සුනිල් අභයවර්ධන
ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය සංවිධානය කරන 51 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ හොකි තරගාවලිය අද (6) සිට 4 වැනි දින දක්වා බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගනයේ පැවැත්වේ.
මෙවරද දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලැබු ශූරතා තරගවලදී ජයග‍්‍රහණ ලැබූ කණ්ඩායම් ඒකාබද්ධවී මාතර, වෙන්නප්පුව කොළඹ, ගාල්ල, මාතලේ, යාපනය, කෑගල්ල, ගම්පහ, කලුතර යන දිස්ති‍්‍රක් සංගම්ද වෙළඳ සේවා, පාසැල්, ජනසතුසේවා, රජ්‍ය සේවා සහ විශ්ව විද්‍යාල යන කණ්ඩායම්ද මෙවර තරගාවලියට සහභාගිවෙති.
තරගාවලියට සහභාගිවෙන කණ්ඩායම් කොටස් හතරකට බෙදා ලීග් ක‍්‍රමයට තරග පැවැත්වේ. දෙවැනි වටයේ සිට පිළිමලුන් පිටු දැකීමේ තරග පැවැත්වෙන අතර අවසන් තරග 9 වැනි ඉරුදින පස්වරු 2.00 ට පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියට ටෝකියෝ සිමෙන්ති ආයතනය අනුග‍්‍රහය දක්වා තිබේ.
6,7, සහ 8 යන දිනවල තරග පෙරවරු 8.00 සිට ආරම්භවෙන අතර 9 වැනි දින අවසන් පූර්ව තරග පෙරවරු 8.00 සිටද අවසන් තරග පස්වරු 2.00 ටද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.තරගාවලියේදි දස්කම් දක්වන කී‍්‍රඩකයින් ජ්‍යෙෂ්ඨ පිරිමි හොකි සංචිතයට ඇතුලත් කර ගන්නා බව ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය සඳහන් කරයි.
ලක්ෂ 15 ක ආධාර
මෙම ජාතික හොකී ශූරතාව පිළිබඳ කරුණු දැක්විමේ මාධ්‍ය හමුවක් බම්බලපිටිය පොලිස් කී‍්‍රඩා ගාරයේදි පෙරේද පැවැත්විණ. එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ශී‍්‍ර ලංකා හොකි සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත් එදිරිසිංහ මහතා.
ජාත්‍යන්තර හොකි සංගමයෙන් රුපියල් ලක්ෂ පහලොවක් පමණ වටිනා හොකී කී‍්‍රඩා උපකරණ තොගයක් ලැබී ඇති බවත් එම උපකරණ ප‍්‍රාදේශීය මට්ටමින් කී‍්‍රඩාව ව්‍යාප්ත කැරලිම සඳහා අදාළ දිස්ති‍්‍රක් සංගම්වලට සහ පාසැල්වලට බෙදා දෙන බවත් සඳහන් කර සිටියේය.
හොකි සම්මේලනයේ ලේකම් ගාමිනි ජයසිංහ මෙහිදී කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ මට්ටමේ පුහුණු සංචිත කීපයක් පවත්වාගෙන යාමට ඉදිරියේදී කටයුතු කරන බව අනාවරණය කැර සිටියේය.
මේ අතර ඉදිරියේදී විදේශයෙන් හොකී පුහුණුකරුවෙක් ගෙන්වීමටද තම සම්මේලනය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ශී‍්‍ර ලංකාවේ තවත් කෘතිම හොකි පිටියක් ඉදිකිරීම සඳහා ජගත් හොකී සම්මේලනය උපකාර කරන අතර ලබන වර මුලදී කැලණිය මැතිවරණ කොට්ඨාසය තුල මෙම නව හොකී පිටිය ඉදි කිරීමට කටයුතු යොදන බවද ගාමිණි ජයසිංහ මහතා අනාවරණය කැර සිටියේය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment