අමෙරිකා ජනාධිපතිවරණය අරමුණු කරමින් ඊට දෙදිනකට පෙර ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහොන් සමරනායක මහතා සමඟ කළ මෙම සාකච්ඡාවේ දී, එම මැතිවරණය කෙරෙහි මෙපමණ ලෝක අවධානයක් යොමුවීම, එය ජයගැනීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති බැරැක් ඔබාමාට ඔහු කියන වෙනස් කළ හැකි ද, සැබැවින් ම සිදුවිය යුත්තේ කිනම් වෙනසක්ද වැනි කාරණ විමසා බලයි.
අමෙරිකා ජනාධිපතිවරණය වෙත ලෝකයේ ම අවධානය යොමුවෙනවා. එය එතරම් වැදගත්කමක් හිමිකැර ගැනීමට බලපාන හේතූන් ලෙස ඔබ දකින්නේ මොනවා ද?
අමෙරිකා ජනාධිපතිවරණය මුලු ලෝකයේ ම කතාබහට ලක් වන මාතෘකාවක්. සාමාන්‍ය සමාජයේ කෙසේ වෙතත් සමාජයේ ඉහළ තලවල, ජනමාධ්‍යවල, ආණ්ඩු අතර එය වැදගත් මාතෘකාවක්.
වත්මන් ලෝක රටාව සම්බන්ධයෙන් අමෙරිකාව තීරණාත්මක බලපෑමක් කරනවා. අමෙරිකාව කියන්නේ පෘථිවියේ ප‍්‍රමුඛ ම හා ඉහළ ම බලය සහිත රාජ්‍යයක්.
ඊට හේතුවන කාරණාත් තිබෙනව. අමෙරිකාව විශාල රටක්. වර්ග ප‍්‍රමාණය වර්ග කි. මී. 9.6ක් පමණ. ජනගහනය මිලියන 296ක්. ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඩොලර් 41890ක් (2005). 2007 දී ආර්ථිකයේ වටිනාකම ටි‍්‍රලියන 14000ක්.
මේ දැවැන්ත ආර්ථිකය ලොව සෙසු ආර්ථිකයන් සමඟ ගැට ගැසී පවතිනවා. 20 වැනි සියවස මැදභාගයේ සිට ධනේශ්වර ලෝකයේ නියමුවා වන්නේත් අමෙරිකාවයි. ඊට අවශ්‍ය පරිදි අමෙරිකාව හැඩගැසිලයි තියෙන්නේ.
එරට සතුව න්‍යෂ්ටික බෝම්බ (Neuclear War heads) 22000ක් පමණ ඇතැයි සඳහන් වෙනවා. පෘථිවිය දෙතුන් වරක් දවා අළු කිරීමට ඒ ප‍්‍රමාණවත්.
ලොව සියලු රටවල ඒකාබද්ධ යුද වියදම සැළකුවොත් ඉන් 50%ක් ම අමෙරිකාවේ පංගුවයි. අමෙරිකාව 1950න් පසුව රටවල් 22කට පහර දුන්නා. ඉරාකයේ දී සහ ඇෆ්ගනිස්තානයේ දී ඔවුන් තීරණාත්මක ලෙස යුද බලය යොදවමින් සිටිනවා.
පවතින ලෝක රටාව අනුව, ඉහළ ම රටේ වෙනස්කම් ගැන කතා කිරීමට උනන්දුවකුත් තියෙනවා. මෙහි දී, අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ම කාරණයක් තමයි, අමෙරිකාව බලසම්පන්න රටක් බවට පත්වීමෙන් පසු (19 සියවසේ අගභාගයේ සිට) අමෙරිකාවේ පාලක පංතිය ලෝකය පාලනය කළ යුත්තේ තමන් බව සිතා කි‍්‍රයාකිරීම.
මුල් යුගයේ පටන් ම අමෙරිකා ජනාධිපතිවරු වරින්වර එසේ ප‍්‍රකාශ කළා. ජනාධිපති හැරී ට‍්‍රෲමන් කිව්වේ ‘ලෝකය පාලනය කළයුත්තේ අපි” කියලා. 1952 දී අයිසන්හවර් ජනාධිපතිධූරයේ දිවුරුම් දෙමින්, “ඉතිහාසය විසින් මේ රටට පවරා ඇති වගකීම ලෝකයට නායකත්වය දීමයි” යනුවෙන් පැවසුවා.
9/11 ප‍්‍රහාරයෙන් පසු අමෙරිකාව නව ආරක්‍ෂණ උපාය මාර්ග හඳුන්වා දෙනු ලැබුවා. ඊට අයත් මූලික මූලධර්ම අතරට, තම යුද බලයට අභියෝග කළ හැකි මට්ටමට පැමිණීමට අමෙරිකාවේ මිතුරකුටවත් ඉඩක් නොතැබීම, එවැනි යුද බලයක් තාම හෝ ඇත්නම් කල්තබා ම පහරදී විනාශ කිරීම (Pre – emptive attack) ක් ඇතුළත්.
අමෙරිකා ජනාධිපතිවරයා තෝරාගන්නේ තරමක් සංකීර්ණ ක‍්‍රමයක් වන තේරීම් මණ්ඩල (Electoral College) කි‍්‍රයාවලියකින්. ජනාධිපතිවරයා තෝරා ගැනීමට සෘජු මහජන ඡන්දය ප‍්‍රකාශවීමක් සිදුවන්නේ නැහැ නේද ...?
අපේ වගේ රටවල වගේ නොවෙයි, අමෙරිකාවේ බොහෝ දේ තීරණය වන්නේ ව්‍යවස්ථාවෙන් මයි. මේ රටවල්වල පාලකයා ගේ රුචිකත්වය අනුව මැතිවරණ දිනය තීරණය වුණත්, එක්සත් ජනපදයේ එය ව්‍යවස්ථාවෙන් ම නියම කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණ දිනය යෙදෙන්නේ සෑම වසර 04 කට වරක්. එන වසරේ නොවැම්බර් මස පළමු සඳුදාට පසුව යෙදෙන පළමු අඟහරුවාදා දිනයටයි.
මේ වතාවේ එය නොවැම්බර් 04 ට යෙදුණා. තෝරා ගන්නා ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ ඊළඟ වසරේ ජනවාරි 20දා. කොයිතරම් බලවත් වුණත්; ජනාධිපතිවරයා තෝරාගන්නේ සෘජු මහජන ඡන්දයෙන් නොවෙයි.
මහජනයා ඡන්දය ප‍්‍රකාශ කරන්නේ ‘තේරීම් මණ්ඩලය’ (Electoral Collge) පත්කැර ගැනීමටයි. ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුකරන්නේ එම තේරීම් මණ්ඩලය විසින්.
අමෙරිකා කොන්ග‍්‍රස් මණ්ඩලයේ මුලු සාමාජික සංඛ්‍යාව 538යි. එනම්, සෙනට් මණ්ඩලයේ නියෝජිතයන් 100 + නියෝජිත මන්තී‍්‍ර නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය 435 + වොෂින්ටන් D. C – 3 ජනාධිපති වශයෙන් පත් වීමට නම් එම මුලු සාමාජික සංඛ්‍යාව වන 538න් හරි අඩකට වඩා එකක් වැඩියෙන්.
නියෝජිත ඡන්ද ලබා ගත යුතුයි. එනම් ඡන්ද 270ක් ජයග‍්‍රහණය සඳහා අවශ්‍යයයි. නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට තෝරා ගැනීමේ දී ඒ ඒ ප‍්‍රාන්තය අනුව නියෝජිතයන් සංඛ්‍යාව ද වෙනස්’ නිදසුනක් ලෙස කැලිෆොනියාවට නියෝජිතයන් 55ක් හිමි වන විට ටෙක්සාස් සඳහා 35යි.
Electoral සභාව තරග කරන පක්‍ෂවල ලැයිස්තුවට මිනිස්සු ඡන්දය ලබා දෙති. එම ලැයිස්තුව කුමක්දැයි ප‍්‍රාන්ත සමුළුවල දී තීරණය කෙරේ.
ඒ අනුව අදාළ ප‍්‍රාන්තයේ තේරීම් මණ්ඩලය පත්වන්නේ වැඩිම ඡන්ද ලබා ගන්නා පක්‍ෂයේ නාම ලේඛණය අනුවයි.
නොවැම්බර් 04 දාට යෙදුන මැතිවරණයෙන් අනතුරුව, දෙසැම්බර් දෙවෙනි බදාදාට පසු පළමු සඳුදා සභාව රැස් වී අපේක්‍ෂකයා තෝරා ගෙන එය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. දිනුවේ කවුරුන්දැයි නිල වශයෙන් ප‍්‍රකාශයට පත්වන්නේ එහි දී ය.
ජනතා කැමැත්ත දැනගත්තත් ඇතැම් අපේක්‍ෂකයන් පරාජයට පත්වීම පිළිබඳ කාරණය ඔබ දකින සැටි කෙබඳු ද?
ජනතා ඡන්ද වැඩියෙන් ලැබුණත් පරාජයට පත් වීම මෙම ක‍්‍රමය තුළ හඳුනාගත හැකි තවත් ලක්‍ෂණයක්. එනම්, ඇතැම් අවස්ථාවල බලයට පත් වන්නේ වැඩියෙන් ඡන්ද ලබා ගත් තැනැත්තා නොවෙයි.
කැලිෆෝනියාවේ දී ඔබාමා ලැබූ ඡන්ද සංඛ්‍යාව මැකේන්ට වඩා දශමයකින් හෝ වැඩි නම් ප‍්‍රාන්තයේ මුලු නියෝජිත සංඛ්‍යාව වන 55 ම නම්කිරීමේ බලය හිමිවන්නේ ඔබාමාටයි.
මේ නිසා කුඩා ප‍්‍රාන්තවල දී පරාජය වුවත් විශාල ප‍්‍රාන්තවලින් ජය ලබන අවස්ථා කිහිපයක් ම ඉතිහාසයේ සටහන්ව තිබෙනවා.
මෙවර මැතිවරණයේ දී හඳුනාගත හැකි විශේෂතාවන් මොනවා ද?
මෙවර තෝරන්නේ එක්සත් ජනපදයේ 44 වැනි ජනාධිපතිවරයා කළු ජාතික සම්භවයක් ඇති අයෙක් ජනාධිපතිධූරය සඳහා සමීප වී සිටින්නේ ඉතිහාසයේ පළමුවතාවටයි. බැරැක් ඔබාමා ජයග‍්‍රහණය කරන බව මත විමසුම්වල නිගමනය වී තිබෙනවා.
අමෙරිකාව කළු මිනිසුන් තම රටට ගෙනියන්නේ වහලුන් හැටියට, ඒ නිසා මාටින් ලූතර් කිං මෙන් නොවුණත් දෙවැනි පරම්පරාවට අයත් කළු ජාතිකයකු වන ඇෆ්රෝ අමෙරිකානුවන් නියෝජනය කරන ඔබාමා මේ තනතුරට පත් වුනොත් එය විශේෂයක්.
හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් වැනි අයත් ගැනෙන්නේ ඇෆ්රෝ අමෙරිකානුවන් අතරටයි. නමුත්, එවැන්නෙක් අමෙරිකානු ජනාධිපති ධූරය දක්වා පැමිණියේ ඉතිහාසයේ පළමු වරටයි.
එය වැදගත් කාරණයක්. අමෙරිකාවේ ජනගහනයෙන් 70.6% ක් ම සුදු සමක් සහිත අයයි. විවිධ ජනවර්ග නියෝජනය කරන 12.6% ට අයත් කළු ජාතිකයන් පීඩිතයන් ලෙස සැළකෙනවා.
ඒ නිසාත් ඔබාමා මෙතැනට පැමිණීම ප‍්‍රගතිශීලි ලකුණක් නමුත් සෑම කළු මිනිසකුට ම මෙවැනි තනතුරකට ළඟාවීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. ඔබාමා පීඩිතයකු නොවෙයි, ඔහු ඉහළ පැලැන්තියට අයත් ධනවතෙක්.
ඔබාමා ගේ ජයග‍්‍රහණය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් පළ කළ හැකි ද?
අමෙරිකානු ජනමත විමසුම් වැඩිගණනක ඔහු පැහැදිළිව ඉදිරියෙන් සිටිනවා. සාමාන්‍යයෙන් සැළකුවොත් මැකේන්ට වඩා 6% ක් පමණ ඉදිරියෙන්. එනම් දැනට තියෙන තත්ත්වය අනුව නම් ඔහු ජයගන්නවා.
අමෙරිකාවේ ටෙක්සාස් වැනි ප‍්‍රාන්ත සැළකෙන්නේ Battle ground States යනුවෙනි.
එවැනි තීරණාත්මක ප‍්‍රාන්තවල පවා ඔහු පෙරටවිත් තිබෙනවා. එයිනුත් ඔහු ගේ ජයග‍්‍රහණය පැහැදිලියි. ඔබාමා ගේ මැතිවරණ පාඨය අපට අවශ්‍ය වෙනසක් එය කළ හැකියි. යන්නයි.
මේ මොහොතේ ඔහු දිනීමට බලපාන තවත් කාරණයක් බවට අමෙරිකානු මූල්‍ය අර්බුදයක් පත්වෙලා. අමෙරිකාව දැන් මුහුණදෙන අවදානම 1929’ - ‘30 ගණන්වල අවදානමටත් වඩා බරපතල යි.
මේ තත්ත්වය ඉක්මවීමට නම් තවත් මාස 14 ක් වත් ගතවෙනු ඇතැයි සඳහන්. ඩොලර් ටි‍්‍රලියන ගණනක හානියක් දැනටත් ඒ නිසා අමෙරිකානු ආර්ථිකයට සිදුවෙලා.
ජීවන මට්ටම විශාල ලෙස පහත වැටිලා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය විසැඳුම් ඔබාමා සතුව ඇතැයි ඇමෙරිකානුවන් සිතනවා.
ඔබාමා ජයග‍්‍රහණය කළත් ඔය කියන ‘වෙනස’ ඔහුට කළ හැකි ද?
වෙනසක් වෙයි කියලා සිතන්නේ අමෙරිකානුවන් පමණක් නොවෙයි. ලෝකයත් සිතනවා. අමෙරිකානුවන් සිතන්නේ එය ඇතැම් විචාරකයන් කියන පරිදි අද අමෙරිකාව මුහුණ දෙන අසීරුතා ජනාධිපති බුෂ් සහ ඔහු වටා සිටින මුරණ්ඩු කල්ලියක ප‍්‍රතිඵල යි.
නමුත් මා එලෙස දකින්නේ නැහැ. ඩිමොක‍්‍රටිස් රිපබ්ලිකන් පක්‍ෂ අතර පවතින්නේ ප‍්‍රතිපත්තිමය වෙනස්කම්වලට වඩා වැඩ ශෛලියේ වෙනස්කම්. රිපබ්ලිකන් අය ඒක පාර්ශවිකව තීරණ ගනිද්දී ඩිමොක‍්‍රටිස් අය හිතවත් රටවල අදහස් විමසා තීරණ ගන්නවා.
නමුත් අවසානයේ කි‍්‍රයාත්මක කරන්නේ ධනවත් පාලක පංති වුවමනාවට තමයි. මේ නිසයි ඇතැම් විචාරකයන් අමෙරිකාවේ ඇත්තේ එක් පක්‍ෂයක් පමණක් බව කියන්නේ. ඒ ප‍්‍රාග්ධනයේ පක්‍ෂය හෙවත් ව්‍යාපාරික පැළැන්තියේ පක්‍ෂයි.
මූලික ප‍්‍රතිපත්තිමය ලක්‍ෂණවලින් ඔබාමා වෙනස් නොවන වා වගේ ම පවතින ව්‍යුහය තුළ ඔහු කියන වෙනස කරන්නත් බැහැ. ඉතිහාසය තුළ ජනපි‍්‍රය ම ඩිමොක‍්‍රටිස් ජනාධිති වරයකු වූ ජෝන් එෆ් කෙනඩි වියට්නාම ආක‍්‍රමණය කිරීමට මුල පිරුවා.
ඩිමොක‍්‍රටික් - රිපබ්ලිකන් අතර වෙනසක් නැතැයි කියන්න තවත් නිදසුනක් තමයි, 1991 දී ඉරාකයට එරෙහි යුද්ධය වත්මන් ජනාධිපති බුෂ් ගේ පියා ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් විසින් දියත් කළ පසු බලයට පත් ඩිමොක‍්‍රටික් ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනුත් ඉරාකය මර්දනය කිරීම.
ලෝක දේශපාලනයේ අමෙරිකාවට හිමිතැන අභියෝගයට ලක්කිරීමට තරම් එය වර්තමානයේ මුහුණදෙන අර්බුද ප‍්‍රබලයි. ඊළඟ ජනාධිපති බැරැක් ඔබාමා නම් ඔහු කවර මාවතක් තෝරා ගනිවි ද?
ධනේශ්වර අර්බුදයේ පළමු මොහොත මෙය නොවෙයි පළමු ලෝක යුද්ධයෙන් පසුව කෙන්සියානු අදහස් ආර්ථිකය තුළ පිළිබිඹු වුණා.
ඉන් දැක්වූයේ ධනේශ්වර ක‍්‍රමයේ මෘදු බව. හරියට විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවරක් ගැන කතා කළා වගේ. ඒ තමයි තර්කානුකූල ධනවාදය බව ඔවුන් පැවසුවා.
නමුත් ධනවාදයේ එවැනි තර්කානුකූල බවක් නැහැ. එය සීමා වී පවතින්නේ ලාභය මත. එය පවතින තුරු සිදුවන්නේ අර්බුදයෙන් අර්බුදයට මාරු වීමයි. ඒ නිසා වෙනස් කළ යුත්තේ ධනේශ්වර ආර්ථික රටාවයි. පරිභෝජන රටාවයි.
සාකච්ඡා කළේධම්මික සෙනෙවිරත්න
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment