Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 18, 2008

මිහින් එයාර් ගුවන් සේවය යළිත්

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
මිහින් එයාර් ගුවන් සේවයේ පැවැති අඩුපාඩුකම් නිවැරැදි කොට සාර්ථක ගුවන් සේවයක් ලෙස මාස හතරක් ඇතුළත කි‍්‍රයාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.
ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කෙළේ සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කථාව කරමිණි.
සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා
මිහින් එයාර් ගුවන් සේවය අරඹා තිබෙන්නේ අඩු වියදම් (බජට් එයාර්) ගුවන් සේවයක් වශයෙන්. මේ ගුවන් සේවය සඳහා දේශීය සම්පත් යොදා ගන්නා බවද සඳහන්. මිහින් එයාර් ගුවන් සේවය සඳහා රුපියල් මිලියන 3600 ක් පමණ වැය කර තිබෙනවා. එහෙත් කිසිදු ලාභයක් ලබා නැහැ.
මිහින් එයාර් සඳහා වැය කළ මුදල් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ලබා දුන්නේ නම් මගීන්ට මේ සහන සැලසීමට තිබුණා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා
අද ලෝකයේ බොහෝ ගුවන් සේවා මේ වන විට කඩා වැටිලා ලෝක ආර්ථිකයේ පවතින තත්ත්වයන් සහ සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම මෙයට හේතු වෙලා. මෙවැනි තත්ත්වයක් යටතේ අලුතෙන් ගුවන් සේවයක් පටන් ගත්තේ ඇයි කියන එකයි අපට ඇති ප‍්‍රශ්නය.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා
මිහින් එයාර් ගුවන් සේවය නැවත ගොඩ නැඟීමට අයවැයෙන් මුදල් වෙන් කිරීම එ.ජා.ප.යට මහා ප‍්‍රශ්නයක් වෙලා. මහා පරිමාණ මුදල් වංචා කළ අය තමයි මේ විරුද්ධ වන්නේ. කව්රු මොනවා කිව්වත් ලබන දෙසැම්බරයේදී මිහින් එයාර් ඇරඹීමට සියලු කටයුතු යොදා අවසන්.
මේ සඳහා බොයින් 703 ගුවන් යානාවක් මිලට ගෙන අවසන්. යම් පාඩුවක් වූ පමණින් මේ ව්‍යාපෘතිය හකුලා ගැනීමට අප සූදානම් නැහැ. අපෙ‍්‍ර්ල් මාසය වන විට තවත් ගුවන් යානා 2 ක් මිලදී ගන්නවා. චමල් රාජපක්ෂ කියන්නේ අත්දැකීම් බහුල ඇමැති කෙනෙක්. ඒ මහතාට පුළුවන් මේ ගුවන් සේවය ගෙන යන්න.
මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා
මිහින් ලංකා ගුවන් සේවය පමණයි විපක්ෂයට තිබෙන එකම ප‍්‍රශ්නය. මේ පිළිබඳ ප‍්‍රශ්න කරන තුන්වන අවස්ථාව මෙයයි. අපේ ජනතාවට අඩු පිරිවැය ගුවන් සේවයක් ලබා දීමේ අරමුණින් තමයි මෙය පටන් ගත්තේ.
වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා
රවී කරුණානායක මහතා මිහින් එයාර් ගැන මේ යෝජනාවක් ගෙන එන්නේ හයවැනි වතාවටයි. ඒත් කමක් නැහැ අපට මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ හැකියි. මට තව මාස 4 ක් දෙන්න. අපි මේ ගුවන් සේවයේ අඩුපාඩුකම් සකසා කි‍්‍රයාත්මක කර පෙන්වන්නම්.

No comments: