Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

ජගත් කි‍්‍රකට් පිටියෙන් ගංගුලි සමු ගනී

ඉන්දියාවේ හිටපු කි‍්‍රකට් නායකයකු වන සව්රව් ගංගුලි ජාත්‍යන්තර කි‍්‍රකට් තරග බිමෙන් ඊයේ සමුගත්තේය. ඉන්දියාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ඊයේ අවසන් වූ තරග මාලාව ඔහුගේ අවසන් ටෙස්ට් තරගය විය.
ටෙස්ට් තරග 113 කට සහභාගි වූ ගංගුලි ප‍්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමට පිවිසියේ 1996 වසරේ ජූනි මස එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදීය.
ඉනිම 188 කට කී‍්‍රඩා කළ ඔහු 42.17 ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 7212 ක් වාර්තා කළේය. ඔහුගේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 239 කි. ශතක 16 ක් හා අර්ධ ශතක 35 ක් ලබාගත් ඔහුගේ සිය ටෙස්ට් කී‍්‍රඩා දිවිය තුළදී හතරේ පහර 900 ක් හා හයේ පහර 57 ක් එල්ල කොට තිබේ.
උඩ පන්දු 71 ක් රැකගත් ගංගුලි කඩුලු 32 ක්ද ලබා ගත්තේය. ජාත්‍යන්තර එක්දින තරග 311 කට සහභාගි වූ ඔහු ශතක 22 ක් හා අර්ධ ශතක 72 ක් සමග ලකුණු 11363 ක් වාර්තා කොට තිබේ. හතරේ පහර 1122 කි. හයේ පහර 190 කි. රැකගත් උඩපන්දු සංඛ්‍යාව 100 කි. තරගයකදී රැස්කළ වැඩිම ලකුණු ප‍්‍රමාණය 183 කි.

No comments: