Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

වැලිඔය-තන්නිමුරුක්කුලම් මාර්ගය හමුදාව යටතට දින තුනක දරුණු සටනකින් කොටි බංකර් 21ක් විනාශයි

විජයානි එදිරිසිංහ සහ මහින්ද කුලතුංග
කොටි බංකර් 21 ක් විනාශ කළ ආරක්ෂක හමුදාවෝ වැලිඔය සිට දිවෙන තන්නිමුරුක්කුලම් මාර්ගය අත්පත් කර ගත්හ. මෙම ප‍්‍රදේශයේ දින තුනක් තිස්සේ හමුදාව සහ කොටි අතර දරුණු ගැටුම් පවතින බවද වාර්තා වෙයි.
මුලතිව් ආන්දන්කුලම් ප‍්‍රදේශයේ තිබූ කොටි බංකර් විසි එකක් ආරක්ෂක හමුදා යටතට පත්වෙද්දී ඒවා යළි අත්පත් කර ගැනීමට කොටි කණ්ඩායම් ප‍්‍රහාර එල්ල කරමින් පැමිණ තිබේ.
ඔවුන්ට ආරක්ෂක හමුදා එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් බරපතළ හානි සිදුවී ඇත. එහිදී මැරුම් කෑ කොටි ත‍්‍රස්තයන්ගේ් සිරුරු පහක් ද හමුදාව අතට පත්වී තිබිණි. මේ අතර මුලතිව් කරපිඩ්ඩි ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල යෙදී සිටින යුද හමුදා භට පිරිස් වලට කොටි මෝටාර් ප‍්‍රහාර එල්ල කැර තිබේ.
යුද හමුදාව අත්පත් කරගත් කිලිනොච්චි පාලවි ප‍්‍රදේශයට කොටි ත‍්‍රස්තවාදීන් පෙරේදා රාති‍්‍රයේ මෝටාර් ප‍්‍රහාර එල්ල කර තිබිණි.ඉන් ආරක්ෂක හමුදාවලට හානි සිදුවී ඇත.
කිලිනොච්චි අක්කරායන්කුලම් ප‍්‍රදේශයට ආසන්නයේ ආරක්ෂක හමුදා මෙහෙයුම්වල යෙදී සිටියදී පැමිණි කොටි කණ්ඩායම සහ යුද හමුදාව අතර දරුණු ගැටුම් සිදුවී ඇත.
පෙරේදා පෙරවරු 11.40 ට ආරම්භවූ ගැටුම් එදින පස්වරු පහ පමණ වන තෙක් නොනවත්වාම තිබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ අතර ආරක්ෂක අංශ කුමලමුනෙයි ගම්මානයද අත්පත් කරගෙන ඇත.
මෙම ගම්මානය අල්ලාගැනීමට පෙර හමුදාව තන්නිමුරිප්පුකුලම සිට කුමුලමුනෙයි දක්වා මාර්ගයේ බලය අත්පත්කරගත් බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ත‍්‍රස්තවාදීන් සමග දැඩි සටනකින් පසු 59 වැනි සේනාංකයේ භට පිරිස් අල්ලාගත් මෙම කුමුලමුනෙයි ප‍්‍රදේශයේ බලය තහවුරුකරගැනීම ඊයේ දහවල් වනවිටත් සිදු කෙරෙමින් පැවතිණි.
මේ අතර පුනරීන් කරා යන යුදහමුදාවේ 58 වැනි සේනාංකයේ භට පිරිස් පෙරේදා පුනරීන් ආසන්නයේ පාලවි ගම්මානය මුදාගැනීමෙන් පසු වෙරාවිල් වලෙයිපාඩු හා ඩෙවිල්ස් තුඩුවේ බලය අත්පත්කරගැනීම සඳහා ඊයේ මෙහෙයුම්වල නිරත විය.
ත‍්‍රස්තවාදීන් සමග එහි දරුණු සටන් පැවති බවත් ආරක්ෂක අංශ සඳහන් කෙළේය.
ඩෙවිල්ස් තුඩුවේ බලය හමුදාව අත්පත්කර ගතහොත් කොටින්ගේ වයඹ දිග මුහුදු තීරයේ සියලු සැපයුම් අහිමිවන බවත් ආරක්ෂක අංශ විශ්වාස කරයි.

No comments: