Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

‘පුනරීන්වල වර්ග කි. මී.105ක් පැය 24ක දී මුදා ගත්තා’

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් පුනරීන් සිට
පුනරීන් කොටින්ගෙන් මුදා ගැනීමේ දී යුද හමුදාවේ 58 වැනි සේනාංකය පැය 24ක දී කොටි ග‍්‍රහණයේ තිබූ වර්ග කිලෝමීටර් 105 ක භූමි ප‍්‍රමාණයක් අත්පත් කරගත් බව 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18) පැවසීය.
පුනරින් සටනේදී යුද හමුදාවට සිදුවු හානි අවම බවත් බි‍්‍රගේඩියර්වරයා පැවසීය.
මන්නාරම සිට පුනරින් දක්වා ප‍්‍රදේශය හමුදා යටතට පත්වීමත් සමග කොටින්ගේ කි‍්‍රයාකාරකම් නතරවී තිබෙන බවපවසන හෙතෙම ඉදිරි මෙහෙයුම් පරන්තන් සිට කි‍්‍රයාත්මක කරන බව පැවැසීය.
යුද පෙරමුණේ සිටින සෙබළුන් දැඩි චිත්ත ධෙර්යකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව සිටින හෙයින් ජයග‍්‍රහණයට අවශ්‍ය ශක්තිය සෙබළුන් සතුව පවතින බවද බි‍්‍රගේඩියර්වරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

No comments: