Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

ලෝක බොක්සිං තරගාවලියට අනුෂා - නිල්මිණි අද යති

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
චීනයේ පැවැත්වෙන 5 වැනි ලෝක කාන්තා බොක්සිං තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුෂා කොඩිතුවක්කු සහ නිල්මිණි ජයසිංහ අද (19) රාතී‍්‍ර දිවයිනෙන් පිටත් වීමට නියමිත ය.
රටවල් 44 ක කී‍්‍රඩිකාවෝ 240ක් සහභාගී වන මෙම තරගාවලියේ දී අනුෂා කිලෝ ග‍්‍රෑම් 46 පින් බර පංතියෙන් ද නිල්මිණි කිලෝ ග‍්‍රෑම් 50 ලයිට් ෆ්ලයි බර පංතියෙන් ද තරග වදිති.
“ලෝකයේ සෑම රටකම දක්ෂතම කී‍්‍රඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වෙනවා. අපි පෙර වසරවල දී දක්වන ලද දක්ෂතා අනුව මේ වසරේ දී මේ දෙදෙනා කුමන හෝ පදක්කමක් ගෙනත් දෙයි කියල බලාපොරොත්තු තියා ගන්න පුළුවන්” ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා ‘දිනමිණ’ ට පැවසීය.
ඉන්දියාවේ පැවැති 4 වැනි ලෝක කාන්තා බොක්සිං තරගාවලිය නියෝජනය කිරීම සඳහා ද ශී‍්‍ර ලංකාවෙන් වරම් ලැබුවේ මොවුන් දෙදෙනා ය.
එහිදී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට දෙදෙනාම සමත් වූහ.
ඒ අනුව ලෝක බොක්සිං ශ්‍රේණිගත කිරීම අනුව තම ඉසව්වල පළමු දහ දෙනා අතරට පිවිසීමට මේ දෙදෙනා සමත් ව සිටිති.
තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජාතික පුහුණුකරු රෆායල් එලයන් මහතා සහභාගී වේ. කණ්ඩායමේ කළමනාකාරිනිය වන්නේ කසුනි ද සිල්වා මහත්මිය යි.
මේ අතර ලෝක බොක්සිං සංගමය විසින් මෙම තරගාවලියේ ප‍්‍රධාන විධායකවරිය ලෙස ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමයේ කාන්තා කමිටු සභාපතිනි නීවා ඇඹුල්දෙණිය මහත්මිය පත්කර ඇත.
ලෝක බොක්සිං තරගමාලා ඉතිහාසයේ කාන්තාවක් මෙම තනතුර සඳහා පත්කළ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

No comments: