Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

යාපනේ ජනතාව වීදි බැස පුනරින් විරුවන්ට සුබ පතති

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිදුවූවක්
ඊළාම් කොඩි වෙනුවට සිංහ ධජ ලෙළවති
ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් පාඨ රැව් දෙයි
විජයානි එදිරිසිංහ
යුද හමුදාව පුනරින් අත්පත් කර ගැනීම පිළිබඳ සතුට පළ කරන යාපනයේ සාමාන්‍ය ජනතාව වීදිවලට බැස ජාතික කොඩිය ඔසවා ජය ඝෝෂා කරමින් යුද හමුදාව ලබා ගත් විශිෂ්ට ජයග‍්‍රහණයට සුබ පතති.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියාවලින් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි උතුරේ ජනතාව ක‍්‍රමයෙන් එම බැම්මෙන් නිදහස් වීමත් සමඟ මෙසේ සතුටට පත්ව සිටිති.
මේ තාක් කල් පැවැති කුරිරු යුද්ධයේ ශාපයට ලක්ව සිටි යාපනයේ ජනතාව ඉතිහාසයේ ප‍්‍රථම වරට හමුදාව ලැබූ ජයග‍්‍රහණයන් සැමරීම සඳහා මෙසේ වීදි බැස පෙළපාළි පවත්වා ඇත.
ඊලාම් කොටි කොඩිය වෙනුවට දැන් ඔවුන්ගේ දෑතට සිංහ කොඩිය ලැබී තිබේ. එම පෙළපාළියට සහභාගි වූ ජනතාව නොබියව කෑ ගසමින් ප‍්‍රභාකරන් ගෙන ගිය යුද්ධය බොරුවක් බවත් ඔහුට ඊලමක් ගොඩ නැගීමට නොහැකි වූ බවත් සටන් පාඨ ලෙස ප‍්‍රකාශ කර තිබේ.
තවද සෑම පවුලකින්ම එක් සාමාජිකයකු හෝ කොටි සංවිධානයට බැඳී යුද්ධයට සම්බන්ධ කළ යුතු යැයි කියන ප‍්‍රභාකරන් තම පුතා හෝ දියණිය මේ සංවිධානයට එවන්නේ නැතැයි සඳහන් බැනර් ද එම පෙළපාළියේ ගෙන ගොස් ඇත.
මන්නාරම සිට යාපනය දක්වා යන ඒ 32 මාර්ගය විවෘත වීම නිසා උතුරේ ජනතාවට බාධාවකින් තොරව දකුණට පැමිණීමට හැකිවීම ඔවුන් ලද විශාල ජයග‍්‍රහණයක් ලෙස සලකන බව යාපනයේ ආරක්ෂක අංශ පවසයි.
දකුණට යාමට ඔවුන්ට නැව් ගාස්තුවලට විශාල මුදලක් වැය කිරීමට සිදු විය. දකුණේ සිටින ඥාතීන් දැකබලාගැනීම, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම, දරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුකරවීම, විදේශ ගමන්වලට සහභාගි වීම සහ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට හැකිවීම පිළිබඳව ඔවුහු ප‍්‍රසාදය පළ කරති.
එමෙන්ම යාපනයේ දැනට තිබෙන බඩු මිල පහත යන තත්ත්වයක් ඇතිවේයැයි ඔවුන්ගේ විශ්වාසයක් ද පවතී.

No comments: