Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

ප‍්‍රිමියර්ලීග් එක්දින කි‍්‍රකට් අද සිට

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංවිධානය කරන ප‍්‍රිමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද (19) ඇරැඹේ.
පළමු කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 11 ක් ද දෙවැනි කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් ද මේ සඳහා තරග වැදෙති. තරගාවලියේ පැවැත්වෙන සෑම තරගයක් ම බදාදා දිනවලදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තරග කමිටුව සැලසුම් කර ඇත.
පළමු කාණ්ඩය
බදුරලිය – එන්. සී. සී. එන්. සී. සී. පිටියේදීබ්ලුම්ෆීල්ඩ් - සී. සී. සී. බ්ලුම්ෆීල්ඩ් පිටියේදීකෝල්ට්ස් - මුවර්ස් මුවර්ස් පිටියේ දීරාගම – ද්‍රවිඩ සංගමය පී. සරවනමුත්තු පිටියේ දීඑස්. එස්. සී. - මේරියන්ස් එස්. එස්. සී. පිටියේදී
දෙවැනි කාණ්ඩය
පානදුර – ගුවන් හමුදාව පානදුරේ දීපොලීසිය මොරටුව පොලිස් පිටියේදීසෙබස්තියනයිට්ස් - සැරසන්ස් මොරටුවේදීසීදුව රද්දොළුව - බී. ආර්. සී. බී. ආර්. සී. පිටියේදීසිංහ – ලන්කන් කටුනායක දී
එකමුතු වොලිබෝල් 22 - 23
සීදූව සමූහ – නිශ්ශංක පියරත්න
සීදූව අමන්දොළුව ජයවර්ධනපුර එකමුතු කී‍්‍රඩා සමාජය ප‍්‍රථම වතාවට සංවිධානය කරන විවෘත වොලිබෝල් තරගමාලාවේ තරග මෙම 22 සහ 23 යන දිනවල ජයවර්ධනපුර එකමුතු කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
මෙම තරගමාලාවේදී ප‍්‍රථම ස්ථානය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රුපියල් 15,000ක් පිරිනැමෙන අතර දෙවන ස්ථානයට රුපියල් දසදහසක් පිරිනැමේ. තෙවන ස්ථානයට රුපියල් පන්දහසකි. මෙයට අමතරව විවිධ දස්කම් දක්වන කී‍්‍රඩකයින්ට මුදල් ත්‍යාග පිරිනැමේ.
මෙම තරගමාලාවට ඉදිරිපත්වීමට කැමැති කී‍්‍රඩා සමාජ “කී‍්‍රඩා ලේකම්, එකමුතු කී‍්‍රඩා සමාජය, ජයවර්ධනපුර, අමන්දොළුව, සීදූව“ යන ලිපිනයට හෝ 077 – 9945115, හෝ 077 – 9894758 යන අංකවලට අමතන ලෙසට සංවිධායකයෝ දන්වා සිටිති.
සය සාමාජික කි‍්‍රකට් බොරලැස්ගමුවේ දී
සිරිපාල උඩවත්ත
බොරලැස්ගමුව කී‍්‍රඩා සමාජය පවත්වනු ලබන කපිල ප‍්‍රියශාන්ත සහ කපිල වර්ණ අනුස්මරණ කුසලාන විවෘත සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය මෙම 22 හා 23 දිනයන්හි බොරලැස්ගමුව මහා විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ ප‍්‍රථම ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට කුසලානය සමග මුදලින් රුපියල් 30,000 ක් ද අනුසුරතාව සඳහා කුසලානය සමග මුදලින් රුපියල් 20,000 ක් හා තරගාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයාට මුදලින් ත්‍යාග සමග කුසලාන පිරිනැමේ.

No comments: