Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර රහස් ගනුදෙනුවක් නැහැ විදේශ ඇමැති පාර්ලිමේන්තුවේ දී කියයි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර කිසිදු රහස් ගනුදෙනුවක් නැතැයි විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප‍්‍රකාශ කළේය. ඉන්දියාව මෙරටට ලබා දෙන මානුෂීය ආධාර පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එම මානුෂීය ආධාර හුදෙක් දෙරටේ මිත‍්‍රත්වයට දෑත් දිගු කිරීමක් පමණක් බව ද විදේශ ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
විදේශ ඇමැතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට අත්විඳින්නට සිදු වී ඇති පීඩාවන් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ ගණනාවක් දැක්වූ ප‍්‍රතිචාර පිළිබඳ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා මතු කළ ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙනි.
ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා එහිදී මෙසේ ද පැවසීය.
අපේ ආරක්‍ෂක හමුදාව උතුරේ ත‍්‍රස්තවාදය මර්දනය කර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව උනන්දුවෙන් බලාගෙන සිටිනවා.
මේ කාර්ය භාරයේදී අපට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය ඉතාම වැදගත්. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දීය නායකයන් සමඟ මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡා ප‍්‍රතිඵලදායක වුණා.
මේ ප‍්‍රශ්නය මුල්කර ගෙන ඇතැම් පිරිස් තුළ තිබූ බලාපොරොත්තුව දැන් සිහිනයක් බවට පත් වෙලා. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමෙන් සාකච්ඡා කර මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගත්තා.
සාකච්ඡාවලින් පසුව නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශනයේ මේ බව පැහැදිලිව සඳහන් වුණා.
බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරය දෙරට අතර මිත‍්‍රත්වය තුළින් ඇතිවූවක්.
ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අගමැති මන් මෝහන් සිංග් මහතා අතර ඇතිවූ දුරකතන සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් තමයි දෙරට නායකයන් අතර සාකච්ඡා ඇතිවුණේ.
වන්නියේ කිසිම ආහාර හිඟයක් නෑ. මේ පිළිබඳ තොරතුරු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් දිවාරත්න මහතා ඉතාම පැහැදිලිව ඉදිරිපත් කොට තිබුණා.
එසේ නම් ඉන්දීය රජයේ මානුෂීය ආධාර බාරගන්නේ මන්දැයි ඔබට ප‍්‍රශ්නයක් ඇති වී තිබෙනවා.
ඉන්දු - ශී‍්‍ර ලංකා ඒකාබද්ධ ප‍්‍රකාශයට අනුව එරටින් ආහාර මෙටි‍්‍රක් ටොන් 800 ක් අප රටට බාර දීමටත් එය බාරගැනීමටත් අප එකඟ වුණා.
මෙය ඉන්දියාව අප රටට මිත‍්‍රත්වයේ දෑත් දිගුකිරීමක්.
දෙරට අතර හොඳ හිත පැතිරවීමේ අරමුණ ඇතිව සිදුකරන කි‍්‍රයාවක්. එසේ නම් අපි මේ මානුෂීය ආධාර බාරගැනීම පිළිබඳ ගැටලුවක් නැහැ.
ජොශප් මයිකල් පෙරේරා මහතා අනවශ්‍ය ප‍්‍රශ්නයක් තමයි මේ මතු කරන්නේ.

No comments: