Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් අද සිට

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංවිධානය කරන ක‍්‍රීඩා සමාජ ප‍්‍රමුඛතම කි‍්‍රකට් තරගාවලිය වන ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය අද (14) ඇරැඹේ. තුන්දින තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පළමු කාණ්ඩයට කණ්ඩායම් 11ක් ද දෙවැනි කාණ්ඩයට කණ්ඩායම් 10 ක් ද ඇතුලත් වෙති.
පසුගිය වසරේ දෙවැනි කාණ්ඩයේ සූරයන් වූ ශ‍්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම මෙවර පළමු කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබා සිටී.
පළමු කාණ්ඩයෙන් අඩුම ප‍්‍රසාද ලකුණු ලබාගත් බදුරලිය කි‍්‍රකට් කණ්ඩායම මෙවර ද එම කාණ්ඩයෙන් තරග වැදීමට වාසනාවන්ත වී ඇත. ඒ පසුගිය දිනවල කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩා සමාජ අතර පැවැති අරගලය සමථයකට පත්වීමෙනි.
මෙම අරගලය හේතුවෙන් පළමු පෙළ කි‍්‍රකට් තරගාවලිය මෙතෙක් ප‍්‍රමාද කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට සිදු විය.
බදුරලිය කි‍්‍රකට් කණ්ඩායම පළමු කොටසට ඇතුලත් වූවා සේම බී. ආර්. සී. කණ්ඩායමට ද මෙවර දෙවැනි කොටසින් තරග වැදීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අවසර දී තිබේ.
තරගාවලියේ පළමු කොටසේ තරග එළැඹෙන වසරේ ජනවාරි මස අග සතිය දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිත ය. දෙවැනි කොටසේ තරග ජනවාරි මස දෙවැනි සතිය දක්වා කි‍්‍රයාත්මක වේ.
පළමු කොටසට කී‍්‍රඩා කරන කණ්ඩායම්: එස්. එස්. සී, මුවරස්, ද්‍රවිඩ සංගමය, සී. සී. සී., හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, රාගම, බැලුම්ෆීල්ඩ්, එන්. සී. සී., යුද හමුදාව සහ බදුරලිය.
දෙවැනි කොටසට කී‍්‍රඩා කරන කණ්ඩායම්: ලංකන්ස්, පානදුර, පොලිස්, සැරසන්ස්, සෙබස්තියනයිට්ස්, මොරටුව, ගුවන් හමුදාව, අම්බලන්ගොඩ සිංහ, සීදුව - රද්දොළුව සහ බී. ආර්. සී.

No comments: