රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති ශ‍්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක් දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 40 කින් ජය ගැනීමට සංචාරක කොදෙව් දූපත් කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කී‍්‍රඩිකාවෝ ඕවර 48.5 ක දී සියලු දෙනාම දැවී ලකුණු 167 ක් ලබාගත්හ. පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට ඕවර 42.4 ක දී ලබා ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි.
ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන් පන්දු රැකීමේ දී අවසාන ඕවර කිහිපයේ දක්වන ලද දුර්වලකම මෙන් ම පන්දුවට පහර දීමේදී මැද පෙළ පිතිකාරිනියන් තම යුතුකම ඉටු නොකිරීම මෙම පරාජයට හේතු විය.
පසුගිය ආසියානු කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ දී ද ශ‍්‍රී ලංකා මැද පෙළ කී‍්‍රඩිකාවන්ගේ අදක්‍ෂතා කැපී පෙණුන අතර තව දුරටත් ඔවුන් එම වරදේ ම යෙදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව නොතිබීම ඊයේ තරගයේ දී ප‍්‍රදර්ශනය විය.
ශ‍්‍රී ලංකා ඉනිමේ අවසාන කඩුලු 6 ලකුණු 33 කදී දවාලීමට කොදෙව් දූපත් කී‍්‍රඩිකාවෝ සමත් වූහ. ඒ සඳහා ඔවුන් යෙදවූයේ පන්දු ඕවර 13 ක් පමණි. මින් කඩුලු 2 ක් ම අනවබෝධයෙන් කඩුලු අතර දිවීමේ දී දවා ගැනීමට සංචාරක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දේදුනු සිල්වා සහ චමරි පොල්ගම්පොළ දීර්ඝ ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරන අයුරක් පෙන්නුම් කළ ද පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 39 කට සීමා කිරීමට සංචාරක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
දේදුණු හතරේ පහර 4 ක් සමග පන්දු 25 කදී ලකුණු 23 කට දැවී ගියාය. ඇයගෙන් අනතුරුව පිටියට පිවිසි ශෂිකල සිරිවර්ධනට වැඩි වෙලා පිටියේ රැඳී සිටීමට අවකාශ සැලසුනේ නැත. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඇය ලකුණු 5 කට දැවී ගියාය.
ආරම්භක පිතිකාරිනියක ලෙස පිටියට පිවිසි චමරි පොල්ගම්පොල සෙමෙන් ලකුණු රැස් කරමින් තම පිළට ලකුණු එක් කළේ තම ප‍්‍රබල පිතිකාරිනියන් කී‍්‍රඩා මණ්ඩපයට ගොස් සිටිය දී ය.
වරෙක පිතිහරඹයේ අස්ථථාවර බවක් ද පෙන්නුම් කළ පොල්ගම්පොළ කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු වෙමින් ලකුණු 29 කට දැවී ගියාය. ඇය දැවී යන විට තෙවැනි කඩුල්ල සඳහා හිරුකා ප‍්‍රනාන්දු සමග එක්ව ලකුණු 40 ක සබඳතාවක් ගොඩනගා තිබුණි.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව් දූපත් කී‍්‍රඩිකාවන්ගේ ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත.
ලකුණු 4ක සාමාන්‍යයක් රඳවාගෙන පළමු ඕවර 10ට මුහුණ දී තරමක ස්ථාවරත්වයට පත්ව සිටිය ද ඔවුන්ගේ එම වේගය ඕවර 20ක් වෙද්දී 2.9ක් දක්වා පහත හෙලීමට ශ‍්‍රී ලංකා පන්දුයවන්නියෝ සමත් වූහ.
ඕවර 20ක දී කඩුලු 5ක් දැවී ලකුණු 58 ක් ලබා අන්ත අසරණ තත්ත්වයෙන් සිටි කොදෙව් දූපත් කී‍්‍රඩිකාවන්ගේ එකම ගැලවුම්කාරිය වූයේ වමත් පිතිකාරිනී ස්ටසී ඈන් කින්ග් ය.
ඇය සාර්ථක වූයේ ලකුණක් පමණක් ලබා තිබිය දී ‘දෙවැනි ස්ලිප්’ හී පන්දුරැකි අතිරේක කී‍්‍රඩිකාවගේ සුරතින් ගිලිහුණ උඩපන්දුවක් නිසා ය. ලද අවසරයෙන් ඇය පන්දු 100කට මුහුණ දී ලකුණු 70ක් ලබා ගත්තා ය. ඊට හතරේ පහර 8ක් සහ පිට පිට ඕවර දෙකක දී ‘මිඩ් විකට්’ කලාප හරහා එල්ල කරන ලද හයේ පහර 2ක් ද ඇතුලත් ය.
ඈන් සහ ඩැනියෙලී ස්මෝල් එක්ව හයවැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 31ක් එක් කරමින් කොදෙව් දූපත් ලකුණු පුවරුව 81 දක්වා ඉහළ නැංවූහ. චමරි තෙල්ගම්පොළගේ පන්දුවකට ඩැනියෙලී ලබා දුන් අපහසු උඩ පන්දුවක් තනි අතින් රැකගත් නායිකා ශෂිකලා සිරිවර්ධන 6 වැනි කඩුල්ලේ සබඳතාව නිමා කිරීමට උදව් කළා ය.
අනතුරුව නැවැත කි‍්‍රයාත්මක වූ ඈන් 7 වැනි කඩුල්ල නිමා වන විට ද තම පිළ ගෞරවනීය තත්ත්වයට රැගෙන යෑමට සමත් වූවා ය. කිර්බෙයිනා ඇලෙන්ස‍්‍රැන්ඩර් සමග එක් වූඇය එවර පන්දු 65ක දී ලකුණු 55ක් තම කණ්ඩායමට එක් කළාය.
පන්දු 78ක දී තරගාවලියේ ප‍්‍රථම අර්ධ ශතකය ලබාගත් ඈන් ඕවර 20න් පසුව හෙම්බත්ව සිටි ශ‍්‍රී ලංකා පන්දුයවන්නියන් වෙත රිසි සේ පහර දුන්නා ය. ඉනිමේ අවසාන ඕවර කිහිපය කෙතෙක් දුර්වල වූවා ද යත් අවසාන කී‍්‍රඩිකාවන් දෙදෙනා ද පන්දු ඕවර 10ක් පන්දුවට පහර දුන්හ.
ඉනිමේ ආරම්භයේ දී ම වේගපන්දුයවන කී‍්‍රඩිකා ශ‍්‍රීපාලි වීරක්කොඩි තම ඕවර 10න් ඕවර 5ක් ම නොඉඳුල් ඕවර යවා ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා ය. අනතුරුව වමතින් පන්දුයැවූ සුවිනි ද අල්විස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා ය.
කොදෙව් දූපත් -167 (48.5)
ස්ටැෆ්නි ටේලර් 19, ස්ටසී ඈන්ගින්ග් 70 (ශ‍්‍රීපාලි වීරක්කොඩි 26/3, සුවිනි ද අල්විස් 23/3)
ශ‍්‍රී ලංකාව- 127 (42.4)
දේදුණු සිල්වා 23, චමරි පොල්ගම්පොළ 29, හිරුකා ප‍්‍රනාන්දු 21, ඇනී ෆ්ලෙවර් 21/3, අනීසා මොහෙමඩ් 33/2, ස්ටැෆ්නි ටේලර් 10/3
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment