Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

ජනතාව ආර්ථිකය සම්බන්ධව සැබෑ නොවන සිහිනයක ජීවත් වෙනවා- සජිත් පෙ‍්‍ර්මදාස (එ. ජා. ප.)

අය වැය දෙවැනිවර කියැවීමේ විවාදය
වීරෝදාර රණවිරුවන් පුනරින් අත්පත් කරගෙන කිලිනොච්චි-මුලතිව්වලට වෙඩි මුරය පත්තු කළා
- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
අපේ වීරෝදාර රණවිරුවන් මේ වන විට පුනරින් ප‍්‍රදේශයේ බලය තහවුරු කරගෙන කිලිනොච්චි සහ මුතිව් ප‍්‍රදේශවලින් ත‍්‍රස්තවාදීන් පලවා හැරීමේ වෙඩිමුරය පත්තු කර ඇතැයිද මෙසේ ජයග‍්‍රාහීව ඉදිරියට ඇදෙන රණවිරුවන්ගේ කකුලෙන් අදින අයට ජනතාව ඉදිරියේ දී පාඩම් කියා දෙනු ඇතැයි ද සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) පැවසුවේය.
ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කෙළේ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ රජය වෙනුවෙන් අවසන් කතාව පවත්වමින් ය.
වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (15) පෙරවරු 9.30ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු වාර්තා පිළිගන්වනු ලැබිණි. මන්ත‍්‍රීවරුන් විසින් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරකසභභාවට යොමුකැරිණි.
වාචික පිළිතුරු අපේක්ෂාවන් මන්තී‍්‍රවරුන් විසින් අසාතිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විසර්ජන පනත්කෙටුම්පත (අයවැය) පිළිබඳ හත්වැනි දිනයේ විවාදය ආරම්භ විය.
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සජිත් පෙ‍්‍ර්මදාස මහතා (එ.ජා.ප)
ශ‍්‍රී ලංකාවේ ජනතාව ආර්ථිකය සම්බන්ධ සැබෑ නොවන සිහිනයක ජීවත්වෙනවා. අයවැයෙන් ජනතාව රැවටීමේ ප‍්‍රයත්නයක් දරා තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය බලන විට රටේ ජනතාවට දීර්ඝ කාලීන හා කෙටිකාලීනව මුහුණදීමට සිදුවන ගැටලු පැහැදිලියි. පවතින ආර්ථික ප‍්‍රතිපත්තිමත සම්පත් බෙදීයාමේ විසමතාවයක් තිබෙනවා. 2001 සිට 2003 දක්වා පැවැති රනිල් වික‍්‍රමසිංහ රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති දිගට ම පවත්වාගෙන ගියා නම් පට වඩා වර්ධනවේගයක් ලබාගත හැකිව තිබුණා. එම පාලන කාලෙදී උද්ධමනය පාලනය කළ හැකිවුනා.
ශ‍්‍රම බළකාය උගත් හා දක්ෂයන් බවට පත් කිරීම අත්‍යාවශ්‍යයි. උගතුන් රටින් පිටවීමද අප රටට බලපානවා.
2010 වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා
- ඇමැති සරත් අමුණුගම
ව්‍යවසාය සංවර්ධන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා
සජිත් පෙ‍්‍ර්මදාස මහතා බුද්ධිමත් තරුණ දේශපාලඥයෙක්. ඒත් එතුමාගේ කතාවේ සමහර දේවලට මා එකඟ වන්නේ නෑ. එතුමා අවසානයේ කී තොරතුරු තාක්ෂණයේ දියුණුවට කටයුතු කළ යුතු ආකාරය ගැන මා එකඟ වෙනවා. මේ රටේ උද්දමනය වැඩිම අගයක් ගත්තේ 1978 – 80 කාලයේ දී බව අමතක කරන්න එපා.
දැන් තත්ත්වය බලන්න, උද්ධමනය සියයට 20 පමණ දක්වා අඩු වී තිබෙනවා. 2009 - 2010 පමණ වන විට මේ අගය තනි ඉලක්කමකට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. බාහිර සාධකත් මේ ඉහළ උද්දමනයට හේතු වෙනවා. මේ නිසා දේශීය සහ විදේශීය තත්ත්වයන් පිළිබඳ සලකා බළා ආර්ථිකය හැඩගන්වාගත යුතුයි.
අපි වගේ රටක අයවැයක ප‍්‍රධාන අරමුණ වන්නේ ආර්ථික වර්ධන වේගය රැක ගැනීමයි. පසුගිය වසර දෙක තුන තුළ මේ කාර්යය සාර්ථකව සිදු වී තිබෙනවා.
2004 වසරේ දී 5.4 ක් වූ ආර්ථික වර්ධන වේගය 2007 වනවිට 6.08 පමණ දක්වා ඉහළ නැග තිබෙනවා. මේ වර්ෂයේදී විවිධ අර්බුද මැද මෙය තවත් දශම 7 කින් ඉහළ නැග තිබෙනවා. මේක මම කියන එකක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවකින් කියන්නේ.
විමල් වීරවංශ මහතා,
ආරක්ෂක හමුදාව පුනරීන් ප‍්‍රදේශයේ බලය අත්පත් කරගෙන ඇති බව මේ මොහොතේ දැනගන්නට ලැබුණා. මේ පිළිබඳ අපේ වීරෝදාර රණවිරුවන්ට ජාතියේ ප‍්‍රණාමය පුද කිරීමට මේ සභාව තුළ මා යෝජනා කරනවා.
ආචාර්ය සරත් අමුණුගම මහතා -
මේ ජාතික ජයග‍්‍රහණය පිළිබඳ රජය වෙනුවෙන් මම ආරක්ෂක හමුදාවට ප‍්‍රණාමය පුද කරනවා. මෙම යෝජනාව සභාවට මේ අවස්ථාවේ ගෙන ඒම ගැන මම විමල් වීරවංශ මහතාට ස්තුති කරනවා.
මම මේ රටේ ආර්ථික වර්ධනය ගැනයි කතා කරමින් හිටියේ. පිළිගත හැකි වාර්තා එසේ කියද්දී විපක්ෂය නගන චෝදනා එතරම් සැලකිය යුතු නෑ.
ලාල්කාන්ත මහතා,
ඔබතුමා නව ලිබරල්වාදී ආර්ථිකය වෙනුවෙන් පෙනී සිටි අයෙක්. ලෝකයේ මේ ආර්ථිකය කඩා වැටී ඇති බව පිළිගන්නවාද?
ආචාර්ය සරත් අමුණුගම මහතා,
ගෝලීය වෙළෙඳපොළ තුළ තාවකාලික පසුබැසීම් තිබෙනවා. එය සදාකාලික නොවේ. ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා. ලබන වසර වනවිට මේ අයුරින් යථා තත්ත්වයට පත් වූ විට විපක්ෂය බලාපොරොත්තු වන දෙය වෙන්නේ නෑ.
සජිත් පේ‍්‍රමදාස මහතා,
ජනතාව ආර්ථිකය සම්බන්ධව සැබෑ නොවන සිහිනයක ජීවත් වෙනවා
- සජිත් පෙ‍්‍ර්මදාස (එ. ජා. ප.)
කෘෂිකාර්මික අංශයේ සහ ආර්ථිකයේ වර්ධනයක් සිදුවී ඇති බව ඔබතුමා පැවැසුවා. එහෙත් මහා බැංකු වාර්තාවල මේ බව සඳහන් වී නැහැ. අද ලංකාවේ ජනගහණය ලක්ෂ දෙසීයයි. හැම උපක‍්‍රමයක්ම වෙනස් කරන්න වෙනවා. අසූ ගණන්වල උපක‍්‍රම අදට ගැලපෙන්නේ නැහැ. අප සියලුදෙනාම රාජ්‍ය ආයෝජන ගැන අවධානය යොමු කළ යුතුයි.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
ආචාර්ය අමුණුගම මහතා,
අපේ ආයෝජන වැඩි කළේ නැත්නම් කෙතරම් කෑගැසුවත් දුප්පත් ජනතාවට සහන දෙන්න බැහැ. මේ ආයෝජනය වැඩිකර ගතහොත් දළ දේශීය නිෂ්පාදනය වැඩිකර ගත හැකියි. අප ආයෝජන වැඩසටහන කළ යුත්තේ කෙසේද අයවැයක් සකස් කිරීමේදී ආරක්ෂාව, සංවර්ධනය හා සහනාධාර යන අංශ තුන සකස් කරන්නේ කුමන ආකාරයකට දැයි බැලිය යුතුයි.
අපේ වීරෝදාර හමුදාව මේ වනවිට පුනරීන් අල්ලාගෙන ඉවරයි. පුනරීන් අල්ලා ගත්තේ කොහොමද? ඒ සඳහා මුදල් ලබාදීම නිසයි. අප අවුරුදු තිහක් මේ ප‍්‍රශ්නයට මුහුණ දෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ඉක්මණින් විදේශ විනිමය ලබාගත හැකි ක‍්‍රමයක්. ඒ සඳහා රටේ ආරක්ෂාව තහවුරු කරන්න වෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය අනුව භාණ්ඩ පිටරට යැවීමේදී පවා ගෙවිය යුතු මුදල් වැඩි වෙනවා. ඒ නිසා ආරක්ෂක ප‍්‍රශ්නය ඉක්මණින් විසඳන්න ඕනෑ. ආරක්ෂක වියදම් බිලියන 177 දක්වා වැඩිකර තිබෙනවා. පුනරීන් අල්ලා ගත් අවස්ථාවේ ඒ බව කිව යුතුය. යමෙක් මේ අයවැයට විරුද්ධව ඡන්දේ දෙනවා නම් ආරක්ෂක වියදම අඩු කරන්න වෙනවා. කවුරුත් ඒකට කැමතිද?
බලශක්ති අර්බුදයට මුහුණ පෑමට ශක්තිය තිබුණේ මහින්ද රාජපක්ෂ රජයට විතරයි. ති‍්‍රකුණාමලයේ බලාගාරය හැදුවේ නැහැ. නොරොච්චෝලේ බලාගාරය ඡන්ද නොලැබේ යැයි කියා හැදුවේ නැහැ. නමුත් ජනාධිපතිතුමා කීවේ කෙසේ හෝ එය ඉටුකළ යුතු බවයි. ආර්ථික සංවර්ධනයට එකම පියවර බලශක්ති අර්බුදයට මුහුණදීමයි. ලෝකේ විදුලි බලය සඳහා වැඩිම මුදලක් ගෙවන්නේ ශ‍්‍රී ලංකාවයි. තමිල්නාඩුවේ ගෙවන්නේ මෙහි ගෙවන මුදල මෙන් භාගයයි. බලශක්ති ප‍්‍රශ්නයට ස්ථිර විසැඳුමක් මගින් අපේ ප‍්‍රශ්න හුඟක් විසඳෙයි.
තෙල් අර්බුදය බලන්න. අපේ තෙල් පිරිපහදුව ඉරාන ආධාරයෙන් ප‍්‍රතිසංස්කරණය කරනවා. මේ මූලික ආර්ථික ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනෑ. මෙය දේශීය නිෂ්පාදනවලට අවස්ථාව දෙන අයවැයක් විදේශ විනිමය සංචිතය ලබාගන්න පුළුවන්. ලෝකයේ බැංකු අතර විදේශ විනිමය හුවමාරුව පවා නවත්වා තිබෙනවා. ගිය අඟහරුවාදා සිට මේ වෙළෙඳපොළ හරියට කි‍්‍රයාත්මකයි.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතා (දෙ.ජා.සං.),
පුනරීන් ඇල්ලීම අප දැඩිව හෙළා දකිනවා. යම් භූමියක් අල්ලා ගැනීමෙන් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට විසැඳුම් දෙන්න බැහැ. මෙවැනි අවස්ථා මීට පෙර තිබුණා. හමුදාව අල්ලාගත් තැන් නැවත එල්.ටී.ටී.ඊ.ය අල්ලාගෙන තිබෙනවා. ඇමැතිවරයකුගේ කතාවට බාධාකරමින් මෙවැනි දෙයක් ප‍්‍රකාශ කළ යුතුද?
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ලෝක අර්බුදයත් සමඟ රජය මුහුණදුන් ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. ආර්ථික අර්බුදයක් තුළ ජනතාවට සහන ලබාදීම ගැන අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. ලෝකයේ ප‍්‍රවණතා අනුව අප වෙනස් වුනා. එහෙත් මධ්‍යම ප‍්‍රතිපාදන අනුගමනය කළ නොහැකි අවස්ථාවල අප අසීරුවට පත්වුණා. සංවෘත හා විවෘත ආර්ථිකවල අන්තයටම ගියවිට අප ආර්ථික අර්බුදයට හසුවුණා.
පුනරින් ප‍්‍රදේශයේබලය අල්ලාගත් රණවිරුවන්ට ජාතියේ ප‍්‍රණාමය
- විමල් වීරවංශ (ජා. නි. පෙ.)
අපට ආර්ථික හා විශේෂඥ උපදෙස් දුන් අමෙරිකාවට අත්වූයේ කුමන ආර්ථික අර්බුදයක්ද? එහි ආර්ථිකයට උරදෙන ප‍්‍රධාන සමාගම් දෙකක් කඩා වැටුණා. ප‍්‍රතිරක්ෂණය කරන සමාගමත් කඩා වැටුණා. මයික්‍රොසොෆ්ට් ආයතනයේ කොටස් සියයට 12 ක් කඩා වැටුණා. මේ ආර්ථිකය කඩා වැටීමට බොරතෙල් මිල ඉහළ යාම පමණක්ම බලපෑවේ නැහැ. අමෙරිකා ආර්ථිකය කඩා වැටීමත් සමඟ එක්සත් රාජධානියේ ආර්ථික කඩා වැටීම සිදුවූහ. එවැනි පසුබිමකයි මේ අයවැය ඉදිරිපත් කළේ.
ඩොලරයට සාපේක්ෂව තායිලන්තය, තායිවානය, පිලිපීනය, කොරියාව, නවසීලන්තය, මැලේසියාව වැනි රටවල මුදලේ අගය වැටිලා තිබෙනවා. අපේ මහ බැංකුව ඒ තත්ත්වයට මුහුණ දී තිබෙනවා. රුපියල අවපාත වුණේ සියයට දශම එකක් පමණයි.
අමෙරිකාවට සෙම්ප‍්‍රතිශ්‍යාව හැදුණාට අපට නිව්මෝනියාව හැදෙන්නේ ඊට මුහුණදීමට ක‍්‍රමවේද නොතිබීමෙන්. අද අප ඊට මුහුණදීමට ක‍්‍රමවේද සකස්කර ගත්තා.
මුදල් තිබුණත් හාල් ප‍්‍රශ්නයේදී අපට පකිස්ථානයෙන් හාල් ගන්න හැකිවුණාද? අපට සල්ලි තිබුණත් හාල් ගන්න අපහසු වුණා. ඒ නිසා ;ද්ශීය නිෂ්පාදනය නැංවිය යුතුයි.
තිරිඟු පිටි සඳහා අප බදු පැනෙව්වා. ඒ නිසා පිටි ගෙන්වීම අඩුවුණා. ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිවුණා. දේශීය ආර්ථිකයට නැඹුරුවත් සමඟ දේශීය නිෂ්පාදන වැඩිවුණා. බදු ක‍්‍රමය නිසා දේශීය නිෂ්පාදකයා එක මට්ටමකට ගන්න අපට හැකිවුණා. අප මෙටි‍්‍රක් ටොන් 25,000 ක පළතුරු අපනයනය කර තිබෙනවා. කිරිපිටි සඳහා බදු අය කළත් මිල පාලනය කළ හැකිවුනා. දේශීය කිරි නිෂ්පාදනය වැඩිවුනා. ලෝක වෙළෙඳපොළේ සහනය ජනතාවටම දෙන්න ගියොත් අපේ නිෂ්පාදනය නංවන්නේ කොහොමද?
පසුගිය අයවැය තුනෙන්ම දේශීය නිෂ්පාදකයා පොළඹවන්නට හැකිවුණා. යුද්ධයකට මුහුණ දෙමින් අප මේ සංවර්ධනය සිදුකළා. උතුරට කෑම අරන්යන ලොරිවලට ගහන්නේ කවුද? ත‍්‍රස්තවාදීන් ඉන්දියාවෙන් දෙන විසඳුම පිළිගන්නේ නැති බව සේනාධිරාජා මන්තී‍්‍රතුමා කියනවා.
සහනාධාර පැකේජය රුපියල් මිලයන 121 යි. ලබාදිය හැකි හැම සහනාධාරයක්ම දුන්නා. මැදිරිගිරිය ගොවීන් වාඩිවී කතා කළවිට පොහොර සහනාධාරය දෙන්න බැහැ කී අය අද සහනාධාර ගැන කතා කරන්නේ කොහොමද? රජයේ සේවක සංඛ්‍යාව අඩු කිරීමට රජයේ සල්ලි වෙන්කළේ 2001 දීයි. එය නව ලිබරල්වාදී ප‍්‍රතිපත්තියයි.
චීනය හා ඉන්දියාව තෙල් මිල අඩුවුණාට එක රුපියලකින් හෝ තෙල් මිල අඩු කළේ නැහැ. නමුත් අප තෙල් මිල අඩු කළා. අපේ නිෂ්පාදන ඉහළ නැංවීමයි. මේ බදු පැනවීමෙන් සිදුවන්නේ. මෙසේ නිෂ්පාදනය නොකරන කිසිම භාණ්ඩයකට බදු පනවා නැහැ. අධ්‍යාපනයට, සෞඛ්‍ය අංශයට වෙන් කළ මුදල් අඩුකර තිබෙනවද? මේ නිසා මේ අයවැයට කිසිවකුට විරුද්ධ වන්නට බැහැ.
යාපනය දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ෆයිසල් කාසිම් මහතා (ශ‍්‍රී.ල.මු.කො)
අපේ රටේ පස කෘෂිකර්මාන්තයට ඉතාම උචිතයි. කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු බවත් කියනවා. ඒත් ඒ සඳහා ලබාදෙන පහසුකම් මොනවාද ? සමෘද්ධිලාභීන් සඳහා වගා කිරීමට ඉඩම් අක්කරය බැගින් ලබා දෙන ලෙස මා යෝජනා කරනවා.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස) මූලාසනයට පැමිණියේය.
ආයතන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා
මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ ලෝක ආර්ථික අවපාතයක් ඇති අවස්ථාවකයි. මෙය සංවර්ධනාභිමුඛ අයවැයක්. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි තමයි මේ අයවැයේ ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ ආනයනය කරන භාණ්ඩ සඳහා යම් බද්දක් පැනවීම මේ සඳහා අනුගමනය කළ ක‍්‍රමවේදයයි.
මේ නිසා භාණ්ඩ මිල ඉහළ යන බව විපක්ෂයේ තර්කයයි. දේශීය නිෂ්පාදනය ඉතාම අඩු මට්ටමක තිබේනම් සහ මීට වඩා වැඩි බද්දක් පැනවූවා නම් විපක්ෂයේ තර්කය හරි ඒත් අපේ දේශීය නිෂ්පාදනය යම් මට්ටමක පවතිනවා. දේශීය නිෂ්පාදනය තව තවත් ඉහළ නංවන්න යම් දිරි ගැන්වීමක් තමයි මේ බදු මගින් සිදුවන්නේ. අනෙත් එක භාණ්ඩ ආනයනය තහනම් කිරීමක් සිදු කරලා නැහැ. යම් බාධකයක් යෙදීම පමණයි කළේ.
ආනයන භාණ්ඩවලට බදු පනවා පමණක් දේශීය නිෂ්පාදනය ඉහළ නංවන්නට බෑ. දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සහන සැලසිය යුතුයි. මෙම සහන මේ අයවැයෙන් ලබා දී තිබෙනවා. මේ අයවැයට පෙර සිටම දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට රජය පසුබිම සැකසුවා. කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ එවැනි කි‍්‍රයාකාරකමක් මේ කෘෂි නිෂ්පාදන ගම්මාන දියුණු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය හරහා රුපියල් මිලියන 500ක් යොදවා තිබෙනවා.
ආණ්ඩුව ඉතාම තුළනාත්මක මිල න්‍යායක් අනුගමනය කරනවා. ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වීමට සාපේක්ෂව මෙරට භාණ්ඩ මිල ඉහළ යන්නේ නෑ. උදාහරණ ලෙස පොහොර සහ ඛනිජතෙල් මිල දක්වන්න පුළුවන්. ලෝක වෙළඳ පොළේ මිල අනුව රජය රු. 350ට දෙන පොහොර ඳQයක් දිය යුතු නියම මිල රු. 6000ක පමණ ඉහළ අගයක් ඛණිජ තෙල් මිලත් මීට වැඩි විය යුතුයි. රජය ලෝක වෙළඳ පොළේ මිල වැඩි වීමේ බර ඒ මට්ටමින්ම ජනතාව පිට පටවන්නේ නෑ.
මේ අයවැයේදී ප‍්‍රමුඛතා ලබා දිය යුතු ක්ෂේත‍්‍ර හඳුනාගෙන තිබෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමට එය බෙහෙවින් හේතු වෙනවා.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා (එ.ජා.ප)
ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින වීරෝදාර රණවිරුවනට ගෞරවය පුදනවා
අනුර දිසානායක (ජ. වි.පෙ.)
දා රජ කාලේ මරාල බද්ද කියා බද්දක් තිබුණා. ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ කාලයේදී බලු බද්ද, තණ බද්ද, ආදී වශයෙන් බදු පැනවූවා. මේ අයවැය දෙස බලනවිට අපට පෙනී යන්නේ මේ පැරණි බදු යුගයට නැවත මේ රට ගමන් කරන බවයි.
වැට් බද්ද සියයට 15 සිට 12 දක්වා අඩු කරලා තිබෙනවා. එහෙත් අනෙක් පැත්තෙන් තව බදු රැසක් පනවා තිබෙනවා. ඉතින් මේ වැට් බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන්නේ කෙසේද.
ගයන්ත කරුණාතිලක මහතා මූලාසනයට පැමිණියේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා පිළිබඳ නියෝජ්‍ය ඇමැති එස්.ජෙගධීෂ්වරන් මහතා
මහින්ද චින්තනය යටතේ ඉදිරිපත් කළ මෙවර අය වැය දේශීය සහ ආර්ථික වශයෙන් අවධානය යොමු කරමින් ඉදිරිපත් කළ අයවැයක්. විශේෂයෙන්ම කෘෂි ආර්ථික සංකල්පයට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
විශේෂයෙන්ම මග නැගුම ගම නැගුම ව්‍යාපෘතින්ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අවධානය යොමුකර තිබෙනවා. වතුකරයේ පහසුකම් වැඩි දියුණු කිරීම, වතු රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබාදීම ආදියත් අගය කළ යුතුයි. ඒ වගේම කුඩා දරුවන්ට කිරි සහනාධාරය ලබාදීම, පෙට‍්‍රල්, ඩීසල්, භූමිතෙල් සහනත් අතිශය වැදගත්. විශේෂයෙන්ම භූමිතෙල් මිල පහළ දැමීම මගින් වතුකරයේ ජනතාවට සුවිශේෂී සහනයක් ලැබෙනවා.
අපගේ අමාත්‍යාංශය යටතේ ද්විභාෂා පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. භාෂාව පිළිබඳ ප‍්‍රශ්නයත් මේ ජාතික ගැටලුවට බලපා ඇති අතුරු සාධකයක්. විශේෂයෙන්ම භාෂාවන් ඉගැන්වීම සඳහා අප අමාත්‍යාංශය යටතේ වෙනමම ආයතනයක් ඇති කිරීමත් සිදු කෙරෙනවා. එම අධ්‍යයන ආයතනය ලබන 16 දා විවෘත කෙරෙනවා. විශේෂයෙන්ම භාෂා දෙකෙන්ම වැඩ කිරීමේ හැකියාව රජයේ සේවකයාට තිබිය යුතුයි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී.බී.ඒකනායක මහතා
අයවැයක හොඳ නරක යන දෙපැත්තම විවාදයට ලක් කළ යුතුයි. එහෙත් ගුණාගුණ විවේචනයට එජාපය කටයුතු කළේ නැහැ. දේශීයත්වයට මතුවන ආර්ථිකය වෙනත් මඟකට ගෙනයන ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන තැනකට රට ගෙනයන්නේ නැති අයවැයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් දෙයක්.
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට උත්සාහ කළා. රජයේ සේවක විශ‍්‍රාම වැටුප නතරකළා. හොඳ වෙලාවට ජනතාව ඒවා අනුමත කළේ නැහැ.
රණවිරුවන් ඉතා අමාරුවෙන් කැපවී පුනරින් වැනි ජයග‍්‍රහණ ලබාගත්තා. කි‍්‍රයාන්විතයේ සිටින රණවිරුවන් විශාල පිරිසකට නිවාස ලබා දෙනවා. රණවිරු ගමේ සෑම පාරක්ම අප අමාත්‍යාංශයෙන් සකස්කරනවා. අය වැය ගැන එජාප අර්ථවිග‍්‍රහය කුමක් වුණාද ? ඔවුන් අයවැය ගැන සිදු කළ ආර්ථික විග‍්‍රහය වුණේ අයවැය යල්පැනගිය කෙඳිරිල්ලක් ලෙසයි. එජාපය හා විපක්ෂයට කෙතරම් විනිවිද දකින්න පුළුවන්ද කියන එක එයින් පෙනුණා. මාර්ග සංවර්ධනයේදී ඉඩම් අත්පත් කර ගැනීමේ දී විශාල වන්දි ගෙවූ ආසියාවේ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකියි.
වී ගොවිතැන ශක්තිමත් කිරීමට පොහොර මිටිය රුපියල් 350/= ලබාදීම නිසා ගොවියන්ට සෙත සැලසුණා. මෙතරම් සහන අයවැයක් ලබාදීම ඉතා ඉහළ මට්ටමක සිටීමයි.
අයවැය දිනයේ දී පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩකරමින් විපක්ෂ නායකතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමාගේ තේ පැන් සංග‍්‍රහය වර්ජනය කළා.
වරාය නියෝජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා
1977 විවෘත ආර්ථිකයේ මෙරට ආර්ථිකය කාබාසිනියා කළා. අවසානයේ මිනිසුන්ට සිදුවූයේ ණයවී හෝ භාණ්ඩ ගැනීමයි. දැන් ණයට වත් බඩු ගන්න බැරිවී තිබෙනවා. ඇමරිකාව උපරිම විවෘත කිරීම නිසා දුප්පත් රටවල් සූරාකෑමට ලක්වුණා. අමෙරිකාවේ මිලියන 700ක අයවැයක් ජෝර්ජ් බුෂ් ඉදිරිපත් කරන්නෙ. ඇමෙරිකාවේ ලොකුම සමාගම් අද කඩා වැටීමට පටන් ගත්තා. සාධාරණ මිලට භාණ්ඩ ගැනීමට තිබූ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව එජාප රජයෙන් වසා දැම්මා.
එ.ජා.ප. ආර්ථිකයට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රමයකට අප මගපාදා තිබෙනවා. එ.ජා.ප.ය කවදත් තැන ලබා දුන්නේ සිය පාක්ෂික ජනතාවටයි. එ.ජා.ප.ය රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කර තම හිතවතුන්ට ලබා දුන්නා.
මේ ආණ්ඩුවේ අය වැය නිෂ්පාදනය වැඩි කිරීම ඉලක්ක කෙරුවත්. මුළු ලොවම අන්ත ධනවාදී ආර්ථිකය කරා යනවිට මෙවැනි අයවැයක් ඉදිරිපත් කරමින් ජාතික ආර්ථිකය නගා සිටුවීමේ ඕනෑකමට පස්ස හරවන්න කාටවත් බැහැ. දේශීය විදේශ නිෂ්පාදන එකම මට්ටමකින් පවත්වන්න බැරි නිසා සෙස් බදු මගින් එකම මට්ටමක් ඇති කළ හැකි වුණා. අලවලටත් බදු පැනවීමෙන් පමණයි. අල ගොවියා බේරාගන්න හැකිවෙන්නේ එය මගේ මතයයි. තේ ගොවියා බේරා ගන්න ජනාධිපතිතුමා වැඩකළායැයි කියන්න බැරි ඇයි. දේශපාලන කෝණයෙන් පමණක් බලා මේ අයවැය දේශීය නිෂ්පාදකයාට දෙන්න හදන සහනය ගැන නොකියන්නේ ඇයි ?
ජාතිය ගොඩනැගීමේ බද්ද යනු තවත් බද්දක් නොවේ. ජාතිය ගොඩනැගීමේ දායකත්වයට ලබාදීමයි. රටේ ජනතාව සියයට එකක් දෙනකොට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් සියලු දෙනාම සියයට දහයක් දෙමු. යුද්ධයෙන් විනාශ වූ පාසල් පාරවල් නැවත හදාගන්න ජාතිය ගොඩනැගීමේ අරමුදලට දායක වෙමු. රණවිරුවන් විසින් මුදා ගන්නා ප‍්‍රදේශ තවත් අවුරුද්දකින් ඔවුන්ගේ දරුවන් ලවා මුදා ගැනීමට නොවේ. අප කටයුතු කළ යුත්තේ. මුදාගත්න ප‍්‍රදේශවල පාලනය එම ජනතාවට දෙන්න ඕනෑ. දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ගේ ප‍්‍රශ්නය විසඳ්‍රගන්න නම් දේශපාලන විසඳුමක් ඕනෑ නේද ? ඒකට කියන වචන ගැන හැප්පිය යුතු නැහැ.
ජල සම්පාදන ඇමැති මහින්ද අමරවීර මහතා
මෙවර අයවැය ජාතික ආර්ථිකය නංවන ජාතික අර්බුදයට විසැඳුම් දෙන යෝජනා සහිත අයවැයක්. විපක්ෂය අයවැයේ හොඳ දැක්කෙ නැහැ. ලොව ආර්ථික අර්බුදය ගැන සැළකිලිමත්ව යුද්ධය ගැනත් අවධානය යොමුකළ අයවැයක්. එක් අතකින් දීලා තවත් අතකින් ගන්න තිබුණා. නමුත් ජනාධිපතිතුමා එහෙම කළේ නැහැ. එතුමා වෘත්තීය සමිති පවා ගෙන්වා සාකච්ඡා කළා. ජනතාවගේ ජීවන වියදම වැඩි නොවන තැනට වගබලා ගත්තා. යම් බදු ප‍්‍රමාණයක් ඇතුළත් වූවත් එය පවුලට බලනොපාන ලෙස සකස්කර තිබෙනවා. රුපියල් 350/= බැගින් තවම පොහොර දෙනවා. එය සහනයක් නොවේද? ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න දැන් ලැබෙමින් තිබෙනවා. හිටපු රාජ්‍ය නායකයෙක් යෝජනා කළේ කුඹුරු ගොඩ කිරීමටයි.
ගම ගැන බලන ගමේ නායකයෙක් රටේ නායකයා බවට අද පත්වෙලා තියෙනවා. සංවර්ධනය ගමට ගෙන ගොස් තිබෙනවා. රටක් වශනේ මුළු රටම සංවර්ධනය කිරීමටයි ජනාධිපතිතුමා කටයුතු කරන්නේ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජ.වි.පෙ.),
අද අපි මේ අයවැය ගැන කතා කරන්නේ සුවිශේෂී වූ දිනයක පුනරීන් ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට අපේ ආරක්ෂක හමුදාව සමත්වී තිබෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සටන්වැද සිටින මේ වීරෝදාර රණවිරුවන්ට අපගේ ප‍්‍රණාමය පුද කරනවා. රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්, ආරක්ෂක නිලධාරින් සමඟ බැඳුන මේ අයවැය වාර්තාව පිළිබඳවයි අප කතා කරන්නේ.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
අද අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. අපේ රටවල වසර ගණනාවක් දේවත්වයේ ලා සැලකුවේ අමෙරිකාවේ ආර්ථිකයයි. මේ කඩා වැටී තිබුණේ පැණි වරකා ගහටත් හෙණ ගැහුවා වගේ වැඩක්.
අබ්දුල් බායිස් මහතා,
ඔබතුමා මා සමඟ රූපවාහිනී සංවාදයකදී කිව්වා ආනයන භාණ්ඩ මත බදු පැනවීම ජාතික නිෂ්පාදනය ඉහළ දැමීමට හේතු වන බව.
අනුර දිසානායක මහතා,
මම කියන දේ තේරුම් ගන්න. මම කියන්නේ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමට මේ අයුරින් බදු පැනවීමෙන් බැරි බවයි.
(කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මූලාසනයට පැමිණියේය.)
මහින්ද රත්නතිලක මහතා,
අනුර දිසානායක මහතා විවෘත ආර්ථිකය වෙනස් කළ යුතු බව කියනවා. ඒත් ඒතුමා විවෘත ආර්ථිකය කි‍්‍රයාත්මක කළ ආණ්ඩුවක කෘෂිකර්ම ඇමැති තනතුර දැරුවා.
අනුර දිසානායක මහතා,
මෙය ලෝකයේ ආර්ථික කඩා වැටීම නිසා ඇතිවූ තත්ත්වයක්. අප මෙයට මුහුණ දිය යුතුයි. එහෙත් ජනතාව මුලාවේ දැමීම හරහා නොවේ. රටේ ජනතාව රටේ සංවර්ධන කි‍්‍රයාවලියට දායක කරගත යුතුයි.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජා.නි.පෙ.),
අද අපි මේ පසු කරමින් සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවටම තීරණාත්මක මොහොතක් අපි මේ මොහොතේ නිවැරදි තීරණයක් නොගතහොත් අපට සදාකාලිකවම දුක් වෙන්නට සිදුවෙනවා. අපේ වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ පුනරීන් ජයග‍්‍රහණය සුළු කොට තකන්නට බැහැ. මේ ජයග‍්‍රහණයක් ලෙස දකින්නට යම් පිරිසකට බැරි නම් ඒකට අපට කරන්න දෙයක් නෑ.
(ආණ්ඩු පක්ෂයෙන් අත්පොලසන්)
පොළොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. කේ. සුබසිංහ මහතා (ජ.වි.පෙ.),
ධනපති පන්තියේ ඔල්වරසන්වලට රැවටීමට අපට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව දැනටමත් පීල්ලෙන් පැනලා බව ආණ්ඩුවෙන් ගෙවල් අරන් සුරසැප විඳින නිසා තේරෙන්නේ නැහැ. අයවැය හදනවිට ඇමැතිවරුන්ගෙන් අදහස් ලබාගෙන නැහැ. එ.ජා.ප.යෙන් ගිහින් ඇමැතිකම් ගත් අයටත් සළකා තියෙන්නේ ඒ විදියටයි. මේ අයවැයට විරුද්ධව ජ.වි.පෙ. ඡන්දය පාවිච්චි කරනවා.
සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා,
සාධාරණ විවේචන ඉදිරිපත් කරමින් අදහස් ඉදිරිපත් කළ සියලු මැති ඇමැතිවරුන්ට ස්තුති කරනවා. ද්වේශ සහගත හා පදනම් විරහිත විවේචන රජය පිළිකුල් සහගතව ප‍්‍රතික්ෂේප කරනවා.
අයවැය ඡන්ද විමසන අද ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක්. අපේ රණවිරුවන් පුනරීන් කඳවුර හා අවට ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගනිමින් ත‍්‍රස්තවාදීන් කිලිනොච්චි හා මුලතිව්වලින් පලවා හැරීමේ වෙඩි මුරය පත්තු කර තිබෙනවා. ඒ නිසා රණවිරුවන්ට අපේ කෘතවේදීත්වය පළ කරනවා.
1993 දී ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට පුනරීන් නතුවුණා. 1990 දී ඉන්දීය සාම සාධක හමුදාව ඉන්න කාලේ දී තමයි ඒ-32 මාර්ගය භාවිත කළේ. එතැන් සිට ඒ මාර්ගය පාවිච්චි කරන්නට අපට බැරිවුණා. යාපනයට අවශ්‍ය ද්‍රව්‍ය යැවීම සඳහා අපට විකල්ප මාර්ග භාවිත කරන්නට වුණා. නමුත් අද වෙනකොට නැවත ඒ - 32 මාර්ගය අත්පත් කර ගන්නට අපට පුලුවන් වුනා. ඒ වගේම අප හිතුවා පුනරීන් ජයග‍්‍රහණයත් අත්පත් කර ගැනීම පිළිබඳව එ.ජා.ප.ය සිය සතුට පළ කරයි කියලා. නමුත් එවැනි දෙයක් සිදුවණේ නෑ. ත් සිය යුතුකම නිවැරැදිව ඉටුකරන ලෙස.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.
ඒ වගේම මහින්ද චින්තනය මගින් අප ඉදිරිපත් කළ දස අවුරුදු වැඩපිළිවෙළ ජාත්‍යන්තර ආයතන පවා පැසසුමට ලක් කරනවා. මේ සත්‍ය බොහෝ දෙනාට තේරුම් ගන්නට බැහැ. ඒ වගේම හමුදාවන් විසින් අත්පත් කර ගන්නා මේ ජයග‍්‍රහණ අවතක්සේරුවට ලක් කරන්නට එපා.
කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.
නිමල් සිරිපාල ද සිල්වා,
බලය ඇති කාළේ රණවිරුවන්ට කිසිවක් කළේ නැති විපක්ෂය බලය නැති කාලේ විකල්ප අයවැය ඉදිරිපත් කිරීම විහිළුවක්.
අයවැය වැඩි ඡන්ද 42 කින් සම්මත විය.
පාර්ලිමේන්තුව අද (17) උදේ 9.30 ට යළි රැස්වේ.

No comments: