Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 10, 2008

මුහුදු කොටි මධ්‍යස්ථානයක් කාලතුවක්කු අංගණයක් වනසති

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් පරන්තන් මුහුදු කොටි මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහිත කඳවුරු පරිශ‍්‍රයකට හා කිලිනොච්චි පුනරීන් ප‍්‍රදේශයේ කාලතුවක්කු ස්ථානගත කළ අංගණයකට ඊයේ (09) දහවල් ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කර විනාශ කැර තිබේ.
ජෙට් ප‍්‍රහාරක යානා උපයෝගීකර ගනිමින් ඊයේ දහවල් 12.50 ට පමණ මෙම පහරදීම් සිදුකර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.
පරන්තන් හන්දියට කිලෝමීටර් එකක් පමණ බටහිර දෙසින් මුහුදු කොටින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය තිබූ අතර එමගින් උතුරු මුහුදේ ප‍්‍රහාර සඳහා මුහුදු කොටින්ට අණ හා සැළසුම් ලබාදෙන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.
පුනරීන් සිට කිලෝමීටර් හයක් පමණ ගිනිකොන දෙසින් ත‍්‍රස්තවාදීන් විසින් පිහිටුවන ලද කාලතුවක්කු අංගනයේ සිට ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පාබල හමුදා වෙත පහර දෙන බවට අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් ජෙට් ප‍්‍රහාරක යානා උපයෝගී කර ගනිමින් කොටි ත‍්‍රස්තවාදීන්ට පහරදී එම ස්ථාන විනාශ කිරීමට ගුවන් හමුදාව පියවරගෙන ඇත.
ප‍්‍රහාර මගින් එම කඳවුරු පරිශ‍්‍රය විනාශ වී ගිය බවට තහවුරු වී ඇති අතර නිවැරැදි ඉලක්ක වෙත පහරදුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය.

No comments: