වටිනාකම ලක්ෂ 70යි
රමණි පේර්මතිලක බෝගොඩ
රේගුව මඟින් කි‍්‍රයාත්මක එක්ස් කිරණ පරිගණක යන්ත‍්‍රය ආධාරයෙන් අති නවීන සුඛෝපභෝගී මෝටර් රථයක් අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
එහි වටිනාකම රුපියල් හැත්තෑ ලක්ෂයකට ආසන්නය. මෙතෙක් ශ‍්‍රී ලංකාවට ආනයනය කර නැති මෙම මෝටර් රථය ‘ටොයොටා නො ආ (TOYOTA NOAH TA A Z RGOD) පැජරෝ ඒ කාණ්ඩයට අයත් වූවකි.
එම වාහනය ඩීසල් වලින් ධාවනය වන්නක් නිසා විශාල වටිනාකමකින් යුක්ත බවද රේගු එක්ස් කිරණ බහලුම් පරිගණක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීවේය.
සීට් පේළි තුනකින් සමන්විත මෙම අති නවීන මෝටර් රථය මාතර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු අඩි හතළිහක කන්ටේනරයක ඉතා සූක්ෂම ලෙසින් සඟවා රේගුවෙන් පිට කිරීමට තැත් කර ඇත.
ජපානයේ පාවිච්චියෙන් ඉවත් කර ඇති ජෙනරේටර්, කොම්පේරෂර්, පාපැදි, කූඩාරම් සහ විශාල ටයර් තොගයක් ඇතුළු තවත් යන්ත්‍රෝපකරණ රැසකින් මෝටර් රථය ආවරණය කොට තිබියදී මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වූයේ එක්ස් කිරණ යන්ත‍්‍රයේ උපකාරයෙන් බව පියසේන මහතා කීවේය

No comments:
Post a Comment