Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

සෝන්ඩර්ස්-රත්නම් තරගය ඇනහිටී කී‍්‍රඩකයෝ-කී‍්‍රඩාලෝලීහු ගුටිබැට හුවමාරු කර ගනිති රත්නම් කී‍්‍රඩකයෝ 3ක් රෝහලේ

සෝන්ඩර්ස් හා රත්නම් අතර පැවැති ප‍්‍රිමියර් ලිග් පාපන්දු තරගයේ දී කී‍්‍රඩකයන් හා කී‍්‍රඩාලෝලීන් අතර වූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවිය.
මෙම කළහකාරී සිද්ධියෙන් තුවාල ලැබූ රත්නම් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයින් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.
කොළඹ සී. ආර්. පිටියේ පෙරේදා සවස පැවැති රත්නම්, සෝන්ඩර්ස් අතර තරගය මිනිත්තු 43 ක් පැවැති අතර රත්නම් කී‍්‍රඩක රිස්වාන් සාහිස් හා තරග නරඹන්නෙක් අතර ඇතිවූ වාග් ප‍්‍රහාරයක් දුරදිග යෑමෙන් මෙම ගැටුම ඇතිවිය.
තරගය නැරඹීමට දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටි අතර නිසි පොලිස් ආරක්ෂාවක් ලබාදී නොතිබුණි. සිවිල් ආරක්ෂක බළකායේ භටයින් පස්දෙනෙකු පමණ ආරක්ෂාවට කැඳවා තිබුණි.
සිද්ධියෙන් තුවාල ලැබූ රත්නම් කී‍්‍රඩා සමාජයේ නායක තරුෂ රංගන, හේෂාන් සිල්වේරා හා මොහොමඩ් රවුමි පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබාගත් බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හර්ලි සිල්වේරා මහතා පැවැසීය. තුවාල ලැබූ හේෂාන් සිල්වේරා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ බාල පුතු වේ.
තරගය විනිශ්චය කළ ඩිලාන් පෙරේරා ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබා දුන් වාර්තාවකට අනුව රත්නම් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයෙකු නරඹන්නෙකුට පහරදීම හේතුවෙන් කළහකාරී සිද්ධිය ඇතිවී තරගය නැවැත්වීමට සිදුවූ බව දන්වා ඇත. ඒ අනුව එම කී‍්‍රඩකයාට හා තවත් කී‍්‍රඩකයින් කිහිප දෙනෙකුටම විනය කි‍්‍රයාමාර්ග ගැනීමට පාපන්දු සම්මේලනයට සිදුවේ.
මෙම තරගාවලියේ රත්නම් - සෝන්ඩර්ස් ප‍්‍රථම තරගයේ දීද යම් යම් සිද්ධීන් ඇතිවූ බැවින් තරග සංවිධායකයින් දැඩි ආරක්ෂාවක් පෙරේදා තරගයට ලබාදිය යුතුව තිබුණේ යැයි බොහෝ දෙනා චෝදනා කළහ.
පසුගිය මාසයේදී කොළඹ ලීග් තරගාවලියේදී හේනමුල්ල යුත් හා රාජගිරිය සරසවි කී‍්‍රඩා සමාජය අතර තරගයේ දී අවිනීත හැසිරීම හේතුවෙන් එම කී‍්‍රඩා සමාජ කොළඹ ලීගයේ සාමාජිකත්වයෙන්ද ඉවත් කළහ. එබැවින් රත්නම් කී‍්‍රඩා සමාජයට හා සෝන්ඩර්ස් යන කී‍්‍රඩා සමාජ දෙකටම ඉදිරියේදී අවිනිශ්චිත වාතාවරණයක් උදාවුවහොත් තරගාවලියේ උණුසුමටද එය බලපානු ඇත.
මෙම තරගයේ දී ඇති වූ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බව ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති හා ශ‍්‍රී ලංකා පාපන්දු කළමනාකරණ කමිටු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා පැවැසීය. මෙම සිද්ධියට අදාළ සියලුම අයට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඒ මහතා අවධාරණය කළේය.
“මේ වගේ සිද්ධීන් ඇතිවන්නේ කී‍්‍රඩාංගණයට නිසි ආරක්ෂාවක් නොමැති නිසයි. විවෘත කී‍්‍රඩාපිටිවලට නරඹන්නන් කඩාවැදීම නිසා මේ දේවල් වෙනවා. ඉදිරියේදී සෑම කී‍්‍රඩා සමාජයකින්ම ආධාරකරුවන් දසදෙනෙකු බැගින් ආරක්ෂාව සඳහා යොදවා ගන්නවා යැයි ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

No comments: