්ෂ සම්මත විය.
පාර්ලිමේන්තුව අද (20) උදේ 9.30ට රැස්වේ.

No comments: