Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 6, 2008

රජයේ වියදම් කෝටි 40,000කින් වැඩි කරන එජාප අය වැයේ ආදායම් සොයන මාර්ග නෑ එජාපය ජනතාවට සීනිබෝල පෙන්නා ඇතැයි ඇමැති සියඹලාපිටිය කියයි

ජයසිරි මුණසිංහ
ආදායම් සොයා ගන්නා මාර්ග හෙළි නොකොට, රජයේ වියදම් රුපියල් කෝටි හතළිස් දහසකින් (රුපියල් බිලියන 400) පමණ වැඩි කරන යෝජනා ඇතුළත් විහිළු අයවැයක් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කොට ඇතැයි රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අයවැය වාර්තා ගණනාවක් රට හමුවේ තබා ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට හා එහි ප‍්‍රබලයන්ට පවා අවමාන ගෙන දෙන පරිද්දෙන්, එහි වර්තමාන නායකයෝ කි‍්‍රයා කරන බවද ඇමැතිවරයා කීය.
ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට සීනි බෝල විසැඳුම් ලබාදී ජනතාව රැවටීමේ අරමුණු පමණක් ඇති විකල්ප අයවැය කි‍්‍රයාත්මක කිරීමට මුදල් සොයා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නැයි සියඹලාපිටිය මහතා එජාපයට අභියෝග කෙළේය.
මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ඊයේ (05) පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විකල්ප අයවැය යෝජනා කි‍්‍රයාත්මක කිරීමට මුදල් සොයා ගන්නේ කෙසේදැයි එකින් එක ගෙනහැර දක්වමින් අදහස් දැක්වූ ඇමැතිවරයා අයවැය යෝජනා කි‍්‍රයාවට නංවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කෙළේය.
රජයේ ඇමැති මණ්ඩලය 35ට අඩු කිරීමෙන් ඉතිරිවන රුපියල් බිලියන 01ක මුදල ගැන පමණක් අවධානය යොමු කොට ඇති එජාපය,,රුපියල් බිලියන 400ක වියදම් රුපියල් බිලියන 01ක ආදායමක් ඉතිරි කර ගැනීමකින් සිදු කරන්නේ කෙසේදැයි විමසීය.
විශ්වවිද්‍යාලවලට සිසුන් 14,000ක් ඇතුළත් කර ගන්නා බව පැවසූ ඇමැතිවරයා, එ.ජා.ප.ය ලබන වසරේ දී විශ්ව විද්‍යාලවලට සිසුන් 30,000ක් ඇතුළත් කැරගැනීමට යෝජනා කර සිටින බව කීය.
එකවර අලුතින් විශ්වවිද්‍යාලවලට සිසුන් දෙගුණයක් ඇතුළත් කර ගැනීමට හැකි ක‍්‍රමවේදයක් සකස් කරන්නේ කෙසේදැයි ඇමැතිවරයා මෙහිදී ප‍්‍රශ්න කෙළේය.
එ.ජා.ප.ය මෙම මේ විකල්ප අය වැයෙන් රටේ බුද්ධිමත්ම පිරිස රවටා ගැනීමට උත්සාහ දරා ඇතැයිද හෙතෙම කීය. සමෘද්ධි, පොහොර, අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන හා රටේ සෙසු සියලු පහසුකම් නංවාලීමට යථාර්ථවාදී අයවැයක් රජය ඉදිරිපත් කරද්දී එ.ජා.ප. ඉදිරිපත් කර ඇත්තේ වැද ගැම්මකට නැති අයවැයක් යැයිද ඇමැතිවරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ආර්.ඒ.ජයතිස්ස මහතාද සහභාගි විය.

No comments: