Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 18, 2008

ඩයලොග් කුසලාන එක්දින ජගත් කි‍්‍රකට් තරගාවලිය

2008 නොවැම්බර් 17 වනදා - විදේශ රටක පැවත්වෙන අන්තර්ජාතික කි‍්‍රතට් තරගාවලියකට පූර්ණ අනුග‍්‍රාහකත්වය සපයන ප‍්‍රථමයා බවට පසුගියදා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දුරකථන සේවා සමාගම වන ඩයලොග් ටෙලිකොම් පත්විය.
නොවැම්බර් 20 වන දින, හරාරේ නුවරදී ආරම්භවන එක්දින අන්තර්ජාතික තරග පහකින් සමන්විත ඩයලොග් කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග වදිනු ඇත.
මෙය ශ‍්‍රී ලාංකික වෙළඳනාමයක් අන්තර්ජාතික කරලියේ ආරම්භ කරන නව ඉනිමක්, ඩයලොග් කවදත් ජාතික කී‍්‍රඩාවන් සමග සමීප සබඳතාවයක් පවත්වනවා. නව තාක්ෂණික ක්ෂේත‍්‍රයේ බොහෝ දේ ප‍්‍රථම වරට කළේ ඩයලොග් සමාගමයි. ඩයලොග් ටෙලිකොම් PLC හි සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරී නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් ප‍්‍රකාශ කළ TEN SPORT සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කි‍්‍රස් මැක්ඩොනල්ඩ් “මෙම ආශ්වාදජනක තරගාවලියේ පූර්ණ අනුග‍්‍රාහකයා ලෙස ඩයලොග් ටෙලිකොම් සමාගම ඉදිරිපත් වීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා.
ඒ වගේම මෙරට කී‍්‍රඩාලෝලීන්ට මෙම තරගාවලිය රූපවාහිනිය මගින් උසස් රූප තත්ත්වයකින් යුතුව නැරඹීමට හැකියාව ලැබෙනු නොඅනුමානයි.
ටෙස්ට් තරග තුනකට සහ එක්දින තරග හතරකට පසුව එළැඹි පසුගිය දස වසරකට ආසන්න කාලයක් ඇතුළත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිම්බාබ්වේහි සංචාරය කරන පළමු වතාව මෙය වේ. එම තරඟ මාලාව ජයග‍්‍රහණය කරනු ලැබුවේ සංචාරක පිල විසිනි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින අන්තර්ජාතික තරග 37ක් කී‍්‍රඩාකොට ඇති අතර එයින් තරග 30ක්ම ජයගෙන ඇත.

No comments: